14

“හිරූ..හිරූ.අපි ආවා..කෝ නැගිටින්න ඉතිං…”

සංකේත්ගේ උරහිසට ඔලුව තියාගෙන ඉන්නකොට කෙල්ලට එහෙම්මම නින්ද ගිහින්..සංකේත් හිරුනිව ඇහැරෙව්වේ එයාලා නවාතැන් ගන්න ලෑස්ති කරලා තිබුන හොටෙල් එකට ආවට පස්සේ…

“ම්ම්ම්ම්…ඇයී…අපි කොහෙද ආවේ…”
“ඇයි කියලා අහන්නේ..ඔයා තාම නිදිද ළමයෝ..අහරින්නකෝ..මේ කාර් එකේම ඉන්නද හදන්නේ එළිවෙනකල්..හිරූ….”

හිරූ හීනෙන් කියවනවා වගේ සංකේත් එක්ක කතා කරන්නේ..මහන්සියටත් එක්ක කෙල්ලට හොදටම නින්ද ගිහින් හිටියේ….නිදිමත විකාරෙම වගේ කෙල්ල තව ටිකක් සංකේත්ට තුරුල් උනා..”අනේ මෙ කෙල්ලව ඇහැරවගන්න බෑනේ..මහන්සිත් ඇති..ඒත් ඉතිං මෙතනට වෙලා ඉන්න පුලුවන්ද..”

“අනේ අයියේ ඔන්න ඔය වතුර බෝතලේ දෙන්නකෝ..”

හිරුනිව ඇහැරවන්න විදිහක් නැති හින්දා සංකේත් වාහනේ ඩ්‍රයිවර්ගෙන් වතුර බොතලේ ඉල්ලුවා..හිරුනිට සංකේත්ගේ ඒ වචන ටික නම් හොදටම ඇහුනා..මේ සීතලේ වතුර මූණේ ගෑවෙනවට තිබුන අකමැත්ත නිසාම හිරුනිගේ ඇස් දෙක ඇරනා..

“ආ මේ මොකෝ හොදටම නිදාගෙන ඉදපු එක්කෙනා ඇහැරලා…”
“ආ..න්..නෑ.. මේ.. මට දැන් නිදිමත නෑ..ඒකයි…”
“ඇත්තට..වතුරට බයේ එහෙම නෙමෙයිද…”
“අපෝ නෑ..”
“එහෙමද..හ්ම්හ්ම්ම්..යමුකෝ එහෙනම් ඇතුලට..”

සංකේත් හිනාව පාලනය කරගෙන බෑග් දෙකත් අරන් හිරුනි එක්ක හොටෙල් එකේ එයාලට වෙන් උන කාමරේට ආවා..ජිවිතේ පළවෙනි වතාවට පිරිමියෙක් එක්ක එක කාමරේ තනි වෙනකොට හිතට දැනෙන තිගැස්ම හිරුනිටත් තිබුනා..සංකේත් කාමරේ ඇතුලට ගියත් හිරුනි ටිකක් නැවතුනේ ඒ නිසයි…

“හිරූ..ඇයි මේ..ඇයි ඇතුලට එන්නේ නැත්තේ…”

සංකේත්ගේ ප්‍රශ්නෙට උත්තරයක් නොදීම මූණට හිනාවක් අරගෙන හිරුනි සංකේත් ළගට ආවා..

“හිරූ..මොකෝ මේ මූණ වෙනස් වෙලා…”
“නෑ නෑ මුකුත් නෑ..”
“හ්ම්ම්..ඔයා එහෙනම් වොශ් එක දාගන්නකෝ..”

හිරුනි සංකේත්ගේ උදව්වෙන් ඔලුවේ තිබුන කොණ්ඩ කටු එහෙම අයින් කරගෙන හැම තැනම තිබුන කටු ටික අයින් කරලා ඔසරියත් ගලවලා වොශ් රුම් එකට ගිහින් වොශ් එකක් දාගෙන ආවා..ඒ එනකොට සංකේත් කෑමත් ඕඩර් කරලා තිබුනේ….

“මං ඉක්මනට වොශ් එකක් දාගෙන එන්නම්..ඔයාට බඩගිනි නම් ඔයා කන්න හිරූ…”
“නෑ නෑ මට බඩගිනි නෑ…”
“එහෙනම් ඉන්නකෝ..මං ඉක්මනට එන්නම්…”

හිරුනිට පොඩ්ඩක්වත් බඩගින්නක් තිබුනේ නෑ..කෙල්ල හිටියේ ටිකක් බය වෙලා..ඊළග මොහොත ගැන හිතෙනකොට හිරුනිව සීතල වෙනවා වගෙයි හිරුනිට දැනුනේ…ඇද උඩ තිබුන සංකේත්ගේ ෂර්ට් එකක් අරගෙන ඒක පපුවට තුරුල් කරගෙන කල්පනා කර කර ඉදපු හිරුනිව ගැස්සිලා ගියේ කවුරුහරි පිටිපස්සෙන් ඇවිත් හිරුනිව තුරුල් කරගත්ත නිසා..

“මේ මොකෝ බය වෙලා…”
“සංකේත් ඔයා නම් හරි නරකයි..මාව බය කරානේ..”
“හොර වැඩ කරලා අහු උන්හම බය වෙනවා තමයි ඉතිං නේද..”
“හොර වැඩ…කවුද දැන් හොර වැඩ කරේ..”
“වෙන කවුද ඉතින් මගේ මේ සුදූ නෝනේ මිසක්…”
“මේ මං..මං මොකද්ද කරපු හොර වැඩේ..”
“ඇයි ඔය මගේ ෂර්ට් එකක් තුරුල් කරගෙන ඉන්නේ..මං එනකල් ඉවසන්න බැරුව..”

සංකේත් එහෙම කිව්වම නම් ලැජ්ජාව වැඩිකමටම හිරුනිගේ මූණ ජම්බු ගෙඩියක් වගේ රත් පාට උනා…

“සංකේත් ඔයා නම්..එහාට වෙනවා..එන්න එපා මගේ ළගට..මේන් ඔයාගේ ෂර්ට් එක..මට නම් එපා…”

ෂර්ට් එක සංකේත්ට දීලා සංකේත්ගෙන් ඈත් වෙන්න හිරුනි උත්සහ කරත් සංකේත් ඒකට ඉඩ දුන්නේ නෑ…

“කොහෙද කොහෙද ඔය යන්න හදන්නේ..එහෙම යන්න දීල කොහොමද…”
“අනේ මාව අතාරින්නකෝ සංකේත්..එහාට වෙන්න අනේ…”
“අද නම් ඔයා මොනවා කිව්වත් වැඩක් නෑ..මට නම් මුකුත් ඇහෙන්නේ නෑ..”
“අනේ ඉතිං..”
“මේ අපි කාලා ඉමු..බඩහිනියි අනේ…”
“හ්ම්ම්ම්ම්….”

කන්න ගත්තට හිරුනි නම් වැඩිපුරම කරේ කෑම එක දිහා බලන් ඉදපු එක..

“හිරූ..ඔයා අද උපවාසයක්වත් කරාද මට කියන්නේ නැතුව….”
“ඇයි…”
“නෑ ඉතිං ඔයා කෑම එක දිහා බලාගෙන ඉන්නේ කන්නේ නැතුව ..”
“අනේ මට බඩගිනි නෑ..”
“එහෙම කියලා කොහොමද..එන්න මං කවන්න….”

හිරුනි ඉන්නේ බය වෙලා කියලා සංකේත් දන්නවා..හිරුනිව ළහට අරගෙන සංකේත් හිරුනිට කෑම ටික කැව්වේ ඒ නිසයි…

“හිරූ…ඇයි අනේ ඔහොම ඉන්නේ..වෙනදට ගිරවා වගේ කියවන ඔයාගෙ කට ගෙදර තියලාද ආවේ අද….”

ඇදේ කෙළවරකට වෙලා සිවිලිම දිහා බලාගෙන කල්පනා කර කර ඉදපු හිරුනිගෙන් සංකේත් එහෙම ඇහුවම හිරුනි සංකේත් දිහා බලලා හිනා උනා..ඒත් වචනයක්වත් කතා කරේ නෑ..

“ඇයි දැන් ඔයා ඔය ඇදේ කෙළවරට වෙලා ඉන්නේ..මං ළගට එන්නේ නැද්ද…ම්ම්..එන්නේ නැද්ද..කෝ කතා කරන්නකෝ..හා එහෙනම් ඔයා එන්නේ නැත්නම් මං එන්නම්කෝ ඔතනට…”

සංකේත් හැදුවේ හිරුනි ළගට යන්න..ඒත් මෙච්චර වෙලා වචනයක්වත් කතා නොකර සංකේත් දිහා බලන් ඉදපු හිරුනි අතේ තිබුන කොට්ටේ පැත්තකට දාලා සංකේත් ළගට ඇවිත් සංකේත්ගේ නිරුවත් පපුවට ඔලුව තියාගෙන සංකේත්ට තුරුල් උනා…සංකේත්ගේ උණුහුමට හිත ලෝබකම් කරද්දි හිරුනිගේ ඇස්වලට කදුළු පිරුනේ සතුට වැඩිකමට…හිරුනිගේ කදුළුවල සීතල සංකේත්ට දැනුනා..

“හිරූ..අනේ ඇයි වස්තු මේ..ඔයා අඩනවා නේද..ඇයි මැණික අඩන්නේ..ආ..”

සංකේත් හිරුනිට කතා කරත් හිරුනි උත්තරයක් නම් දුන්නේ නෑ..

“හිරූ කියන්නකෝ රත්තරං ..අද වගේ දවසකත් ඇයි අඩන්නේ..ඔයාට ගෙදර මතක් උනාද..”
“න්..නෑ…”
“එහෙනම්..”
“සතුටට…මට මුකුත් හිතාගන්න බැ..හරියට මට මේක හීනයක් වගේ..”
“හීනයක් නෙමෙයි පැටියෝ..මේ සේරම ඇත්ත..අද ඉදන් ඔයා මගේ..මගෙම විතරයි..මේ ආත්මේ විතරක් නෙමෙයි හැම ආත්මෙකම..තේරුනාද මගේ මැට්ටිට…”
“හ්ම්ම්..හැම ආත්මෙකම මං ඔයාගේ තමයි..දන්නවද මහත්තයෝ ..අද මේ ලෝකේ ඉන්න වාසනාවන්තම කෙල්ල මං වෙන්න ඇති..ඔයා වගේ හොද මහත්තයෙක් මට ලැබුනේ ඒකනේ..ඉපදුනු දවසේ ඉදන් දුක් විදින්න තරම් මං පව්කාරියක් උනත් ඔයාගේ ආදරේ ලබන්න මං ලොකූ පිනක් කරලා තියෙන්න ඇති..ඒ ගැන හිතනකොට මට පුදුම සතුටක් දැනෙන්නේ…”
“ඔයා හැමදාම මගේ ළගින්ම ඉන්නවා නේද මැණික..මේ දවස එනකල් මං හිටියේ ඉවසීමක් නැතුව….අද ඉදන් එක තත්පරයක්වත් මට ඔයා නැතුව ඉන්න බැරි වෙයි හිරූ….ඒ තරම් මං මගේ හිරූට ආදරෙයි…”
“කවදාවත් මං ඔයාගෙන් ඈත් වෙන්නේ නෑ සංකේත්..ඔයා තමයි මගේ මුලු ජිවිතේම..මං හැමදාම මගේ පණ ළහින්ම ඉන්නවා..”
“ඇත්තමයි නේද..”
“හ්ම්ම්..ඔව්ව්.මැරුනත් හොල්මනක් වෙලා හරි එනවා ඔයා ළගට…ඔයා මගෙනේ ඉතිං..”

දගකාරකමක් මූණට අරගෙන සංකේත් දිහා බලාගෙන හිනා වෙවි හිරුනි විහිලුවට වගේ ඒ කතාව කිව්වත් ඒ වචනවලට බලාගෙන ඉද්දි සංකේත්ගේ මූණ අදුරු උනා..

“මොනවද හිරූ ඔයා මේ කියවන්නේ..පිස්සුද ඔයාට..ඔය වගේ කතා ආයේ මට ඇහෙන්න කිව්වොත්නේ….”
“අනේ මං විහිලුවක්නේ කරේ සොරි ඉතිං….කෝ එන්න මං මගේ මහත්තයාට උම්මා ගොඩාක් දෙනවා අද…”

කියපු වචනවල බරපතළකම හිරුනුට තේරුනත් තවත් ඒ කතාව දුරදිග ගෙනියන්න ඔක්නි නැති නිසා හිරුනි කතාව වෙනස් කරා..ඒත් සංකේත්ගේ මූණේ ඉරියව් නම් ඒ විදිහමයි තාමත්….

“ඔය ඉතිං ඔයා මාත් එක්ක තරහා වෙලාද…සොරි කියලා කිව්වානේ..යාලූ වෙන්නකෝ…සංකේත්..මේ කතා කරන්නකො අනේ…”

අහක බලාගෙන ඉදපු නිසා හිරුනි සංකේත්ගේ මූණ එයාගේ පැත්තට හරවගත්තා..එතකොටබ්තමයි හිරුනි දැක්කේ සංකේත්ගේ ඇස්වල කදුළු පිරිලා තියනවා…

“අනේ ඇයි මේ..මං විහිලුවක්නේ කරේ…ඔයා මාවත් අඩවන්නද හදන්නේ..”
“විහිලුවටවත් ඒ වගේ කතා කියනවට මං කැමති නෑ හිරූ..”
“මං ආයේ ඒ වැරැද්ද කරන්නේ නෑ..ප්‍රොමිස් ..කෝ හිනා වෙන්න..”
“හ්ම්ම්ම්..කෝ එහෙනම් අර දෙනවා කියපුවා දෙන්නකෝ මට..”
“දෙනවා කියපුවා..ඒ මොනවද.”
“ඇයි දැන් ටිකකට කලින් කිව්වේ…”
“මොකද්ද…”
“මට උම්මා ගොඩාක් දෙනවා කියලා..ඉතිං කෝ..”
“මං එහෙම කිව්වද..නෑ නෑ..ඔයාට වැරදියට ඇහිලා තියෙන්නේ…”
“එතකොට ඔයා එහෙම කිව්වේ නැද්ද..”
“අපෝ නෑ..මං නම් කිව්වේ නෑ…”
“ඒකට කමක් නෑ..මෙන්න මෙහාට එන්න එහෙනම්…”

හිරුනිගේ මුලු මූණම එක දිගට කිස් කරපු සංකේත් හිරුනිගේ දෙතොල් එයාගෙ දෙතොල් වලට මැදි කරගත්තා..වෙනදා වගේ සංකේතට විරුද්ධ වෙන්න හිරුනිට ඕනි උනේ නෑ..හිරුනි උනත් හිටියේ සංකේත්ගේන් ලැබෙන ආදරේට ලෝබ වෙලා….ඒ රාත්‍රිය හිරුනිගෙයි සංකේත්ගේයි ආදරේ ආදරණීයම මතක සටහනක් උනේ ඒ විදිහට..

“මෙයා තාම නිදිද..ඇහැරෙන්නේ නැද්ද මන්දා..ඔන්න ඔහේ තව ටිකක් වෙලා ඉදලා බලනවා…”
වෙනදටත් වඩා කලින් උදේ පාන්දරම හිරුනිට ඇහැරුනා..ඒත් තාම ඇස් දෙක ඇරලා සංකේත් ඇද උඩ ඉන්නවද කියලවත් හිරුනි බැලුවේ නෑ..ඊයේ රෑ ගැන මතක් වෙද්දි කෙල්ලගේ මූණ බලාගෙන ඉද්දි රතු වෙනවා..”ඇත්තටම කෝ මෙයා..මෙතන නැද්ද..”සංකේත් එයාගේ ළග නෑ කියලා හිරුනුට හිතුනා..ඇස් දෙක අරින්නෙ නැතුව එහෙම්මම ඉදන් හිරුනි එයාගේ අත ටික ටික සංකේත් ඔලුව තියාගෙන ඉදපු කොට්ටේ දිගේ අරන් ගියා.කෙල්ලගේ අත ගිහින් වැදුනේ සංකේත්ගේ නහයේ.හිරුනි අත ආපහු ගත්තේ කරන්ට් එක වැදුනා වගේ .”අම්මෝ මෙයා ඉන්නවනේ..මට නම් දැන් ඇති වෙලා මේ හොරාට නිදාගෙන ඉදලා..කෝ මේ මෝඩයා ඇහැරෙන්නෙ නෑනේ…එක්කෝ ඔන්න ඔහේ මං නැගිටිනවා..අනේ බෑ බෑ..මෙහෙම්මම ඉන්නවා..ඔව් ඔව් මෙයා කීයටහරි නැගිටින්නේ නැතෑ..”හිරුනි හිතුවේ සංකේත් නිදි කියලා..ඒත් සංකේත් හිටියේ ඇහැරිලා..හිරුනිට ඇහැරෙන්නත් කලින් තමයි සංකේත්ට ඇහැරුනේ..ඇස් දෙක ඇරපු වෙලාවේ ඉදන් සංකේත් කරේ හිරුනි දිහා බලන් ඉදපු එක…රෑ වෙච්ච දේවල් මතක් කර කර හිරුනි තනියම හිනා වෙන හැටි සැරින් සැරේට මූණ රතු වෙන හැටි මේ සේරම සංකේත් බලාගෙන හිටියේ..හිරුනි නිදාගෙන ඉන්නේ බොරුවට කියලා දැනගෙනත් සංකේත් හිරුනිව ඇහැරෙව්වේ නැත්තේ හිරුනිගේ ඒ ලස්සන ඉරියව් දකින්න හිතේ ඇති උන කැමැත්ත නිසාමයි..”අයියෝ මෙයා නම් අද දවසෙම නිදාගන්නද කොහෙද හදන්නේ..”හිරුනි ඉවසල ඉවසලා බැරිම තැන එක ඇහැක් විතරක් ළාවට ඇරලා සංකේත් දිහා බැලුවා…ඇස් අරිනකොටම හිරුනි සංකේත්ව දැක්කා…හිනා වෙවි එයා දිහා බලන් ඉන්න සංකේත්ව දැක්කම කෙල්ල ආයෙත් ඇස් පියාගත්තා..”අනේ මේ සංකේත් නම්..ඇහැරලාද ඉදාලා තියෙන්නේ මෙච්චර වෙලා..ලැජ්ජාවේ බෑ…”

“ගුඩ් මෝර්නින්ග් මැණික් කැටේ..දැන් ඉතිං හොරාට නිදාගෙන හිටියා ඇති නේද…නැගිටින්න නැගිටින්න…”

සංකේත් හිරුනි ඔලුව තියාගෙන ඉදඖ කොට්ටේ එයාගේ අතට ගන්න ගමන් හිරුනිට කතා කරා..

“ආව්..මොනාද අනේ කරන්නේ..”
“දැන් නිදාගත්තා ඇති බබා…”
“මට තව නිදිමතයි…”
“බොරු කියන්න එපා..”
“මොකටද බොරු කියන්නේ..ඊයේ රෑ මට නිදාගන්න දුන්නේ නෑනේ..ඉතිං මට නිදිමතයි..”
“ආ මේන් මේ කෙල්ලගේ කතාවක හැටි..හිරූ..ඔය ඉතිං මේ සංකේත්ව නරක් කරගන්න හදන්නේ ඔයා…”
“ඔයා කොහොමත් එහෙම තමයි ඉතිං…”

එහෙම කියන ගමන් හිරුනි නැගිටලා ඇද ළග හිටගෙන ඉදපු සංකේත්ගේ බෙල්ලේ එල්ලිලා සංකේත්ගේ කම්මුලට කිස් එකක් දුන්නා….

“අපෝ මේ එහාට වෙන්න එහාට වෙන්න..තාම මූණ හෝදලාත් නෑ මට කිස් දුන්නට..”
“ඉතිං මොකෝ..”
“අහිංසකයි කියලා හිතුවට මං හිතන්නේ මට වැරදිලාද කොහෙද…”
“හ්ම්ම්ම්..වෙන්න ඇති නේ…”
“වෙන්න ඇති නෙමෙයි ඒක තමයි ඇත්ත..මේ ඉක්මනට වොශ් එකක් දාගෙන ලෑස්ති වෙන්න.”
“කොහේ යන්නද..”
“ඇයි දැන් මුලු දවසෙම මේ කාමරේට වෙලා ඉන්නද හදන්නේ..ඇවිදින්න යමු…”
“හ්ම්ම්..ඔයා ගිහින් වොශ් එකම් දාගෙන එන්න එහෙනම්..”
“ඒ මොකටද මං විතරක්..දෙන්නම යමු…”

හිරුනිට කතා කරන්නවත් ඉඩක් නොතියා සංකේත් හිරුනිව වඩාගත්තා..

“මේ මේ පොඩ්ඩක් ඉන්නකෝ..”

හිරුනිවත් වඩාගෙන වොශ් රූම් එකට යන්න ගිය සංකේත් ආයෙත් නැවතුනේ හිරුනි කතා කරපු නිසා..

“මේ අර බලන්නකෝ…”
“ම්ම්..මොකද්ද..”
“අර අනේ..අර ඇද උඩ බලන්නකෝ…”

හිරුනි සංකේත්ට පෙන්නුවේ එයාගේ පිරිසිදුකම ඔප්පු කරන සළකුණ…සංකේත්ට ඒ දේ පෙන්නලා හැම දෙයක්ම සංකේත්ට දෙන්න පුලුවන් උන එක ගැන හිතේ තිබුන සතුටත් එක්කම හිරුනි සංකේත් දිහා බැලුවත් සංකේත්ගේ මූණේ ඒ තරම් වෙනසක් හිරුනි දැක්කෙ නෑ..

“ඔයාට සතුටු නැද්ද…”
“මොකටද..”
“මොකටද කියලා අහන්නේ…”
“දැන් මං ඇයි විශේෂයෙන් සතුටු වෙන්න ඕනි..මං සතුටින් තමයි ඉන්නේ..කවදාවත් නැති තරම් සතුටින්..මට ඔයාව විශ්වාසයි ..අනික මේ වගේ දේකට අපේ ආදරේ වෙනස් කරන්න බෑ..මට ඕවයින් වැඩක් නෑ ඒ හින්දා..තේරුනාද මෝඩි…”
“හ්ම්ම්ම්ම්ම්…”

සංකේත්ගේ ඒ වචන ටික හිරුනිගේ හිතේ කවදවත් මැකෙන්නේ නැති විදිහටම ලියවුනා..සංකේත්ගේ ආදරේ වෙනුවෙන් ඕනිම දෙයක් කැපකරන්න තරම් හිරුනිගේ හිත ශක්තිමත් දැන්..

මතු සම්බන්ධයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *