14වන දිගහැරුම

චිනූ ටවල් එකත් අරන් බාත්රූම් එකට ගියත් ආයි හැරුන තැපෑලෙන් ඇවිත් තෙත් වෙලා තිබ්බ ස්විම් කිට් එකත් ආයෙම අරගෙන ගියා….සෝනු බලන් හිටියේ මේයා මොනවද කරන්න හදන්නේ කියලයි….

චිනූ බාත්රූම් එකෙන් එලියට ආවේ ආයේමත් ස්විම් කිට් එක ඇදගෙනමයි…..කොල්ලා කට ඇරන් බලාන් හිටියේ මේකිට පිස්සුද කියලා හිතලයි…

“කොහෙද හලෝ ඔය ආයේ යන්නේ…..”

“ඔයාට මොකද?යනවා මේකත් ඇදන් පොලේ මම….ඔයත් ස්විම් කිට් ඇදන් කරන්නෙ කඩේ යන එකනේ නේද?”

කෙල්ල කීවේ ටිකක තරහිනුත් වගේ….කෙල්ලව සිපගත්ත එකට ඈ උන්නේ තරහින් ..සෝනුගේ කේන්තිය අඩුහින්දම ඔන්න දැන් චෙනායා ටිකක් දරුණු වෙලා….😂😂😂

“පුහ් මේකිගේ ගනන් යකෝ….”

“ආ ඔයා මගෙ ගනන් මිමි බලන්න එප…..”

එහෙම කියාගෙනම චිනු පහළට බැහැලා ගියා….යද්දී සෙව්මිනී චේන්ජ් කරගෙන හිටියේ සෝෆාවට වෙලා කල්පනාවක….කෙල්ලට අප්සට් මේ වෙන දේට….ඒ නිසාම ටිකක් සෙව්මිනී ළග නැවතුනා….

“අනේ අක්කී සොරී…..මං ඔයාව එක්කන් ඇවිත්”

“ඕ…ඩෝට් වොරී නංගි….සර් මට කැම්තිවෙයි හිමීට….උන දේවල් මට ඇහුනා….තරහින්නෙ එය….මට පුළුවන් ඉවසගන්න…..ඔයා රූම් එකේ ඉන්න ඒකට කමක් නෑ…”

සෙව්මිනි කියද්දී චිනූට දැනුනේ සතුටක් …තමා ගැන සෙව්මිනී අහිතක් නොසිතීම ගැන….

“සෝ කියුට් අක්කි මගෙ….උම්මා….”

කෙල්ල කීවෙ සෙව්මිනී ගේ කම්මුලකුත් සිපගෙන…..

“කොහෙද නංගා මේ අයේ නාන්නද?”

“හ්ම්…ඔව්…මං වතුරට ආසයි අනේ…”

බෙල්ල ඇලකරලා සෙව්මිනීට කියපු චිනූ එලියට දුවලා ගිහින් විලා එකේ තිබ්බ ෆූල් එකට ආයෙත් පැන්නා….කොල්ලා උඩ ඉදන් මේක බලා හිටියේ….

“පිස්සු කෝච්චිය…”

තමාටම මුමුනාගත්ත සෝනුත් ශෝට් කලිසම පමණක් ඇදගෙන පහලට බැස්සේ නාන්න හිතන් ආයෙත් චිනූ එක්ක…..සෙව්මිනී මේක දැක්ක….හිතට දැනුනේ අමුත්තක්… …..චිනූ පස්සෙන්ම සෙනේශුත් යන එක ගැන…දෙන්න හැම වෙලේම රණ්ඩු කළාට ඉන්න හදන්නේ එකටමයි කියලා හිතුනා සෙව්මිනීට….

“ආ සෙව්මිනී …. දැන් බෝයි කෙනෙක් එයි…..අපටත් එක්ක කෑම ඕඩර් කරන්න….හොද මොනා හරි බලලා…ඕකේ….”

සෙනේශ් නම් සෙව්මිනීට කතා කළේ ඔෆිස් එකේ කතා කරන විදියටමයි….

“හරි සර්….”

ඒකට මුකුත් නොකියම කොල්ල ෆූල් එක පැත්තට ගියා….සෝනු එනව දැක්ක කෙල්ලට ආයේම සිපගැනීම මතක් උනා ….මුළු හිතටම මොනාදෝ වෙනවා වගේ දැනුනා….
අඩි 6කටය්න් වඩා උනා මනාව වර්ධනය කරගත් සිරුර ගානට කපා තිබූ ඝණ රැවුල සහ කොණ්ඩය කඩවසම් පෙනුම ප්‍රතම වතාවට චිනූව කොහේදො අතරමං කළා……

“මේ දිගංචියා මාර හැන්ඩ්සම්නේ අප්පා….
චී මම මොනවද මේ හිතන්නේ……අර හිවල් මොටා දාගෙන එන්නේ මනමාල හිනාවක්….මීටර්වත්ද මම බලන් හිටි එක…..හයියූ මව මෙකේ ගිලිලා මැරුනානම් මීට හොදයි අෆ්ෆා…..”

කෙල්ල ඉකමනි ඇස් අහකට ගෙන හිතින් තමාටම බැන ගත්තා….ඒත් අහක බලා ගත්තට වැඩක් නෑ මේක සෝනු දැක්කා….

“ඒයි බටු ඇටේ… හිතුවේ මාව අනුභව කරන්නද?හයියෝ මට ලැජ්ජ හිතුනා ඕයි ඔය බැල්මට…මන් පොඩි ඈ….මාව රේප් කරන්න එපා හොදේ….ඔය තඩි ඇස් ගෙඩි දෙක එලියට පනින්න ළං වෙලා හලෝ තිබුනේ….මේ ම්ං දුවලා ගිහින් ශර්ට් එකක දාන් එන්නද?”

සෝනුත් ෆූල් එකට පැනලා කේල්ල එහාට යන්න යන්න කෙල්ල ළගටම එමින් කීවෙ චිනූව හොදටම විහිළුවට අරගෙන…හිනා වෙවී….😂😂😂

“අපෝ මේ බූරුවා…අර්ර්ර්ර්ර්…..😠😠😠😠

“බූරුවා….ඇයි සුදු මැනික එහෙම කියන්නේ…..”

සෝනු එහෙම අහගෙන ළං වෙද්දී කෙල්ල ගහපු පාරවල් මග ඇරගන්නත් සෝනුට උනා….ඒත් කොහොම හරි කේල්ලගේ අත් දෙකෙන් අල්ලගෙන සෝනු තම පිටට ඈව හේත්තු කරගත්තා….චිනූගෙ දැගලිල්ල එහෙම්ම නැති උනා….

ඉන ළගට පමණ පිටිපසින් කර කපා ඇති චිනුගේ ස්විම් කිට් එක නිසා පිටෙන් බාගයක්ම කෙල්ලගෙ නිරාවරණය වෙලයි තිනබ්බේ….ඒ නිසාම උඩු කය නිරුවත්ව උන්නු සෝනුගේ පපුව ඇගේ සිරුරේ පිටේ ගැටුණා…වතුර තුළදී උනත් දෙදෙනාගේ උනුසුම දෙදෙනාටම දැනුනා….
කෙල්ල ගල්වෙලා වගේ එහෙම්මම උන්නේ හිත ට කුමක්දෝ උන නිසයි….දගකාරියක් උනත් මේ දේවලටන්ම් කෙල්ල වගේම කොල්ලත් කෝඩුකාරයින්….

කෙල්ලව තවත් තමාට ළං කරගත්ත සෝනු ඒ ගෙල මුලට පහත් උනේ හිතාමතානම් නෙවෙයි….ඒ උනුසුම් දෙතොල් ගෙල මුල දැවටෙද්දී කෙල්ලගේ දෑස පියවී ගියා….කොල්ලටත් ඇත්තටම නිනවුවක් තිබුනේ නෑ….
කෙල්ලගෙ දගකාර හුරතල් හැසිරීම ආදරයක් කියාද නොදන්න අමුතු හැගීමක් සෝනුගෙ හිතේ ඇතිකරලා තිබුනා….

කෙල්ලගෙ ගෙල තම දෙතොලින් හිමින් සිපගත්ත කොල්ලා කෙල්ලව තමා දෙසට හරවගත්තා…කෙල්ල උන්නේ දෑසම පියාගෙන….වෙනදට කියවන රණ්ඩුකරන කෙල්ල හාවක් හූවක් නතුවයි උන්නේ….

තමාගේ ළගම තිබූ ඒ මුහුණ දෝතින්ම ගත් සෝනු ඒ දෙතොල් පෙති නැවතවාරයක් තමාට නතු කරගත්තා…එවර නම් ඉතාම මෘදුව ඒ දෙතොල් බොහෝ වේලාවක් සෝනු තමා සතු කර ගත්තා….අවසන ඒ නලල මත තම නලල තබාගත් සෝනු කෙල්ලගේ මුහුණ දිහා බලා උන්නා….
එතකොටයි කෙල්ලට පියවි සිහිය ආවේ…ලැජ්ජවෙන් රති උනා ඒ රෝස පාට කම්මුල්….ඔහුගෙන් මිදිලා යන්නයි හැදුවේ……ඒත් ඉඩක් ලැබුනේ නෑ ඊට….

“ඉන්න…..”

“අයි…යෙ…ම…ම්.ට යන්න…දෙන්…න…..”

කෙල්ල කීවේ ගොත ගගහා….

“දෙන්න්ම්…කියන්න තරහද?…මං දන්නේ නෑ චිනූ මට මොනා උනාද කියලා…..”

“නෑ තරහා නෑ….”

එපමණක් කියලා කොල්ලගෙන් මිදුනු චිනූ වතුර බේරෙමින්ම දුවලා ගියා…..සෝනු ඒ දිහා බලා හිටියේ හිතට ආව හැගීම් තේරුම් බේරුම් කරගන්න බැරුවයි….

ඒ වගේම මේ හැම දෙයක්ම ඇතුලේ ඉදන් සෙව්මිනී ත් බලාගෙනයි හිටියේ……..

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

මතු සම්බන්ධයි….

🌼කෝ බලන්න කට්ටියගේ මූණු ටික……..අම්මේ පෙම් පාට….ඔන්න ඉටිම් ටිකාක් රොමෑන්ටික් කළා..ඩැන් සතුටුද?????🌼

Leave a Reply

Your email address will not be published. Required fields are marked *