11 වන දිගහැරුම
පර්ටි එකෙන් පස්සෙ සෝනුයි චිනුයි එතරම්ම රණ්ඩු කළේ නෑ….ඒත් ඉතින් මේ චිනුවානම් නිකම්ම හිටියෙත් නෑ….පොඩි පොඩි දේවල් වලට එහෙන් මෙහෙන් කොකු ඇද්දා…..
අම්මලා තාත්තලා බලා හිටියේ දෙයියනේ කියලා මේ දෙන්නා එකතුවෙලා ලස්සන පවුල් ජීවිතයක් ගෙවලා දරු මුණුබුරෝ දෙනකම්…..
ඒත චිනූ හදන්නේ සෝනුව සෙව්මිනී ට ජෝඩු කරන්න කියලා මේ අය දන්නවානම්……?දෙන්නට ඉතින් ඇපත් නෑ තමයි…..
“මොකද්ද හලෝ ඔය උඩ පැන පැන කරන්නෙ තමුසේ…..දොඩම් ගෙඩි දෙකක් නැනේ ඉතින්….”
කෙල්ල හිටියේ අල්මාරිය උඩ තියලා තිබුන යමක් ගන්නට උත්සාහ දරමින්…..මේ උත්සාහය දැකපු සෝනුට හොදටම හිනා….කෙල්ල ඔහි දිහා බලලා හොදට රැවුවා….
“ත්මුසෙට මොකද දිගංචියෝ…..ඔහේ මගෙ බෑග් එකක් උඩට විසික් කරලා…..අරන් දෙනවකෝ උගුඩුවෙක් වගේ බලන් ඉන්නේ නැතුව…. “
කොල්ලා අල්මාරිය ළගට ඇවිත් එතන උන්නු චිනූ අතින් එහාට තල්ලු කරලා ඇගේ බෑගය රැගෙන දුන්නා…..
“අතනයි මෙතනයි හැම තැනම බඩු…එහෙ දැම්මොත් හැමදාම ඔහොම තමා….විසික් කරලා දානවා…..”
කොල්ලත් කීවෙ රවාගෙන…..චිනුටත් පුරුද්දක් තිබුණේ නෑ ගත්ත දේ ගත්ත තැනින් තියලා……
“අනේ උනහපුළුවෝ ඔයාට තියේනේ පුරුද්ද….අර බලනවා…..”
කෙල්ල පෙන්නුව දෙයින් කොලට පොලව පලන් යන්නයි හිතුනේ….ඔහු හවස වැඩ ඇරිලා ඇවිත් ගලවපු යට ඇදුමකටයි ඈ ඇගිල්ල දිගු කළේ……
“අම්මපා තමුසෙට ලැජ්ජා නැද්ද ඕඊ…..”
“ආ මන්ද දැන් ලැජ්ජා වෙන්න ඕන….ඕවා තැන තැන දාන ඔයා නෙවෙයිද?”
කෙල්ල කියද්දි කොල්ල පැන්නේ කෙල්ල අල්ල ගන්න….කෙල්ල ඔහුගෙන් මොදී ඉවතට පැන්නේ හිනා වීගෙනමයි….
“මේ හලෝ…..ඒක නෙවෙයි….අපි දැන් යාලුවොත් උන එකේ යමුකෝ වීක් එන්ඩ් එකේ කොහෙහරි ඇවිද්දින්න….”
“අමේ බටු ඇටේ….ය්හමුසෙත් එක්ක ගියොත් මගෙ බොඩී පර්ට්ස් අහුලගෙන තමා එන්න වෙන්නේ…..”
“අනේ නෑ හලෝ මං වද දෙන්නේ නෑ…..ගෝඩ් ප්රෝමිස්….”
“හා හා යමුකෝ එහෙනම්….හෙට උදෙන්ම ලෑස්ති වෙනවා හරිද?පස්සට අවුව පායනකම් නිදාගන්නේ නැතුව…..”
“මේ අයියේ…..”
“හෑ…..”
කෙල්ල අයියේ කියද්දී සෝනු බැලුවෙ කට ඇරගෙන…
“ඇහුන විදිය හරි….අයියේ කීවේ…මේ අපි සෙව්මිනී ව එක්කන් යමුද….”
“අනේ මේ චිනූ…මට ඕන කෙල්ලව මම හොයාගන්නම්..තමුසේ ඉන්නවා බක පඩියා නොවී…”
“හ්ම්”
පුංචි පුංචි වලි මැද්දේ කෙල්ල යි කොල්ලයි උදෙන්ම ලෑස්ති උනා….
“කොහිද යන්නේ අපි…..”
කෙල්ල ඇහුවේ බෙල්ල ඇල කරලා….කෙල්ල ඇදලා හිටියේ රෝස පාට දනට ටිකක් කොට ශෝට් කලිසමකුයි සුදු ටී ෂර්ට් එකකුයි….උරෙන් මදක් පහ්හලට ඇති කොණ්ඩය පෝනි ටේල් එකක් ලෙස දමා..කුඩා සයිඩ් බෑග් එකක් එල්ලගෙන හිටිය කෙල්ලව කොල්ලා අද දැක්කේ තවත් හුරතල් පාටට….
“මෝකෝ මාව කන්න වගේ…..”
“අදනම් බටු ඇටෙව්ව කන්න හිතෙනවා……ලස්සනයි හලෝ තමුසේ ඔහොම…..මිනිස්සු හිතයිද දන්නේ නෑ මම බාල අපචාර කරනවා කියලා…..”
කොල්ලා කීවේ චිනූගේ කම්මුලක් මිරිකලා….කොලාගේ හිතේ චිනූ ගැන කුමක්දෝ නොතේරෙන හැගීමක් ඉපදෙනවා කියලා කොල්ලට දැනෙනවා….
ඒත ඒක තේරුම් බේරුම් කරගන්න ඔහුට හැකි උනේ නෑ…
ඒත් කෙල්ලගේ මේ හුරතලේට ඉස්සර ට වඩා සෝනූ දැන් ගොඩාක් ආස කළා….
“අනේ දිගංචියෝ මට තව වන් මන්ත් වලින් 23හරිද?බාල කොහෙද මම….උලමා…..”
“ඒත් පෙන්නේ නෑනේ බම්….”
“අනේ යමු යමු…..කොහෙද යන්නෙ කියනවකෝ…..”
“ලෙෂ වල්ඩ්….”
“වාව් දිගංචියෝ මරුනේ….”
චිනු සතුටින් උඩ පනිමින් ඉස්සී කොල්ලාගේ කොපුලක් සිප වාහානයේ ඉදිරිපසට නැග ගත්තාය….
“අයියේ….ඔහොම්ම ටිකක නාවින්න පැත්තෙන් යන්කෝ….”
“ඇයි ඒ”
“යමුකෝ ගොනෝ….”
කෙල්ලගේ කීම නිසා කොල්ලා නාවින්න දෙසට ගියේය….ඔහු නාවින්න හන්දියේ වාහනය නැවතුවේ ඇගේ ඉල්ලීමට…
කෙල්ල වාහනයෙන් බැස වටපිට බලද්දී සෝනු බලා උන්නේ පුදුමයෙන්….නමුත් ස්වල්ප වේලාවකින් ආ රුව දකිද්දී කොල්ලාට ඇති උනේ කෝපයක්…….
…….මතු සම්බන්ධයි ………