10
වේදනා
ඇස් දෙකේඇවිලිලා
Epsoide.. 10
…A Love Story Tolking With My Heart…
එපා කියද්දිත් මේ තරම් වේදනා දෙන්නේ ඇයි පාරු
මන් ඔයාට ආදරේ නිසා මගෙන් ඈත් කලේ..ඇයි ඔයා තේරුම් නොගන්නේ
මොකුත් නොකියාම අමීන් කෙල්ලගේ ගතට බර වෙලා කෙල්ලව උස්සන්න හදද්දි කෙල්ල එහෙම්මම වැටෙනවා..
රත්තරන්..
ජෝක් එපා බබා..අනේ කතා කරන්න
කොයි තරම් අමී පාරුව හෙල්ලුවත් කෙල්ල ඉන්නේ සිහි නැතිව..
පැය ගානක් කෙල්ල බාත් රූම් එකේ වැටිලා හිටියේ..
කෙල්ලට සිහියක් නෑ..අමීන් කිසි දෙයක් නොදැන කෙල්ලට කතා කරනවා..
ඒත් කෙල්ලගෙන් කතාවක් නැති වෙද්දි අමීන් කෙල්ලව අත් දෙකට ගන්නවා..
කෙල්ලගේ ඇදුම් ඔක්කොම ගලවලා දාද්දි ඒ ඇස් කෙල්ලගේ නිරුවත දකිනවා..
සුසුමක් හෙලලා කෙල්ලව ඇදෙන් තියලා කොල්ලට ඒ විකාර ඇදුම් අන්දන්න බෑ.
තරහට එක්ක ඇදන් හිටිය ටී ශර්ට් එක ඇන්දුවාම කෙල්ල පබයෙක් වගේ..
ඩ්‍රයර් එක අරන් කෙල්ලගේ කොන්ඩේ වේලලා කෙල්ල ගාවින්ම අමීන් ඇල වෙනවා..
ඒ ගතින් එන ස්පර්ශයන් එක්ක කොල්ලට හැගීම් දරා ගන්න බෑ.
කෙල්ලත් හා පැටියෙක් වගේ කොල්ලගේ උනුහුමට ලන් වෙද්දි අමී ඉන්නේ හැගීම් අමාරුවෙන් පාලනය කරගෙන..
ඒත් ඒ දෙතොල් සිප ගන්න හිතෙද්දි අමීන් කෙල්ලගේ ගතට බර වෙලා ඒ දෙතොල් සිප ගන්නවා..
අසිහියෙන් උනත් පාරු අමීන්ගේ දෙතොල් පහසට නතු වෙද්දි කොල්ලා ඇස් දෙකත් සිපගෙන පැත්තකට වෙනවා..
කෙල්ලව තුරුල් කරගෙන ඇස් පියා ගන්නේ තව ටිකකින් නැගිටින්න කියලා හිතාගෙන උනත් අමීන්ගේ ඇස් වලට එන්නේ දීර්ඝ නින්දක්..
එහෙම කියන්න එපා සනත්..
උබ දන්නවා කුසුම් කැමති නෑ කියලා..අනික අමන්දා කියන්නේ කුසුම්ට දිරවන ගෑනියෙක් නෙවේ
උන් දෙන්නටනේ දිරවන්නේ නැත්තේ..අනික මගේ කොල්ලා මෙතන ඉන්න හේතුව ආමින්දී
අනේ මන්දා බන්..ඒත් දෙන්නාට දෙන්නා ආදරේ කරනවා..ඒක දන්නවානේ
මන් මේ හැමදේම බලාගන්නම්.හෙට රූට අපි මේක කරමු..මට ඕන දෙන්නට දෙන්නා ලගින් තියන්න..
සනත් තනූජ් කියන දේවල් අහන් ඉන්නේ කෙල්ල ගැන හිතන ගමන්..
අමීන්..අමීන්දී කාලෙකට කලින් ඒ නම් දෙක තිබ්බේ සනත්..
ඒ දවස් වල ඉදන්ම අමීන් ආමින්දිව අයිති කරන්. .පාරූ අමීගේ..ඒ කොල්ලා හැම වෙලේම කියන වචනේ..
එක්සෑම් ලන් වෙද්දි පාරුල් ආමින්දී පාඩම් කලේ ග්‍රවුන්ඩ් එකේ..
කෙල්ල ඇස් මානේ තියන් ප්‍රැක්ටිස් කරන්න අමීන්ට ඕන..
පාරුල්ට ඕන අමීන්ව ඇස් මානේ තියන් ඒ ලග රැදෙන්න..
සනත් තනූජ් කතා කරලා ඉවර වෙලා කාමර වලට යන්නේ නිදා ගන්න..
තනූජ් කාමරේට එනකන් කුසුම් ඉන්නේ ඇගිලි තෙරපන ගමන්..
තනූජ් ආව ගමන් කුසුම් තනූජ් දිහා බලලා රවනවා..
මොකෝ මගේ මැනික මට රවන්නේ
මේවා හිනා වෙන්න ඕන දේවල් නෙවේ තනූජ්
අඩන්න ඕන දේවල්ද..
ඔයා දන්නවා තනූ එයාලා ශාමිව අපේ අමීට ප්‍රපෝස් කරලා..
ඉතින් මන් අමීට පාරුව ප්‍රපෝස් කරනවා..ඒකේ වැරද්දක් නෑනේ
වරදක් තියනවා..ඉස්සරහට අමීන්ට ඕන ගොඩේ වයිෆ් කෙනෙක් නෙවේ තනූ..
ලෝකයක් ඉස්සරහා ස්මාට් වෙන කෙනෙක්..ශාමිට පුලුවන් ඒ දේ කරන්න..
මට තේරෙන්නේ නෑ කුසුම් ඔයාට ඇයි අමතක අමී අද ඔහොම ඉන්න හේතුව ආමින්දී කියලා
ඔය ගැන තව මොනා කීවත් නතර වෙන්නේ එකම තැනින්..මේ ගෙදර වෙන්නේ මට ඕන දේ විතරයි
මුකුත් නොකියාම කුසුම් ගස්සාගෙන යන්නේ පාරුල් එක්ක හෙට උදේම මේ ගැන කතා කරනවා කියලා හිතාගෙන..
හිරු පායලා එලිය වැටෙන්නේ අමිගෙර් මූනට..
ඒ වෙද්දිත් පාරුල් නැගිටලා නැති උනත් ඉන්නේ කොල්ලර ගොඩක් තුරුල් වෙලා..
කොල්ලගේ හුස්ම කෙල්ලට කෙල්ලගේ නහර දිගේ හදවතට දැනෙනවා..
අමීන් නැගිටලා බලන්නේ ඉන්නේ කොහෙද කියලා..
ඒ එක්කම ගතට දැනෙන උනුහුම එක්ක කොල්ලා අනිත් පැත්‍ත බලද්දිත් පාරුල් ඉන්නේ කොල්ලගේ ඇගට යටවෙලා..
කොල්ලා කෙල්ලගේ ඇගෙන් අයින් වෙලා දොර ඇරගෙන යන්නේ කෙල්ලට තව නිදාගන්න දීලා..
කොල්ලා මූන සෝදාගෙන පහලට ගියත් කෙල්ල තාම පහලට ඇවිත් නෑ..
සුනිලා සුනිලා
ඕ චූටි බේබී මේ එනවා
ඉක්මනට එන්නකෝ සුනිලා අම්මා
සුනිලා අම්මා දුවගෙන එද්දිම ශාමි වගේම තනූජුත් පහලට එනවා..
චූටි බේබී ඇයි කතා කලේ
අර උඩ මගේ කාමරේට එහා පැත්තේ ඉන්න නෝනව ඇහරන්න සුනිලා අම්මා
කියන පමාවට සුනිලා උඩට ගිහින් පාරුව ඇහැරන් එනවා..
කෙල්ල මුකුත්ම නොකියා කෑම එක අතගාන්නේ කන්න බඩගිනි නැති නිසා..
ඒ වෙද්දිත් ශාමි වගේම කුසුම් තනූජ් සනතුත් කෑම කනවා..
අප්පච්චි ලොරියක් යවලා ඇදුම් එක්ක බඩු ටික අද ගේනවද
ඔව් පුතා..කෑම කලා තනූජ් එක්ක ගිහින් බලලා මන් ගෙදර යනවා බඩු ටික ගේන්න
මෙයාලා කොහෙද පුතා නතර වෙන්නේ
යශෝ ඇන්ටිලාගේ ගෙදර අම්මා..යශෝ ඇන්ටි මට ගෙදර දෙනවා කීවනේ
යශෝ ගේ දාලා යනවාද තනූ..ඔයත් දන්නවද
හ්ම්ම් ඔව් කුසුම්…අද හවස පාර්ටි එකට කට්ටියම එනවා
පාර්ටි එකක් කියද්දිම පාරුල් කාපු එකම කරත් පිට උගුරේ යනවා..
මොකෝ බබා
අනේ පාර්ටි අන්කල් අද රූ..ඒ ඇයි
පුතා අනිද්දා රූ ඉන්ඩියා යනවා දෝනී..එයාගේ ෆස්ට් ටූනමන්ට් එකට
ඊට කලින් එයාගේ මැරේජ් එක කන්ෆෝම් කරන්න ඕනනේ
මැරේජ් එක කියනවා එක්කම අමීන් හෝ ගාලා කුසුම්ට රවනවා..
කොල්ලා වගේම පාරුත් හිතන්නේ ශාමින්දිව කොල්ලට ප්‍රපෝස් කරනවා කියලා..
ඒකයි අමීන් දාගෙන කුසුම්ට රවන්නේ..
තනූජ් මේ හැමදේම දැක්කත් නොදැක්කා වගේ කෑම කන්නේ කොහොමත් තනූජ් පාරුට කැමති වෙලා අවසන් නිසා..
පුතා අද ප්‍රැක්ටිස්ද
ඔව් තාත්තා ඇයි
පාරුල්ව අරන් ගිහින් හොද ඩ්‍රස් එකක් අරන් දෙන්න.අද පාර්ටියේ මේන් ඇක්ට්‍රස් එයානේ
තනූජ් දත් ටිකම දාලා කුසුම්ට පේන්න හිනා වෙලා කීවාම අමී ඉන්නේ ඇස් කටේ දාගෙන..
පාරුල් ඇයි තාත්තා..මට තේරෙන්නේ නෑ
රූටම ඔයාට ස්ප්‍රයිස් වෙන්න පුලුවන්
..එතකන් ඉවසන් ඉන්න අමීන් තේජාන්..
තනූජ් අත සෝදන් සනත් එක්කම නැගිටලා ගියාම පාරුල් අත හෝදා ගන්නේ උඩට යන්න..
ඒ ආමී
මට ඔය නම කියන්න එපා අමී
ලෑස්ති වෙනවා ග්‍රවුන්ඩ් එකට යන්න.තමුසෙට ඇදුමකුත් ගන්න ඕනනේ
හාද ආමී
අමීන් ඒ නම කියන්න එපා
මට අදාල නෑ. විනාඩි දහයෙන් ලෑස්ති වෙලා පහලට එනවා..
මෝඩයා මන් ලෑස්තී වෙන්නේ නෑ..
අමීන් ඇහුනේ නෑ වගේ අත සෝදන් අඩියට දෙකට කාමරේට යන්නේ කෙල්ලට වෙලාවත් දීලා..
ශාමින්දිත් දඩි බිඩි ගාලා කොට ටයිට් ගවුමක් ඇදගෙන මේකප් එක දාගන ඔන් ටයිම් පහලට ආවා..
අමීන් බ්‍රවුන් කලර් එකට කලිසම ඇදලා බ්ලැක් කරට් අත් දිග ශර්ට් එක ඇදන් පහලට එද්දිම පාරුල් පහලට එනවා..
අමීන්ගේ ඇස් ලොකු වෙන්නේ කෙල්ල ඇදන් හිටිය ඇදුම දැක්කාම..
බ්‍රවුන් කලර් ස්වීන්ලස් ෆ්‍රොක් එක දනිස්ස ගාවට ඇති.
අර්හ් වටේට වගේම උරහිස වටේට බ්ලැක් කලර් එකට ලයින් එකක් ගිහින්..
කෙල්ල කොන්ඩේට පෝනී ටේල් එකක් දාලා බෝනික්කෙක් තරමර ලස්සනයි..
ස්ට්‍රේට් නොකලත් ස්ට්‍රේට් වගේ කෙල්ලගේ කොන්ඩේ .
පිට මැදට පේනිය දැම්මට පස්සේ කොන්ඩේ වැටිලා දිය ඇල්ලක් වගේ..
ඇස් දෙක කරකා කරකා අමීන් දිගා බලන්නේ ඇස් ලොකු කරන්..
අඩියට දෙකට අමීන් කෙල්ල ගාවට ඇවිත් එහෙම්මම කෙල්ලව බිත්තියට තද කරගන්නේ කෙල්ලව කිස් කරන්න කියලා හිත කියද්දී..
ඒත් ඒ සුසුමක් වදිද්දී පාරුල්ගේ ඇස් පියවුනත් විනාඩියක් යනකන් කොල්ලා කෙල්ලව කිස් නොකරද්දී කෙල්ල ඇස් අරිද්දිම අමීන් කෙල්ලව වඩාගෙන කාමරේට යනවා..
කෙල්ලව කන්නාඩිය ඉස්සරහින් තියලා නෝමල් ලිප්ස් ග්ලෝ එකක් ගාලා චුට්ටක් ඩාර්ක් රෙඩ් කලර් ලිප්ස්ටික් ටිකක් ගාලා කෙල්ලව නැගිට්ටුවාම කෙල්ල වලන් ඉන්නේ පුදුම වෙලා..
කාටත් වඩා ඔයා ලස්සනට ඉන්න ඕන .
කෙල්ලගේ කන් පෙත්තක් සීරුවට සිපගෙන කීවාම පාරුල් ඉන්නේ ඇස් ලොකු කරන්…
තැන්කූ චින්තනී අක්කා ඔයාගේ ගුඩාක් සස්සන කවර් එකට
චූටි ඉල්ලීමක්..කියවන ඔයාලා හැමෝගෙනම මන් අදහසක් ඉල්ලනවා..පුලුවන් නේද..කතාව ගැන පොඩි අදහසක්…ඔයාලට දැනෙන දේ