16වන දිහහැරුම 

චිනුයි සෝනුයි දෙන්නා ගෙදර එද්දී අම්මලා හිටයේ මග බලාගෙන….ඒ වෙනකොට චෙනායලාගේ අම්මලත් ඇවිත් තිබ්බා මෙයාලාව බලන්න…..

සෝනුයි චිනුයි එද්දී හවස්වෙලා තිබ්බා…..ඒකනායක මහතා සහ සමරක්කොඩි මහතා ලොකූ කතාවකයි හිටියේ….වාහනේන් බැහැපුගමන් චිනු කළේ තාත්තව දැක්ක නිසා දුවලා ගිහින් ඔහුගේ පිටුපසින් ගෙළ වැළදගෙන කම්මුලක් සිපගත් එකයි…..

තමන්ගේ හුරත්ලේ දැක්ක සමරක්කොඩි මහතාට දැනුනේ අපමණ සතුටක්…..

“මගෙ පැටියෝ….ඉතින් ඉතින් කොහොමද ගමන එන්ජෝයි කළාද හොදට…..?”

“අම්මෝ ඔව් තාත්තී එන්ජෝයිනම් කළා…”

කට කොනකින් වගේ හිනාවෙලා කෙල්ල කීවේ තමන් ඉන්න පැත්තට ඇවිදන් එන සෝනු දිහාත් බලලා…..සෝනුත් ආවා….සමරක්කොඩි කොහොමත් දැන් ඉතින් නමටහරි තමන්ගේ මාමණ්ඩියනේ….

“හායි අන්කල්…..”

කොල්ලා උනුසුම් සිනාවකින් චිනූගේ පියාට අතට අත දීලා සිනාවෙන්ම වාඩි උනා ගල් බංකුවක් උඩින්…

“ඉතින් පුතා….දැන් අන්කල් චැප්ටර් එක ක්ලෝස්….දැං ඉතිම් තාත්තේ කියපන්….”

සමරක්කොඩි මහතා කීවේ සිනාසෙමින්….සෝනුත් එයට සිනා උනා….

“ඒකතමයි අපේ නෝනත් මේ ළගදි අපේ මේ චූටි කෙල්ලටත් කීවේ…”

ඒකනායක කීවේ චිනූ දිහාත් බලන්….

“මං යනෝ අම්මිව බලලා එන්න….”

“හරි දෝණි යන්න යන්න…..අම්මාත් නහයෙන් අඩ අඩ ඉන්නේ පළුයි කිය කිය…..”

කෙල්ල එතනින් මිදිලා නිවසතුලට ගියා….

“ඉතින් පුතා…කොහොමද මේ දවස්වල බිස්නස් එහෙම….”

“හොදයි අන්කල්…..අවුලක් නෑ කෙරීගෙන යනවා…..”

“වෙල් ඩන් පුතා…..අද මම ආවේ විශේෂ කාරණයකටත් එක්කයි පුතා….මම තාත්තාත් එක්කත් මේ ගැන කතා කළා….”

“ඒ මොකද්ද අන්කල්”

කොල්ලා ඇහුවේ කුතුහලයෙන්…

“අපේ බිස්නස් දෙකම එකට යන එකේ….පුතාට පංගාත්තු කරලා ඒකනායක අපේ නිදහසේ ඉන්න එකේ…මටත් හිතුනා පුතා ටිකක රිලැක්ස් වෙන්න…”

“ඒ කීවෙ අන්කල්….”

“ඒ කීවෙද?බිස්නස් දෙකම පුතාලාගෙ ගෲප් එකට දෙන්න හිතුවා පුතා….බගයක් ඔයාගේ නමටයි අනිත බාගේ චිනූගේ නමටයි මම දැනටමත් ලියලා ඉවරයි පුතා…..දැන් ඇති පුතා අපි මහන්සි උනා…..නෝනයි මායි හිතන් ඉන්නේ ලෝන් ට්‍රිප් එකක් යන්න රට වටවටේ….තනියම නෙවෙයි….එකනායකලත් එක්කම…..”

“වට් අන්කල්…..ඔයා කියන්නෙ අපේ තාත්ත නැතුව අන්කලුත් නැතුව බිස්නස් දෙකම මට හැන්ඩ්ල් කරන්න කියලද?”අර බටි ඇටේ ඕවා කරයිද?”

තාත්තලා දෙන්නට හිනා කොල්ලා කියන ඒවට….

“බය වෙන්න දෙයක් නෑනේ….පුතා ටැලන්ටඩ්නේ කෝමත්….අනික අපේ ගෲප් එකක්ම ඉන්නවනේ හොද වැඩ කරන…..එයාලා සපෝට් කරයි……”

කොල්ලා පියවරුන්ට සමුදීලා ආවේ හිතේ බරෙන්න්…කතාවෙ හැරියට මෙයාලා යන්නේ අවුරුදූ ගානකට වගෙයි…..එතකම් චිනු ඉදීද කියලා හිතුනා තමන් එක්ක….

අම්මලාව බලලා කතා කරලා චිනූ ගියේ කාමරේට ඉකමනින් ඇගපත හෝදන් ආයේත් අම්මලා එක්ක හුරතල් වෙන්නයි…..
ඈ කොහොමත් එහෙමය ….
සෝනු කාමරයට එන විට කෙල්ල චේන්ජ් කරගෙනයි හිටියේ….
පුරුදු විදියටම කලුපාට කොට ශෝටකට අත් රහිත තද නිල පාට ටී ෂර්ට් එකකුයි කෙල්ල ඇදලා හිටියේ……..
හැමදාම වගේ හුරතලේට පෙනුනා ඈව….

ඔහුගේ බැල්ම නිසා කෙල්ල හිතූවේ ආයේත් මොනා හරි දග වැඩක් කරන්න හදන්නේ කියලයි…ඒ නිසාම කෙල්ල ටිකාක් සූදානම් උනා…..

“මොකෝ බටු ඇටේ…..හරි බරි ගැහෙන්නේ…..ආ.ආ බය වෙන්න එපා…මායි සෙව්මිනී කතා කරලා විසද ගත්තා…..ආයේ මගෙන් ඔයාට කරදරයක් නෑ……”

කොල්ලා කීවේ ඇත්තටම දුරට වෙලා ඉදන්…..කෙල්ලට පුදුමයි මේ වෙනස් වීම මේ තරම් ඉක්මන්ට….

“මේකා මහ ගංකබරයෙක්නෙ…..ඊයේ රූම් ඒකේදි කීවේ කොහොමද?අර එන ටිකට වෙනස් වෙලානේ අම්මාපා…..පිරිමිනේ චපල වංචාකාරයෝ….”

කෙල්ල හිතුවේ කටත් ඇද කරන්….😏😏😏

“ඇයි අවුල්ද?”

“ආපෝ නෑ…..මොකට අවුල් වෙන්නද?හොදයිනේ මේ මල මගුලෙන් මටත් නිදහස් වෙන්න පුළුවන්නේ…….”

“හාකෝ හාකෝ….”

කොල්ලත් එහෙම්ම කියාගෙනම වොෂ් රූම් එකට රිංගගත්තා……

කෙල්ල එහෙම්ම පහලට ගියා…..එතනදී කෙල්ල දැනගත්තා අම්මලා තාත්තලා හතර දෙනාම ටිකාක් දිග කාලෙකට රටින් පිට වෙනවා කියලා……කෙල්ල උන්නේ මූණ ජම්බුවක් වගේ රතු කරන්…..

“දෝණි…….අපි ටික කාලෙකින් එනවා….අනික ඔයාට තනි නෑනේ…..සෝනූ ඉන්නවානේ හැම දේකටම……”

එහෙම කියද්දී කෙල්ලගෙ මුව ගොළු උනා…….
සෝනුත් සද්ද නැතිවම බලන් හිටියා වෙන දේවල් දිහා…..

රාත්‍රී ආහාර ගෙන ගමන ගැනත් කතිකා කරගෙන සමරක්කොඩි පවුල පිටව ගියේ මධයම රාත්‍රියත් පසුවීය…….

මවට පියාට සමු දී කෙල්ල කාමරයට දිව ආවේ මහත් දුකෙන්….සෝනූගේ අම්මා චිනූව දෑසින් පෙන්නූ නිසා සෝනුත් කාමරයට ගියා….යනකොටත් කෙල්ල මූණ කොට්ටේ ඔබාගෙනයි හිටියේ…

“චිනූ නැගිටින්න…..නැගිටින්න……”

“බෑ…..බෑ……..බෑමයි……”

“අහන්න ළමයෝ එයාලා ගියාට ආයේ එනවනේ……ඒ නිසා කෝ නැගිටින්න….”

කොල්ලා කතා කළේ ඈව ඔසවන්නට උත්සාහා දරමින්…ඒත් ඈ හිස එසෙවුවේ නෑ…

“බෑ මට ඉන්න දෙන්න….අනේ අයියේ අම්මලාට කියන්නකෝ….ඔයා සෙව්මිනීට කැමතී….ඒ නිසා මාවත් අරන් යන්න කියලා……..ප්ලීස්…..”

චිනූ කීවේ අඩ අඩ…..සෝනූ කොහොම හරි කෙල්ලව ඔසවලා තමන්ගෙ පැත්තට හරවන් නිකටින් අල්ලලා මූණ එසෙවුවා……
ඒ මූණ රතු වෙලා කදුඅලු වලින් පෙගිලයි තිබ්බේ….

“මට ඒක කියන්න බෑ චිනූ…..මට නෙවෙයි ඔයාටයි සෙව්මිනී මට පට්ටල් කරන්න ඕන උනේ…..දැන් ඒක හරිනේ…….ඒත් ජීවිතේම අපි වෙනුවෙන් මහන්සි වෙලා මේ මිනිස්සු ටිකක නිදහස් වෙද්දී මට බෑ මේ මගුල් දාලා ඒ ඔළු අවුල් කරන්න….ඔයාට පුළුවන්නම් කරන්න..
..”

කොල්ලා කියද්දී කෙල්ල අසරණ උනා……ඔහු කියන්නේ ඇත්ත නේද කියලා හිතුණා…..මෙහෙම දෙයක් කීවොත් ඒ හිත් මොනතරම් රිදෙයිද කියලා හිතුනා……කෙල්ලට දැනුනේ දරාගන්න බැරි දුකක්….

එහෙම්ම ටිකක් හිටපු කෙල්ල අඩාගෙනම සෝනුගේ පපුව වැළද ගත්තා…..සෝනුට පෙනුනේ ඉකිගසන නිසා ඉහල පහල යන කෙල්ලගේ උරහිස් දෙකයි…….ඔහුගේ ෂර්ට් එක තෙත් උනා ඒ කදුළු වලින්…….

“අනේ ඔයාට සෙව්මිනීහරි ඉන්නවා…ම්…ම්…ට .ක්..කවුරුත් න්….නෑ……”

කෙල්ල කීවේ ටිකක් මූන උස්සලා කොල්ලගේ බෙල්ල මුල අයේත් මූන හංගගන්න ගමන්…..කොල්ල එහෙම්ම ටිකක ඇදේ ඒහායින් කෙල්ල වාඩිවෙලා හිටපු නිසා ඇගේ ඉනෙන් උස්සලා තමන් ළගටම අරන් වාඩි කරගත්තා….
ඒත් එක්කම කෙල්ල කකුල් දෙක දෙපැත්තට දාලා හොදට කොල්ලගේ උකුලටම ඇවිත් බෙල්ල බදාගත්තා………ඔහු එහෙම්ම ඈට ඉන්න දුන්නා.
….කෙල්ලගේ කදුලු සෝනූගේ බෙල්ලට හොදාට් දැනුන

කෙල්ල මොහොතකට ලෝබ හිතුනා සෙව්මිනී ට සෝනුව දුන්නු එක ගැන………..ඒත් එහම ඒ හැගීම යටපත් කරගත්තා….

ටික වේලාවක් අඩ අඩම ඉදලා කොල්ලාගේ ගෙල බදාගෙනම කෙල්ලට නින්ද ගියා…..

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

……….🌸🌸මතු සම්බන්ධයි 🌸🌸…….. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *