12

සංකේත් හිරුනිගේ ගෙදරින් ආවේ හිතකින් නෙමෙයි..හිරුනිව දකිනකල් සංකේත්ගේ ඇස් දෙකට නිවනක් තිබුනේ නෑ…

“නෙතූ ඉක්මනට යමු..සංකේත් ගියානේ…”
“අපිව කවුරුවත් දකියිද දන්නේ නෑ..”
“ඉන්නකෝ මං අරූට කෝල් කරලා බලන්න….”

සංකෙත් ගිය ගමන් කවීෂ් එයාගේ යාලුවට කෝල් කරා…

“හෙලෝ මචං උඹ කොහෙද ඉන්නේ…ආ හරි හරි ඉක්මනට වරෙන් ගේට් එක ළගට..”
“හරි නෙතු ඌ එනවා..ආ අර ආවේ..යමු ඉක්මනට…”

දෙන්නත් එක්ක ගිහින් ත්‍රිවිල් එකට නැගලා එතනින් පැන ගත්තා..ඒත් නලීන් තාමත් ගේ ඇතුලේ…නලීන් හිටියේ කවීෂ් එක්ක හොදටම තරහින්..”මෙච්චර දෙයක් වෙලත් මූ මගේ කෝල්ස් වලට ආන්ස්වර් කරන්නේ නෑ කියන්නේ මුන් දෙන්නා මාව් මේකට පටලවලා පැන ගත්තා කියන එකනේ..හොදයි බලාගමු..”..නලීන් හිතුවේ ඊළගට මොකද්ද කරන්නේ කියලා..සංකේත් ආපහු යන්න ගියාට හිත කිව්වෙම හිරුනිගේ ගෙදරට ආයෙත් යන්න කියලමයි..ඒ සිතුවිල්ලෙන් මිදෙන්න සංකේතට බැරි උනා.ඒ හින්දම කොල්ලා ආයෙත් හිරූගේ ගෙදරට ආවා…”ඔයා ගේ ඇතුලේ ඉන්නම ඕනි..මට දැනෙනවා..මට මෙහෙන් යන්න හිතෙන්නේ නැත්තේ ඒකනේ ..මං එනවා පැටියෝ..කොහොමහරි ඔයාව හොයාගෙන මිසක් මෙහෙන් යන්නේ නෑ..මගේ කෙල්ලව මං කොහොමහරි හොයාගන්නවා…”සංකේත් කාර් එකෙන් බැස්සේ ලොකු අධිෂ්ඨානයක් හිතේ තියාගෙන..ගේ දිහා ආයෙත් බලලා සංකෙත් ගේ වටේ ගියා එක ජනේලක් හරි ඇරලා තියනවද බලන්න…ඒත් ඒ බලාපොරොත්තුවත් බිදිලා ගියා..හිතේ තියන බය දුකකට පෙරලිලා සංකේත්ගේ ඇස් වලින් කදුළු කැට කඩන් වැටුනා..පිටිපස්සේ දොර ළගට ඇවිත් නිකමට වගේ අගුල කැරකෙව්වේ ඕනිවට එපාවට..මොකද කීයටවත් ඒ දොර ඇරලා තියෙන්න විදිහක් නෑනේ..ඒත් හිතුවෙවත් නැති විදිහට දොර ඇරුනා..නෙතූ හදිස්සියට දොර වැහුවට හරියට ලොක් වෙලා තිබිලා නෑ..කදුළු අතරින් සංකේත්ගේ මූණට හිනාවක් එන්න නම් වැඩි වෙලාවක් ගියේ නෑ…දෙපාරක් හිතන්නේ නැතුව සංකේත් ගේ අස්සට දිව්වා..”දැන් මං මොකද කරන්නේ..මේ කෙල්ලට මුකුත් කරලා මට පවු පුරවගන්නේ මොකටද..කවුරිහරි එන්න කලින් මං මෙහෙන් පැන ගන්න ඕනි…”..හිරුනිගේ අහිංසකකමට නලීන්ගේ හිත වෙනස් උනා..හිරුනිගේ ජීවිතේ අදුරු කරන්න නලීන්ට හිත එකග කරගන්න බැරි උනා..එහෙම වෙන්න ඇත්තේ හිරුනිගේ පෙර වාසනාවකට…මොන දේ උනත් අන්තිම තත්පරේ හරි දෙවියෝ හිරුනි දිහා බලලා තිබුනා..නැත්නම් මේ වෙනකොටත් කෙල්ලට වෙන්න ඕනි හැම දෙයක්ම වෙලා ඉවරයි…නලීන් හිරුනිගේ කාමරෙන් එළියට ආවේ ඒ ගෙදරින් යන්න හිතාගෙන..ඒත් ඒකට අවස්ථාවක් නලීන්ට ලැබුනේ නෑ..

“හිරූ..හිරූ..ඔයා ඉන්නවද..හිරූ..හිරූ කොහෙද ඉන්නේ….”

හිරුනිගේ කාමරෙන් එළියට එනකොටම තමයි නලීන්ට සංකේත්ගේ කටහඩ ඇහුනේ..”මේ කවුද..මේ කෙල්ල බදින්න ඉන්න කොල්ලා වෙන්න ඇති..ඕකා දැන් මේ කාමරේට එයි..මදෑ ඉදලා ඉදලා එළියට බැස්සා.දැන් කොහෙද හැංගෙන්නේ..මාව දැක්කොත් නම් ඉවරයි…..”නලීන් ආයෙත් කාමරේට ගිහින් කාමරේ තිබුන අල්මාරියට මුවා උනා…

“හිරුනී..ඔයා කොහෙද …”

සංකේත් හිරුනිට කතා කර කර උඩ තට්ටුවේ තිබුන හිරුනිගේ කාමරේට ගියා…

“අනේ හිරූ..මගේ මැණික..මොකද මේ වස්තුවේ..කතා කරන්නකෝ..හිරූ..හිරූ..අනේ කතා කරන්න මගේ රත්තරනේ ..ඇයි මේ..ඔයාට නින්ද ගිහින්ද..නැගිටින්නකෝ…හිරූ..”

කාමරේ ඇද උඩ වැටිලා ඉන්න හිරුනිව දැක්කම සංකේත්ට ඉන්න තැන පවා අමතක උනා..ඊළග මොහොතේ සංකේත් හිටියේ හිරුනි ළග..එයා එතනට ගියේ කොහොමද කියලවත් සංකේත් දන්නේ නෑ…ඇද උඩට නැගලා සංකේත් හිරුනිගේ ඔලුව එයාගේ පපුවට තියාගෙන හිරුනිව තුරුල් කරගත්තා…හිරුනිට කතා කරාට එයා ඇස් ඇරියේ නැති නිසා සංකේත් හොදටම බය උනා..

“මගේ මැණික ඇයි අනේ ඔහොම ඉන්නේ..මං දිහා බලන්නකෝ..කෝ..කෝ..මාත් එක්ක කතා කරන්න..මේ බලන්න..ඔයාගේ මහත්තයා ආවා..සංකේත් ආවා එයාගේ පුංචි සුරංගනාවිව බලන්න…ඔයා ඇයි ඔහොම ඉන්නේ..මාත් එක්ක තරහා වෙලාද ආ..අනේ තරහා වෙන්න එපා සුදූ මැණික..හෙට අපි දෙන්නගේ විඩින් එකනේ..මගේ හිරූගේ ජීවිතේ ලස්සනම දවසනේ හෙට..ඉතිං මට ඕනි උනේ ඔයාව හෙට ගොඩක් සතුටින් තියන්න..ඉතිං මට වැඩ ගොඩක් තිබුනා..මේ ඇත්තමයී..ඒකයි මට ඔයත් එක්ක කතා කරන්න බැරි උනේ..හිරූ..ඇස් අරින්නකෝ..ඔහොම ඉන්න එපා..මට පාලුයි..ඇස් අරින්නකෝ වස්තු..ඔයා කැමති නෑ නේද මං අඩනවට..ඉතිං ඇයි මේ මාව අඩවන්නේ..කතා කරන්නකෝ රත්තරං …අනේ මට බය හිතෙනවා…මැණික…ඔහොම ඉන්න එපා ප්ලීස්..”

සංකේත් හිරුනිව තුරුල් කරගෙන අඩ අඩ හිරුනිට කතා කරා…හිරුනිට වෙලා තියෙන්නේ මොකද්ද කියලා හිතන්න තරම් මානසිකත්වයක් සංකේත්ට තිබුනේ නෑ..අඩු තරමේ මේසේ උඩ තිබුන වතුර එක අරගෙන හිරුනිගේ මූණට ඉහින්නවත් සිහියක් සංකේත්ට තිබුනේ නෑ..සංකේත් හිටියේ ඒ තරම් බය වෙලා..

“තවත් ඔයා ඔය විදිහට හිටියොත් මං තරහා වෙනවා ඔයත් එක්ක..ආයේ කතා කරන්නෙ නෑ හිරු..තේරුනාද..ඔයාට ඇහෙනවද..ඇහෙනවද මං කියන දේ..හිරූ..ඔයා කැමතිද මං කතා නොකර ඉන්නවට..අනේ ඇස් දෙක ඇරලා මගේ දිහා බලන්නකෝ..”

සංකේත් එයාගේ දෙතොල් වල සීතල හිරුනිගේ මුළු මූණ පුරාම තැවරුවා..ඒත් හිරුනි ඇහැරුනේ නැති නිසා සංකේත්ගේ කදුළු තවත් අලුත් උනා..මේ වෙලාවේ සංකේත් දිහා බලන් ඉන්න ඕනිම කෙනෙක්ගේ ඇස් වලට කදුළු එන එක කාටවත් නවත්තන්න බෑ..මේ හැම දෙයක්ම බලාගෙන ඉදපු හිරුනිව අනාථ කරන්න ආපු නලීන්ගේ ඇස් වල තිබුන එළියට එන්න දගලන කදුළු බිංදූ ඒකට හොදම සාක්ෂි උනා…”මේ කොල්ලා මේ තරම් කෙල්ලට ආදරේ කරනවද..මගෙ අතින් සිද්ද වෙන්න ගියෙ කොයි තරම් පවුකාර වැඩක්ද…ඒත් මට දැන් මෙතනින් යන්න ඕනි..කොහොමද ඒක කරන්නේ…”සංකේත්ට වටපිටාව ගැන කිසිම අවධානයක් තිබුනේ නැති නිසා සංකේත් නලීන්ව දැක්කේ නෑ..නලීන්ට ඕනි උනේ සංකේත් එයාව දකින්න කලින් එතනින් යන්න..ඒත් ඒකට ක්‍රමයක් තිබුනේ නෑ නලීන්ට..වටපිට බලනකොටයි දැක්කෙර් මේසේ උඩ තිබුන මල් වාස් එක…”කරන්න දෙයක් නෑ කොල්ලෝ උඹ හොද එකෙක් වගේ පේනවා..ඒත් මං බෙරෙන්නත් එපෑ…”..නලීන් මල් වාස් එක අතට අරගෙන හෙමින් සැරේ සංකේත් ළගට ගිහින් වාස් එකෙන් ඔලුවට ගැහුවා..නලීන්ට පිටුපාලා ඉදපු නිස සංකේත් නලීන් එයා ළගට එනවා දැක්කේ නෑ.”ආයි…අම්මේ..”..ඔලුවට වැදුන පාරේ සැර කමට සංකේත් හිරුනිව එක අතකින් තුරුල් කරගෙන අනිත් අතින් ඔලුව බදාගෙන එහෙම්මම ඇදේ ඇල උනා…ලැබුන අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් නලීන් හිරුනිගේ ගෙදරින් එළියට පැන ගත්තා…

“ආව්..මගේ ඔලුව..ඇයි මේ තරම් රිදෙන්නේ…ම්ම්ම්..ඇයි මේ තරම් රස්නේ..මං කොහෙද ඉන්නේ..මොකද මේ මාව හිර වෙලා වගේ දැනෙන්නේ..අම්මෝ ඇස් දෙක ඇරගන්නත් බෑ වගේනේ….”

හිරු හෙමීට හෙමීට ඇස් දෙක ඇරියා…එත් එතකොට දැක්ක දෙයින් හිරුනි හොදටම බය උනා..”මේ කවුද මේ…” මුලින් බය උනත් ඒ ඉන්නෙ සංකේත් කියලා අදුරගන්න නම් හිරුනිට වැඩි වෙලාවක් ගියේ නැ..”ඒත්..ඒත් එයා මොකෝ මෙර් මගේ කාමරේ..ඇයි මෙහෙම ඉන්නේ…”හිරුනිට පුදුම හිතුනා සංකේත් එයාගේ ඇද උඩ එයාව තුරුල් කරගෙන ඉන්නවා දැක්කාම…

“සංකේත්…සංකේත්..මහත්තයෝ මොකද මේ…සංකේත්..ඔයා මොකද මෙතන..සංකේත්…..”

සංකේත්ට කතා කර කර සංකේත්ගේ උරහිසෙන් අල්ලල හෙලෙව්වත් සංකේත් ඇහැරුනේ නෑ..නලින් මල් වාස් එකෙන් ඔලුවට ගැහුව නිසා කොල්ලා හිටියේ සිහිය නැතුව..ඒත් හිරූ මේ කිසි දෙයල් දන්නේ නෑති නිසා කෙල්ල හොදටම බය වෙලා…

“සංකේත්..මගේ අයියේ..ඇයි ඔයා ඇස් අරින්නේ නැත්තේ..මාව බය කරන්නද හදන්නේ..විහිලූ කරන වෙලාවක් නෙමෙයි මේක..නැගිටින්නකෝ…කවුරිහරි ආවොත් කාමරේට..සංකේත් නැගිටින්නකෝ…”

ඒ කතා කරලත් සංකේත් හිටපු විදිහටම ඉන්නවා දක්කම නම් කෙල්ලට තවත් අඩන්නේ නැතුව ඉන්න බැරි උනා…හිරුනිට ඕනි උනේ කෑගහලා අඩන්න..සංකේත්ට පොඩි සීරීමක් උනත් කෙල්ලට ගොඩක් දුක හිතෙනවා..ඉතිං අද මේ විදිහට කතා නොකර ඇද උඩ වැටිලා ඉන්න සංකේත්ව දැක්කම කෙල්ලට මුකුත් හිතාගන්න බැරි උනා..සංකේත්ව තුරුලට අරගෙන කෙල්ල කෑගහලා ඇඩුවේ කවුරිහරි උදවුවට එයි කියලා හිතාගෙන…

“මගේ මහත්තයෝ..ඇයි මේ..අනේ කතා කරන්නකෝ..කවුරිහරි ඇවිත් උදවු කරන්නකෝ..එන්නකෝ..මගේ අයියේ…ඔයා විහිලුවක් නෙමෙයිද මේ කරන්නේ..අනේ ඇයි මේ..කොහොමද ඔයා මෙහේ ආවේ…මාව බලන්න ආවා නම් ඇයි මෙහෙම ඉන්නේ…සංකේත්…සංකේත්..කෝ..මේ..මේ..මං දිහා බලන්නකෝ..කෝ මේ ගෙදර මිනිස්සු…කවුරිහරි එන්නකෝ..මහත්තයෝ නැගිටින්නකෝ…”

හිරුනි කොයි තරම් හයියෙන් කෑගැහුවත් ඒ කටහඩ කාමරෙන් පිටතටවත් යන්නෙ නැති තරම්..හොදටම අඩ අඩ කෑගහපු නිසා හිරුනිගේ කටහඩ ඒ තරම් හයියෙන් පිටට ඇහුනේ නෑ..කෙල්ලගේ කදුළු වැටුනේ සංකේත්ගේ මූණට..ඒ නිසාමද කොහෙද සංකේත්ට සිහිය ආවා..මුලින් මුලින් කිසි දෙයක් තේරුම් ගන්න බැරි උනත් සංකේත්ට සේරම මතක් උනා..සංකේත්ට දැනුනා එයා ඉන්නේ හිරුනිට තුරුල් වෙලා කියලා….සංකේත්ට ඕනි උනෙ හිරුනිගේ මුණ බලාගන්න..කොල්ලා ඉක්මනට නැගිටලා හිරුනිව එයාගේ ළගට ගත්තා..

“හි.රූ….”
“අනේ මහත්තයෝ ඔයා ඇහැරුනාද..අනේ ඇයි මාව බය කරෙ..ඔයාට මොකද උනේ..කොහොමද මෙහේ ආවේ..ඇයි එහෙම කතා නොකර හිටියේ..දන්නවද..මං..මං..කොච්චර බය උනාද කියලා..ඇයි මේ වගේ විහිලූ කරන්නේ ඔයා…”

හිරුනි කොයි තරම් බය වෙලා හිටියද කියනවා නම් සංකේත් හිරුනිව එයාගේ ළගට ගත්තම හිරුනි එයාගේවත් දෙකම සංකේත්ගේ බෙල්ල වටේ දාලා සංකේත්ට තුරුල් වෙලා කියවන්න ගත්තා..සංකේත්ට වචනයක්වත් කියන්න ඉඩක් දෙන්නේ නැතුවම හිරුනි කියවනවා..

“හිරු..හිරූ..මං කියන දේ අහන්නකෝ රත්තරං ..කෝ මේ බලන්න…ඔයාට කරදරයක් නෑ නේද මගේ මැණික..”
“මං මං ඔයත් එක්ක තරහයි..හොදටම තරහයි..එපා මාත් එක්ක කතා කරන්න..මාව බය කරා..”
“අනේ වස්තු මං කියන දේ අහන්නකෝ ඉතිං…”
“නෑ නෑ මට මුකුත් අහන්න ඕනි නෑ..”
“හිරූ මං කියන දේ අහන්න..ඔයා හොදින් ඉන්නවා නේද…ඔයාට මුකුත් කරදරයක් උනේ නෑ නේද…”
“ඔයා මොනවද මේ කියවන්නේ..ඔයානේ ඇස් දෙක අරින්නේ නැතුව බොරුවට නිදාගෙන ඉදලා මාව බය කරේ…”
“හිරූ ඉතිං මං කියන දේ අහලා ඉන්නකො..මං නෙමෙයි ඔයයි මාව බය කරේ…”
“මං..ඇයි මං මොකද්ද කරේ..”
“මං ඔයාට කීසැරයක් කෝල් කරාද..ඇයි ඔයා ෆෝන් එක අන්ස්වර් කරේ නැත්තේ..”
“මං මේ..ඔයා මට කෝල් කරාද..එතකොට කෝ මගේ ෆෝන් එක..”
“හා ඒක ඕනි නෑ..දැන් මට කියන්න ඔයාට මොකද උනේ කියල..”
“ඔයා මොනවද කියන්නේ අනේ..මං මේ හොදට ඉන්නේ..ඒත් මගේ ඔලුව ටිකක් රෙදෙනවා වගේ..ඇයි ඔයා එකම දේ මගෙන් අහන්නේ..”

හිරුනිගේ දුක දැන් කේන්තියකට හැරිලා..ඒ සංකෙත් එයාව බය කරපු නිසා..ඒත් සංකේත්ගෙ ඇස්වල තිබුන කදුළු දාක්කම හිරුනිගේ හිතුවක්කාරකම් නැති උනා..

“අනේ ඔයා ඇයි මෙ අඩන්නේ…මොකද උනේ..අනේ කියන්නකෝ…”
“ඔයා හොදින් ඉන්නවනේ මගේ පැටියෝ..ඒ හොදටම ඇති..”

සංකේත් එහෙම කිව්වේ ආයෙත් හිරුනිව එයාගේ තුරුලට අරන්..මොනවාහරි දෙයක් වෙලා තියනවා කියලා නම් හිරුනිට හොදටම තේරිලා තිබුනේ මේ වෙනකොට..

“සංකේත්…”
“ම්ම්ම්ම්..ඇයි හිරූ..”
“මොකද උනේ..ඇයි ඔයා මේ විදිහට හැසිරෙන්නෙ..”
“මට ඔයා ගැන බය හිතුනා මැණික..”
“ඒ මොකද…”
“දන්නේ නෑ..ඒකයි මං ඔයාව බලන්න ආවේ..ඒත් ඒ එනකොට ගෙදර දොර වහලා තිබුනා..”
“ඒ මොකෝ..නංගි ඉන්නවනේ ගෙදර …”
“ඔයාට පිස්සුද ළමයෝ..ඔයා විතරයි මේ ගෙදර ඉන්නේ..ඔයාව හොයාගත්තෙත් කොච්චර අමාරුවෙන්ද..”
“ඒ මොකද.මට මුකුත් තේරේන්නේ නැ..”

හිරුනි හිටියේ සංකේත්ගේ කතාවේ අග මුල හොයාගන්න බැරුව..හිරුනිට සේරම පැටලිලා කියලා සංකේත්ටත් තේරුනා..ඒ හින්දා සංකේත් වෙච්ච හැම දෙයක්ම හිරුනිට කිව්වා..එතකොට තමයි හිරුනිට මතක් උනේ එයාට මොකද උනේ කියලා..

මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *