13
“හිරූ දැන්වත් කියන්න ඔයාට මොකද උනේ කියලා…”
“ආ..ම්..මේ..මේ සංකේත් මේකයි..ඇත්තටම…”
“කොහොමද කියන්නේ මේ දේවල්වලට නෙතූ සම්බන්ධයි කියලා..මං හිතුවේ වෙනදා වගේ අදත් මගේ තේ එක අම්මා හදලා කියලනේ..ඒක බීව්වට පස්සෙනේ මට මේ නිදිමත ආවේ..නෙතූ ඒකට මොනවද දැම්මේ..ඊටත් ඒ මොකටද..එයාට මොකද්ද කරන්න ඕනි උනේ..මට නම් මුකුත් තේරෙන්නෙ නෑ..”හිරුනි හිටියේ එයාට වෙච්ච දේ සංකේත්ට කියන්න බයේ..කෙල්ල උත්තරයක් හොය හොය වටපිට බලනකොට තමයි දැක්කේ මල් වාස් එක කුඩු වෙලා තියනවා…
“සංකේත් මේ මොකද..මේ වාස් එක බිදුනේ කොහොමද..ඊටත් මෙතන…”
“හිරූ මං ඒ ගැන පස්සේ කියන්නම්..දන් මට කියන්න මොකද උනේ කියලා..හැබැයි මට බොරු විතරක් කියන්න ලෑස්ති වෙන්න එපා..'”
“ඒත් සංකේත් මේ..”
“මට ඔයා ඇත්තම කියන්න ඕනි..මේකේ කොහේහරි නෙතු ඉන්නම ඕනි…ඒකනේ ඔයා ඔය වටපිට බල බල උත්තර හොයන්නේ…”
“න්..නෑ සංකේත් ..ඒත් මේ…”
“හිරූ මගෙන් බැනුම් අහන්න හදන්නේ ඔයා හරිද…”
හිරුනිගෙන් උත්තරයක් නැති වෙනකොට සංකේත්ට කේන්ති ගියා..මොකද මෙතන වෙන්න ගියේ ඒ තරම් හොද දෙයක් නෙමෙයි කියලා සංකේත් දන්නවා..හිතේ තිබුන බය තාම අඩු වෙලා තිබුනේ නෑ..ඉතිං සංකේත්ගේ කටහඩත් ගොරෝසු වෙලා..ඒ විදිහට කවදාවත් සංකේත් හිරුනිට කතා කරලා තිබුනේ නැති නිසා හිරුනිගේ ඇස් වලට කදුළු පිරෙනවා සංකේත් දැක්කා…
“අනේ ඉතිං ඇයි මේ..අඩන්න තරම් දෙයක් කිව්වද මං..ඔයා මට කියන්නකෝ මොකද උනේ කියලා..මට දැන ගන්න ඕනි හිරු..හොද ළමයා වගේ කියන්න..”
“හ්ම්ම්ම්.හැබැයි මට ඔයාගෙන් පොරොන්දුවක් ඕනි…”
“ඒ මොකද්ද..”
“මං දන්නේ නෑ මෙතන මොකද්ද වෙලා තියෙන්නේ කියලා..මං වෙච්ච දේ කියන්නම්..ඒත් ඒ ඔයාට දැන ගන්න ඕනි නිසා විතරයි..හොදද..කාටවත් දඩුවම් කරන්න එහෙම නෙමෙයි..හෙට අපි දෙන්නගේ වෙඩින් එක..අද මේ ගෙදර මොනවා උනත් ඒක මේ වෙලාවේ ඉදන් අමතක කරන්න ඕනි..මොකද මං මේ ගෙදර ඉන්න අන්තිම දවසනේ අද..”
“ඒත් හිරූ…”
“මුකුත් කියන්න එපා..මට පොරොන්දු වෙන්න…”
“හ්ම්ම්ම්..හරි දැන් කියන්න…”
“හ්ම්ම්ම්…”
සංකේත්ගේ පොරොන්දුව නිසාම හිරුනි එයාට උනේ මොකද්ද කියලා සංකේත්ට කිව්වා..”එහෙනම් මේකි මගේ කෙල්ලව විනාශ කරන්නයි හදලා තියෙන්නේ…මං ඕකිව තියන්නේ නෑ..” සංකේත්ගේ ඇස් රතු වෙලා මූණ කේන්තියෙන් පිරිලා යන හැටි දැක්කාම හිරුනිට තවත් බය හිතුනා..
“ඇයි ඔයා ඔහොම බලන්නේ..සංකේත්…”
“ඔයා දන්නවද ඔයාගේ නංගි කරන්න හැදුවේ මොකද්ද කියලා..ඒකි හැදුවේ අපි දෙන්නාව වෙන් කරන්න..මේ මල් වාස් එකෙන් මට ගැහුවේ ඔයාව විනාශ කරන්න ආපු එකා…මං ඕකුන්ව තියන්නේ නෑ..ආයේ මේ වගේ වැඩක් නොකරන්නම හොද පාඩමක් උගන්නවනවා.”
“නෑ නෑ ඔයාට වැරදිලා..මගේ නංගි මට කැමති නෑ තමයි..ඒත් එයා එ වගේ දෙයක් මට කරන්නේ නැ..ඒක මට විශ්වාසයි….”
“ඔයා පිළිගත්තත් නැතත් ඒක තමයි ඇත්ත..”
“නෑ නෑ බොරු..ඔයා මට පොරොන්දු උනා මුකුත් කරන්නේ නෑ කියලා..ඒ හින්දා නංගිට මුකුත් කියන්න එපා..මේ ගැන කාටවත් මුකුත්ම කියන්න එපා..”
“හිරූ මොනවද ඔයා මේ කියවන්නේ..කාටවත් කියන්න එපා කියන්නේ..ඔයාගේ අම්මයි තාත්තයි මේ ගැන දැන ගන්න ඕනි නැද්ද …”
“නෑ නැ කවුරුවත් දැන ගන්න ඕනි නෑ…කාටවත් කියන්න එපා..”
“ඒත් හිරූ..”
“මං කිව්වානේ දැන්..”
“ඔයා අහින්සක වැඩියි හිරූ..ඒකයි මේ විදිහට කතා කරන්නේ ඔයා..ඒත් මේ කරපු කැත වැඩේට නෙතූට දඩුවමක් ලැබෙන්නම ඕනි..මට මේ කිසි දෙයක් අමතක කරන්න බෑ.ඔයාගේ හිත රිද්දන්න බැරි නිසා අද මට මුකුත් කරගන්න බෑ..ඒත් වැඩි දවසක් නොගිහින් මං නෙතූට කියලා දෙන්නම් මේ සංකේත් විජේවර්ධන කියන්නේ කවුද කියලා..”සංකේත් හිරුනිට වෙච්ච පොරොන්දුව නිසා අසරණ උනා..හිරුනිගේ බල කිරීමට එ සේරම අමතක කරන්න සංකේත්ට සිද්ද උනා..කමලා එහෙම ගෙදර එනකල් ඉදලා තමයි සංකේත් හිරුනිගේ ගෙදරින් ගියේ..හවස් වෙනකොට නෙතූ ගෙදර ආවා උනත් හිරුනි කිසි දෙයක් හිතන්නේ නැතුව වෙනදා වගේ හිටියා..රෑ නවයට විතර හිරුනි මිදුලට ඇවිල්ලා ගේ ඉස්සරහ තිබුන සිමෙන්ති පුටුවේ වාඩි වෙලා මුලු ගේ පුරාම එයාගේ ඇස් යැව්වා..”අද තමයි මං මේ ගෙදර ඉන්න අන්තිම දවස..අවුරුදු දහ අටක් මං හිටියේ මේ ගෙදර ..අනිත් ළමයින්ට වගේ මට මගේ අම්මාගේ තාත්තාගේ ආදරේ නොලැබුනාට මගේ එකම නංගිගේ ආදරේ නොලැබුනාට මේ තමයි මගේ පවුල..හෙට ඉදන් මගේ ජීවිතේ වෙනස් වෙයි..ඒත් ඒ සතුටෙදිවත් ඔයාලා මාත් එක්ක ඉන්නවා නම්..”මේ වහල යට ඉන්නකොට සතුටින් ඉදපු එක දවසක්වත් නැති උනාට හිරුනිට මේ පරිසරයෙන් මිදෙන එක හිතට දුකක් උනා..ගෙදර බැදීම් වලින් ඈත් වෙලා යන්න බැරුව කසාද බදින්න කලින් දවසේ ගෑනු ළමයි එයාගේ අම්මාට තුරුල් වෙලා අඩනවා..එත් හිරුනි අඩනකොට නම් කමලා එයාගේ ළගට ආවෙ නෑ…ඒ තමයි හිරුනිගේ ලැබීම..රෑ වෙනකල් කල්පනා කර කර ඉදලා හිරුනි ගිහින් නිදාගත්තේ හෙට උදේම ඇහැරෙන්න තියන නිසා..
——————————————-
පහු වෙනිදා උදේ හිරුනි ලස්සන උඩරට මනාලියක් විදිහට හැඩගැන්වුනා…චාරිත්‍රානුකූලව හිරුනිට මංගල තැල්ල පැලැන්දුවේ කමලා..ඒ වෙලාවේ හිරුනි කමලා දිහා බලාගෙන හිටියෙ ආදරේ උතුරන ඇස් දෙකෙන්..කමලා උනත් හිරුනි දිහා බලන් හිටියේ මහා ලෝබකමකින්..කමලා හිතින් සතුටු උනා…හිරුනිගේ ජීවිතේ ලස්සනම දවස ගැන..හිරුනි ගැන මහා ලොකු ආදරයක් මේ දවස් දෙක තුනට කමලාගේ හිතේ ඇති වෙලා තිබුනත් ඒ හැගීම් පිටට පෙන්නනේ නැතුව ඉන්නයි කමලා උත්සහා කරේ..ඒත් එයාගෙ ඉස්සරහා ලස්සන මනමාලියෙක් වෙලා ඉන්න එයාගේ ලොකු දුව දැක්කම කමලාගේ ඇස්වලට කදුළු පිරුනා..අම්මගේ ඇස්වල තියෙන්නේ සතුටු කදුළුද දුක් කදුළුද කියන්න දන්නේ නැති උනත් ඒ ආදරණීය බැල්මට හිරුනි වශී වෙලා වගේ හිටියේ..මොකද ඒ වගේ ආදරයක් හිරුනිට එයාගේ අම්මාගෙන් කවදාවත් දැනිලා නැති නිසා..හිරුනිගේ ඇස්වල තියන අහිංසක ආදරය ඉස්සරහා තවත් කදුළු හංගගෙන ඉන්න කමලාට බැරි උන නිසා කමලා එතනින් අයින් උනා..කමලා එතනින් ගියාට පස්සේ තමයි හිරුනි කණ්ණාඩෙයෙන් පේන එයාගේ රූපේ දිහා බැලුවේ..කෙල්ලට විශ්වාස කරන්නත් බෑ මේ ඉන්නේ එයාමද කියලා..ඒ තරම් කෙල්ල ලස්සනයි..ඔසරිය අන්දලා මාල හත දාලා චාම් මේකප් එකකුත් දාලා ගොඩක් ලස්සනට හිරුනිව හැඩගන්වලා තිබුනා…
“හිරුනි දූ..”
කණ්ණාඩියෙන් පේන තමන්ගේ රුපේ දිහා බලාගෙන තනියම හිනා වෙවී ඉදපු හිරුනි ඔඉයවි සිහියට ආවේ කමලාගේ කටහඩ ඇහුන නිසා..
“ඇයි අම්මේ…”
“මේක ඔයා තියාගන්න..”
“මේ මොකද්ද අම්මේ..”
“මේ තමයි ඔයා ඉපදුනු දවසේ ඔයාගේ තාත්තා ඔයාට අරන් දුන්න මාලේ…”
“මගේ තත්තා…”
“ඔව් දූ..ඔයා ඕක තියාගන්න..අද මේ යන ගමනට එයාගේ ආශිර්වාදේ මගේ දූට ලැබෙයි…”
“මගේ තාත්තා කෝ අම්මේ..”
කවදාවත් හිරුනි තමන්ගේ දුව කියල පිළිගත්තේ නැති කමලා අද ජීවිතේ පළවෙනි පාරට ඒ අයිතිය හිරුනිට දුන්නා..ඒ වගේම හිරුනිගේ තාත්තාගේ ආශිර්වාදේත් හිරුනිට දුන්නා..එත් හිරුනි අන්තිමට අහපු ප්‍රශ්නෙට උත්තරයක් නම් කමලගෙන් ලැබුනේ නෑ..මලානික හිනාවකින් හිරුනි දිහා ටිකක් වෙලා බලන් ඉදලා කමලා යන්න ගියා..”තාත්තේ..ඔයා කොහෙද ඉන්නේ..ඇයි මං ළගට එන්නේ නැත්තේ….මං අද මනමාලියක් වෙලා ඉන්නවා දකින්න ඔයා මගේ ළග හිටිය නම්…”කමලා දීපු රත්තරං මාලේ අතේ තියාගෙන ඉන්නකොට හිරුනිට තව තවත් එයාගේ තාත්තා එයා ළග නැති අඩුව දැනෙන්න ගත්තා..තාත්තාගේ සිහිවටනයක් හරි හිරුනිට ලැබුන නිසා හිරුනිට සතුටක් නොදැනුනාමත් නෙමෙයි..කොහොමහරි නැකැත් වෙලාව එනකොට නම් කෙල්ල ටිකක් විතර බය වෙලා හිටියේ..කමලාගේ අතේ එල්ලිලා කෙල්ල පෝරුව ළගට එනකොට හැමෝගෙම ඇස් තියෙන්නේ එයාගේ ළග කියලා හිරුනිට තේරුනා..පෝරුව එහා පැත්තට වෙලා සංකේත් හිරුනි දිහා බලන් හිටියේ හිරුනි ගැන හිතේ තියන ආදරේ පිරිලා ඉතිරිලා යද්දි…
“මේ සංකේත් අයියේ ඇයි බන් ඔය විදිහට හිරුනි දිහා බලන්නේ..උඹ අපේ හිරුනිව නෙමෙයිද කරකාරෙට ගන්න හිටියේ..”
“උඹට පිස්සුද චාමික..ඇයි එහෙම කිව්වේ උඹ ආ..”
“නෑ ඉතිං උඹ හිරු දිහා බලන් ඉන්නේ කවදාවත් දැකලා නැති කෙනෙක් දිහා බලන් ඉන්න්වා වගේනේ..ඔය බලපන්..උඹගේ කටත් ඇරිලා..ඇස් දෙකත් ලොකු වෙලා..”
“මේ චාමික..උඹ අද වගේ වැදගත් දවසකවත් මගේ යකා අවුස්සන්නේ නැතුව ඉන්නවද..”
“හරි හරි මස්සිනේ උඹ විතරක් නෙමෙයි මෙතන ඉන්න හැමෝම හිරුනි දිහා බලන් ඉන්නේ ඔය විදිහට තමයි.ඒ තරම් කෙල්ල ලස්සනයි අද…”
හෙමින් හෙමින් අඩිය තියලා පෝරුවට නගිනකොට හිරුනිගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලුනා..මේ තමයි හිරුනිගේ ජීවිතේ අලුත් අයිතිය..අද ඉදන් හිරුනිගේ අයිතිය තියෙන්නේ සංකේත්ට..එකින් එක චාරිත්‍ර ඉෂ්ට කරලා මුදු මාරුකරලා හිරුනි සංකේත් එක්ක පෝරුවෙන් බැස්සේ සංකේත්ගේ පතිනිය විදිහට..ආත්ම ගානක් එකට ඉන්න පොරොන්දු වෙලා..පෝරුව උඩ ඉන්නකොට හිරුනි සංකේත් දිහාවත් බැලුවේ නැති තරම්..කෙල්ල පුලුවන් තරම් ඔලුව බිමට හරවගෙන හිටියේ..කෙල්ලට හිතාගන්න බෑ අදින් පස්සේ ජීවිතේ සිද්ද වෙන වෙනස ගැන..කොහොම හිතන්නද..ඒ තරම් හිතේ හයියක් හිරුනිට නෑ…චාරිත්‍ර ඉවර කරලා නීති පොතේ අත්සන් කරලා හිරුනි නීතියෙනුත් සංකේත්ගෙ බිරිද උනා..සංකේත්ගේයි හිරුනිගෙයි ආදරේ නීති පොතට සීමා වෙන දෙයක් නම් නෙමෙයි..ඒ පොතේ අත්සන් නොකලත් සංකේත්ගේ ආදරේ වෙන්ස් වෙන්නේ නෑ කියලා හිරුනි දන්නවා..දැන් ඉදන් හිරුනිගේ නමට අලුත් නමක් එකතු වෙනවා..හිරුනි සෞභාග්‍යා අද ඉදන් හිරුනි සෞභාග්‍යා විජේවර්ධන විදිහට වෙනස් වෙනවා..මුලු දවසම හිරුනි හිටියේ ඒ සතුට හිතේ පුරවගෙන..
“හිරූ දැන්වත් ඔලුව උස්සලා බලන්නකෝ අනේ..අපි පිටත් වෙන්නත් ළගයි…”
“හ්ම්ම්ම්..”
“ඔයා දුකින් නේද ඉන්නේ..”
“හ්ම්ම්…”
සංකේත් එයාලාගේ මධුසමය ගත කරන්න තොරගෙන තිබුනේ නුවර එළිය..ඉතිං තව ටිකකින් දෙන්නා පිටත් වෙනවා..ගෙදර හැමෝගෙන්ම වෙන් වෙලා යන්න වෙන වෙලාව එන්න එන්නම් ළං වෙනකොට හිරුනිගේ හිතේ තියන සතුටට හෙමින් හෙමින් දුකකුත් එකතු උනා..පිටත් වෙන්න ලෑස්ති වෙලා හිරුනි කමලාව බදාගෙන හොදටම ඇඩුවා..කමලාත් ඒ වගේම ඇඩුවා..තමන්ගේම තාත්තා කියලා හිතාගෙන ජයවර්ධනට දණ ගහලා වැන්දා..නෙතූ කොයි තරම් හතුරුකම් කලත් පුංචි කාලේ එකට දෙන්නත් එක්ක සෙල්ලම් කරපු හැටි මතක් වෙලා හිරුනිගේ ඇස්වලට කදුළු ආවා..හිරුනි යන්න පිටත් වෙලා ආයෙත් හැරිලා එයාගේ පවුල දිහා බැලුවා ගොඩක් ආදරෙන්….සංකේත් හිරුනිගේ අතින් අල්ලගෙන කාර් එකට නැග්ගා..අම්මා තාත්තා නංගි..හිරුනිගේ හොදම යාලුවා චාමික..ඒ හැමෝගෙන්ම ඈත් වෙලා ඈතට යන කාර් එකේ ඉදන් එයාලා නොපෙනී යනකල්ම හිරුනි ඒ දිහා බලන් හිටියා..සංකේත් තාමත් හිරුනිගේ අතින් අල්ලගෙන්..”මං ආයේ කවදාවත් මේ අත අතාරින්නේ නැ..අද ඉදන් ඔයා තමයි මගේ ජීවිතේ..මගේ හුස්ම..මගේ හැම දේම..ඔයාව හැමදාම සතුටින් තියනවා මං..ඒක මගේ පොරොන්දුවක් ..මගේ චූටි සුරංගනාවිට දෙන කවමදාවත් බිදිලා යන්නේ නැති පොරොන්දුවක්..”සංකේත් හිරුනි දිහා බලාගෙන එයාටම පොරොන්දුවක් උනා හිරුනිව සතුටින් තියනවා කියලා..”අද ඉදන් ඔයා තමයි මගේ ජීවිතේ..මට මේ දෙන ආදරේට ආත්ම ගානක් උනත් මං ණය ගෙවනවා ඔයාට..ඒ තරම් මං මගේ මහත්තයට ආදරෙයි.අද ඉදන් මං ජීවත් වෙන්නේ ඔයා වෙනුවෙන්..” ඒ තමයි හිරුනිගේ ප්‍රාර්ථනාව..හිරුනි සංකේත් දිහා බලන් ඉදල වචනයක්වත් කතා නොකර සංකේත්ගේ උරහිසට ඔලුව තියාගත්තා..දෙන්නම හිටියේ ඒ දෙන්නගේ ලෝකේ ගොලු වෙලා..කතා කරන්න දහසක් දේවල් තිබුනත් ඇස්වලින් කතා කරා මිසක් ඒවා වචන වලට පෙරලුනේ නෑ..
මතු සම්බන්ධයි