14. වන කොටස.
මියෙදෙන තුරා..
*මොකක්ම හරි හේතුවක් අැති ශාලින්ද මල්ලී ඒ ළමයා නැත්තම් ඔය තරමටම මට කැමතී වෙන්නේ නෑනේ*
* නිලූ මේ පොන් ඒකේ සුමේධ අයියලගේ පොටෝ වගයක් අැති. පොඩ්ඩක් අරන් පෙන්නන්න.*
ශාලින්ද මල්ලී වාහනය පදවන ගමන්ම පොන් ඒක අැදලා පුංචි නංගිගේ අතට දුන්නා. නංගි පොන් ඒක අරගෙන චායාරූප හොයන්න ගත්තා.මම ඉස්සරහා අසුනට ඒබුනේ බලන්න තිබුන හදිස්සිය නිසාමයි. මුලින්ම සුමේද අයියලගේ මංගල චායා රෑපයක් විවෘත වුනා.
*අක්කේ මේ ඔයාමයිනේ.*
*ඒකනේ මම කිව්වේ*
ශාලින්ද මල්ලිත් පුංචි නංගිගේ වචනය ස්තීර කලා. අපි තවත් චායා රූප රැසක් බැලුවා සැබැවින්ම අැය මම වගේ. මට වඩා තරමක් මහත පෙනුමක් තිබුනත් මුහුනු දෙක ඒක වර දුටුව හොත් හදුනා ගන්නටම බැරි තරම්. මට දැස් අදහා ගන්නට බැරි වුනා.
*පව් පුංචි කෙල්ල මට අම්මි කිව්වේ මේකයි ඒහෙනම්.*
මම අායෙත් ෂයිනී දූව මතක් වෙන්න ගත්තා.
*ශාලින්ද මල්ලී*
*අැයි අක්කේ.*
*සුමේධ අයියාගේ වයිෆ් මොනවා වෙලාද නැති වුනේ.*
*පිලිකාවක්ලු ලොකු අක්කී කාලයක් තිස්සේ බෙහෙත් කරලා. දරුවෝ දෙන්නා අතර ලොකු වයස් පරතරයක් තියෙන්නේ ඒකයි. චූටී දු හම්බෙද්දී හුගක් අමාරැ වුනාලු. දරුවෝ හදන්න ඒපා කියද්දි තමා . ජීවතය ගැනවත් නොහිතා චූටි දූව හදාන තියෙන්නේ . ඒයා අන්තිමට හැමෝම දාලා ගියා.*
*අනේ පව් ශාලින්ද අයියේ.*
පුංචි නංගි දුක් වෙද්දී ,ළගදිම මමත් මේ හැමොටම සමු දෙයිනේ කියලා මට මතක් වුනා. කාර් ඒක ඉදිරිපස කොරිඩේවෙහි නතරවුනා. අපි කාර් ඒකෙන් බහින කොට අම්මයි, අප්පච්චී දෙන්නම දොර ළග බලාන ඉන්නවා.
*මම මේ බැලුවේ කට්ටිය මොකද පරක්කු කියලා. ශාලින්ද පුතා ඒන්න ගෙට*
අප්පච්චී සාලින්ද අයියට අාරාධනා කලා. ශාලින්ද මල්ලිත් ගේ අැතුලට ගිහින් අාලින්දයේ වූ සෙටියේ වාඩි වුනා.
*වීරසිංහ අංකල් මාර වැඩක්නේ වුනේ.*
* ඒ මොකද්ද ශාලින්ද පුතා.*
මල්ලී සුමේධ අයියලා අමුවුන සිදු වීම කියන්න ගත්තා. ටිකක් වෙලා ඔවුන් අතරට වී සිටි මම ඉහළ මහළ වෙත ගියා. අැද මත හාන්සි වු මා සිදුවීම් මාලාව ඒකින් ඒක සිහිපත් කලා. අායේ කවදාක චූටී දු දකින්නට ලැබේදැයි සිතමින් සුසුමි ලෑවා.
*ලොකු බේබී අැයි මේ.*
*අනේ කිසිම අවුලක් නෑ ලීලම්මේ මහන්සී.*
*නිදන් ඉදලා හරි යන්නේ නෑ නේ. මූණ අත පය හොදන් අැදුමක් මාරු කර ගන්න ළමයෝ.*
*හරි හරි ලීලම්මේ. ඒක නෙමේ අද මාර වැඩක් වුනානේ.*
*ඒ පාර මොකද්ද ලොකු බේබී*
මම සිදු වූ සියල්ල ලීලම්මා සමග කියා සිටියා. මම කතාව කියා ඉවර වන තුරාම ලීලම්මා වචනයකුදු කතා නොකර නිසොල්මන්ව හිටියා. මම කතාව අවසන් කරන කොට ලීලම්මගේ දෑසේ කදුලු වැටෙන්නට ඔන්න මෙන්න වෙලා තිබුනා. අැය අැද සිටි හැට්ටයේ කොනකින් කදුලු පිස දැමුවා.
*අැයි ලීලම්මේ අඩන්නේ.*
*නෑ නෑ.. මොකුත් නෑ පොඩි වුන් දෙන්නා ගැන දුක හිතුනා.*
*අනේ ඉතිං අඩන්න ඒපා. ඒයාලා හොදින් ඉන්නේ සුමේධ අයියත් පන වගේ අාදරෙයිනේ.*
*සුමේධ ළමයගේ අම්මා කොහොම දරුවෝ දෙන්නා බලා ගන්නවද දන්නේ නෑ.*
*ලීලම්මා සුමේධ අයියව දන්නවද?*
*නෑ නෑ.. මේ .. දන්නවා.*
*ඒ කොහොමද?*
*අර වික්‍රමසංහ මහත්තයගේ දූ බැදලා ඉන්න ළමයනේ.*
*අනේ මම නම් කාගේ කවුද දන්නේ නෑ ලීලම්මේ.*
මම නොදන්නවා වුනාට හැමෝම සුමේධ අයියාලා ගැන දන්නවා වගේ. ඒ ගැන වැඩිය කතා කරන්න අකමැති වුන ලීලම්මා කෑම කන්න ශාලින්ද මල්ලිත් ඉන්නවා, පහළට ඒන්න කියලා කාමරෙන් යන්න ගියා. මම ඉක්මනින් මූන අතපය සොදාගෙන , කෑම ගන්න පහළට ගියා. කට්ටිය කළින්ම කෑම මේසයට ඉදගෙන හිටියා.
*ඒ කියන්නේ වීරසිංහ අංකල්ලා පරන යාලුවෝ.*
*ඔව් ඔව් ශාලින්ද පුතේ වික්රමසිංහලයි අපී ඉස්සර බොහොම ළගින් අාශ්‍රය කලා. ඒත් ඒයාලා රට ගියායින් පස්සේ අපෙන් අෑත් වුනා.*
*ලොකු අක්කී අපි මේ ඔයා ඒනකන් මයි හිටියේ කෑම කන්න ඒන්න. ඒන්න.*
ශාලින්ද මල්ලීලා සුමේධ අයියලා ගැන කතා වෙන බව මට වැටහුනේ ලීලම්මා කිව්ව වුක්රමසිංහ නම නිසා. මම ඔවුන් අතරට ගිහින් පුටුවක් අැදගෙන වාඩී වුනා. ඒදා කෑම වෙල ඉවර වෙනකන්ම කට්ටිය කතා වුනේ චූටි දූ ගැන. මට අායෙමත් අැය දැකීමට තිබූ අාසාව තවක් ඉස්මතු වුනා. කොහොම වුනත් මිය ගිය චූටි දූගේ අම්මාගේ පවුල ගැන අප්පච්චී ,අම්මයි හොදට දන්න බව මට කතාවෙන්ම තේරුනා.
රාත්‍රී අාහාරයෙන් පස්සේ ශාලින්ද මල්ලී අපෙන් සමු අරන් ගෙදර යන්න පිටත් වුනා. රෑ වුන නිසා ලොකු මල්ලි ඉන්නම කියලා අැවිටිලි කළත්. මනමාලිගේ ගෙදර නවතින ඒක හොද පුරුද්දක් නෙමේ කියලා විහිළු කරලා ශාලින්ද මල්ලී යන්න ගියා. කලින්ම නිදා ගන්නවා කියලා මම කාමරයට වැදිලා නිදා ගන්න උත්සහ කලත් නින්ද අහලකටවත් අාවේ නෑ. මම අැදේ ඒ මේ අත පෙරළමින් කාලය ගෙවා දැමුවා. චූටි දූ මගේ හිතම අාවරනය කරගෙන තිබුනා. මරණය ගැන වු බය හෝ දුක මට මතකයටවත් නැගුනේ නෑ.
මට හදිස්සියෙම සිහිපත් වුනා මට පුස්තකාලයෙදී හමු වු පොත ගැන. අැද අසලම වූ කුඩා මේසය උඩ තිබූ පොත අතට ගත් මම පිටුව පෙරලා ගත්තා. ඒහි තිබුනේ මේ පොතෙහි මුල් කොටස වූ සිටු විමන පිලිබද මතක අාවර්ජනයක්. මට නම් මතක් කරන්නට දෙයක් තිබුනේ නැහැ ,කතාව ගැන වූ අාසාව නිසාම සිටු විමන පොත මම කීපවරක්ම කියවා කටපාඩමින් කීමේ හැකියාක් තිබු නිසා. ඒ පොතේ තිබුනේ මම වගේම ධනවත් පවුලක උපන් තරුනයෙක් තමන් ධනවත් වීම පිලිබද කනගාටු වීම පිලිබද කතාවක්. ඔහුගේ පියා කුමන අාකාරයෙන් හෝ මුදල් ඉපයීමටම කැප වී සිටි නිසා දරුවන් පිලිබද කිසිම තැකීමක් සිදු නොකරන බවත්, කුඩා අවදියේදී මවද අහිමි වූ ඔහු අායා කෙනෙක් ළග අැති දැඩි වූ අාකාරයයි. සියලු දේ ඒපා වූ ඔහු ඉගනීම් කටයුතු හමාර වූ පසු නිවසින් පැනගොස් තමා කැමති අයුරින් ජීවත් වීමට තීරනය කළ බවයි. ඒතැන් පටන් ඉදිරියට නිල්ල පිරුනු මිටියාවත කතාව දිවෙන බව අවසන් වශයෙන් ලියා තිබුනා. මම ඉතිං අාසාවෙන් කතාව කියවීම අාරම්භ කලා.
ඒ පොතේ තිබුනේ ඔහු අලංකාර වන අරණක ජීවත් වන අයුරුයි. මා සිත තුලද ඒවැනි නිදහස් ජීවතයක් අැත්නම් කියා සිතුවිලි පොදු බැදුනා. මමත් මේ සැප අැති මාළියාවල හිර වෙලා ජීවත් වෙනවට වඩා, මොන තරම් කටුක වුනත් ඒ ජීවතයට කැමති වුනා.
*ලොකු බේබී. තව නිදි නැද්ද ළමයෝ.*
මම කාමරයේ විදුලි පහන තවමත් නිමා නැති නිසාදෝ ලීලම්මා කාරයට අැවිත් මගෙන් විමසා සිටියා.
*මම පොතක් කියවනවා ලීලම්මේ.*
*අනේ දවාලට ඔනේ තරම් වෙලා තියෙන්නේ දැන් නිදා ගන්න ළමයෝ.*
*අනේ ලීලම්මේ මට නිදි මත නෑ*
*ඔයාට ඉතිං කියවන්න ගියාම නිදි මත ඒන ඒකක් වෑ. මම ලයිට් නිවනවා නිදා ගන්න හොදද?*
ලීලම්මා කාමරේ ලයිට් නිවලා පිටවෙලා ගියා. මමත් පොත වහලා තියලා අැස් පියා ගත්තා. පාන්දර මම අවදි වුනේ කතාවෙහි වූ තරුනයා නැවති සිටි පැල්පත අාසන්නයේ වූ අලංකාර දිය අැල්ල ළග චූටී දූ සමග වාඩි වී සුරතල් වෙමින් සිටියදී. දෑස් හැර බලන විට මගේ දෑසට පෙනුනේ සුදු පැහැති විශාල මල් ඉහිරුන සිවිලිමත් ඒ මත ඒල්ලෙමින් තිබූ සිවිලින් විදුපලි පංකාවත් පමණයි. ඒය දුටු විට වැටහුනා මම දැක අැත්තේ සිහිනයක් බව. ඒක දවසට මේ දරුවා මගේ හීන වලටත් රිංගලා. මගේ සිතට දැනුනේ සිවුම් සතුටක්. මම ඒ සිහිනයම යලිත් දකින්නට උත්සහා ගනිමින් කීපවරක්ම දෑස් පියාගෙන සිහිපත් කලා. මට ඒ සිහිනය අායි නොපෙනුන නිසා මම අැද මත වාඩි වී කල්පනා කරන්න වුනා.
මම අර දරුවට පොරොන්දු වුනා ඒයාව බලන්න අද ඒනවා කියලා. පව් දැන් මම ඒනකම් මගබලාගෙන ඉදීවී. අැය මගේ සිත තුල නිතර සක්මන් කලා. කරන්න දෙයක් නෑ. පොඩි ඒකීට ටික දවසින් මාව අමතක වෙලා යයි. අම්මා නැතුව පාලුවෙන් ඉන්න දරුවගේ ජීවිතයට මම යන්න හොද නෑ. මමත් තව මාසෙකින් ඒයාගේ අම්මා ගිය ලෝකයටම ගියාම. පුංචි හිතට ඒක දරා ගන්න බැරුව යාවී. මම හිත හදා ගන්න උතසහ කලා.
සුපුරුදු විදියට සීතල ජලයෙන් උදෙන්ම නා ගත් මම අලුත් අැදුමකින් සැරසී ජනෙල් කවුළුව අසලට ගියේ පුරුද්දට වගේ. තවමත් ඉහළට කර තුවයක් ඔතා තිබූ හිසකේ වලින් සීතල ජල බිදු ගෙල දිගේ රූරා අාවා. වෙනදා වගේම හිරු ඒළිය රූස්ස ගස් පෙළ අතරින් රිංගා මා දෙසට ඒන්නට උත්සහා කලා. විශාල සද්දයක් නගාගෙන් අා විජී අයියා අපේ නිවස පහු කරන් ගියේ, කීපවරක් ගේට්ටුව අසල රේස් කරමුනුයි. උදේ පාන්දර මේ මනුස්සයා මොන රාජනාරියකට යනවද මන්දා. මගේ හිත තනියම නොක්කාඩු කිව්වා. සුළු මොහොතකින් අාපසු පැමිනි ඔහු ගේට්ටු අසල නතර කර නලාව හඩවන්නත් රේස් කරන්නත් වුනා.
මුරකරු ඔහුව පිටත් කරන්න උත්සහා කළත් ඔහු යන පාටක් පෙන්න තිබුනේ නෑ. ලොකු මල්ලී ගේට්ටුව දෙසට යන අයුරු මම ඉහළ මහලට වී බලන් හිටියා. සුදු පැහැති අත් දිග කම්සයක් හා කලු කමිසයක් හැද වුන් ලොකු මල්ලි රාජකාරි වැඩකට යන්න සුදානම්න බව මට වැටහුනා.
*අා … මන්ත්‍රී බේබී මහත්තයා. සුභ උදෑසනයක් කිව්වා. බොහොම කනගාටු ඔබ තුමාට උදේම මෙහෙම වචනයක් දාන්න වුනාට.*
ලොකු මල්ලි වටපිට බලමින් හෙමින් කී කිසිවක් මට අැහුනේ නැහැ. ඒක වරම මහ හඩින් හිනා වූ විජී අයියා. අායෙමත් කතා කරන්න වුනා.
*මහත්තයට බොහොම ලැජ්ජයි නේද අැත්ත කියද්දි. මේ මහත්තයට ඔනේ දෙයක් කර ගන්න. ඔය වැඩ වලට මාව කොටු කරන්න ගියොත් නම් අමාරුවේ වැටෙයි. ඒක කියලා යන්නයි මම අාවේ. අායි ඔය අදාල නැති ඒවට මං සැකයි කියලා පොළිසිට කියලා තිබුනොත් අාන් ඒදාට බලා ගමු*
ඊ ළග කොටසින් හමු වෙමු……….