14

💕

❤️වේදනා 💔

💚ඇස් දෙකේ💜💙ඇවිලිලා 💛

💔💙💘 Epsoide.. 14 💘💜💔

…A Love Story Tolking With My Heart…

💙💙💙💙💙💙💙💙💙💙💙💙

ඒ මල හිරු බැස යන අන්තිම මොහොතේ අමින්ගේ දෑත් උඩින් පාරුල්ගේ මිනිය නිදනවා..

කොල්ලා අත් දෙකටම කෙල්ලව අරගෙන බදාගන්නේ කොල්ලගේ හදවතින්ම ඒ ආදරේ ඉල්ලලා වැද වැටෙද්දී..

පාරුල්..
මගේ මැනික..

මට සමාවක් දෙන්න බැරි තරම් ඔයාට මාව පිලිකුල් උනාද..

මාව මෙහෙම දාලා යන්න තරම් හිත හදාගත්තේ කොහොමද දරුවෝ..

කියන්න..මේ අමී ඒ තරම් පව්කාරයෙක්ද..

කොල්ලව ට්‍රේන් කරපු කෝච් එක්ක කොල්ලා එක්ක යන්න ඉන්න හැම ක්‍රිකටර් කෙනෙක්ම කෙල්ලගේ අවසාන කටයුතු වලට ආවා..

ටීම් එකට සිලෙක්ට් වෙන්න ඒ තරම් කැපවීමක් කලේ පාරුල් කියලා කොල්ලෝ ඔක්කම දන්නවා..

ඒකයි ඒ හැමකෙනාගේම හිතේ වේදනාවක් තියෙන්නේ..

ඔව් පාරුල් ඔයා මාගේ ඇස් වල වේදනාව

ඔයා මගේ හදවතේ වේදනාව

ඔයා මගේ ජීවිතේම වේදනාවක් කලා..

මේ පව් කාරයා ඔයාව මාරගත්තා..

කියපන් ජීවන් කියපන්..උබවත් කියපන්..මේකිට මන් ආදරේ කලා කියලා..

කෙල්ලව.දෑතට අරගෙන අමීන් පිස්සෙක් වගේ කියවන් යද්දි සනත් කොල්ලව අල්ලා ගන්නවා..

ඒ සුදු පාට ගවුමට කෙල්ල ලස්සනයි..

මූන පුරාවටම වේල් එකකින් ඔතලා තිබ්බේ කෙල්ලගේ මූන ඩැමේජ් නිසා..

බෙල්ල පුරාවට තිබ්බ සීරිම් පාරවල් ඒ හැමදේම අමීන්ට ඕන ඇස් වලින් බලාගන්න..

දවස් එක හමාරක්ම වහලා තිබ්බ මුන අවසාන වතාවට බලන්න ඕන කියලා හිතෙද්දි අමීන් කෙල්ලගේ වේල් එක අයින් කරනවා..

පිස්සුවෙන් වගේ කෙල්ලගේ වේල් එක අයින් කලාම ඒ මූන දැක්කාම හිස බදාගෙන කෑගහන්නේ වේදනාවෙන්..

අදහන්න ඒ මූනක් නෙවේ..

තනිකරම මස් වැදැල්ලක්..

නහයක් කටක් තියා ඇහැක් වත් නැති මූනක්..

ඒ ගෙලේ අමීන් ආපු මාලේ අමීන් ගලවලා ගන්නවා..

ඒ එක්කම කොල්ලා කෑගහන්නේ අත් දෙකෙන්ම පපුවට ගහගන්න ගමන්..

මේ ලොකේ දරාගන්න බැරිම වේදනාව කෑ මොර දීලා අමීන් දරා ගන්නවා..

කියාගන්න බැරි තරම් හැගීම් කන්දක් කොල්ලගේ හිතේ පිරුනේ කෙල්ලගේ මූන දකිනකන්..

ඒත් කෙල්ලගේ මිනිය දැක්කාම අමන්දා එතනම කලන්තේ දාලා වැටෙද්දි කුසුම් පපුවට අත් දෙකෙන්ම ගහගන්නවා..

තමන් මේ ලෝකෙට ජාතක කරපු දරුවා මේ තරම් අවසානාන්ත විදියට මැරිලා ඉන්නවා දකින්න තරම් සනත් වගේම අමන්දා පව් කරලා..

සනත් කනුවකට බර වෙන්නේ හැම දේම දරාගන්න බැරි වෙද්දි..

ජීවන් කොල්ලා අයින් කරපු වේල් එක ආයම කෙල්ලගේ මූනට දාල වහලා දැම්මාම අමීන් ඉන්නේ ඇස් ඇරගෙන..

ඇහිපිල්ලමක් වත් නොගහා ඒ දිහාම බලන් ඉන්න අමීව ජීවන් වත්තම් කරගත්තා..

පාරුල් සදාකාලයටම මේ පොලවට පස් වෙද්දි අමීන් රුගත් කාර් එක කටුනායකට පිටත් වෙනවා..

ජීවන් එක්ක කොල්ලා යන්න කැමති වුනේ තනූජ්ටවත් එන්න තරම් ඇගට පනක් නැති නිසා..

මීඩියා හැම එකකින්ම අමීන් තේජන් ක්‍රිකට් තරුව ගැන විස්තර කියලා තිබ්බත් කොල්ලා මීඩියා වලට මුවාවෙලා බෝඩින්ග් එකට යනවා..

ජීවන් කොල්ලා ගාවටම වෙලා ඉන්නේ අමීන් අඩලා හරි හිත හදාගන්න ඕන නිසා.

තේජා හිත හදාගනින් බන්..

ජීවා ඒ මගේ හුස්ම බන්..උබට මතකද උබටයි මටයි බැන බැන කවපු කෙල්ලව..😭

උබයි මායි බීලා බිලා නාස්ති වෙද්දි ඒකි අපේ කනෙන් ඇදලා ගහලා උබවයි මාවයි මේ තැනට ගෙනාවා..😰

ඒම කෙල්ලට අර බැල්ලි නිසා මම වේදනාවක් දුන්න බන්..

මේ මමයි පාරුල්ව මරාගත්තේ..සමාවක් නෑ මට කවදාවත්ම මගේ හදවතින් බන්..

මන් ජීවත් වෙන හැම තප්පරේකම මන් විදවන්න ඕන බන්..

ඒකිව අර වාහනේ යට කරන් යද්දි කොයි තරම් වේදනාවක් දැනෙන්න ඇත්ද

එහෙම පයින්න තරම් ඒයාගේ හිත බොලද නෑ..උබ දන්නවා

පාරුල් කියන්නේ හිත හයිය කෙල්ලෙක් බන්..

අපි වැටෙද්දි අපිව නැගිට්ටපු කෙනා එයා.

අන්න එහෙම කෙනා තමන්ගේ ජීවිතේ නැති කරගන්න තැනට පත් කලේ මේ පව් කරයා බන්..

මේ අමීන් තේජාන් කියන පව් කාරයා..😭

ගිය දේ ගියා බන්..පාරුල් ආයම එන්නේ නෑ 😰

උබ හිත හදාගනින් දැන්…ටිකක් ඇස් පියා ගනින් බන් 😰

මගේ ඇස් පිය වෙද්දි මට ඒකිව මැවිලා පේනවා බන්..😰

ඒ හිනාව ඒ ඇස් මගේ ඇස් වල මැවෙනවා..මට මාවම එපා වෙනවා..😭

මුකුත් නොකියා උබ ටිකක් ඇස් පියාගනින්කෝ

ජීවන් පුලුවන් තරම් කොල්ලගේ හිත හදන්න හැදුවත් වතුර යට හන්ගන බෝලයක් වගේ ආයම පාරුල් අමීන්ගේ ඇස් වලට එනවා..

මේ තරම් දෙයක් වෙලත් කොල්ලා ටුවර් එකට ආව එක ගැන කෝච් පවා ඉන්නේ පුදුමෙන්..

අනිද්දා පටන් ගන්න තියන මැච් එකට කොල්ලගේ හිත හදන්න ඕන නිසාම කොල්ලෝ සෙට් එකම අමීන් ගාව ඉන්නවා..

ඉන්ඩියා වලට අමීන් රුගත් ගුවන් යානය ගොඩබාද්දි කොල්ලා ඉන්නේ තද නින්දක..

දවස් දෙකක්ම නිදිවර්ජිත ඒ ඇස් වලට ජීවන් ගාව නින්දක් ආවේ කොල්ලා හිමීට අමීන්ගේ හිස අත ගාන නිසා

ප්ලේන් එක ලෑන්ඩ් කරද්දි ඇති වෙන ගැස්ම එක්ක අමීන්ගේ ඇස් ඇරුනාම කොල්ලා වටපිට බලන්නේ බය වෙලා වගේ..

ඇයි බන්..

පාරුල් කතා කලා වගේ දැනුනා බන්..😔

යමන්..බඩු ලෑන්ඩ් කලා..උබ පුලුවන් තරම් මිඩියා වලින් හැන්ගෙන්න බලන්න එපා බන්…

කොල්ලා වෙනසක් පෙන්නනේ නැතිව බෑග් එක කරට දාගෙන ජීවන් එක්කම නැගිට්ටා..

එයාපෝර්ට් එකෙන් එලියට එනවත් එක්කම මුලු ශ්‍රී ලංකා ටීම් එකම වටකරගත්ත මීඩියා ඔක්කොම එල්ල උනේ අමීන් දිහාට..

අලුත් මූනක් අලුත් බලාපොරොත්තුවක් වේවිද අපට 😊

මන් විශ්වාස කරනවා එහෙම වෙයි කියලා 😐

එක වචනෙකින් උත්තර දීලා ගැලෙවෙන්න තරම් අමීන් තේජන් සැහැල්ලු කෙන්ක්ද 😊

දැට්ස් වේ අයෑම් 😊

එතනින් එහාට කොල්ලා එක්ස්කියුස් කරලා ජීවන් ගාවට ගියේ ඇස් වලට එන කදුලු පාලනය කරගෙන..

ශ්‍රීලංකා ටීම් එකට වෙන් උන බස් එකට කොල්ලා නැගලා අයිනකට ගිහින් ඔලුව තියාගත්තාම ජනිත් වගේම හිරුක ජීවන් කොල්ලා ගාවට එනවා..

හිත හදාගනින් බන්..මේම ඉන්න එපා

මට ඒ කෙල්ල කියන වචන ඇහෙනවා බන්.ඒ ප්‍රශ්න මන් නැශනල් සිලෙක්ට් උනාම මගේ කෙල්ලත් ඒ විදියටම කීවා..😭

රිලැක්ස් වෙයන් බන්..ප්ලීස්

මට බෑ හිරූ බෑ..මට ඒ වචන අහන්න බෑ

මේ බලන් අමියා අපි ගමනක් ඇවිත්..උබ හිතපන් කෙල්ල උබ දිහාම බලන් ඉන්නේ කියකා..උබේ හදවතින් පාරුල්ව මැරුනා කියලා පිලිගන්න එපා බන්

ජනිත් කොල්ලගේ පිටට තට්ටුවක් දාලා කීවාම කොල්ලා ඔහේ බලන් ඉන්නවා..

නවතින්න තියන හොටෙල් එකට යනකන්ම කොල්ලාගේ ඇස් පියවිලා තියෙන්නේ ඒ ඇස් දිගේ කදුලු යද්දී..

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

ම්ම්ම්ම් ඔයාලා කියවලා මොනාම හරි අඩුපාඩුවක් තියනවා නම් කියලා යන්න..😐😐

ත 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *