12
දිවිය තිබෙන තුරු මගේ
ඔබයි ආදරේ
**දොලොස්වෙනි දිගහැරුම**
සුපුරුදු පරිදි දින ගණනාවක් ගෙවී යන්නට විය…
භානුක තම අදහස දැහැම්ට පැවසීමට කාලයක් ගත්තේ ඇය සිටි මානසික පීඩනය හේතුවෙන්…
ඔහු අනූපමා සමගින්ද කතා කරගෙන භානුකගේ රෝහලේ මිතුරු,මිතුරියන් කීප දෙනෙකුත්,නිවසේ අයත් සහ භානුකගේ දුරින් නෑදෑ වෙන සොහොයුරෙක් සහ ඇගේ බිරිදද සමගින් අනුරාධපුරේ යාමට සැරසුනේ දැහැම් සමගින් තම අදහස ගැන කතා කිරීමට ඉඩක් සාදා ගැනීමට සිතාගෙනයි….
මුලින් අකමැත්ත ප්‍රකාශ කලද පසුව දැහැම් ගමනට සහභාගී වීමට කැමති වූයේ භානුකත් ඔහුගේ නිවසේ අයත් තමා ගැන අහිතක් හිතාව් යන බියෙන්…ඇයට භානුක කල උදව් උපකාර කිසි විටෙකත් අමතක කිරීමට නොහැක…
දැහැම් බොහෝ දුරට පෙර මතකයන් තුලින් ඈත් වී සිටීමට කටයුතු කලේ ඒ සෑම අවස්ථාවකම ඇගේ සිත බොහෝ රිදී යන නිසයි….මුලින් අශේන් නිසාත් පසුව ඇගේම අනුවන කමින් ශශීල් වෙත ලං වී කර ගත් දේ නිසාත් ඇය සිටියේ බොහෝ ව්‍යාකූලත්වයට පත්වීය…
හැකි සෑම අවස්ථාවකම ඇය සාමාන්‍ය අයුරින් හැසිරීමට උනන්දු වූයේ අනූපමාගේ වදන් වලට ඇති බිය නිසාමයි…
*****************************
උදෑසනම සියල්ලෝ වෑන් රියට නැග අසුන් ගත්තේ අනුරාධපුරය බලා පිටත් වීමටයි…..
දැහැම් කලු පැහැති කලිසමකට සුදු පාටට හුරු ඉග දෙපසින් විවර වූ දිගු කමිසයක් හැද බොහෝ චාම් අයුරින් සිටියා…එහෙත් ඇගේ සුන්දරත්වයට ඉන් මදක් හෝ හානියක් නොවී තිබුනේ සැබැවින්ම ඈ රුවැත්තියක් නිසායි….
භානුක වෙතින් අද දිස් වූයේද වෙනස්ම ස්වරූපයක් විය…වෛද්‍යවරයෙකු වූ ඔහු බොහෝ විට ඇදුම් පැලදුම් තෝරා ගත්තේ රැකියාවට ගැලපෙන අන්දමිනුයි…එහෙත් අද දින ඔහු ඩෙනිම් කලිසමකින් සහ සැහැල්ලු ටී.ශර්ට් එකකින් සැරසී සිටියේ ඔහුගේ කඩවසම් බව තවත් ඔප් නංවමින්…මනා උසකින් සහ හැඩ්දැඩ් ශරීරයකින් යුතු වූ භානුක දෙස ඔහුගේ මිතුරියක්වූ ශෙහාරා බලා සිටියේ වශී වෙලයි…ඇය බොහෝ කාලයක සිට භානුකට ආදරය කලත් භානුක ඒ ගැන දැන සිටියේ නෑ….
භානුක රියට නැගි වහාම දැහැම් දෙස නෙත් කොන් බැල්මක් හෙලා අනතුරුව ඔහුගේ මිතුරන් සිටි අසුන වෙත ගියා…
භානුකගේ රෝහලේම සේවය කරන වෛද්‍යවරියක වූ ශෙහාරා රම්‍යා මහත්මිය සමගින්ද බොහෝ සුහදශීලීව කතා බහ කරන්නට වුනා…
භානුක දැහැම් කෙරෙහි කිසියම් විශේෂත්වයක් දක්වන බව ශෙහාරාට වැඩි වේලාවක් යන්නට මත්තෙන්ම තේරී ගියා…
ඇය ඔවුන් දෙදෙනා දෙසම විමසිලිමත් වුනා…භානුක දැහැම් දෙස බලන බැල්මේ පවා වෙනසක් ඇය දුටුවා…
ශෙහාරාට දැහැම් කෙරෙහි සියුම් ඊර්ශ්‍යාවක් නැගෙන්නට වූවා….
භානුකගේ සොහොයුරා සහ ඇගේ බිරිද බොහෝ මිත්‍රශීලී වූවා…ඔවුන් දැහැමිලා සමගින් බොහෝ කුළුපග වීමට වැඩි වේලාවක් නොගියා…
උදේ ආහාරය අතර මගින් ලබාගත් ඔවුන් සෙමෙන් සෙමෙන් සුපුරුදු පරිසරයෙන් ඈත් වෙමින් කර්කශ පරිසරයට සමීප වන්නට විය….මග දිගට පසුවන වැව් අමුණු දෙස දැහැම් කවුලුවෙන් එපිටට දෑස් රදවා බලා සිටින්නට විය…වියලි පළාතක් වුවද නැගෙන සුවදායී සුළං රැලි ඇය ආශාවෙන් විද ගත්තාය…මෙසේ සිත සැහැල්ලුවෙන් ඇය ගමනක් යන්නේ මේ සෑහෙන කාලෙකට පසුව බව දැහැම්ට මතකයට නැගුනා…
ඇය සුසුමක් රහසේම පිට කර දෑස් පියා ගත්තා…
රථය නවතා පිරිස බැස යන්නට වූයේ වැව් දිය පිරී නෑමට සුදුසු ස්ථානයකටය…
අනූපමා දැහැම්ව අවදි කරවා ඇයත් සමගින්ම රියෙන් බැස පිරිසට එක් වුනා…
බෑගය තුලින් චීත්ත රෙදි දෙකක් ගත් අනූපමා එකක් දැහැම් වෙත දිගු කලා…
ඒ අතරේ භානුකගේ මිතුරියන් දිය නෑමට සැරසුනේ කෙටිම කෙටි කොට කලිසම් සහ ස්කිනි වලින්…ඔවුන් දැහැම් සහ අනූපමා වෙත වැඩි සුහද බවක් නොපෙන් වූ නිසාම ඔවුන් දෙදෙනා භානුකගේ සොහොයුරාගේ බිරිද වන ඉශානි සමගින් වෙනම කණ්ඩායමක් ලෙස ගමන් කලා….ඉශානිද හදින්නට වූයේ දිය රෙද්දක්ය…
රම්‍යා මහත්මිය නෑමට වැවට බැසීමට අදිමදි කල නිසා ඇගේ දියණියද අනූපමා සහ දැහැම් සමගින් පැමිණියා….
ඒයි දැහැම් බලපන්කෝ බං අර භානු අයියගේ යාළු කෙල්ලෝ…අපරාදේ බං අපිටත් ඒ වගේ අදින්නයි තිබුනේ…අනූපමා සමච්චලයෙන් පැවසුවා…
අනේ අපිට මොකද අනූ…අපි කවදත් ඇන්දෙ මෙහෙමනේ…අමතක කරන්න එපා අපි ගමේ කෙල්ලො කියලා…අද විතරක් වෙනස් වෙන්න ඕන නෑ නේ…අර තව ඉන්නේ මිනිස්සු දිය රෙදි ඇදගෙන…ඉක්මනින් අපිත් ගිහින් නාගෙන එමු…
දැහැම් අනූපමාට පවසා අනෙක් දෙදෙනාද සමගින් වැවට බසින්නට සැරසුනා…
දැහැම් මුලින්ම ඇගේ දිගු වරලස උනා දැමුවා…ඉගටියටත් වඩා දිගු ඇගේ වරල බොහෝ සුන්දර වූවා..ඇගේ මුහුන වඩාත් පියකරුව දිස් වන්නේ කැරලි ගැසුනු දිගු වරලත් නිසාමයි…
භානුක ඈත සිට කෙටි කලිසමකින් පමණක් සැරසී වැව් තලය දෙසට එන්නට වුනා…
ඔහු ඉද්ද ගැසුවා සේ නතර වී බලා සිටියේ දැහැම් දෙසයි..ඔහුගේ දෑසට හසු වූයේ ජල තලය මත සිටිනා සුන්දර දිය කිදුරියකුගේ රුවයි…..භානුකගේ සිත විසිර යන්නට වූයේ ඔහුටත් හොරායී….
භානූ එන්නකෝ අනේ….මොකද ඔතනට වෙලා කරන්නේ….
ශෙහාරා තරමක් හඩින් කෑ ගසා භානුකට ඔවුන් අසලට හඩගසන්නට විය…
භානුකගේ සිතත් බැල්මත් නතර වී තිබුනේ දැහැම් වෙතයි…ඒ අතරම වැවට බැස සිටි සමහර තරුණයන්ගේ දෑස් දැහැම් දෙසට එල්ලවී තිබෙනු දුටු භානුකට ඉවසුම් නැතිව ගොස් තිබුනා. ..
ශික්….මේ ශෙහාරා වාතයක් වෙන්න ගත්තනේ….ස්ටාර්ෆ් එකේ උන් එක්ක එද්දි ඒකි විතරක් හලන්නත් බෑනේ…අයියෝ…මට කෙල්ලට ළං වෙන්න තියෙන චාන්ස් එකත් නැති වෙනවා….ශෙහාරත් වෙලාවකට හරි ඇනයක්…
භානුක මුහුන පුළුටු කර ගනිමින්ම ඔවුන් අසලට ගියේ අන් කල හැකි දෙයක් නොමැතිවයි….
දැහැම් බලපන්කෝ අර කෙල්ලට තියෙන්නේ මාර අමාරුවක් වගේ…කොයි වේලෙත් භානුක අයියගේ කරේ නගින්න හදනවා…
අනූපමා කල් යල් බලා පැවසුවේ දැහැම්ගේ සිත හදුනා ගැනීමටත් එක්කම….
දැහැම්ටත් නොදැනීම ඇගේ හද රිදී යන්නට වූ අතර ඇය ඒ බවක් අනූපමාට නොපෙන්වීමට වග බලා ගත්ත..
අපිට මොකද බං…එකම ස්ටාර්ෆ් එකේනේ…සමහර විට දෙන්නා අතර සම්බන්ධයක් තියෙනවද කියලා කවුද දන්නේ…
ඇය ඉවත බලාගෙන පැවසුවේ හදවත නොපිලිගන්නා යම්කිසි වේදනාවක් දැනී යද්දී….
වෙන්න ඇති බං…එත් මාර ලොකුවෙන් ඉන්නේ…අපි මොනවා කරාටද…
අනූපමා උදේ වරුවේ සිට ශෙහාරා පිලිබද නොරිස්සුමෙන් පසු වූ නිසාම ඇය දැහැම් සමගින් එය පැවසුවා….
හ්ම්ම්ම්ම්…ඩොක්ටර් කෙනෙක්නේ බං ඒකයි…
****************************
භානුක දැහැම් වෙතට ආවේ දෑස් රතුව ගොස් තිබියදීය…
දැහැම් දැන් වතුරෙ හිටියා ඇති…යන්න අපේ නංගිත් එක්කම ගොඩට…වැඩි වෙලා ඉන්න එපා අසනීප වෙයි….
හා…අයියේ…අපි දැන් මේ යන්න කියලා හැදුවේ….අයියාගේ ඇස් හොදටම රතු වෙලානේ….
ඔව් මගෙ ටිකක් හිස කැක්කුමයි…
මගෙ ලග ඕඩිකොලෝන් එකක් ඇති ඉක්මනට ගොඩට ගිහින් හොදට ඔලුව පිහිද ගන්න අයියේ…මං දෙන්නම් ඒක…
භානුක නිහඩවම එය පිලිගෙන දැහැම්ලා සමගින්ම ගොඩට එන්නට විය…
දැහැම් දිව ගොස් භානුකට බෑගයේ ඇති ඕඩිකොලෝන් බෝතලය රැගෙන එන්නට විය…
භානුක ඇය කරේ දමා හුන් තුවායම රැගෙන හිස පිස දමන්නට වූ අතර දැහැම් ඉන් වහා කලබල විය…
ඔය මොකද කරන්නේ අයියේ….මං පිහපු ටවල් එක….
ඇයි මේකෙන් මං පිස්සොත් පිහෙන්නෙ නැද්ද…..ඔයාට පුළුවන් නම් දරුවෝ මගේ ඔලුවට ඕඩිකොලෝන් ටිකක් දාලා පොඩ්ඩක් මසාජ් කරලා දෙනවද….
භානුක නැවතිල්ලේ පැවසීය…
දැහැම්ට ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්නට නොසිතිනි….
ඇය ඕඩිකොලෝන් බෝතලයේ පියන විවර කරනවාත් සමගම ඔවුන් අසලට පැමිනියේ ශෙහාරා යි…..
##නැවත හමුවෙනතුරාවට##
ආදරෙයි හැමෝටම