10

##නිම්හිම්සේයා##

10
වසර හතරකට පසු…
@@@@@@@@@
ඩබලෝ වරෙන් යාන්..
ඩබලාවත් දාගෙන මම එකසිය විස්සටම පාගලා හෝල් එකට ආවා..තව විනාඩි පහක් ගියානම් අපි ඩිස්මිස්..
හරිනෙ.කැම් එක ගෙන්නාවානෙ..කැම් එක අරන් යන්න නොදුන්නොත් පෝන් එකෙන් වීඩීයෝ කරමු හරි..රෙඩිනෙ..
හරි මචී..ඒ ඔක්කොමත් හරි කොහොමද ඇතුලට යන්නෙ..
මේ මචී ඉන්නකම් ඩෝන්ට් වොරි..බලනවකො අපි දෙන පබ්ලි සිටි එකට අපෙ චැනල් එක හිට් වෙනව..ආයේ දෙකක් නෑ..
හ්ම්ම් හ්ම්ම් පබ්ලිසිටි නම් වෙයි හොරෙන් එන්ට්‍රන්ස් වෙන්න ගිහින් හිරෙ ගිහිල්ලා..
මෝමෝඩයා trust me.and wait..what i do..ok..
හපෝ කියන දෙයක් කියහන් හෙලබසින්.
අනෙ ඩබලො ඔයාගෙ හෙලබස..මන් යනවා..කෝල් එකක් දුන්නු ගමන් වැඩෙ දෙමු එලකිරි සුපිරි වගෙ..
මායි ඩබලයි පහක් දාලා කැපුනා එතනින්..ඩබලාට කීවට ම්මොකද දැන් ඇතුලට යන්න සුපිරි ගේමක් දෙන්න වෙනවා.
රයිට් එලකිරි..අපි ගොඩ..මන් ඩබලට කෝල් එකක් ගත්තා..
පනිමුද..
වැඩෙ හරිද..
යෙප් …
කොහෙද ඉන්නෙ..
බලනාකෝ..එහනම් ඇතුලට එන්න.
කෝමද
බය නොවෙන් ඩබලො මන් ඔයාව ගන්න කියලා සික්කො දෙන්නට පනිවිඩෙ දුන්නා..පෝන් එකෙන් දෙමු වැඩෙ..
(දැන් කට්ටිය උඩ බිම බලනවා ඇති මේ මොකො කියලා..සේරම කියන්නම්..just wait…)

නම-සේයා නිම්නාදි
වයස-24
රැකියාව-මාදයවේදී youth tv

සේයා නිම්නාදි වෙන මන් දැන් ඉන්නෙ දහස් ගනන් දෙනා රැස් වෙලා ඉන්න යොවුන් කුමරි 2016 තරගාවලියෙ තරගකාරියෙක් වෙලා..ඇත්තටම ආවේ නම් වීඩීයෝ පාරක් දාන්න ඒත් අපේ චැනල් එක තාම පටන් අරන් ඒ හැටි කාලයක් නැ..ඉතින් අපිට මීඩීයා වලට ඉන්විටේශන් ලැබුන්නෑ..මේ දත කන්නෙ පොඩි පබ්ලිසිටි පාරක් දාගන්න..

ඩබලට ඇතුලට එන්න විදියක් කියන්නම් කීවට කිසිම හැගීමක් නැතුව ඇතුලට ආවෙ..ඒත් උනෙ මන් ඇතුලට එන්න විදියක් හොයද්දි එයාලා මාව බලෙන්ම ඇතුලට ගත්තු එක..

ඇතුලට ඔලුව දැම්මා විතරයි මේකප් ආටිස්ට්ලා දෙන්නෙක් මාව අල්ලගත්ත..එයාලගෙ කන්සෙප්ට් එකෙ එක මොඩල් කෙනෙක් ඇවිත් නැහැලු..ඒකට හරියන්න අඩුව පුරවන්න ආව මොඩල් මන් කියලයි එයාලගෙ හිතෙ..ඉබ්බා දියෙ දාපූවම ඇන්නෑවෙ කීවලු..මටත් ඕන උනෙ ඇතුලට එන්න..ඩබලා මගෙ බෝයීෆ්‍රෙන්ඩ් කියලා එයාවත් ඇතුලට ගත්තා..මේ කන්සෙප්ට් එකෙන් දිනන්න තියා ඒ ගැන හාන්කවිසියක බලාපොරොත්තුවක් මගෙ නෑ..ඒත් කෝමහරි රස්සාව බේරගන්නත් ඕනීනේ…

ඔක්කොම ඉවසන්න පුලුවන් මේ උලන ඒවා තමයි ඉවසන්න බැරි..වට තුන හතරක් කරකෝපූ සාරිය ඇගට වදයක්..දැන් ඉතින් කැට්වෝල්ක් එකෙන් ස්ටේජ් එකෙ යන්නත් එපැයි..කැට් වෝල්ක් බැරිනම් ඩෝග් වෝල්ක් හරි බැරියැයි මේ උලන ඒවානෙ බැටි..

අනිත් මොඩල්ස්ලත් එක්ක මාත් ස්ටේජ් එකට ලැසි ගමනින් ගියා..සියක් දාසක් ඇස් ..නිවි නිවි දැල්වෙන ලයිට්ස්..අහ්..සේරටම හපන් කැට් වෝල්ක්..

අපි කට්ටිය දැන් එක වටයක් ගිය..ඩබලා වැඩෙ ගානට කරනවා..තාම මාව අදුරගත්තෙ නැ වගෙ..

ස්ට්ටෙජ් එකෙ හිටිය නිවේදකයා දැන් එක එක්කෙනාගෙන් විස්තර අහනවා..දැන් මගෙ වාරෙ..

hi im seeya nimnaadhi..from waththala..im 24years old..and i work at youth channel as a cordineter..and modling is my hobby..thank you..

මේ මල ඉන්ගිරිසි හරිද මන්ද..ඕන ම්මගුලක් වෙද්දෙන් කියලා මන් කියල දැම්ම..ඩබලාගෙ ඇස් ගොරක වගෙලොකු උනා..ෆිට් කිය්ල ඇගිල්ලක් පෙන්නුව..මාත් ඖඩියන්ස් එකටත් එක්ක ටටා පාරක් දැම්මා..මල් මල් හිනාවකුත් එක්ක…

දැන් දෙවෙනි වටේට සිලෙක්ට් වුනු අයගෙ නම් කියනව..හප්පට සිරි සේයා පැට්ටත් තේරිල..කෝමද වැඩ…

දෙනෙත් අයියා ගියායින් පස්සෙ මට මාවම එපා වෙලා තිබුනෙ..දෙනෙත් අයියා ආයේමථ් කතා කරාවි කියලා බලන් ඉදලා බලන් ඉදලා සේයාගෙ ඇටකටු ටික්කත් පෑදුනා..එහෙම ඉද්දි තමයි අම්මි තාත්තියි කීවෙ මොනවහරි ඉගෙන ගන්න කියලා..මොකද මට වෙලා තිවුනු දේ එයාලා හරියට නොදැන උන්නු නිසා..ඇත්තටම කීවෝත් දෙනෙත් නිම්සර එද කා එකෙ නැගලා ගියෙ සේයා නිම්නාදිගෙ පුන්චි හිතත් අරන්..

දවස් ගානක් කල්පනා කරල කරලා ඇති වෙනකම් බලන් ඉදලා හූල්ලල..අන්තිමේදී ජපුරෙන් ජනමාධ්‍ය වේදි ඩිග්‍රි එක කරන්න ඇප්ලයි කලා..ඒ ගමන් නිදහස් වෙලාවට කතා ලියන එක පුරුද්දක් කරගත්ත..දැන් මන් ලේකීකාවක්..නිවේදිකාවක්..ඒත් ඕන් දැන්නම් නිරූපිකාවක්..

ජපුරෙ ක්ලාස් යනකොට තමයි ඩබලාව සෙට් උනෙ..ඩබලා මගෙ බොක්ක..එය වැඩ කලෙ මීඩීය චැනල් එකක..ඉතින් මාත් ඒකටම සෙට් උනා..අපෙ චැනල් එක පටන් අරන් තාම මාස පහක් වත් නැ..මේ කට්ට කන්නෙ ඒක ගොඩ දාන්න..

තව කියනවනම් මේ වෙද්දි මන් සුරතල් සුට්ටි පැන්චෝ දෙන්නෙක්ගෙ සුවිට් නැන්දි..කේතු අපෙ අයියා මැරි කල..අම්මියා දැන් පැන්ශන්..ආච්චම්ම දැන් ඇදෙ ඉන්නෙ..තාත්ති තාම වැඩ..

මගෙ බාහිර පෙනුම කීවොත් දැන් මගෙ කොන්ඩෙ දිගයි දන ගාවට..වෙලාවකට හිරිහැරයක් උනත් එක්කෙක් වෙනුවෙන් වැව්වෙ..ඒ වගේම ඕනම කෑමක් දැන් උයාගන්නථ් පුලුවන් අනිත් එවුන්ට කන්න පුලුවන්ද බැරිද කියන එක ඕන් වෙනම වැඩක්..දෙනෙත් අයියා කියපු එකම දෙයයි මට නැත්තෙ..ඒ අහින්සක බව..මන් තාමත් ඉස්සර උන්නු දගමල්ල..දැන් ඊටත් වැඩී..

තව දෙයක්..දෙනෙත් අයියා පොලිසියට බාර උනු එක ටීවී එකෙන් දැනගත්තා..ඊට පස්සෙ අවුරුදු දෙකක් නඩුව ඇදිලා ඇදිලා දෙනෙත් අයියා නඩුව සාක්කි නැති නිසා බේරුනු බවත් දැනගත්තා..ඊට පස්සෙ එයා ගැන කිසිම විදියක ආරන්චියක් ලැබුන්නෑ..

අදටත් රෑට ජනේලෙ ලගට වෙලා මන් හූල්ලනවා ..මේ හිතෙ ඇතිවුනු පලවෙනි ආදර හැගීම මුලු ලෝකේටම රහසින් මන් මගෙ හිතෙ යතුරු දාලා අගුලු දැම්මා..මොකද ඒ ආදරෙ ඇති උනෙ මගෙ පැත්තෙන් විතරක්ම නිසා..අනිත් එක එයාට මාව බලන්න එන්න ඕනතරම් පුලුවන් කම තියෙද්දි එයා නොආවෙ..අමතක කරන්න ඇති මාව..අසරණකමට පිහිට වුනු එකට සතුටු වෙනවා ඇරෙන්න දෙනෙත් නිම්සර ජයසුන්දර මගෙ නෙමී..

හා ඇති..මන් තාම ස්ටේජ් එකෙ..

දෙවනි වටේට සිලෙක්ට් උනු අයට තිබුනෙ එක්කො ඩාන්ස් කරන්න.නැත්තම් සෝන්ග් එකක් කියන්න ..ආයෙ නෑ ඉතින් මේ සේයා නිම්නාදි ආයෙ කට ඇරියොත් සමිතලා,සශිකල පරාදයි..ඔය සුපර්ස්ටා ඩ්‍රීම්ස්ටා අර ස්ටා මේ ස්ටාර් තරග වලට මේ සේයා නොයන්නෙ අනිත් අය පව් කියලා හිතෙන නිසා..ඕන් හරිය…

මන් අශේන්ගෙ මන් පතනවා සින්දුව කීවෙ බොක්කෙන්ම..ඇත්තටම මන් පතනවා දිනෙත් අයියට මේ මට වඩා ආදරෙ කෙනෙක් ලැබෙන්න කියලා.. ,,,,,,චැනල් එකෙ පබ්ලිසිටි එකට එතනට ගිය මන් ආයෙ ගෙදර ආවෙ ඒ කන්සෙප්ට් එකේ තුන් වෙනි තැන අරන්..දැන් මගෙ වැඩෙ සාර්තකයි ..මගෙ වැඩෙ නිසා මෙච්චර කාලයක් කවෘවත්නොදැන උන්නු අපෙ චැනල් එක..ලන්කාවෙම ෆේමවුස් ..අපෙ රේට් එක ඉහල ගිහින්..

ජොබ් එක නිසා තරගෙට ගියාට මොකද ගෙදර යන්න මොකක්ද මොකක්ද වගෙ..අම්මිලා මොනා කියයිද දන්නෙ නෑ..මගෙ අනුමානේ හරි නම් දැන් අම්මිලා හැමදේම දන්නවා..වෙනදා වෙලාවටම මන් ගෙදර ගියා..

චූටී මැනිකෝ ..

අහ් අපෙ පාර්ලිමේන්තුවම මෙතන රැස් වෙලා..ආච්චම්ම නැතිව අනිත් සේරමල්ලා..මා ඉතින් දැන් කුමක් කරම්දො..වත්තෙ ඉන්න හැත්ත බුරුත්ත කොලූද බලූද අපෙ මිදුලෙ..

ඩෝන්..

අප්පා රතිඤ්ඤාත් දානවා..වසම වසම ලැජ්ජාවයි..

අනෙ ඉතින් මෙහෙමත් පල් එකක්..එදා දවසම මන් රූම් එකෙ හැන්ගිලා උන්නෙ මෙයාලා මාව බයිට්කරනවා අප්පා..ඒ මඩිවට තොරතෝංචියක් නැතිව කෝල්ස්..

ඇයි ඉතින් සේයා කියන්නෙ දැන් දිලෙන තරුවක්..සිහින කුමාරියක් නෙ…

(මතු සම්බන්දයි ) 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *