10

~~~සමනළ වසන්තය ~~~
10 කොටස
‘සදූ … කෝ ඔයා ….’
මම ගෙදර ආව ගමන් කෙලින්ම ගියේ සදූව හොයාගෙන …
‘මොකද ආව ගමන් මාව හොයාගෙන ආවේ …’ අතේ තියාගෙන හිටිය ටෙඩියා පැත්තකින් තියන ගමන් සදූ මගේ දිහා බැලුවා …
‘දන්නවාද තමුසෙගෙ මල්සරා අද ඔයා කියලා මට රැවටුනා ….මාත් ඉතින් ඔයා වගේ ඇක්ට් කරා … මිනිහා ආය නම් ඔයා පස්සේ එන එකක් නැහැ …’ මම එහෙම කියද්දී නම් සදූගේ මුහුණ බලාගෙන ඉද්දීම කළුවෙලා ගියා ….
‘ඔයා මොකටද ඒ බෝයි එක්ක කතාවට ගියේ …ඔයාට තිබ්බේ එයාව මග ඇරලා යන්නනේ ’එකපාරටම මොකද මේ සදුගේ පඩුපුල් ආසනය රත්වෙලා ….අනුප ගැන පිළිබද සිතක්වත් පහල වෙලාද ..
‘මම මොකටද එහෙම කරන්නේ …… ආ …’
‘සදූ හිරූ දෙන්නත් එක්කම එන්න තේ බොන්න …’ මට කියන්න ඕන උන දේ සම්පුර්ණ කරන්න කලින් අම්මා තේ බොන්න කතා කරද්දී සදූ ටක් ගාලා නැගිට්ටේ මගේ ප්‍රශ්න වලට බයේ වෙන්න ඕන
‘අම්මා ඇයි අද මේ ස්වීට් කෑම ජාති ගොඩක් හදලා …..’ කෑම මේසේ පිරෙන්නම අම්මා අතින් හදපු කෑම ජාති ගොඩයි …
‘අද අමුත්තෙක් එනවා නේ අපේ ගෙදරට …’ අම්මාගේ මුහුණ පිරිලා ඉතිරිලා යන තරමට එයාගේ මුහුණ එලි වෙලා
‘අනේ කියන්නකෝ අම්මා ඒ අමුත්තා කව්ද …’ මම වගේම සදූත් දැනගෙන හිටියේ නැහැ හදිස්සියේ ගෙදරට එන අමුත්තා කව්ද කියලා
‘නිදුක …. පුතා එනවා කිව්වා …’
‘අනේ ඔය ඇත්තමද අම්මා …අයියා කවද්ද මෙහෙ එන්නේ ….’ සදුටයි මටයි දෙන්නටම සතුටටම කෑ ගැහුනා … නිදුක කියන්නේ අම්මාගේ එකම සහෝදරියගේ පුතා …සදුටයි මටයි හිටිය එකම සහෝදරයා නිදුක අයියා … අපි හැමෝම එයාට ආදරේ කලේ අපේ අම්මාගේ වගේම අප්පච්චිගේ පවුලේත් හිටිය එකම පිරිමි ලමයා නිසා …
නිදුකයියාගේ ගෙදර තිබ්බේ කෑගල්ලේ …. එලේවල් කරන්න ආනන්දෙට ආව නිදුකයියා නැවතිලා හිටියේ හොස්ටල් එකේ … නිවාඩුවක් ලැබුන ගමන් එයා අපිව බලලා යන්න එන්න අමතක කලේ නම් නැහැ ……
‘දැන් බස් එකෙන් බැස්සා කියලා කෝල් කළා …තව විනාඩි පහකින් අයියා මෙතැන …’ අම්මා එහෙම කිව්වාම අපි දෙන්නාටම ඉවසිල්ලක් නැහැ අයියා දකිනකන් ….
‘සදූ ඉක්මනට එන්න අපි එයාව පිළිගන්න ලැහැස්ති වෙමු …’
‘හිරූ ඒ ළමයා එද්දිම මොකක් හරි අලකලංචියක් කරන්නද මේ ලැහැස්ති වෙන්නේ ..’
අම්මා එහෙම කියද්දී මම ඇහෙන්නේ නැහැ වගේ කාමරේ පැත්තට දුවලා ගිහින් මගේ පුළුන් කෝට්ටේ අතට ගත්තා …
‘හිරූ …මේ කොට්ටයක් ඇයි ….’
‘කට වහගෙන බලාගෙන ඉන්නවකෝ මෝඩි … ’
පුළුන් කෝට්ටේ කපලා ඒකෙ තිබ්බ පුළුන් ටික ඔක්කොම ෂොපින් බෑග් එකකට දාගෙන පස්සේ ගෙට ඇතුල් වෙන තැන උළුවස්සට තියලා සෙලෝටේප් එකක් ගහලා ඉවර වෙලා මම සදූ දිහා බලලා ඇහැක් ගැහුවා …
‘ඔයා මොනාද ඔය කරන්නේ හිරූ . ..’ සදූට හිතාගන්න බැහැ වගේ වෙන්න යන දේ ගැන ..
‘ නිදුක අයියා ඇවිත් බෙල් කරද්දී ඔයා ගිහින් දොර අරින්න …. ඉතුරු ටික මම බලාගන්නම් .. අන්න ආවාද කොහෙද ’ කතාව කියලා ඉවර කරන්නත් කලින් ගෙදර බෙල් එක වදිනවා …. ෂුවර් එකට නිදුකයියා වෙන්න ඕන …
‘අරිනවා දොර දැන් ගිහින් …. හොල්මන් වෙලා වගේ බලාගෙන ඉන්නේ නැතිව ….’ මම එහෙම කියලා සදූව ඉස්සරහට තල්ලු කළා …
‘යනවා ඉතින් …’
සදූ දුවගෙන දොර ලගට යද්දී මම මෙච්චර වෙලා හංගගෙන හිටිය කැටපෝලේ අතට ගත්තා …..සදූ දොර ඇරපු ගමන් පැත්තකට පැන්නා වෙන්න යනදේ දැනගෙන හිටිය නිසා ..
ඇරුණු දොරෙන් ගෙට ආව නිදුකයියා පිළිගන්න ලැහැස්ති වෙලා කැටපෝලෙන් ෂොපින් බෑග් එකට විද්ද පාර පුළුන් කෑලි ටික විසිරිලා ඇවිත් නිදුකයියාව පුළුන් බබෙක් වෙන හැටි දැක්කාම සදූටයි මටයි හොදටම හිනා …
‘මොකක්ද හලෝ මේ කලේ …ඊයා පුළුන් කැවුනත් එක්ක මට …’ නිදුකයියා සාලෙට අඩිය තිබ්බේ හූ කියාගෙනමයි … කාමරේ ඇතුලේ හිටිය අම්මා බයවෙලා වගේ සාලෙට දුවගෙන ආවා …
‘අම්මේ මෙන්න අපේ ගෙදරට සැන්ටා ඇවිත් …. ‘’ මම හිනාවෙවිම ඉස්සරහට දුවගෙන ගිහින් නිදුකයියාට තුරුළු උනා …
‘ආ ….ඉන්නවා මම හොද වැඩක් කරන්නම් …. ‘’ නිදුකයියා එයාගේ ඇදුම පුරා තිබ්බ පුළුන් ටිකන් ඔක්කොම එකතු කරලා මගේ මුහුණේ උලන්න ගත්තා …
‘ ඒයි නවත්තන්න ඕක .. ‘’ මම නිදුකයියාගෙන් ගැලවිලා පැත්තකට දුවගෙන ගියා ..
‘මේ පිස්සු කෙල්ලගේ හැටි පුතා දන්නවා නේ … පුතා ඕවා ගණන් ගන්න එපා ..’
අම්මා ගිහින් නිදුකයියා තුරුළු කරගත්තා …
‘ පුංචි අම්මේ .. හිරූට ඉස්සර තිබ්බ පිස්සුව වැඩිවෙලා නේද … ‘’
‘ඔව් පුතේ එයාගේ පිස්සුව එන්න එන්නම වැඩිවෙනවා දැන් …’
අම්මත් නිදුකයියා එක්ක එකතුවෙලා මට විහිළු කරනවා …අපේ අම්මාටත් ඉතින් නිදුකයියා ආවම මේ හිරූව අගයක් නැතිව යනවා නේ …
‘පුතා කොහොමද පාඩම් වැඩ එහෙම …’
‘කරගෙන යනවා පුංචි අම්මේ …. කොහොම හරි එක්සෑම් පාස් වෙන්න ඕන … අම්මලා තාත්තලා මෙච්චර දුක් මහන්සි වෙලා උගන්වන්නේ මාව තැනකට ගේන්න නේ ..’
නිදුකයියලාට එච්චර සල්ලි තිබ්බේ නැහැ .. ඒ නිසා එයා හරි අර පරිස්සමට තමා ජීවත්වුණේ …
‘පුතාට සල්ලි ඕන නම් කියන්න …. නැහැ කියලා ඉගෙනීමේ වැඩ එහෙම අතපසු කරනවා නෙවෙයි .’
‘මම කියන්නම් පුංචි අම්මේ … ‘’
‘පුතා දැන් ගිහින් ඇදුම් මාරු කරගන්නකො ….’
‘පුළුන් ගෑවිලා ඇග කසනවා වගේ මම නාගෙනම එන්නම් ..’ මට රවාගෙනම තමා අයියා එයාට වෙන්කරලා තිබ්බ කාමරේට ගියේ …
********
නිදුකයියා ටික දවසක් අපේ ගෙදර ඉන්න ඇවිත් හිටිය නිසා සදුටයි මටයි ඒ තරම් සතුටක් නැහැ … එයා ඉන්න නිසා අපේ ගෙදර තිබ්බ පාළුවත් නැත්තටම නැතිවෙලා ගිහින් තිබ්බේ …
‘පුතා අද ඉස්කෝලේ යනවාද ..’
‘ඔව් පුංචි අම්මා අද ඉස්කෝලේ යන්න ඕන ….’
අම්මා එලියේ ඉදන් නිදුකයියා එක්ක කතා කරනවා ..
‘එහෙනම් මාත් අයියා එක්කම යනවා …..’ මම ටක් ගාලා ලැහැස්ති වෙලා කාමරෙන් එළියට බහිද්දී නිදුකයියා මිදුලට බැහැලත් ඉවරයි …
‘සදූ වත් එක්ක යන්න හිරූ …’ අම්මා දොර ලග ඉදන් කෑ ගහනවා …එයා කොහොමත් කැමති නැහැ මම සදුව දාලා තනියම ඉස්කෝලේ යනවාට
‘එයා තාම කොන්ඩේ බදිනවා …. මම යනවා ….’ මම නිදුකයියා ලගට දුවගෙන ගිහින් එයාට එකතු උනා …සදු යුනිෆෝර්ම් එකට අයියා හරි ලස්සනයි .. මේ වගේ අයියා කෙනෙක් ඉන්න එකම ආඩම්බරයක් නේ
‘හිරූ ඇයි සදුව දාලා තනියම ඉස්කෝලේ යන්නේ පව් නැද්ද ..’
‘එයා මොකටද පව් …එයා යන්නේ එයාගේ කකුල් වලින් නේ …. මම යන්නේ මගේ කකුල් වලින් …ඔන්න එයා යන්නේ මගේ කකුල් වලින් නම් එයා දාලා යන එක පව් …’
මම එහෙම කියන ගමන් නිදුකයියා දිහා බලලා විරිත්තුවා …
‘ඇත්තමයි හිරූ තමුසේගේ කට තමා කට … කාගේ ගතිගුණද මන්දා ඔයාට තියෙන්නේ …’ එයා කතාව කියලා ඉවර වෙන්න කලින් බස් එකක් ඇවිත් අපි ඉස්සරහා නැවැත්තුවා … මමත් අයියා පස්සෙන්ම බස් එකට නැගලා එයා ලගින්ම හිටගෙන හිටියා .. බස් එකේ හිටිය හතරෙන් තුනක් ස්කුල් ළමයි … නිදුකයියා දැක්කාම සමහර කෙල්ලෝ කොල්ලෝ හිනාවෙලා කතා කරන්න ගත්තා …ඒ කියන්නේ මගේ අයියා ස්කුල් ළමයි අතර ගොඩ ප්‍රසිද්දයි වගේ ..

‘නිදුක … ගුඩ් මෝර්නින් …… උබ කොහෙද මෙහෙ …’ නිදුකයියා දැකලා ඉස්සරහාට ආවේ වෙන කව්රුත් නෙවෙයි දිනිත … කවදාවත් දිනිතව මට බස් එකේදී හම්බවෙලා තිබුනේ නැහැ … මම එයා ඉන්න තැනක්වත් හරියට දන්නවා කියලා යෑ ..
‘මම පුංචි අම්මලාගේ ගෙදර ඉදලා අද ආවේ .. උබ කොහෙද මේ ’ දෙන්නාත් එක්කම බර කතාවක්
‘අපි ගිය සතියේ ඉදලා මේ පැත්තේ තමා ඉන්නේ …’ ඒ කියන්නේ දැන් දිනිතව මට නිතර නිතරම මුණ ගැහෙයි …ඒක හිතද්දීත් හිත නිකන් මොන මොනවාද වෙනවා වගේ ..
මම දිනිත දිහා බලන්න ට්‍රයි කළා ….ඒ මුහුණ දකිද්දී නම් මගේ මුළු ඇගම ශීතල වෙලා බඩත් නිකන් ලාවට ලාවට රිදෙනවා වගේ මට දැනුනේ .. මේ මොන අටමගලයක්ද දෙවියනේ මට උනේ ..
මම එයා දිහා කොච්චර බලාගෙන හිටියත් එයාට නම් කිසිම ගානක් නැහැ මාව කවදාවත් දැකලා නැහැ වගේ තමා එයා නිකන් හැසිරෙන්නේ ..
‘අයියේ මම යනවා …’ මම බස් එකෙන් බහින්න ලැහැස්ති වෙලා ඒ දෙන්නා දිහා බැලුවා …දිනිතට නම් කිසිම ගානක් නැහැ ..
‘මචං උබට අදුන්වලා දෙන්න බැරි උනානේ මේ මගේ නංගි හිරුෂි ….’ නිදුකයියා එහෙම කියද්දී දිනත කට කොනකින් ලාවට වගේ හිනාවුනේ හිනාවෙන්න දන්නේ නැති කෙනෙක් වගේ …
‘මොන උලමෙක්ද දන්නේ නැහැ .. එයා හිතාගෙන ඉන්නේ එයා තරම් කෙනෙක් නැහැ කියලාද කොහෙද ’ ඉස්කෝලේ ඉදලා මම තනියම කුටු කුටු ගාද්දී පුජනි හොල්මන් වෙලා වගේ මගේ දිහා බලාගෙන හිටියේ
‘උබට මොකද බන් මේ වෙන්න යන්නේ …’
‘මොනවා වෙන්නද බන් ..අර උලමා …අද මාව දැකලා ශතේකට ගණන් ගත්තේ නැහැනේ ..’
‘ඉතින් මොකද බන් උබ ඔච්චර දුක් වෙන්නේ ඕක ගැන හිතලා ..’
‘ අනේ මන්දා බන් මගේ හිතට මොකක්ද වගේ …. ඌ මාව ගණන් ගන්නේ නැතිකොට හිතට අවුල් වගේ ..’
‘උබට ලව් සික් වගේ ..’
‘අනේ මන්දා බන් ඒ වගේ එකක් තමා … ’
දිනිත මාව ගණන් නොගන්න එක මේ තරම් හිතන්න කාරණයක් නොවුනත් මගේ හිතට ඒක මහා ලොකුවට දැනෙන්න අරන් තිබ්බා …
****
එදා හවස සදුට සිංහල ක්ලාස් තිබ්බ නිසා මම තෙජාත් එක්ක බස් හෝල්ට් එකට ආවේ කලින් ගෙදර යන්න ඕන කියලා හිත හිතමයි .. තේජාත් මාත් එක්ක ආව නිසා අපි දෙන්නා කියව කියව බස් එකක් එනකන් බලාගෙන හිටියා …
‘අන්න බස් එකක් එනවා …වරෙන් යමු ..’ ආව පළවෙනි බස් එකටම නගින්න මට ඕන උනා ..
‘ඕකේ යන්නේ කොහොමද හිරූ … අර කට කපලා සෙනග ..’ තේජා අකැමැත්ත පෙන්නුවත් මගේ පස්සේ ඇවිත් ෆුට් බෝර්ඩ් එකට ගොඩවුනා ….
බස් එකත් වේගෙන් යනවා අපි දෙන්නත් එහෙට මෙහෙට වැනෙනවා .. තේජාට නම් හීන් දාඩියකුත් දාලා …මම චන්ඩියා වගේ හිටියට ටිකක් හිත ගැහෙනවා වගේ හින්දා කෝකටත් කියලා පොඩ්ඩක් උඩට නැගලා කණුවක් අල්ලා ගත්තා …
බස් එක ඊලග හෝල්ට් එකේ නැවැත්තුවාම මෙන්න තවත් කොල්ලෝ රොත්තක් බස් එකට නැග ගත්තා … ඇත්තමට මේ කොන්දාට පිස්සුද මන්දා .. නවත්ත නවත්ත පොල් පටවන්නා වගේ මිනිස්සු පටවා ගන්නේ … බස් එක යන වේගෙට ටයි එක ඉගිල්ලෙන නිසා කෝකටත් කියලා ටයි එක අල්ලාගෙන චන්ඩියා වගේ බෙල්ට් එක යටින් දාගන්න අමාරුවෙන් උනත් මට පුළුවන් උනා …
‘බ්‍රාස් ….’ එකපාරම බස් එක බ්‍රේක් එකක් ගැහුව පාර මාව පාවෙනවා වගේ දැනෙද්දී කාගේ හරි ශක්තිමත් අතකින් මාව වැටෙන්න නොදී අල්ලා ගත්තා … කොච්චර හිතේ ෆිට් එක තිබුනත් ඒ වේලාවේ මගේ හිතට ආපු බය නිසා මම තද කරලා ඇස් දෙක වහගත්තා …
‘ඇස් ඇරලා ඇතුලට යනවා …වවුල්ලු වගේ බස් වල ඉල්ලිලා යනවා …. මෙතැනින් වැටුනා නම් එහෙම නතර වෙන්න වෙන්නේ අයි සි යූ එකේ තමා ..’
මගේ ලගින් ඇහුනේ දිනිතගේ කටහඩ මෙච්චර වෙලා මාව අල්ලාගෙන ඉදලා තියෙන්නේ දිනිත … කවදාවත් පිට පිරිමියෙක් මේ විදිහට මාව අල්ලාගෙන ඉදලා නැහැ …හිතට ආපු ලැජ්ජාව නිසාම මම හිරවෙවිම බස් එක ඇතුලට රිංගා ගත්තා ….
බස් එකට නැග්ග ගමන් මම හොරාටම දිනිත දිහා බැලුවා එයාගේ මුහුණ ඒ තරම් නපුරු පාටට මම කවදාවත් දැකලා තිබ්බේ නැහැ .. බලන්නත් බයේ බැහැ ..එයා මොකටද මම එහෙම හිටියාට ඔච්චර තරහා ගන්නේ ….. මම එහෙම කියන ගමන් එළිය දිහා බැලුවේ ….අර මුහුණේ තිබ්බ නපුරු බැල්මට අහුවෙන්න තිබ්බ බය නිසා ….
මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *