16

“අනේ විජේ..ඇයි අපේ දරුවන්ට මේ වගේ විනාශයක් උනේ….අනේ බලන්නකෝ අපේ කොල්ලා දිහා..අනේ මං කොහොමද මේ දේවල් බලාගෙන ඉන්නේ..මගේ කෙල්ලට ඇයි මේ වගේ දෙයක් උනේ.අනේ ඇයි විජේ අපිට මෙහෙම උනේ…”
“ජීවිතේ හැටි මෙහෙම තමයි ශ්‍රියා…”
“අනේ දෙයියනේ මගේ දරුවා…”

“ඔයා මාව දාලා ගියාද රත්තරං ..නෑ නෑ..මේ ඔයා නෙමෙයි…ඔය නෙමෙයි නේද..ඔයා කොහොමද මාව තනිකරලා ගියේ..නෑ.නෑ..මේ සේරම බොරු…ඔයා එහෙම යන්නේ නෑ..මං දන්නවනේ ඔයා මට ආදරෙයි කියලා..ඔයාට මං නැතුව ඉන්න බෑනේ..ඉතිං ඔයා කොහොමද මේ තරම් දුරක් තනියම ගියේ..මට ඔයාගේ මූණවත් බලන්න දෙන්නේ නෑනේ..හිරු..නගිටින්නකෝ..මේ බලන්න..මං අඩනවා..ඔයාට දුකයි නේද..ඉතිං ඇස් ඇරලා මගේ දිහා බලන්න..ඇයි ඔයා මේ තරම් ගෙදර එන්න පරක්කු..මට පාලුයිනේ..ඉක්මනට එන්නකෝ….”සංකේත්ගේ හිත කැගහලා කියන මේ දේවල් පිට කාටවත් ඇහෙන්නේ නෑ..දවස් තුනක් තිස්සේ එක දිගට සංකේත් මේ මිනි පෙට්ටිය දිහා බලන් ඉන්නවා..සංකේත් තාමත් විශ්වාස කරන්නේ නෑ එයාගේ හිරුනි එයාව දාලා ගියා කියලා…හිරුනි එදා ගෙදරින් එළියට බැහැලා ගිහින් තියෙන්නේ ආයේ නොඑන්නම කියලා…හිරුනි ඩ්‍රයිව් කරගෙන ගිය කාරෙක හොයාගෙන තිබුනේ කන්දක් පල්ලෙහා ගිනිගන්නකොට…පාරේ ගිය ටිපර් එකක හැප්පිලා කාර් එක පල්ලමට පෙරලිලා තිබුනා…හිරුනිගේ බෙල්ලේ තිබුන හිරුනිගේ තාත්තා හිරුනිට දීපු මාලේ නිසා තමයි සංකේත් පිළිගත්තේ එතන හිටියේ හිරුනි කියලා….හිරුනි එයාව දාලා ගිහින් කියලා සංකේත්ගේ කණ් දෙකට ඇහුන වෙලාවේ ඉදන් සංකේත් වචනයක්වත් කතා කරේ නෑ..බලාගත්ත අත බලාගෙන ඉන්නවා විතරයි…හරියට පිළිමයක් වගේ..වෙනසකට තිබුනේ ඉවරයක් නැතුව ඇස්වලින් කඩන් වැටෙන කදුලු විතරයි….හිරුනිගේ අවසන් කටයුතු කරන වෙලාවේවත් සංකේත්ගේ හැසිරීමේ වෙනසක් උනේ නෑ…..හිතක් පපුවක් නැති ගල් පිළිමයක් වගේ සංකේත් ඒ දේවල් දිහා බලන් හිටියා..ගෙදර අය ඔක්කොටම වඩා බය වෙලා හිටියේ සංකේත්ගේ මේ හැසිරීමට…

“ලොකු පුතේ…බත් කටක් කාලා ඉන්නකෝ රත්තරං..අනේ පුතේ මේ බලන්නකෝ..එක බත් කටක්..කෝ කට අරින්න…..”

ගෙවුනු මාසේ පුරාවට ශ්‍රියානි දවසේ වැඩි හරියක් කලේ සංකේත්ට බත් කටක් හරි කවාගන්න උත්සහා කරන එක.ඒත් අදත් වෙනසක් නෑ..සංකෙත් ශ්‍රියානි දිහා බලාගෙන ඉදලා ආයෙත් අහක බලාගත්තා..හිරුනි එයාගේ ජීවිතෙන් ගිය දවසේ ඉදන් සංකේත් ජීවත් වෙන්නේ කොහොමද කියලා එයාවත් දන්නේ නැ…කොයි වෙලාවෙත් හිරුනිගේයි එයාගෙයි වෙඩින් ෆොටෝ එක දිහා බලාගෙන සංකේත් අඩනවා …ඇස්වලින් මොනවදෝ කිය කිය ෆොටෝ එකත් එක්ක කතා කරනවා..සමහර වෙලාවට ඒ දිහා බලාගෙන හිනාවෙනවා..එහෙම තමයි එයාගේ ජීවිතේ ගෙවුනේ..හිරුනි මේ ගෙදරින් ගියේ ගෙදර හැමෝගෙම සතුට උදුරගෙන..සදීපගෙ උනත් තිබුන දඩබ්බරකම් නැති උනා..එයත් හුදකලා ජීවිතේකට හුරු උනා..ශ්‍රියානි සැරින් සැරේ අසනීප වෙන්න ගත්තා..විජේවර්ධන උනත් හිටියේ කියාගන්න බැරි තරම් වේදනාවකින් … ..සතුට පිරිලා ඉතිරිලා තිබුන පවුල කෑලි කැලි වලට කැඩිලා බිදිලා විසිරිලා ගිහින්..හිරුනි ගෙදරට ආපු දවසේ මේ ගෙදර තිබුන සතුට දෙගුණ තෙගුණ උනා වගේම එයාගේ වෙන්වීම මේ ගෙදර සතුට සම්පුර්ණයෙන් ම උදුරගෙන ගිහින් තිබුනා..

“ආන්ටි..තවත් මේ දේවල් මෙහෙම වෙන්න දෙන්න බෑ..අපි මොනවාහරි කරන්න ඕනි…මාස දහයක් තිස්සේ බලාගෙන ඉන්නවා..එත් සංකේත්ගේ කිසිම වෙනසක් නෑ..බෙහෙත් වලින් ඇති වැඩකුත් නෑ..”
“මං මොනවා කියලා කරන්නද දරුවෝ..මට තේරෙන්නේ නෑ..අන්තිමට මේ ළමයා මානසික රෝගියෙක් ගානටම වැටුනනේ….”
“සංකේත් හිරුනිට ආදරේ කරපු තරමටත් වඩා වැඩියෙන් අද විදවනවා….”
“අනේ ඇයි පුතේ සුදු දූ අපිව මෙහෙම අසරණ කලේ…”
“මටත් තේරෙන්නේ නෑ නැන්දේ..ඉපදුනු දවසේ ඉදන් දුක් විදලා ඒ කෙල්ල ජීවිතේ විදින්න ගත්තා විතරයි..ඒත් ඒකටත් ඒ කෙල්ලට වාසනාව නැති උනා….”
“මගේ කොල්ලා මේ විදිහට විදවනවා මට බලන්න බෑ පුතේ…”
“නැන්දේ..සංකේත්ව මේ දේවල් වලින් ටිකක් ඈත් කරොත් මොකද…සංකේත් ගොඩක් ආසයි පේරාදෙණිය පැත්තට…එහෙ මගේ යාලුවෙකුත් ඉන්නවා..උගෙනුත් උදව්වක් ගන්න බැරි වෙන එකක් නැ…..නැන්දා කැමති නම් මං ටික දවසක් සංකේත්ව එහෙ එක්කගෙන යන්නම්…”
“ඒත් පුතේ මං කොහොමද මේ විදිහට මගේ කොල්ලාව යවන්නේ..”
“වැඩි දවසකට නෙමෙයි ආන්ටි..සති දෙක තුනකට…මට පුලුවන් සංකේත්ව බලාගන්න..”
“අනේ මන්දා පුතේ..මං අංකල්ගෙනුත් අහලා කියන්නම්…එත් මට බයයි පුතේ..”
“බය වෙන්න එපා නැන්දේ..”

තරිඳුගේ යෝජනාවට අකමැත්තෙන්හරි කැමති වෙන්න විජේවර්ධනට සිද්ද උනා..ඒ සංකේත් මේ විදිහට විදවනවා බලාගෙන ඉන්න එක තවත් විජේවර්ධනට ඉවසන්න බැරි උන නිසා..තරිඳු සංකේත්වත් එක්කගෙන පේරාදෙණියේ ගියා..ඒ යනකොට තරිදුගේ යාලුවා පේරාදෙණියේ ගාර්ඩ්න් එක ළගට වෙලා බලන් හිටියා..

“අඩෝ මචන්..උඹ ආවද..”
“ඔව් නාලක..කොහොමද මං කියපු වැඩේ….”
“මං උඹ කියපු විදිහටම මේ ළගක උඹලාට නවතින්න තැනක් හොයාගත්තා බන්..මේක මං අදුරන තැනක් බන්..හැබැයි පොඩි ප්‍රශ්නයක් තියනවා..”
“ඒ මොකද්ද..”
“මේකයි බන් ඒ ගෙදරත් කලින් දවස්වල පොඩි පොඩි කරදර වගයක් උනා..ඉතිං උඹට තේරෙනවනේ බං..ගෙදර මිනිස්සු නම් වැඩිය උඹලත් එක්ක සම්බන්ධ වෙන එකක් නැ…”
“අඩෝ ඒක අවුලක් නෑ බන්..අපි යමන්..මූට දැන් මහන්සිත් ඇතිනේ…”
“හරි බන් යමන්.”

නාලක සංකේත්වයි තරිඳුවයි එක්කගෙන ඒ ගෙදරට ආවා..කාර් එක ගෙට් එකෙන් ඇතුලට දාලා නාලක ගිහින් ගෙදර බෙල් එක ගැහුවම ටිකක් වයසක පෙනුම තියන පිරිමි කෙනෙක් ආවා ඉස්සරහට…

“ආ මේ පුතානේ…”
“ඔව් අංකල්…”
“ඉතිං ඉතිං…මේ කවුද…”
“අංකල්..මේ තමයි මං අර කිව්ව යාලුවො දෙන්නා..”
“ආ මේ ඒ දෙන්නද..”
“තරිදුවා මේ තමයි මිස්ටර් අමරසිංහ..”
“අංකල් මං තමයි තරිඳු ..එතකොට මේ සංකේත් ..”
“ඔව් පුතා..මං දන්නවා..නාලක පුතා මට විස්තරේ කිව්වා…එන්න එන්න..ඇතුළට ගිහින්ම කතා කරමුකෝ…ඉදගන්නකෝ පුතේ..”
“ආ හරි අංකල්….”
“සුමනෝ..සමනෝ…”
“ඇයි අපේ මහත්තයා…”
“සුමනෝ මේ මහත්තයලට බොන්න මොනවහරි අරන් වරෙන්…”
“හා මහත්තයා..”
“ඉතිං පුතේ දැන් මොනවද මගෙන් වෙන්න ඔනි..”
“අංකල් ඇත්තටම ටික දවසකට මෙහේ නවතින්න හිතාගෙන තමයි අපි ආවේ..ඒක මගේ යාලුවට වෙනසක් වෙයිනේ…”
“හ්ම්ම්..ඔව් පුතා..ඔයාලට කැමති කාලයක් මෙහෙ ඉන්න ..මහේ වයිෆ් නම් මේ දවස්වල ලංකාවේ නෑ..සුමනාට කියන්නම්කො මං අඩුපාඩු බලන්න කියලා..”
“ආ මහත්තයා මේ බීම ටික බීලා හිටියා නම්…”
“සුමනා..මේ මහත්තයලට ඉන්න කාමරයක් ලැස්ති කරලා දෙන්නකෝ..”
“හා මහත්තයා..
“තාත්තී…කො ඔයා…අපි යමුකෝ…..”

සුමනා එතනින් යනකොටම ඒ ඇහුන කටහඩට මෙච්චර වෙලා කිසිම හැගීමක් නැතුව අරමුණක් නැතුවට ඔහේ බලාගෙන ඉදපු සංකේත් ඉදගෙන ඉදපු තැනින් නැගිට්ටුනා…ඇස්වලට කදුළු පිරුනා..සංකේත් විතරක් නෙමෙයි..තරිදුටත් එහෙමයි..බිබී ඉදපු බීම එක පිටිගිරියේ ගිහින් බීම වීදුරුව ඇගෙත් හැලුනා..තත්පර කීපයකට කලින් ඇහුන ඒ වචන ටික කණ් දෙකේ දෝංකාර දෙද්දි සංකේත් ඒ කටහඩ ආපු පැත්තට හැරුනේ ඒ කවුද කියලා බලන්න….

මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *