16

අචින්තයි අපේ ආදරේ
16
මට ඉතින් උනොත් වෙන්නෙ ඔය වගේම දෙයක් තමයි..මදැයි කොහෙද යන පිස්සෙක්ව බලන්න ගියා….ඇති නෙ දැන් කරගත්තා. .
අපෙ ඇනෙක්ස් එකට ගිහින් බෑග් එක තියලා එහෙම්ම ආවෙ පබාලගෙ ඇනෙක්ස් එකට..ඇයි මන් මෙයා කියන කියන දේම කරන්නෙ කියලා ඇත්තටම මට නම් තේරෙන්නෙම නෑ..ඒත් ඒ ඇස් දිහා බලාගෙන බෑ කියන්නත් මගෙ දිව නැමෙන්නෙ නෑ..ඒකෙත් හැටි..
මන් උයන්නත් ඕනී එතකොට මෙයාගෙ රෙදි සෝදන්නත් ඕනී…හුම් හුම් හුම්…
මුලින්ම ගියෙ පබාගෙ රූම් එකට..මේකේ ගද ..පුස් ගදයි..ජනේලෙකුත් තියෙනවා..අරින්න වත් බෑද මෙයාට..කොහොමත් මෙයා උදේ වරුවක් දකින කෙනෙක් යැයි…ඔක්කොටම කලින් මේ ජනේලේ අරිමු…
දැන් හරි..වෙලාව කීයද තුනයි .හරි නම් මේ වෙලාවට නන්ගි මල්ලයි ඇවිත් ඉන්න ඕනී..අද එයාලාට ක්ලාස් වෙන්නැති සමහර විට..
කෝ බලමු මෙයාගෙ හෝදන්න තියෙන ඇදුම්..අම්මො මේක නිකම් කුනු කන්දක් වගෙ..තරහට අල්මාරියම බිම දාලද මන්දා..හෝදපු ඒවායි නැති ඒවායි හිඹ හිඹ හොයන්නයැයි…
මන් එකින් එක ඇදුම් තේරුව..අයියො මේ තියෙන සමාර ඒවා…මේවාත් මන් හෝදන්න ඔනිද…මීට ලේසියි මන් මෙයාට මේ වගේම ටී එකක් අරන් දුන්නනම්….
ඇදුම් සේරම වොශින් මැශින් එකට දාලා මන් කුස්සියට ගියා..මොනාද දැන් උයන්න තියෙන්නෙ…
අයියො මුකුත්ම නෑනී..සෝයා පැකට් එකකුයි..සුප් කැටේකුයි තියෙනවා..හාල් වත් තියේද බලමු..
හා මේ තියෙන්නෙ..ඉස්සෙලම බත් උයමුකො…ගෙදර මුකුත්ම නැති දාට අප්පච්චි අපිට හදල ත්ව්ම්පරාදු බත් එක හදමු…
මුලින්ම හාල් සෝදලා වතුර තියලා බත ඉදෙන්න තිබ්බා..දැන් ටෙම්පඩ් මිශ්ච එක හදමු..ඉගුරු,සුදුලූනූ,කරපින්චා,ලූනූ හීනීයට බැදලා තෙලට දැම්මා..හරි..ඔය බැදෙන්නෙ අපූරූ සුවදකුත් එක්ක…මේක ඉදෙන බතට දාලා,කහ චුට්ටකුයි,සුප් කැටෙත් දෑවා…හොදටම තැන්බුනාම දෙහි කොල ටිකක් උඩින් දාන්න ඕන..මෙහෙ…ආ හරි මෙහෙ බැල්කනි එකෙ පුන්චි නාරම් ගහක් තිබ්බා..ඔන්න ඒකත් හරි…සෝයා එකත් රෙඩි…
අයියො මේ ටී එකේ පැල්ලම් ගිහින් නෑ නී ඉන්න හම්බෙන්නෙ නෑ මට…හොදයි මේක ගැන පස්සෙ හිතමු…උදේ රූම් එකට ගිය වෙලේ දැනුනු සිතුවිල්ල දැන් වැඩේට නන්වමු
දැන් ඉතින් මෙයාගෙ මේ ගද කාමරෙත් අස් කරලා දාමූ..මැට්ටා කෝම නිදාගන්නවද මන්දා මේක..පව් සුමනාම්මටත් වෙලාවක් නැතුව ඇති..අනික ඉතින් මෙයා කෝමත් මේ දොර වහගත්තු ගමන්මනි ඉන්නෙ..
රූම් එකත් ෆුල් කීලීනප් එකක් දුන්නා..දැන් හරි..තාම පහටත් නෑ..මන් ඉක්මනට වැඩෙ කරලා…දැන්නම් මහන්සිත් එක්ක..මන් එහෙම්ම සාලේ සෙටියෙන් ඇලවුනා..ඇස් පියාගෙන මන් මේ මැට්ටෙක් නිසා විදින දුක් ගැහට ගන කල්ප්නා කලා..මේ මැට්ටා මට කොච්චර නම් වද දෙනවද..ඒත් ඒ කිසි දේකට මේ හිත රිදෙන්නෙ නැති එකනම් මටම පුදුමයි..
කොයි වෙලෙ නින්ද ගියාද..කොයි වෙලේ පබා ආවද මන් නම් දන්නෙ නෑ…
දඩි බිඩි ගාලා ඇහරුනෙ ලයිට් වත් දැම්මෙ නෑනී කියලා මතක් වෙද්දියි..පුරුද්දට ලොකු ඇනූමක් ගියෙ අපෙ ඇනෙක්ස් එකෙ කියලා හිතාගෙන..අහ් මෙ පබා ලගෙ ඇනෙක්ස් එකනි..
ඒත් මන් නිදා ගත්තෙ නම් සෙටි එකෙනෙ..දැන් ඉන්නෙ ඇදේ..මන් දැනන් උන්නෙ නෑ නෙ නින්දෙන් ඇවිදින පුරුද්දක් මේ මට තියෙනවා කියලා..අවුල් උනු හිසකෙ එක ගුලියකට ඉස මුදුනට කරලා බැදන් මන් සාලෙට ගියා…
අහ් කුමාරිහාමි නැගිට්ටද..
ඔහ් මෙයා ඇවිත්…බතුත් කනවා..
මේ මෝඩි ඔය කට වටෙ පිහා ගන්නවා..
මොකක්..
කුනුකෙල..ඊයආ..
අයියො ඇත්තටම එහෙමද..ඇති වෙච්චි ලැජ්ජාවට මන් එහෙම්ම වොශ් රූම් ගිහින් මිරර් එකෙන් බැලුවා..අනෙ මෙයාගෙ බොරු..නිදාගත්තු නිසා මූන තඩිස්සි වෙලා මිසක් වෙන අවුලක් නෑ..
මූන සෝදන් ආයෙම එද්දි මෙයා තාම බත් කනවා..අනෙ මන්දා කොල්ල්කෙට මෙච්චර වෙලා යනවද බත් කන්න…
පබා මන් යන්නම්..
හුම් ඔහොම ඉන්නවා තාම ඉවර නෑ..වැඩ..
අනෙ ..මට වැඩ තියෙනවා පබා
තියෙනවා තමා මෙහෙ එනවකො..
එයා කාලා ඉවර උනු ඉදුල් පිගාන මට දික්කලා..
පබා
ම්ම්
රසද
හපෝ ..බඩගින්නට කෑවා මිසක් මෙලෝ රහක් නෑ..අපාරාදෙනෙ අර අපේ හාල් ..ආච්චම්මා කියලා තියෙන්නෙ ගත්තුඑක කාපන් කියලා ඒ හින්දා කෑවා මිසක් මේ චූටීවත් කෑවෙ නෑ..
චූටිත් මන් දිහා ආඩම්බර විදියෙ බැල්මක් දැම්මා..වරෙන්කො චූටියෝ පබා නැති වෙලේක..
ඕකත් හෝදලා අර රයිස් කුකර් එකෙ බාජනෙත් හෝදනවා මෝඩී..තේ එකකුත් ඕනී මට..
ඔන්න දැන් නම් මට යකා නගිනව..මන් මෙයාගෙ වැඩ කාරි නෙමී නෙ..මෙයා කියන කියන දේ කරන්න…
මට බෑ බෑ මයි..හෝදගන්නවා තමුන්ම..
මොකක් කීවෙ..බෑ
ඔව් බෑ..
මන් පබාගෙ පිගානෙ ආයෙ එයාගෙ අතටම දුන්නා..මේ වැඩ කරන්න තියෙන අකමැත්ත නෙමී..පබා බත් රස නෑ කියපු දුක..මන් දන්නවා…
පබා නැගිටලා මගෙ ලගට ආවා..
දැන් එතකොට බෑ නී..
ඔව් බෑ බෑ බෑ මයි
එලුච්චියෙක් වගෙ..අන් විතරයි අඩු
ඔව් මට අන් විතරයි අඩූ ඒකනි කොයිවත් යන ..
නෑ මන් ඉතුරි ටික කියන්න ගියේ නෑ..පබා ඇත්තටම කොහිවත් යන කෙනෙක්ද මට..
මෙහෙ එනවා මෝඩ එලිච්චි
පබා මාව ඇදන් කුස්සියට එක්කන් ගියා..රයිස් කුක එක ඇරලා පෙන්නුවා..මේක මේකේ එක බත් ඇටයක් වත් නෑනී..
දැක්කද
ම්ම්ම්
කියනවා..දැක්කද
ඔව්..
මන් ඔක්කොම කෑවා රසයි..මටත් කියලා දෙන්න මේ බත් එක හදන හැටි..
හුම්
හුම් නෙමි හා..
හා
හා නෙමි ඕකේ කියනවා
ඕකේ..
මන් ඔක්කොම කෑවා..මෝඩ එලිච්චි මන් එද්දි නිදි..තෑන්ක්ස් ඔක්කොටම..
හුම් වෙල්කම්
මන් කරපු වල්කමක් නෑ..
මන් පබාට ඇදකලා..සේරම ගිලලා මෙතන මට බොරු කියපු හැටි..
මන් දැන් යන්නද
ඔහොම ඉන්නවා
ඒ පාර මොකද..
ඔය ඇදුමෙ දැලබුවෙක්..
අහ් අනෙ අයියො අයින් කරන්න..ප්ලීස් ප්ලීස්..
අම්මො නයෙක් ඉන්නවා වගේනේ..ඉන්නවා ඉන්නවා…
පබා මගෙ උරහිසට අත තියලා හිමින් ශිපර් එක දැම්මා..
ඒ කියන්නෙ ගවුමෙ ශිප එක ඕපන් වෙලා තිබිලා තියෙන්නෙ..
කවුරුත් නැති තැනක කෙල්ලෙක්ගෙ ශිප ගලෝන කොල්ලො අතර මේ පබා..මන් ප්බාට තෑන්ක්ස් කලා
මෝඩ එලිච්චි…දැන් යනවා..තව රෑ වුනොත් යාලූවො බය වෙයි..
හ්ම්ම්
ආ ඔතන තියෙන බෑග් එක අරන් යනවා..
මොනාද
මොනාහරි අරන් යනවා මෝඩී..දවල්ට කාලත් නැතුව මෙතන ආවා වැඩ කරන්න..
මන් යන්න කලින් අර මගෙ අතින් තීන්ත හැලුනු ටී එකත් ඒ බෑග් එකටම ඔබා ගත්තා…මෙයා දැක්කොත් මට විසුමක් වෙන්නෙ නෑ..
මොනාද මේ බෑග් එකෙ…
අහ් නෙ ටොපි වගයක්..රට ටොපි..මෙයාට මාවත් මතක් වුනා එහෙනම්..
–මතු සම්බන්දයි—- 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *