17වන දිගහැරුම

දින සති ගෙවිලා ගියේ සෝනුගේත් චිනූගේත් අම්මලා තාත්තලා විදේශගත වන දින ළංකරලා…..චිනූ හිටියේ ලෝකු දුකක් තද කරගෙන….ඒක පෙන්නන්න ගියේ නෑ අම්මලා තාත්තලාගේ සතුට නැතිකරන්න බැරි නිසාම..

මේ ටික දවසට චිනූ ලොකු කෙල්ලෙක් වගේ හිතන්න පටන් අරන්….දුක හංගගන්න ටිකක රණ්ඩු අඩු කරගන්න ඈ උත්සාහා දරණවා….පුළුවන් තරම් සෝනූ කෙල්ලගෙන් ඈතිනුයි හිටියේ…මොකද සෙව්මිනී නිසා ….මේක චිනූට ය්හේරුන නිසාම කෙල්ලත් සෝනුට වද නොදී ඉන්න තීරණය කළා ….

කොහොම කොහොම හරි රණ්ඩු වෙන්නහරි චිනූත් එක්ක ළං උන සෝනු චින්නුගෙන් හිතලාම ඈත් උනා….

මෙහෙම ටික දිනක් ගතවෙද්දී චිනූගේත් සෝනුගේත් අම්මලා විදේශගත උනේ චිනූවත් සෝනුවත් මේ රටේ තනිකරලා දාලා….

චිනූ හිටියේ කියාගන්න බැරි දුකකින්….

අම්මල නැති පළුව නිසාම කෙල්ල ඔහේ කාමරේට වෙලා ඉදලා ටිකක එලියට බැස්සේ ගාර්ඩ්න් එකේවත් ටිකක් ඇවිදින්න හිතන්….
අම්මා ඉන්නකොට ගාර්ඩ්න් එක ගොඩාක් ලස්සනට තිබුනා….ඒත් ගෙදර වැඩත් එක්ක ලීලාට මේවට යොමුකරන්න කාලය ටිකාක් අඩුනිසා මල් පාත්තිවල වල් බිහිවෙමින් තිබ්බා….

පාළුවෙන් ඉන්න එකේ මේ ටික සුද්ද කරන්න ඕන කියලා ක්කෙල්ලට හිතුනු නිසාම දුවලා ගිහින් තමම් ඇදලා හිටපු ගවුම උනා දාලා කොටකලිසමකුයි ටී එකකුයි දාගෙන අත්මේසුත් දාගෙන පොඩි මුල්ලුවක් බාස්කට් එකක් වගේ ඕන බඩු මුට්ටුත් අරන් ඇවිත් මල් පාත්ති සුද්ද කරන්න ගත්තා….

සෝනු ඉහළ මාලයේ බැල්කනියේ අත් වැටට බර දීල මේ දිහා බලන් හිටියා….කෙල්ලනම් මේ බවක් දැක්කේ නෑ…කොල්ලට හිනා…😄😄පාළුව මකාගන්න කෙල්ල විදින වෙහෙස දැකලා….ටික වෙලාවක් යද්දී දැක්ක දෙයින් කොල්ලාට තවත් හිනා….කෙල්ල ඇදන් හිටි ටී ශර්ට් එකේ කර ටිකාක් කපලා නිසා ඇගේ ලැම මදක් නිරාවරණය වෙලයි තිබ්බේ….එතනින් ඇස් අහකට ගත්ත කොල්ලා පොඩි කොලොප්පමක් කරන්නයි හැදුවේ…..😉😉

වටපිට බලද්දී සෝනු දැක්කේ මල් පෝච්චියක් අලංකාර කරන්නට යොදා තිබූ කුඩා ගල් කැට ටිකක්…මේවහෙන් ටිකක් ගත්ත කොල්ලා එල්ලය බලලා කෙල්ලගෙ ලැම දෙස ඉලක්ක කළා….දැක්කොත් ව්ව්න දේවල් වලටත් කොල්ලා ඉටිම් මූන දෙන්න බලාගෙනයි හිටියේ….

සෝනුට පුළුවන් හොදට ඉලක්කය ගන්නට…..ගල් කැටය ගොස් වැටුනේ චිනූගේ ටී ෂර්ට් එක ඇතුලටයි…..කෙල්ල වට පිටත් උඩත් බැලුවා…සෝනු ඉක්මන්ට කනුවට මුවා උන නිසා චිනූට කවුරුත් නුදුටු නිසා නැවතත වැඩේට අවදානය යොමු කළා….

ටිකක වෙලා ගිහින් කොල්ලා ආයෙත් ගලක් විසි කලා කෙල්ල බලද්දි කදුරුත් නෑ….චිනූට තේරුණා මේක අහම්බයක්නම් නෙවෙයි කියලා ….ආපු ගල් කැටේ අරන් බැලුවම කෙල්ලට තේරුනා වෙන දේ….ගනන් ගන්නේ නෑ වගේ ඉදලා කෙල්ල හිමීට උඩට නැග්ගා….

කොල්ල කනුවට මුවා වෙලා පහළ බලනවා…කෙල්ලට හිනා ….😂😂😂

“මෝඩ ගොන් හිවලා මාව හියනවා ඇති….මේකා කරන නසරානී කැත වැඩවල තරම……”

මෙහෙමභිතන ගමන්ම චිනු එක පාරටම කෑගහගෙන ගිහින් සෝනුගේ බෙල්ලේ එල්ලුනා…උන දෙයින් තිගැස්සුන සෝනු චිනූවත් අල්ලගෙන පහළට නොවැටී බේරුනේ අනූනවයෙන්….

“මෝඩ ගොන් වැස්සී….පහළට වැටුනනම් එහෙම….”

කොල්ලා කීවේ කෙල්ල්ව වැළදහෙන ටිකක් එහාට පනින ගමන්….

“එහෙ ඉටිම් අපි දෙන්නමනේ….අවුලක් නෑනෙ…..”

කෙල්ල කීවේ එකපාරටම කටට ආව දේ….ඒත් ඒකේ බරපතලක ටිකක් චිනූට තේරුණේ සෝනූගේ මූණ හැගීම්බර වෙද්දියි…..

කොල්ලා කෙල්ලගෙ ඉනෙන් අල්ලගෙනයි හිටියේ….ඒ ඉරියවුවෙන්ම සෝනු චිනූගේ බෝල ඇස් දිහාම බලාගෙන හිටියේ….චිනූට මුකුත්ම කියාගන්න බැරි උනා ඒ ඇස් දිහා බලාගෙන ඒ නිසාම ඉක්මන්ට ඇස් බිමට හරවගත්තා චිනූ….

“නංගී අයේ කියන්න ඒ කියපු එක…ආ යූ සීරියස් චිනූ?”

කොල්ල අහුවේ හැගීම්බරව….කෙල්ලට දැනුනේ අමුත්තක් හිතට….ඒත් හිත් වෙහෙස කරන්න ඕන උනේ නෑ කෙල්ලට….සෙව්මිනී බලන් ඉන්න නිසාම සෝනු වෙනුවෙන්…..කෙල්ල ඉක්මන්ට සෝනුගෙන් නිදහස් උනා…..

“ඔව් සීරියස් තමයි….හහ් මම විතරක් තනියෙන් මැරෙන්න ඔනෙයෑ….”

කෙල්ල කීවේ එතන තිබ්බ බරපතල වාතාවරණය ඉවත් කරන්න සැහැල්ලු ස්වරූපයක් අරගෙනයි…..සෝනුත් ඉක්මන්ට මූඩ් එක වෙනස් කරගතතා…

“ඔව් ඔව්….මාව මැරුනම කවුද ඕයි සෙව්ට ඉන්නේ….ගොන් බටු ඇටේ….”

සෝනුත් කීවේ හිනාවෙන ගමන්….කෙල්ල ඒකටනම් මූන ලොකු කරගත්තා…

“ආ මොකද තමුසේ ඔරවන්නේ….”

“හහ්….දැන් මම මැරුනත් කමක් නෑ ඔයාට සෙව්මිනී තමයි ලොකු නේ…..”

“නැතුව බටු ඇටේ එයා මගේ ආදරේනේ….”

සෝනු එහෙම කියද්දී චිනූ ගස්සගෙන බැලක්නියෙන් ගේට ගියේ ආයෙත් ඔරවගෙනමයි….

“ශා ඔරවනකොටනෙ ඔයා ලස්සන බටු ඇටේ….”

කොල්ල චිනූට ඇහෙන්න උස් හඩින් කියලා තනියම හිනා උනා….

“අනේ මොඉඩ ගොන් දිගංචියා….එල හරකා….”

කෙල්ල බැන බැනම නාගන්න ගියේ වැඩෙත් අතරමගම දාලා…..

කෙල්ල වොශ් රූම් එකට ගිහින් ඇදුම් උනා දමද්දී ඇදුම තුල තිබී ඔහු එවූ ගල් කැටයක් හමුවී මුවට සිනාවක් ආව…

“මෝඩ දිගංචියා….දැන් විහිළු කරන්නත් දන්නවනේ…..ඉස්සර බුම්මට්ටා වගෙයි හිටියේ…..”

තනිවම සිනාවෙද්දී කෙල්ලට හිතුන දෙයින් පොලව පලන් යන්න තරම් ලැජ්ජා හිතුනා…..

“දෙයියනේ මේ ටී එකේ කර ඕපෙන්….අර ගින් වස්සා උඩ ඉදන්…..හයියූ චිනුවෝ මේ ශවර් එකේම එල්ලිලා මැරියන් උඹ…..”😣😣😣😣

එහෙම හිතන ගමන්ම කෙල්ල හිතේ හැටියට නාගත්තා…

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

දවස වෙන විශේශයක් නැතුවම ගලාහෙන ගියා….රාත්‍රී ආහාරවලට චිනූත් එක්කම සෝනුත් පහළට ගියා….

ලීලා ඉදියාප්ප හදලා කිරි හොද්දක් ගමේ තාලෙට හදලා චිකන් කරි එකකුත් එක්ක පොල් සම්බෝලයක් හදලා තිබ්බා….මේව දකිද්දී දෙන්නගේම බඩගින්න වැඩි උනා….ඒ කිසාම දෙන්න හොදට සප්පායම් උනා….

“ඒක මෙවෙයි පුංචි මහත්තයෝ අර අපේ චිනූ බබාගේ යාලුවෙක් මෙහෙ නවතින්න එනවා කියලා කීවා නේද?කවද්ද දැන් එන්නේ….”

ලීලා අහපු ප්‍රශ්නේ චිනූට අපබ්‍රන්ස වගෙයි…..චිනූ ප්‍රශ්නාර්තයක් තියන් සෝනු දිහා බලද්දීම සෝනු හඩ අවදි කළා….
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

මතු සම්බන්ධයි….

🌸අනේ සූට්ටයි කියන් එන්න එපා අනේ….අනේ මගෙ පෝන් කට්ට ස්ලෝව් වෙලා….ලැප් එක හබී ඔෆිස් වැඩ කිය කිය අරන් දුවනවා….එයාගේ පෝන් එක හදිස්සියකටවත් ගන්න බෑ ගෙම් වල එල්ලීලා…..අනා මම පව් …..අන්තිමට ටයිප් කරද්දී ගහන ඒව නෙවෙයි වදින්නේ…..ඉටිම් පෝන් එකක් ඉක්මන්ට අරන්න් දිගාට දානක්ම් නොබැන ඉදහල්ලාකෝ……🌸😔😔😔😔

Leave a Reply

Your email address will not be published. Required fields are marked *