15. වන කොටස.

මියෙදෙන තුරා.

නැවතත් මහ හයියෙන් සිනාසුනු විජී අයියා රූස්ස ගස් පෙළ අතරින් නොපෙනී ගියා.

*ලොකු බේබී අද උදෙන්ම අැහැරලනේ. මම මේ අැහැරවන්න අාවේ.*

*මට ඉබේම අැහැරුනා ලීලම්මේ.*

* යමු ඒහෙනම් කෑම කන්න. පුංචි බේබිත් ගියා උදේම විභාගයක වැඩකට ගියලා.*

*ඒහෙමද? මට කෑම ටිකක් ගෙනත් දෙනවද ලීලම්මේ. ඔයා ඊයේ රෑත් මට කියවන්න දුන්නේ නෑනේ අදවත් පොත කියවන්න ඔනේ.*

*අනේ අනේ මේ ළමයා. හරි ලොකු බේබී මම ගෙන්නම්.*

අාදරය පිරි සිනහවක් මුව දවටා ගත් ලීලම්මා කාමරෙන් පිටවී ගියා. කුඩා මේසය මත රදවා තිබූ පොත දිගහැර ගත් මා ජනෙල් කවුළුව අසල වූ සුවපහසු අසුනට බර වුනා. සුළු මොහොතින් මා කතා ලොවට පිවිසුනා. ස්වභාව දර්මය හා බැදුනු වර්ණනා නිසා ඒ දර්ශන සිත තුළ චිත්‍රනය වුනා. ඒක වරම මට රාත්‍රියේ දුටු සිහිනය මතකයට අාවේ කතාවෙහි තරුනයා නැවති සිටි පැල්පත අසල වූ දිය අැල්ලේහි උදා අසිරිය පිළිබද වර්ණනාවක් හේතුවෙන්.මගේ සිතට මම චූටි දූ සමග ඒතන සිටිනා සිහිනයෙන් දැකපු අාකරය සිහි පත් වීම නිසා, කතා ලොකයෙන් චූටි දූගේ ලොකයට අාවා.

අනේ පවු අහිංසක දරුවා මම ඒනකන් මග බලනවා අැති. මගේ හිත හඩා වැටුනා. කියවමින් සිටි පොත උකුල මත තබා ගනිමින් මම අෑතක නෙත රදවාගෙන කල්පනා කරන්න වුනා.

*ලොකු බේබී.*

*ලීලම්මේ*

මම, කෑම රැගෙන කාමරයට පැමිනි ලීලම්මා දෙස බලමින් විමසුවා.

*පොත කියවනවද ? කලපනා කරනවද?*

*මට චූටි දූ මතක් වුනා ලීලම්මේ. මම ඊයේ රෑ හීනෙනුත් චූටි දූ දැක්කා. පව් මම ඒයි කියලා මග බලන් අැති.*

ලීලම්මාගේ මුහුන අදුරු වුනේ බලන් ඉද්දී මයි.

*පව් තමයි ඒ දරුවෝ දෙන්නා.*

*මම නොදන්න මොකක් හරි දෙයක් ලීලම්මා දන්නවා.*

*අනේ නෑ ලොකු බේබී මම කොහොමත් දරුවන්ට අාදරෙයිනේ. මම ලොකු බේබීලාව උනත් හදා ගත්තේ මගෙම දරුවෝ වගේ. ඒක ලොකු බේබී දන්නවනේ.*

ලීලම්මාගේ දෙකපුල් දිගේ කදුලු බිදුවක් රූරා අාවා. කෑම ටික කුඩා මේසය මත තැබූ ලීලම්මා අැදේ කොනක වාඩි වුනා.

*අනේ මම දුක හිතන්න දෙයක් කිව්වා නම් සමා වෙන්න ලීලම්මේ. මම දන්නවා ලීලම්මා මට මොන තරම් අාදරේද කියලා. මගෙ අම්මා තාත්තාටත් වඩා ලීලම්මා මට අාරෙයි.*

*ලොකු මහත්තයා ඒහෙම, කැමති වෙන ඒකක් නෑ . ලොකු බේබි ඒ දරුවා බලන්න යනවට.*

*අැයි ඒ ලීලම්මේ*

*ඉස්සර ඔය සුමේධ ළමයා බැදලා හිටිය වික්‍රමසිංහ වලව්වේ තමා මම වැඩ කලේ. මම තරුණ කෙල්ල ඒ කාලේ. මට මතකයි වික්‍රමසිංහ මහත්තයයි. අපේ ලොකු මහත්තයගේ මල්ලියෙක් හිටියා .ඒ දෙන්නා ගජ යාලුවෝ*

*මට මාමා කෙනෙක් හිටියද*

*අා මට අමතක වුනා… ලොකු බේබීට ඒවා කියන්න බෑ මට.*

*අනේ ලීලම්මේ කියන්නකෝ . මම දැන් පොඩි ළමෙක්ද්ද.*

*ලොකු දෙයක් නෙමෙ ලොකු බේබී. ලොකු මහත්තයා ළග නම් ඒ මාමා ගැන කතා කරන්න ඒපා.*

*අැයි ඒ*

*චූටි මල්ලී වගේම පුංචි මහත්තයත් නොඒන්නම රට ගියා. ඒ තරහට ලොකු මහත්තයලා ඒයා මැරුනා කියලා හිතාන දානයකුත් දුන්නා. දැන් මතක් කරනවටත් අකමැති.*

*මම දන්නේ නෑ ලීලම්මා කියනකන් මට මාමෙක් හිටිය බවක් වත්.*

*ඒ ගැන කතා කරන්න තහනම්. ලොකු බේබී මට පොරොන්දු වෙන්න කා ඒක්ක වත් ඒ ගැන කතා කරන්නේ නෑ කියලා.*

*නෑ නෑ ලීලම්මා බය වෙන්න ඒපා. අැයි දැන් වික්‍රමසිංහ පවුලේ අයත් ඒක්ක අපේ ගෙදර අය තරහා.*

*ලොකු මහත්තයලා හිතන් ඉන්නේ ලොකු මහත්තයගේ මල්ලි නාරද වීරසිංහ මහත්තයා නරක් කලේ වික්‍රමසිංහ මහත්තයා කියලා.*

*අනේ මන්දා ලීලම්මේ. මම නොදන්න ලොකු දෙයක් මෙතන හැංගිලා තියේ.*

*ඒහෙම නෑ ලොකු බේබී. ඔවා කල්පනා කරන්න ඒපා. කෑම ටික කන්න. මට වැඩ ගොඩ වෙලා මම යන්නම්.*

ලීලම්මා පිට වෙලා ගියා. මම නොදැන හිටියට වික්ම‍රසිංහ පවුලත් ඒක්ක ලේ නෑ කමක් වල් අැති නැත්තම් නැත වුන චූටී දූගේ අම්මා මම වගේ වෙන්නේ කොහොමද. මේ ගොල්ලෝ තරහා වෙන්නත් ලොකු හේතුවක් අැති. මම කෑම ගන්න ගමන් කල්පනා කලේ මේකේ අග මුල හොයා ගන්න විදියක් .සිගිතිත් ලීලම්මගේ නෑයෝ වෙන දරුවෙක්ලුනේ සිගිති දන්නවා අැති මොනවා හරි. මම සිගිති ඒක්ක කතා කරන්න තීරනය කලා. කෑම කලා මම මිදුල පැත්තට ගියේ සිගිත් වත්තේ වැඩ කරනවා අැති කියලා හිතුන නිසා. මම හිතපු විදියටම සිගිති පාතියක් ලග නැමීගෙන හිටියේ බර වැඩක.

*සිගිතියෝ… වැඩ වැඩීද?*

* නෑ ලොකු බේබීට කර ගන්න වැඩක් තියෙනම් කියන්න.හ්හ්*

සිගිති මා ඉදිරිපස හිට ගනිමින කිව්වා.

*වැඩක් නෙමේ සිගිති මට දෙයක් අහන්න තියෙයි.*

*අහන්න ලොකු බේබී .හ්හ් මොකද්ද?හ්හ්*

*සිගිති දන්නවද වික්‍රමසිංහ වලව්ව.*

*වික්‍රමසිංහ වලව්ව. ඒ කොහෙද අහලා නම් පුරුදුයි. හ්හ්*

*අැයි සිගිති ඒක්ක ලීලම්මා ඒ ගැන කියලා නැද්ද?*

*මොකද්ද ලොකු බේබී. හ්හ්*

*කෝ ටිකක් අරෙහෙට යමු.*

මම වට පිට විමසිලිමත් වුනේ කවුරු හරි අහන් ඉදීද කියලා. අපි දෙන්නා අඹ ගසේ සෙවන යටට ගියා.

*ලීලම්මා කලින් වැඩ කලේ ඒහෙලු තරුණ කාලේ.*
*හරි හරි ඒහෙම ඒකක් කිව්වා තමයි.හ්හ්*

මම ලීලම්මා කිව් සේරම විස්තර සිගිති ඒක්ක කියා සිටියා. ඒ වගෙම වික්‍රමසිංහ පවුලේ ඒකම දරුවා මං වගේමයි. ඒයා දැන් මිය ගිහින් කියලත් මම සිගිති ඒක්ක කිව්වා. සිගිති මුව අයාගෙන අහන් හිටියේ කිසිදා නොදන්නා කතාවක් වගෙයි.

*මම දන්නේ නෑ ලොකු බේබී ඔය වගේ කතාවක්. මට ලීලම්මගෙන්ම මේ කතාව අහන්න වෙනවා.*

*අහලා මටත් කියන්න සිගිතියෝ ලීලම්මා මාත් ඒක්ක කියන්න කැමති නෑ.*

*හරි . හරි ලොකු බේබී.*

සිගිති කුස්සිය පැත්තට ගියේ ලීලම්මගෙන් මේ ගැන අහන්න. මම සිගිති අාපහු ඒනකන් බලන් හිටියේ නොයිවසිල්ලෙන්. පැය භාගයක් පමන බලා සිටියත් සිගිති නොඅාපු නිසා මම කුස්සිය පැත්තට යන්න හිතුවා. සිගිති දර වගයක් අසුරමින් සිටියා.

*සිගිතියෝ පොඩ්ඩක් මෙහාට ඒනවද?*

මම කුස්සියේ දොර ළගට වෙලා කතා කලා.

*මොකද්ද වැඩේ ලොකු බේබී . මට නම් වැඩ වැඩී. ලීලම්මාට කියන්නකෝ.*

*අනේ සිගිතියෝ ඒන්නකෝ කිව්වම.*

*අැයි ලොකු බේබී . මොකද්ද කරන්න ඔනේ.*

ලීලම්මා මා අසලට පැමිණෙමින් අසා සිටියා. මගේ හිතට සිගිති ගැන අාවේ කේන්තියක්. මට හොදටම දැනුනා සිගිති මාව මගාරිනවා කියලා.

*මොකුත් නෑ.*
මම කේන්තියෙන් කාමරය පැත්තට අාවා . සේරම ඒකයි හැමෝම මට මොනවා හරි හංගනවා. මම කාමරයට ගිහින් දොර අගුලු දා ගත්තා. දවස් කීපයක්ම ගියේ, සැකයද සිතේ දරාගෙන. සිගිති මගේ ප්‍රශ්න වලින් මගෑරලා ගියා.

මට නිතරම වගේ චූටී දූ මතක් වුනා. අායෙත් කවදාවත් ඒ සිගිත්තිය මට දැක ගන්නට නොලැබේවී කියලා මට හිතුනා. මම ඒ දුක නැති කර ගත්තේ මරණයට නියම වෙලා ඉන්න මට අලුත් බැදීම් හදා ගන්න බෑ කියලා හිතමින්. පුස්තකාලයෙන් ගෙන අා පොත් කිහිපය නිසා තරම අපහසු තාවයකින් දින ගෙවී ගියා.

* ලොකු අක්කී *

පුංචී නංගී කාමරයට හිස පොවමින් කිව්වා. මම ජනෙල් කවුළුව අසල වූ අසුනෙහි අසුන් ගෙන් පොතකට නෙත යොමාගෙන හිටියා.

*පුංචී නංගී.*

*මොකද ලොකු අක්කී පහළ නොඒන්නේ බලන්න අාවේ.*

*ඔයත් ගෙදර හිටියේ නෑනේ මේ ටිකේ . ඒකයි අාවෙ නැත්තේ පහළට.*

*මම ඒග්සෑම් ඒකේ වැඩ වගයකට ගියා ලොකු අක්කේ.*

*ඒන්නකෝ අැතුළට දොර ළගට වෙලා ඉන්නේ.*

නංගී අත් දාෙක පිටුපසට කරගෙන කාමරයට අාවේ කුමක් හෝ දෙයක් සගවාගෙන. අැගේ මුහුනේ තිබුනෙත් හරිම අහිංසක සිනහවක්.

*මොනවද පුංචී නංගී හංගන් ඉන්නේ.*

ඊ ළග කොටසින් හමු වෙමු….. — 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *