14

❤️❤️දිවිය තිබෙන තුරු මගේ
ඔබයි ආදරේ❤️❤️

***14 වැනි දිගහැරුම***

භානුක දැහැම් සමගින් උඩ මළුවට යන අතරේ සෙමින් සෙමෙන් ඇය වෙත ළං වන්නට වුනා….
එහෙ මෙහෙ යන සැදැහැවතුන් අතරේ භානුක හෙම්න්ම ඇගේ නිදහස් අතක් සිය අතැගිලි වලින් පටලා ගත්තා…
දැහැම් එයටද කිසිදු විරුද්ධවයක් නොපෑවේ ඇය මේ වෙනකොටත් භානුකට බොහෝ ලෙංගතුව සිටින නිසා…

දැහැම් බෝ මළුව සිසාරා බැළුම් හෙලුවේ අනූපමා කොහිදැයි බැලීමටයි…එහෙත් ඇගේ දෑසට අනූපමා තියා තමා සමගින් පැමිණි කිසිවෙකු දකින්නට නොලැබිනි….

අනේ…අයියේ….දැන් මොකද කරන්නේ…අනූපමා නෑ නේ…එයා හොදටම බයවෙලා මාව හොයනවා ඇති….
දැහැම් පවසන්නට විය…

දැන් මොනවා කරන්නද දැහැම් අපි…ආපහු යන්නයෑ..අපි දෙන්නා බෝධියත් වැදලා රුවන්වැලිසෑයටත් ගිහිල්ලා හොටෙල් එකට යමු…ඉඩක් හම්බුන ගමන් අපි අනූ නංගිට කෝල් එකක් දෙමු…එතකොට හරි…

එහෙමවත් කරමු…මං නිසා අයියටත් කරදරේ…

මාත් යාලුවෝ එක්ක ආවේ…උන් ටික මිස් උනානේ…ඒ හොයාගෙන එද්දි තමයි මං හොදවෙලාවට ඔයාව දැක්කේ…කවුද දන්නේ මේ ගමන අපි දෙන්නා විතරක් එකට යන්න දෙයියෝ සැලසුම් කලාද කියලා…
භානුක දැහැම් වෙත විනිවිද හෙලන බැල්මක් හෙලා පැවසුවා…

එයට දැහැම් නිහඩව පසු වූවා මිසක් පිළිතුරක් දෙන්නට උත්සාහ නොකලාය…

නිදහස් සිතින් වන්දනාමාන කල දෙදෙනා ආපසු ඇවිද ආවේ රුවැන්වැලි සෑය වන්දනා කිරීම සදහායි…
සැදෑ අහසේ පුරා හද පායා තිබුනේ භානුකගේ පෙම් සිතට නැවුම් හැගුමන් එක් කරනා අතරේයි…
තමා පණ සේ ආදරය කරනා තැනැත්තිය පසෙකින් ඇවිදන් එන්නේ සංසාරේ පුරාවටයැයි භානුකගේ සිතට හැගෙන්නට විය…ඔහුගේ පෙම් සිතේ ඈ වෙනුවෙන් බලාපොරොත්තු පෙල ගැසී ඇත….
සුසුමක් පිට කල භානුක දැහැම් සමගින් ඉදිරියට පියානින්නට වුනා….

*****************************

දැහැම් ටිකක් දුර යන්න තියෙන හින්දා අපි මොනවා හරි ගම්මුද කකා යන්න..භානුක දැහැම් පිළිතුරු දීමට පෙරම අසල සිටි වෙලෙන්දියක් වෙත ගොස් අච්චාරු,රට කජු ආදිය මිලදී ගන්නට වූවා…

මේ මහත්තයැයි නෝනාද…හරී සීදේවි පෙනුමයි මහත්තයෝ…ඔය කාලෙට හොදට බලා ගන්න ඕනේ…ඇඹුල් කෑම කන්න ආසා කරනවා බඩ දරු අම්මලා වෙන්න යනකොට…ජය ශ්‍රී මා බෝ සමිදුගේම පිහිටයි…
ඇය අවසානයේ පැවසුවා…

භානුක ඇයට ස්තූති කර නිහඩවම පැමිණ දැහැම් දෙස බලා ඇය වෙත අච්චාරු මල්ලක් දික් කලා…

වෙලෙන්දිය කිවූ සියළු දේ අසා සිටි දැහැම් ඉමහත් ලැජ්ජාවෙන් යටි තොල හපාගෙනම දෑස් බිමට බර කර ගත්තා…

භානුක ඇගේ අත ගෙන අච්චාරු මල්ල අත්ල මතින් තැබුවා…ඉන් පසු හෙමීට ඇගේ දෑස් වලට බර වුනා…

දැක්කද දරුවෝ…හැමෝම අපි දෙන්නා දිහා බලල හිතනවා ඇත්තේ ඒ විදිහට…ඉතිං මම නම් ඒක ඇත්තක් වෙනවට හුගාක් කැමතී…ඔයා මොනවද කියන්නේ…
භානුක ඇගෙන් විමසුවේ හැගීම්බරවයි…

අයියා…මිනිස්සුන්ට ඕන දෙයක් හිතන්න පුළුවන් තමයි…ඒත් දකින හැමදේම ඇත්ත නෙවේනේ…අනික ඔයා මොනවද මේ කියන කතා…මං වගේ කෙනෙක් අයියට ගැලපෙන්නේ නෑ කොහෙත්ම…පරක්කු වෙනවා අපි යමු ඉක්මනට…දැහැම් භානුක වෙතින් දෑස් මුදවාගෙනම ඔහු පසුකර ඉදිරියට යන්නට වුනා….

රුවන් වැලි සෑ රදුන් අභියස මල් පුදා භානුක දැහැම්ගේ අතින් නැවතත් අල්ලා ගත්තා…

ප්ලීස් අයියා…අතාරින්න අත…
දැහැම් සෙමින් පැවසුවත් ඔහු එය ගනනකටවත් නොගත්තා…

ඔහු ඇගේ අතත් ගෙන ඇය සමගින්ම නිහඩවම දාගැබ වටේට පියවර තබන්නට උනා…

දැහැම්….

ඇය භානුක දෙස තිගැස්සී බැලුවා…

මට ඔයාව ජීවිතේ පුරාවට මේ විදිහටම මගේ පැත්තකින් තියා ගන්න ඉඩ දෙන්න කෙල්ලේ….ඔය අත අල්ලගෙන මට මගේ ජීවිතේ පියවරෙන් පියවරට යන්න මං ගොඩාක් හීන දකිනවා…මේ හිත ඇතුලේ ඉන්නේ ඔයා විතරයි…ඇයි තේරුම් නොගන්නේ….
ඔහු නැවතිල්ලේ කියාගෙන ගියේ පිරුනු හද දිහා බලාගෙනයි….

අයියේ…ඇයි මාව අසරණ කරන්නේ….ඔයාට මේ අත ගැලපෙන්නේ නෑ කවදාවත්ම….මගේ ජීවිතේට කිසි අගයක් වටිනාකමක් නෑ අයියේ….මං ප්‍රාර්ථනා කරන්නේ අයියට මට වඩා ගොඩාක් හොද කෙනෙක් මුණ ගැහෙන්න කියලා…තරහා වෙන්න එපා….ඔයාට මාව සුදුසු නෑ…

ඇයි දැහැම් ඔයාගේ ජීවිතේ ගැන ඔහොම අවතක්සේරුවෙන් හිතන්නේ….මට ඔයා තරම් වෙන කවුරුවත් වටින්නේ නෑ දරුවෝ…මං ඔයාට ආදරේ කරන්නේ ඔයා දැකපු පළවෙනි දවසේ ඉදන්…..මං ඔයාට බල කරන්නේ නෑ…හදිස්සි නෑ මට…ඔයා කල්පනා කරලා තීරනයක් ගන්න…කෝ එන්න අපි යමු දැන්…
භානුක දැහැම්ව ඉස්සර කරගෙන ආපසු යන්නට සැරසුනා….

මට සමාවෙන්න අයියේ…ඔයාගේ හිත සතුටු වෙන උත්තරයක් දෙන්න මට පුලුවන් කමක් නෑ…දැහැම් ආපසු යන අතරේ කල්පනා කරන්නට වුනා….

ඈතින් එන භානුකත් දැහැමිත් දෙස ශෙහාරා බලා සිටියේ ඉහවහා ගිය කෝපයෙන්…මේ පූජා නගරයට පැමිණත් ඇගේ යටි සිත පාපයට පෙලඹුනේ තෘෂ්ණාවෙන්…

හ්ම්ම්ම්……මේකයි එහෙනම් සෙල්ලම….මාව කට්ටිය ඇදගෙන ගියේ බොරු කරලා මුන් දෙන්නව තනි කරන්න වෙන්න ඇති…භානු අයිති මට…මං එයාට කොච්චර කාලෙක ඉදන්ද ආදරේ කරන්නේ…අර කපටි අම්මණ්ඩ් උපාසක මූණ දාලා භානුකගේ ඇගේ එල්ලෙන්න හිතාගෙන ඇති….බලමුකෝ මං භානුක කොහොම හරි අයිතිකරගෙනයි පස්ස බලන්නේ….
ශෙහාරා සිතින් මුමුනා ගත්තා….

අනූපමා දැහැම් දැකි ගමන් ඇය අසලට දිව එන්නට විය…
ඇය භානුක දෙසද විමසුම් දෑසින් බැලීය…
භානුකගේ මුහුණෙහි හැගීම් විරහිතය…ඔහු නිහඩවම ඉදිරියට යන්නට විය….

අනේ….දැහැමියෝ….මට සමාවෙයන්…මං උඹ හැම තැනම හෙව්වා….නැති තැන තමයි මං කට්ටිය එක්ක ආපහු මෙහෙට ආවේ…භානු අයියත් නෑ කිව්වම මට හිතුනා උඹට හම්බෙන්න ඇති අනිවාර්යෙන්ම කියලා…

ආ…ඇත්තද ගොන් හරකි…සේරම කරලා තවත් බොරු කියලා පව් පුරව ගන්න එපා…උඹ නම් මහ පුදුම එකියක්….බලපිය මං පිච්චුන තරමක්…උඹට මාව විහිළුවක්ද….
දැහැම් දෑසේ කදුළු පුරවාගෙන අනූපමාට බැන වදින්නට විය….

මිතුරියගෙන් තවත් මෙය වසන් කල නොහැකිය….
සොරි බං…මං උඹ ඔච්චර අප්සට් වෙයි කියලා හිතුවේ නෑ…මට ඕන කෙලේ උඹවයි භානු අයියයි එකතු වෙනවා දකින්න..

අනූ….පිස්සුද උඹට ආ…..මං එදත් උඹට කිවුවා…ඒ මනුස්සයාට මං ගැන බලාපොරොත්තු දෙන්න එපා කියලා….ඒක කවදාවත් වෙන දෙයක් නෙවෙයි….
දැහැම් තදින්ම පවසන්නට විය…

උඹ එහෙනම් බබ්බු ගහ ගනින්….තාමත් මැරිච්ච අතීතෙම හිටපන්…කවදාවත් පවට පින දෙන්න බෑ…
අනූපමා දැහැමිගෙන් මිදී කෝපයෙන් යන්නට ගියා….

දැහැම් එලෙසින්ම දෑතින් මුහුණ වසාගෙන හඩන්නට වූයේ අනූමාගේ වදනින් ඇගේ සිත කෑලි කැඩී විසිරී යද්දී…..

##නැවත හමුවෙනතුරාවට##

ආදරෙයි හැමෝටම 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *