10

❤️❤️දිවිය තිබෙන තුරු මගේ
ඔබයි ආදරේ❤️❤️

****දහවැනි දිගහැරුම ****

මේ කිසි දෙයක් නොදන්නා භානුකගේ නිවසේ සියල්ලෝ සුව නින්දකට වැටී සිටි අතරේ දැහැම් උන්නේ දැඩි වේදනාවකින් මිරිකෙමින් මුළු සිරුර පුරාවටම දහඩ්යෙන් තෙත් වෙන අතරේ උගුරෙන් කෙදිරිලි හඩක් නංවමිනුයි…

ඇගේ පපුව දැව්ල්ල ඉවසන්නට බැරි තරමට දැවෙන්නට විය….ඒ සමගින් ඇයට ඔක්කාරයටද එන්නට වූයේ මුළු හිසම සැනෙකින් භ්‍රමණය වන්නට වූ අතරේය…ඉවසන්නට පුළුවන් තරමක් ඇය ඉවසා සිටින්නට තැනුවේ මේ වේදනාවට වඩා ඇගේ හිතට නැගුනු සියළු දුක් සෝ සුසුම් හමුවේ ඇයට ඒවා තවත් දරාගෙන ජීවිතයක් ගැන සිතීමට නිහැකි නිසායි….

අවසානයේ දැහැම් ඇද පාමුලට වමනය කරන්නට වූයේ ඉවසාගත නොහැකිම තැනයි…දිගු නින්දකට වැටී සිටි අනූපමා දැහැමිගේ සද්දෙන් කලබලවී දෑස් හැර බලන්නට වූවා…

ඇය එක්වරම දුටුවේ දැහැම් උගුරින් අමුතුම ශබ්දයක් පිට කරමින් වමනය කරන අයුරුයි….
ඇය හනිකට විදුලි පහන දල්වා දැහැමිව අල්ලාගෙන ඇයට පහසු වන සේ පපුව පිරිමදින්නට වුනා….

අනූපමා දැහැම් දෙස බියපත් දෑසින් බලා සිටියේ ඇගේ මුළු සිරුරම දහදියෙන් තෙත්වී තිබෙන ආකාරය දැකයි….එවිටම දැහැම් හිස අල්ලාගෙන සිහි මූර්ජා වී අනූපමාගේ ඇකයට ඇදගෙන වැටුනා…

අනේ…දෙයියනේ…මේ මොකද මේ උනේ….කෝ…දැහැම් කතා කරපන් කෙල්ලේ…මොකද උඹට මේ උනේ….අයියෝ…දැහැම් ඇස් අරින්න ළමයෝ….
අනූපමා දැහැමිව නැගිටුවන්නට නිරර්ථක උත්සාහයක යෙදෙන්නට වුනා….

ඉන් පසු ඇය ඉක්මනින්ම දුරකථනය සොයාගෙන භානුකට ඇමතුමක් ගත්තා…

භානුක බොහෝ විට රාත්‍රීයේ වුවද දුරකතනය විසන්ධි නොකර තබන්නේ හදිස්සියෙ රෝහලින් ඇමතුම් ලැබෙන බැවින්…අසාධ්‍ය තත්වයේ රෝගියෙක් රාත්‍රී කාලයේ රැගෙන ආවොත් භානුක වෙලාව ගැනද තැකීමක් නොකොට රෝහල වෙත යන්නට පුරුදු වී සිට්යා…
අනූපමාට සැනසුමක් එක් කරමින් මේ මොහොතේත් භානුක දුරකථනයට පිළිතුරු දුන්නා…

කෙසේ වෙතත් භානුක රාත්‍රියේ නින්දට ගියත් අද දවසේ දැහැම්ගේ සිද්ධිය ඔහුගේ සිතට ලොකු කම්පනයක් එක් කර තිබුනා…ඔහු දැහැම් ගැනම කල්පනා කරමින් ඇදේ ඒ මේ අතට පෙරලුනත් නින්ද ලගා වූයේ නෑ….ඇගේ බියපත් වී ගිය අසරණ දෑස් අතර භානුක අතරමං වෙලයි හිටියේ….

අනේ භානු අයියේ…..දැහැම්ට අමාරුයි….ප්ලීස්…..
අනූපමාට කතා කිරීමට ඉඩ නොතබාම භානුක ඔවුන්ගේ කාමරයට දිව යන්නට වූයේ හිස ගිනි ගත්දීයී…දැහැම් යන නම ඇසුන සැනින් භානුකගේ සිතට ඇය ගැන හැගුනේ බියක්…..

භානුක ඇසිල්ලකින් සිටියේ දැහැම් අසලයි…ඇය නිරුපද්‍රිතව සිටිනා ඉරියව්ව භානුක හොදින් පරික්ෂා කරන්නට වූයේ වෙව්ලන අතැගිලි වලින්…මේ සාමාන්‍ය රෝගොයෙක් නොවේ….තමා පණ සේ ආදරය කරන යුවතියයි….ඇය මෙසේ සිටින විට වෛද්‍යවරයක් වූ තමාද මේ වෙලාවේ සිටින්නේ කලබලවෙලයි….ඉන් අනතුරුව භානුකගේ දෑස් දිව යන්නට වූයේ ඇද අසල තොබෙන කුඩා මේසය වෙතයි…එසේම ඔහුගේ දෑස් නතර වූයේ එහි තිබෙන හිස් වූ බෝතල් කුප්පිය වෙතයි….භානුක අඩියට දෙකට ගොස් බෝතලයේ අලවා තිබුනු බෙහෙත් වර්ගයේ නාමය ගසා තිබූ ලේබලය දෙසයි…

“my god”

භානුක සැනෙකින් පැමිණ දැහැමිව තම ශක්තිමත් දෑතින් ඔසවාගෙනම අනූපමා දෙස බැලුවා…

අනූ නංගි…සද්ද නොකර ඉක්මනට මගෙ කාමරේට ගිහින් කාර් එකේ යතුර අරන් එලියට එන්න…අපිට දැහැම්ව හොස්පිටල් අරන් යන්න වෙනවා…මගෙන් මේ වෙලාවේ කිසි දෙයක් අහන්නෙ නැතුව මං කියනදේ විතරක් කරන්න…
භානුක නොයිවසිල්ලකින් පැවසුවා….

අනූපමා වේගයෙන් දිව ගිය අතර භානුක දැහැමිව තම සිරුරට ළං කර ගෙනම සාලය හරහා ඇවිද යන්නට වුනා….

අනූපමාගේ ඇකයේ දැහැමිව තබාගත් පසු භානුක කාරය පදවන්නට වුනේ ඉතා වේගයෙන්…

නංගි අනූ…..මගේ යාළුවෙක්ගේ ප්‍රයිවට් හොස්පිටල් එකක් තියෙනවා…අපි ඒකට යමු…මම යාළුවාට කෝල් එකක් දුන්නා…දැහැම් පේන් කිලර්ස් බෝතලයක්ම බීලා…ඒකෙ තිබුනා පෙති සෑහෙන්න…
අනූපමාව තැතිගන්වමින් භානුක පවසන අතරේම රෝහල අසලින් රථය නතර කල භානුක දැහැම්වත් රැගෙන රෝහල තුලට යන්නට වුනා….

කාමරයක් තුලට ගත් දැහැම්ව වෛද්‍යවරයා පරීක්ෂා කර ඇයට අවශ්‍ය සියල්ල කඩි මුඩියේ ලබා දීමට කටයුතු කලා…වෛද්‍යවරයා පැවසුවේ පසුදා වෙන තෙක්ම සිටියා නම් දැහැමිගේ ජීවිතය අනතුරේ බවයි…
අනූපමා හඩන්නට වුනා…

භානුක සිටියේද කිසිවක් කරකියා ගත නොහැකිවයි…දැහැම්ව ආරක්ශා කර දෙන මෙන් ඔහු මේ වෙලාවේ දෙවියන් යදින්නට වුනා….

*****************************

භානු අයියේ…..මේ කෙල්ල ඇයි මෙහෙම දෙයක් කර ගත්තේ…..අනේ අයියේ….මං දැන් නැන්දලාට මොනවද කියන්නේ….ඒ මිනිස්සු මේ කෙල්ලගේ වගකීම මට දීලයි කොළඹ එව්වේ….
අනූපමා හඩන්නට ව්ය.

අඩන්න එපා අනූ නංගි…දැන් එයා අවධානෙන් මිදිලා…වමනේ ගිහින් තියෙන්නේ කෙල්ලගේ වාසනාවට…බෙහෙත් ගොඩක් පෙවිලා නෑ…..අපේ අම්මලත් බය වෙයි..මම කියන්නම් දැහැමිට උණ වැඩිවෙලා හොස්පිටල් ගෙනාවා කියලා…..
පොඩ්ඩක් ඔයා මේ වෙලාවේ ඉවසලා ඉන්න නංගි…දැහැම්ට මේ කිසි දෙයක් දැන් ආයේ මතක් කරන්න එපා…අපි ටිකක් ඉවසලා මේ වෙලාවේ වැඩ කරමු….
භානුක බොහෝ දුර සිතා අනූපමාට පවසා ඔහුගේ මිතුරා හමුවීමට නැගිට යන්නට ගියා….

මචං භානුක….
මිතුරා ඔහු දැකි ගමන්ම මෙතෙක් ඔහු සිටි කුතුහලය නිසාම භානුක අසලට පැමිණියා…

භානුක ඔහු දැන හදුනාගෙන සෑහෙන කාලයක් වුවත් ඔහු මෙසේ හැසිරෙනවා මිතුරා මෙයිට කලින් කවදාකවත් දැක තිබුනේ නෑ….භානුක ගැහැනුන් සම්බන්ධයෙන් එලෙස කටයුතු කරනවා ඔහු දැක නොතිබිනි…භානුක දෙස බැලූ විටම ඔහුට හැගී ගියේ භානුකගේ සිතෙහි මෙමෙ යුවතිය ගැන තිබෙන්නේ වෙනස් හැගීමක් බවයි…ඔහු ඇය ගැන වද වූ හැටි කලබල වූ හැටියෙන් මේ නම් භානුකට විශේෂ කෙනෙක් බව ඔහු වටහා ගත්තා….

*****************************

රෝහලට වී එලි වෙනකල්ම කල් ගෙවූ භානුක අනූපමා දැහැම් සමගින් රෝහලේ රදවා පිටව යන්නට වූයේ දැහැම් මේ වෙනකොටත් සුව අතට හැරෙම්න් සිටි නිසාවෙනි……

ඔහු නිවාඩු අනුමත කරගෙන නිවස බලා පිටව යන්නට වුනා…..

දැහැම් අනූපමාට මුහුණ දීමට නොහැකිව දෑස් බිමට බර කරගෙන සිටියේ ඇයට කුමක් පවසන්නට දැයි සිතා ගත නොහැකිවයි…..

දෙයියනේ…..ඇයි මං මැරිලා ගියේ නැත්තේ….මේ පව් කාර ජීවිතේ මං කවද වෙනකල් ගෙවන්න ඕනද….?අශේන් ඇයි ඔයා මාව ඔයාගෙ ළගට ගත්තෙ නැත්තේ….මං හරි කැමැත්තෙන් ඔයා ළගට එන්න ඇස් දෙක පියා ගත්තේ අශේන්…ඇයි දෙයියනේ මගෙ කැමැත්තෙන් මට මැරෙන්නවත් බැයිද….මම කොච්චර කාලකන්නි කෙල්ලක්ද….දැහැම් දෑස් අගින් කදුළු වැටෙන්නට ඉඩ හරිමින් සිතන්නට වූවා….

ඒ අතරම ඇගේ මුළු සිරුරම දැවෙන්නට ගත්තා…පපුවේ දැවිල්ල ඉවසන්නනට බැරිතරම් වූවා…හෙදියන් වරින් වර පැමින විශාල ජෝගුවට ඇයට වතුර වැනි පානයක් දී යන්නේ විටින් විට වමනය දැමීමට සලස්වමින්…

මැරෙන්න යන සුළු මොහොතක වෙනස සේ නොවේ ජීවිතය ගෙවන්නට දුෂ්කරය…මරණය පෙනි පෙනීත් තමා මරණයෙන් ගැල වී යලි ජීවිතය යදිනවා නොවේදැයි දැහැම්ට සිතෙන්නට විය….

අනූපමා දැහැම් සමගින් වදනක් හෝ දෙඩීමට උත්සාහ නොකලාය….

ප්ලීස් අනූ….කතා කරපන්….මට මට මේ හැම වේදනාවක්ම දරා ගන්න බැරි උනා බං…ඒකයි මං මේ තීරණේ ගත්තේ…මං උඹ කිව්ව දේ ඇහුවේ නෑ…උඹටත් මං බොරු කලා…අද මං මේ ඒවට වන්දිය තමයි ගෙවන්නේ…
දැහැම් අනූපමාගේ දෑත් අල්ලාගෙන කදුළු සලන්නට වුනා….

අඩපන් පුලුවන් තරම් අඩපන්…උඹ දන්නේ ඔච්චරයි….මේ ලෝකේ ප්‍රශ්න තියෙන එකම ගෑනි උඹ කියලා හිතන්න එපා….මැරෙන්න හදනකොට හිතුනෙ නැද්ද නිකමටවත් මේ ලෝකෙ උඹ වෙනුවෙන් දුක් වෙන්න මිනිස්සු ඉන්නවා කියලා…උඹට අර අසරණ අම්මා,තාත්තා උඹේ සහෝදරයා මතක් උනේ නැද්ද දැහැම්….ආ…..
උඹ හරි ආත්මාර්තකාමී…උඹ හිතුවේ උඹ ගැනම විතරයි….
ටිකක් හිතපන් උඹට පිස්සුවෙන් වගේ ආදරේ කරන අර කොල්ලා කොච්චර දුක් වෙන්න ඇතිද කියලා….

එවිට දැහැම් තිගැස්සී ගොස් අනූපමා දෙස විමතියෙන් බලා සිටියා….

භානු අයියා එලිවෙනකල් හොස්පිටල් එකේ…ඒ කොල්ලා උඹට පැලෙන්න ආදරෙයි…උඹට මොනවා හරි වෙයි කියලා අයියා පුදුම බයකින් හිටියේ…ඇස්වල කදුළු පුරවගෙන උඹව හොස්පිටල් අරන් ආවේ….
ඒ ගැන හිතපන් ටිකක් දැහැම්…
අනූපමා දැහැමිට කරුණු පැහැදිලි කරන්නට වුනේ කලකිරුණු හඩින්….

අනූ…ප්ලීස්….මං කාලකන්නි වෙලා ඉවරයි…උඹ ඔය කියනකල් මම භානුක අයියා එහෙම දෙයක් හිතාගෙන හිටියා කියන්න මම දන්නේ නෑ…ඒ මනුස්සයාට මම වගේ පව්කාරියක් ගැලපෙන්නේ නෑ…ප්ලීස් මම කවදාවත් ඒ වගේ දේකට කැමති වෙන්නේ නෑ…ඒක කොටින්ම සිද්ධ වෙන්නේ නෑ…දැහැම් නැවතත් මහ හඩින් හඩන්නට වුනා….

අනික භානුක අයියට උඹ මං ගැන බලාපොරොත්තු දෙන්නත් එපා අනූ…මට ඒ මනුස්සයාගේ හිතත් කඩලා තවත් පව්කාරියක් වෙන්න බෑ…දැහැම් නැවත වරක් අනූපමාට පවසා දෑස් තදින්ම පියා ගන්නට වුනා…

##නැවත හමුවෙනතුරාවට##

ආදරෙයි හැමෝටම 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *