11

“සංකේත් උඹට මොකද්ද බන් වෙලා තියෙන්නේ..යකෝ වෙඩින් එකට කලින් දවසේ මනමාලයා මෙහෙම ඉන්නව දැක්කාමයි..සතුටු වෙන්න ඕනි වෙලාවේ උඹ මොකද ඔය ගෑනී මැරිච්ච මිනිහා වගේ හූල්ල හූල්ල ඉන්නේ..”
“උඹට තේරෙන්නේ නෑ තරිදුවා..”
“ඔව් ඔව් මට තේරෙන්නේ නෑ..මට තේරෙන්නේ නෑ..උඹනේ සියල්ල දත්..මේ සංකේත් උඹට පිස්සුද..වැඩ කොච්චර තියනවද බන් තව..උඹ මෙතනට වෙලා මනෝ පාර ගහගෙන ඉදලා හරියනවද..”
“තරිදුවා..අද උදේ ඉදන් මට මහා අමුත්තක් දැනෙනවා බන්..මගේ හිතට හරි නෑ..”
“ඒ මොකද්ද..අනේ මේ මගෙන් මුකුත් අහගන්නේ නැතුව ඔය මූණ කට හෝදගෙන වරෙන් යන්න ඉතුරු වැඩ ටික බලන්න..මගුල..මටනෙ දැන් මෙතන හදිස්සිය තියෙන්නේ..උඹට මෙච්චර ඉක්මනට කසාද බදින්න බෑ කියලා හිතෙනවා නම් මොන මගුලකටද හෙට මේ මගුල ලෑස්ති කරගත්තේ…”
“උඹට පිස්සුද යකෝ..මං හිරුනිව දැක්ක පළවෙනි දවසේ ඉදන් හීන මැව්වේ එයාව මගේ කරගන්න..එහෙම නැත්නම් මං මෙච්චර කට්ටක් කාගෙන මේ තරම් දුක් විදිනවද …ඉතිං උඹ මොනවද මේ කියන්නේ..”
“කියන හරුපයක් තේරෙන භාෂාවකින් කියපන් උලමෝ…උඹත් එක්ක ඉදලා මටත් අංගොඩ ළගින්න වෙයි නැත්නම්…”
“මට මහ අමුතු බයක් දැනෙනවා බන්…”
“මොකක්..”
“ඔව් බන්..අද උදේ ඉදන්..මට..මට කියන්න තේරෙන්නේ නෑ බන්..මට හිරුනි ගැන බය හිතෙනවා..”
“මොනවද සංකේත් උඹ මේ කියවන්නේ..හිරුනි ගැන මොකට බය වෙනවද දැන්…”
“ඒත් මචං..”
“අනේ විකාර කියවන්නේ නැතුව ඉදිං බන්..මේ උඹට ඔය තරම් සාංකාව වගේ නම් ඒකිට කෝල් කරපන්..එතකොට හරියයි..නැත්නම් අද උඹ මෙතනට වෙලා කල්පනා කර කර ඉදලා කල්පනා සාගරේ ගිලිලා මැරෙයි..”

තරිදුගේ කතාවෙන් පස්සේ සංකේත් හිරුනිට කෝල් කරා..දෙතුන් පාරක්ම උත්සහා කරත් හිරුනිගෙන් ප්‍රතිචාරයක් තිබුනේ නෑ..සංකේත්ගේ මූණ තත්පරෙන් තත්පරේට කලු වෙලා යන හැටි තරිදු බලාගෙනයි හිටියේ..

“මේ බන් මෙහෙම බලන් ඉදලා බෑ..උඹ ලෑස්ති වෙයන්..ගිහින් හිරුනිව බලලා ඉක්මනට හෝල් එකට වරෙන්..උඹගේ නැන්දම්මයි මාමණ්ඩියි ගැන මට කිසිම විශ්වාසයක් නෑ..ඒ හින්දා මං ගිහින් එතන වැඩ ටික බලන්නම්..උඹ ඉක්මනට උඹගේ කුමාරිකාව බැහැදැකලා වරෙන්…”
“ඒත් බං..”
“අනේ මේ සංකේත් මෙතනට වෙලා නහයෙන් අඩන්නේ නැතුව පලයන්කෝ..ගිහින් ලෑස්ති වෙලා වරෙන්…”

හිතේ තියන බය නැති කරගන්න හොදම විසදුම හිරූව බලන්න යන එක කියලා හිතුන නිසා සකංකේත් තරිදුගේ කීමට එකග උනා..

මේ අතර නලීන් හිටියේ හිරුනිගේ කාමරේ හිරුනිගේ ඇද ළග..නලීන් කවීෂ්ගේ යාලුවෙක්..ඕනිම විදිහේ පහත් වැඩක් නලීන් කරන නිසා තමයි කවීෂ් මේ වැඩේ නලීන්ට බාර දුන්නේ..නලීන් උනත් කැමැත්තෙන්ම කවීෂ්ගෙ යෝජනාවට එකග උනා..ඒ වෙනුවට නලීන්ට ලොකූ ගානක් ගෙවන්න නෙතු පොරොන්දු වෙලයි හිටියේ..කාමය රාගය හිත ඇතුලේ තෙරපෙද්දි නලීන් හිරුනි ළගට ගියත් හිරුනිව දැක්කම නලීන් එයා කරන්න ආපු වැඩේ ගැන දෙපාරක් හිතන්න ගත්තා..”මේ ළමයා ගොඩක් අහිංසක පාටයි..මං මොකද කරන්නේ.හිත කියන්නේම මේ වැඩේ කරන්න එපා කියලමයි..ඇයි දන්නේ නෑ අර කෙල්ල තමන්ගෙම අක්කාට මේ තරම් අපරාධයක් කරන්න හදන්නේ..කවීෂ් උනත් පරිස්සම් උනොත් හොදයි.මං දාන් මොකද කරන්නේ..මේකි පවු කියලමනේ හිතෙන්නේ..ඒත් එතකොට මගේ සල්ලි..මන් අරුන් දෙන්නාට මොනවද කියන්නේ..එක අතකට මං මොකටද මේ කොහෙවත් නැති කෙල්ලෙක් ගැන හිතන්නේ….මට වැදගත් සල්ලි විතරයිනේ…..”හිත මොනවා කිව්වත් නලීන් හිටියේ කරන්නේ මොකද්ද කියලා හිතාගන්න බැරුව ..

“බබා..ඔයාගේ යාලුවා හරියට වැඩේ කරයි නේද…”
“ඔව් පැටියෝ..ඒ ගැන බය වෙන්න එපා..ඉතිං එන්නකෝ මගේ ළගට…”
“ආ ඒ මොකටද..”
“එන්නකෝ ඉතින්..”

නෙතුටවත් කවීෂ්ටවත් හිරුනිගෙ සිහියක් තිබුනේ නෑ ඊට පස්සේ..එයාලා හිටියේ එයාලගෙම ලෝකෙක තනි වෙලා..නලීන් තීරණයක් ගන්න බැරුව හිත හිත ඉන්න වෙලාවේ සංකේත් හිරුනිගේ ගෙදරට ඇවිල්ලයි තිබුනේ..”මේ මොකද දොර වහලා..කොහෙවත් යනවා කියලා මට කිව්වේ නෑනේ..”හිත ඇතුලේ දාහක් ප්‍රශ්න තියෙද්දි සංකේත් කාර් එකෙන් බැහැලා ආයෙත් හිරුනිට කෝල් එකක් ගත්තා..ඒත් හිරුනි ෆෝන් එකට ආවේ නෑ..සංකේත් හිටියේ හොදටම බය වෙලා..උදේ ඉදන් හිතට දැනුන බය තව තවත් වැඩි උනා..”අංකල්ටවත් කෝල් එකක් දීලා බලමු….” කරන්න දෙයක් හිතා ගන්න බැරි නිසා ජයවර්ධනට කතා කරන්න හිතුවත් කොල්ලා ඊට කලින් ගිහින් ගෙදර බෙල් එක ගැහුවා…

“ක්..ක.වීෂ්….. කවීෂ් කවුරුහරි ඇවිත් නේද..අම්මිලා ඇවිල්ලද දන්නේ නෑ….අනේ අපි මොකද කරන්නේ..අනේ මට බයයි..කවුද දන්නෑ ඇවිත් තියෙන්නේ.අපි මොකද කරන්නේ….”
“හරි හරි ළමයෝ බය වෙන්නේ නැතුව ඉන්නකෝ ටිකක්..ඉක්මනට ඔය ඇදුම් ටික ඇදගන්න..අපි පැනගමු මෙතනින්…”
“මාත් එන්න ඔනිද..”
“නැතුව..ඔයා හංසිලගේ ගෙදර ගියා කියන්න තාත්තා ඇහුවොත්…”
“එතකොට ඔයාගෙ යාලුවා….”
“ඌ ගැන හිතන්න වෙලාවක් නෑ..දැන් කරන්න දෙයක් නෑ..අපි දෙන්නා බේරෙන්න එපෑ ඔක්කොටම කලින්…”
“ඒත් එතකොට එයා මේ සේරම දෙවල් කියයිනේ….”
“ඔයාට පිස්සුද බබා….අපි සල්ලි දීලා උගේ කට වහමු..අනික ඌ එහෙම පාවලා දෙන ජාතියේ එකෙක් නෙමෙයි..”
“අනේ ඒ උනාට මට බයයි..”
“බය වෙන්න එපා ළමයෝ.ඉක්මනට එන්න අපි යමූ…”
“කොහොමත් ඌ දැන් වැඩේ ඉවර කරලා ඇති..ආවේ කවුරු උනත් ගේ ඇතුලට ආවොත් කොහොමත් ඔයාට ඕනි දේ සිද්ධ වෙනවනේ එතකොට….”

පැය භාගයක් විතර ඉදලා ඕනි එකක් වෙද්දෙන් කියලා කවීෂ්ට උන පොරොන්දුව ඉෂ්‍ට කරන්න නලීන් තීරණය කරා..මේ මුකුත් නොදන්න හිරුනි හිටියේ තද නින්දක ..එයාට වෙන්න යන දේ ගැන කිසිම දෙයක් මේ අහිංසකී දැනගෙන හිටියේ නෑ…හෙට සංකේත්ගේ මනමාලි වෙලා මේ ගෙදරින් එළියට බහින්න ඉදපු හිරුනිව වෙන කෙනෙක් අතින් ඉදුල් කරන්න තරම් නෙතූගේ හිත දරුණු උනා..හිරුනිගෙ සහෝදරකම් ලේ නෑකම් සේරම නෙතූ මේ වෙනකොට අමතක කරලයි තිබුනේ…නැත්නම් මොන නංගිද තමන්ගෙම අක්කට මේ වගේ අපරාධයක් කරන්නේ…ඒත් හිතපු නැති වෙලාවක සංකේත් ආපු නිසා එයාලාගේ ප්ලෑන් එක අවුල් උනා…කවීෂ්ට හිතුනේ නලීන්ට බෙල් එකේ සද්දේ ඇහුනේ නෑ කියලා..නලීන්ව උගුලට අහු කරලා කවීෂ් බේරෙන්න හැදුවේ ඒකයි… ඒත් ගෙදර බෙල් එක වැදුනේ නලීන් හිරුනි ළගට ගිහින් ඇදෙන් ඉදගන්නකොටමයි…”කවුරුහරි ඇවිල්ලා නේද..ඒත් මේ වෙලාවේ..අරුන් දෙන්නා මට කිව්වේ හවස් වෙනකල් කවුරුවත් එන එකක් නෑ කියලානේ..මුන් මාව මාට්ටු කරලා පැන ගත්තා වත්ද..කෝල් එකක් දීලා බලමු…”
නලීන් කවීෂ්ට කෝල් කරත් ෆෝන් එක සයිලන්ට් දාලා තිබුන හින්දා කවීෂ්ට නලීන්ගේ කෝල් එක ඇහුනේ නෑ..

“ශිට් දැන් මොකද කරන්නේ.මූ ෆෝන් එක ගන්නේ නෑනේ…ජයවර්ධන කාරයාවත් ඇවිත් හිටියොත් මං ඉවරයි…”නලීන්ට කරකියාගන්න දෙයක් නැතුව හිටියේ…

“නෙතූ ඉක්මනට එනවා..”
“හරි දැන් අපි කොහොමද එළියට යන්නේ..”
“පොඩ්ඩක් ඉන්නකෝ…”
“හෙලෝ සහන්..මේ ත්‍ර්‍රීවිල් එකත් අරගෙන විනාඩි දෙකෙන් ජයවර්ධනයගේ ගේ ළගට වරෙන්.ඉක්මන් කරපන්…”

කවීෂ් ෆෝන් එක අරන් යාලුවෙක්ට කතා කරා..නලීන්ගෙන් කෝල්ස් දහයක් තිබුනත් කවීෂ් ඒක දැක්කේ නෑ වගේ හිටියා…”මේ යකා එනකල් හිටියොත් මාවත් මාටු වෙනවා..ඉදකින් මාත් දාගන්න ලෙඩ…දැන් ඉතිං මේකි ගැනත් බලාගන්න වෙනවා මට..මේකිගෙන් ඇති වැඩක් නෑනේ දැන්…”කවීෂ් නෙතු දිහා බලාගෙන කල්පනා කරේ නෙතූව මගාරින්න විදිහක්…

“කවීෂ් ඔයා කාටද කෝල් කරේ..”
“ආ..මේ ..මෙ.. යාලුවෙක්ට..එන්න අපි යමු…”

කවීෂ් නෙතූ එක්ක ගෙයි පිට්පස්සේ දොරෙන් එළියට ඇවිත් දොර වහලා දාලා බිත්ති වලට මුවා වෙවී ඉස්සරහට ආවා..ගේ වටේම උස තාප්පයක් තිබුන නිසා වටේපිටේ කාටවත් මේ දේවල් පේන්නේ නෑ..

“දෙයියනේ සංකේත් නේද ඇවිත් තියෙන්නේ…”

මිදුලට වෙලා ගේ දිහයි පාර දිහායි මාරුවෙන් මාරුවට බලන සංක්ත්ව ඉස්සෙල්ලාම දැක්කේ නෙතූ..

“කවීෂ්..සංකේත්නේ ඇවිත් තියෙන්නේ..අපි මොකද කරන්නේ…”
“ඉතිං හොදයිනේ බබා.අන්තිමට නියම කෙනාම දකින්න ඕනි දේවල් දකිනවනේ…”
“පිස්සුද කවීෂ් ..සංකේත් කීයටවත් හිරුනිව අවිශ්වාස කරන්නේ නෑ..ඕකට මාව මාට්ටු වෙනවමයි..මට ඕනි සංකේත්ට නෙමෙයි අර ඇමතියට මේ දේවල් පෙන්නන්න..එයාගේ ලේලි පොඩ්ඩගේ වැඩ ටික..
“හරි හරි බබා කෑගහන්නෙ නැතුව ඉන්නකෝ..නැත්නම් අපි දෙන්නවත් මාට්ටු වෙනවා..”
“සංකේත්ට ගේ ඇතුලට යන්න බෑනේ..ඒ හින්දා අපි ආයෙත් ඇතුළට යමුද..”
“විකාර කියවන්න එපා නෙතූ..මූ අංකල්ට කෝල් කරලා ඇහුවොත් එහෙම අංකල් කියයි ඔයා ගෙදර ඉන්නවා කියලා..කොහොමහරි අපි මෙතනින් පැන ගන්න ඕනි..”
“ඒත් කොහොමද..”
“පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ..මේ තව ටිකක් එහාට වෙලා ඉන්න..නැත්නම් අරූ අපිව දකියි…”

නලීන්ට කාමරෙන් එළියට එන්නවත් විදිහක් නැතුව හිටියේ..”ගේ ඇතුලෙන් ලොක් කරලා තිබුනට ජයවර්ධන එහෙම නම් ඇවිල්ලා තියෙන්නේ එයාලා ළග තව යතුරු ඇතිනේ..ගේ ඇතුළට ඇවිල්ලද දන්නේ නෑ කට්ටිය..කොහොමද දැන ගන්නේ..මං අරුන් දෙන්නව නම් තියන්නේ නෑ..උන් හැප්පුනේ වැරදි කෙනා එක්ක..කවීෂ් බලාගෙන ඉදපන් මං උඹට කරන දේ….”නලීන් හිටියේ කවීෂ් ගැන ඇති උන කේන්තිය පාලනය කරගන්න බැරුව..බෙල් එක ගහලත් විනාඩි දහයක් විතරසංකේත් දොර ළගට වෙලා බලන් හිටියා..ඒත් කවුරුවත් එළියට ආවේ නැති නිසා සංකේත් ජයවර්ධනට කෝල් එකක් ගත්තා..ඒත් ෆෝන් ඕෆ්…”මේ මනුස්සයගේ ෆෝන් එක වැඩ කරන්නෙත් නෑ බම්බුව..දැන් මොකද කරන්නේ..මට හිතෙන්නෙම මගේ කෙල්ලට මුකුත් කරදරයක් කියලා..ඇයි මට එහෙම දැනෙන්නේ..කොහොමද මං හිරුනි ඉන්න තැනක් හරියටම හොයාගන්නේ..කාගෙන්ද අහන්නේ…ආ තරිදුවා ඇත්තේ ජයවර්ධන අංකල්ලා එක්කනේ..ඌටවත් කෝල් කරලා බලමූ…”සංකේත් තරිදුට කෝල් කරේ එහෙමවත් හිරුනි ගැන ආරන්චියක් දැන ගන්න හිතාගෙන..

“හෙලෝ තරිදුවා …අනේ බන් මේ ගෙදර කවුරුවත් නෑනේ…”

“…………………………………………..”

“නෑ යකෝ මං දැන් කොච්චර වෙලාද මෙතනට ඇවිල්ලා…”

“…………………………………………………………..”

“නෙතූ නෙමෙයි බන් මොකෙක්වත් නෑ..හිරුනි ෆෝන් එකට අන්ස්වර් කරන්නෙත් නෑ..අංකල්ගේ ෆෝන් එක වැඩ කරන්නෙත් නෑ..අනේ බන් ප්ලීස් අංකල්ගෙන් අහපන් හිරුනි කොහෙද කියලා…”

“……………………………………………………………………….”

“මොනාද බන් කියවන්නේ..ඒ කියන්නේ ඒ ජෝඩුව නැද්ද දැන් ඔතන…”

“……………………………………………”

“දැන් මං මොකද බන් කරන්නේ..මට කොහොමහරි හිරූව හොයාගන්න ඕනි…”

“…………………………………………………….”

“අනේ මේ උඹ මගෙන් මුකුත් අහගන්නේ නැතුව ෆෝන් එක තියපන්..මං මගේ හිරූව කොහෙන්හරි හොයාගෙන මිසක් එන්නේ නෑ…”

සංකේත් කෝල් එක කට් කරේ තරිදුට හොදටම බැන බැන..”ඌ එහෙම කිව්වට මගේ හිරූව මට දකින්නම ඕනි මේ වෙලාවේ..ඔයා කොහෙද ඉන්නේ රත්තරං ..ඇයි මගේ කෝල්ස් වලට අන්ස්වර් කරන්නේ නැත්තේ..මං කොහෙන්ද ඔයාව හොයාගන්නේ..හෙට අපි දෙන්නාගේ ජීවිතේ ලස්සනම දවස..ඒත් මට මේ දැනෙන දේවල්..අනේ මට බයයි පැටියෝ….මගේ කෙල්ලව ආරක්ෂා කරලා දෙන්න දෙවියනේ….”සංකේත්ට මේ වෙලාවේ දෙවියන්ගෙන් උදවු ඉල්ලනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුනේ නෑ..තවත් ටිකක් වෙලා එතන ඉදලා සංකේත් කාර් එක ළගට ඇවිත් ආයෙත් ගේ දිහා බැලුවේ එන්න එන්නම හිතට දැනෙන මූසල හැගීම යටපත් කරගන්න උත්සහා කරමින්..සංකේත් කාර් එකට නැගලා කාර් එක ස්ටාර්ට් කරේ ඇස් දෙකේ කදුළු පුරවගෙන..යන්න ඕනි කොහාටද මොකද්ද කරන්න ඕනි කියලා කිසිම තේරුමක් සංකේත්ට තිබුනේ නෑ…

මතු සම්බන්ධයි

යාළුවනේ පොඩි ඉල්ලිමක් වගෙම පෙජ් එකේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් කරන ලොකු උදවුවක් කතාව රස විදින ඔයාලා like එකක් දාන්න වගේම කමෙන්ට් කරන්න අමතක කරන්න එපා එක පෙජ් එකෙ ඉදිරි ගමනට ගොඩක් වටිනවා ඉතින් අපි බලාපොරොත්‍තු වෙනවා පෙජ් එකට ආදරේ ඔයාලා අපිට උදවු කරයි කියලා

ස්තුතියි ඇඩ්මින් ආදරෙයි තවමත් 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *