17

බොනස් කථාංගය…..

“මගේ හිරු….”

මාස දහයකට පස්සේ සංකේත් ඒ වෙලාවේ කතා කරා….”මගේ හිරූ නේද..ඔව් ඔව් ඒ එයා තමයි..මගේ මැණික ඇවිල්ලා මාව හොයාගෙන..නේද..ඔව්..එයා ඇවිත්…”හිරු ඇවිත් කියලා හිතනකොට සංකේත්ගේ මූණ හිනාවෙන් පිරුනා..සංකේත් ඒ කටහඩ ආපු පැත්තට හැරුනේ ඒ හිනාවත් එක්කමයි..ඒත් එතන ඉදපු කෙනාව දැක්කම ඒ හිනාව හිතන්නත් කලින් අතුරුදහන් උනා..තත්පර කීපයකට කලින් හිතේ ඇති වෙච්ච දහසක් බලාපොරොත්තු ඒ මොහොතෙම කැඩිලා බිදිලා යනකොට සංකේත්ට එක දරාගන්න බැරි උනා..මාස ගානක් තිස්සේ හිතේ හිරකරගෙන ඉදපු වේදනාව මහා විලාපයක් වෙලා සංකේත් මහ හයියේන් කැගගහා ඇඩුවා…කාටවත්ම සංකේත්ව පාලනය කරගන්න බැරි උනා..පැය දෙකක් විතර අඩලා අඩලා හෙම්බත් වෙලා ඉදපු සංකෙත්ව එක්කගෙන තරිඳු එයාලට ලෑස්ති කරලා දුන්න කාමරේට ගියා…කාමරේට ගිහින් සංකේත්ව ඇදෙන් හාන්සි කරවලා නින්ද යනකල් ඔලුව අතගෑවා..”උඹට මේ මොකද උනේ සංකේත් …කොහොම ඉදපු කොල්ලෙක්ද මේ..ජිවිතේ සිද්ධ වෙන ඕනිම දෙයක් සතුටින් ඉවසීමෙන් බාරගන්න ශක්තියක් තිබුන උඹ හිරුනිගේ ආදරේ නිසා මේ තරම් දුර්වල උනේ කොහොමද…උඹ තව කොච්චර කාලයක් අපිට මෙහෙම දුක් දෙනවද මචං..හිත හයිය කරගෙන ආයෙත් පරණ තත්වෙට වරෙන් අපි වෙනුවෙන්…උඹ මේ විදිහට ඉන්නවා කොහොමද අපි බලන් ඉන්නෙ..”.සංකේත්ට නින්ද යනකල් ඉදලා ඇස් දෙකේ තිබුනි කදුළුත් පිහදාගෙන තරිඳු සාලෙට ආවා…ඒ එනකොට නාලක වගේම අමරසිංහත් තරිඳු එනකල් බලාගෙන ඉන්නවා තරිඳු දැක්කා….එතන ඉදපු කෙල්ල නම් අමරසිංහ ළගට වෙලා හොදටම අඩනවා…”මේ කෙල්ලට කොහොමද හිරුනිගේ කටහඩම ලැබුනේ..ඒත් මේ හිරුනි නෙමෙයිනේ..ප්‍රශ්න විසදගන්න අදිත් අලුත් ප්‍රශ්නයක් හදාගත්තා කියලයි මට හිතෙන්නේ..මෝඩ වැඩක් කරේ මෙහේ ඇවිත්..එතකොට මෙ කෙල්ල..බලමුකෝ අංකල්ගෙන්ම අහලා…”

“අංකල්..”
“ඔව් පුතා වාඩි වෙන්න…අර දරුවට මොකද උනේ…”
“අංකක්.මේ කවුද..”
“අනේ ඇයි අයියේ ඒ අයියා එහෙම ඇඩුවේ මාව දැකලා..මට මහ අමුත්තක් දැනෙනවා..අනේ කියන්නකෝ අයියේ..ඇයි එහෙම ඇඩුවේ..කියන්නකෝ…”
“දූ ඔයා පොඩ්ඩක් ඉන්නකෝ කලබල නොකර…”
“ඒත් තාත්තී..මට බයයි..”
“කියන දේ අහන්නකෝ ඉතිං.මගේ හොද දූවනේ..”
“හ්ම්ම්ම්ම්..”
“මේකයි පුතා..මේ ඉන්නේ මගේ දුව..සදුනි…”
“ආ ඇත්තද අංකල්..අනේ සමාවෙන්න ඕනි..සංකේත්ගේ වයිෆ්ගේ කටහඩත් මේ වගේමයි..ඒකයි මේ..මෙහෙම උනේ..”
“ඒකට කමක් නෑ පුතා..දූ මේකයි..ඒ අයියාගේ වයිෆ් ඇක්සිඩෙන්ට් එකකින් නැති වෙලා..එදා ඉදන් එයා කාත් එක්කවත් කතා කරන්නේ නැහැලු..ඉතිං මේ අයියා එයාව මෙහාට එක්කගෙන ඇවිල්ලා වෙනසකටත් එක්ක..ඉතිං මගේ දුට පුලුවන් නේද එයාව බලාගන්න..ඔයාගේ අම්මත් ගෙදර නෑනේ ඉතිං…”
“හා තාත්තී..මට පුලුවන්..”
“ඒත් අංකල්..නංගිට කරදරයි අපි හින්දා…”
“අනේ නැ පුතා..මෙයත් ඉතිං ගෙදරට ම වෙලානේ ඉන්නේ…ඔයා ඔයාගෙම ගේ කියලා හිතාගෙන ඉන්න මෙහේ..”
“අනේ අංකල්ට ගොඩක් පින් මේ කරන උදවු වලට..”

තරිදුට මේ වෙලාවේ අමරසිංහගෙන් ලැබෙන මේ උදවු වචනයෙන් කියන්න බැරි තරම් වටිනවා.ඒ නිසා තරිඳු අමරසිංහට නොසෑහෙන්න ස්තූති කරා..එදා ඉදන් තරිදු සංකේත්ව ගොඩක් හොදින් බලාගත්තා..පුලුවන් හැම වෙලාවකම සංකේත්ව ඇවිදින්න එක්කගෙන ගියා..හැමදාම ඇවිදින්න යනකොට සදුනි එයාලත් එක්ක යන්න ආවා..තරිඳු නම් ඒකට වැඩිය කැමති උනේ නෑ..මොකද හිරුනි නැතුව සාංකාවෙන් ඉන්න සංකේත් හිරුනිගේ නොවුනත් හිරුනිගේ කටහඩට සමාන කටහඩක් තියන සදුනිට ටිකක් හරි ළං උනොත් ඒක ත්වත් ප්‍රශ්නයක් වෙන නිසා..ඒත් මේ වෙනකොටත් එ දේ සිද්ද වෙලයි තිබුනේ..සංකේත් ඒ කටහඩට ආදරේ කරා..සදුනි එයත් එක්ක කතා කරනවට සංකේත් ගොඩක් ආසාවෙන් හිටියේ…

“සංකේත් අයියේ..අපි අයිස් ක්‍රීම් කමු..ම්ම්..හාද..කියන්නකෝ..ඔයා කැමතියි නේද..මං අයිස් පලම් අරන් එන්නද අර අතනින්….”

සදුනි සංකේත්ගෙන් එහෙම ඇහුවේ පේරාදෙණියේ ගාර්ඩ්න් එකට ගිහින් ආපහු එනකොට පාර අයිනේ තිබුන අයිස්ක්‍රීම් විකුණන තැනක් දැකලා…සංකේත් ඒකට උත්තරයක් දුන්නේ නැතත් එයා සදුනි දිහා බලලා හිනා උනා…

“ආ ඒ කියන්නේ ඔයා කැමතියිනේ..ඉන්න මං ගිහින් අරන් එන්නම්…”

සදුනි අයිස්ක්‍රීම් අරගෙන ආපහු එනකල් තරිදුයි සංකේතුයි කාර් එකට වෙලා බලාගෙන හිටියා..

“අනේ සංකේත් අයියේ….ඔයා ඉස්සරහ ශීට් එකට යන්නකෝ…”

සදුනි අපහු එනකොට සංකේත් කාර් එකේ පිටිපස්සේ ශිට් එකේ වාඩි වෙලා හිටියා..සදුනි එහෙම කිව්වම සංකේත් සදුනි දිහා බැලුවේ ඒ ඇයි කියලා අහන්න වගේ…

“අනේ අයියේ..මං ඉස්සරහ ඉදගෙන යන්න බයයි..අනේ ඔයා ඉස්සරහට යන්නකෝ…”

සදුනි එහෙම කිව්වම සංකේත් ආයෙත් මුණට හිනාවක් අරගෙන ඉස්සරහ ශීට් එකට ගිහින් ඉදගත්තා…පේරාදෙණියේ ඇවිත් සතියක්ම ගෙවිලා ගිහින් තිබුනා…සදුනියී සංකේතුයි මේ වෙනකොට ගොඩක් හොද යාලුවෝ වෙලයි හිටියේ..සදුනි එයාට පුලුවන් හැම වෙලාවකම සංකේත්ගේ ළගින් ඉදගෙන එයත් එක්ක කතා කරා..විහිලු කරා..එයා කන්න ආස දේවල් හදලා දුන්නා..මේ වගේ එක එක දේවල් කරා සංකේත්ව කල්පනා ලෝකෙන් මුදවගන්න..සංකේත් උනත් මේ වෙනකොට ටිකක් වෙනස් වෙලා හිටියේ..මාස ගානක් හිනාවක් කතාවක් නැතුව ඉදපු සංකේත් හිනා වෙන්න පටන් අරන් තිබුනා..සංකේත් කැමති අකමැති දේවල් සදුනි හොයාගත්තේ සංකේත්ගේ හිනාවෙන්..මුලදි මුලදි නැති උනත් සදුනි කියන දේ අහන්න සංකේත් පුරුදු උනා.හැමදාම අඩ අඩ ඉදපු සංකේත්ගේ ඇස්වලට මේ දවස් දෙක තුනේ කදුළු ආවේ නෑ..ඒ සදුනි නිසා.. .සංකේත්ගේ කෑම බීම ගැන උනත් ඒ තරම් වද වෙන්න දෙයක් තිබුනේ නෑ ඒ හින්දා..තරිදු නම් හිටියේ සංකේත්ගේ මේ පුංචී වෙනස උනත් විශ්වාස කරන්න බැරුව..තරිදුට හිටියේ කියාගන්න බැරි තරම් සතුටකින්….”මට දැන් හිතෙනවා ඉක්මනටම අපේ යාලුවව අපිට ආයෙත් ලැබෙයි කියලා..මේ කරන උදවු වලට මෙයාලට කොහොම ණය ගෙවන්නද කියලා මට තේරෙන්නේ නෑ…”තරිදුට අමරසිංහ ගැනයි සදුනි ගැනයි තිබුනේ ලොකු ගෞරවයක්..

“සංකේත් පුතා දැන් ටිකක් වෙනස් වෙලා නේද තරිඳු ..”
“අනේ ඔව් අංකල්..මේ ඔක්කොම අංකල්ලගේ උදවු නිසා තමයි.”
“අනේ ඕක මොකද්ද පුතා..”
“කොහොමහරි සංකේත්ව සනීප කරගන්න ඕනි අංකල්..මු මේ විදිහට ඉන්නවා බලන්න බැ අපිට…”
“සංකේත් ඒ කෙල්ලට ගොඩක් ආදරේ කරලා වගේ නේද පුතා…”
“අනේ ඔව් අංකල්..හිරුනි තමයි සංකේත්ගේ මුලු ජීවිතේම..හිරුනි අපිව දාලා ගියත් හරි මේ මේ පවුල විනාශ වෙලාම ගියා..”
“සංකේත්ගේ ගෙදර අයත් ඒ දැරිවිට හොදින් සැළකුවද…”
“මේ මොනවා අහනවද අංකල්..ආන්ටිටයි අංකල්ටයි හිරුනි එයාගේ දුවෙක් වගේ..ලේලි කියලා කිසිම වෙනසක් කරන්නේ නෑ..හිරුනි සතුටින් හිටියා නම් ඒ ගෙදරදි විතරයි ඒ….”
“ඒ මොකද පුතා එහෙම කියන්නේ.එතකොට…කෝ හිරුනිගේ අම්මා එහෙම.”
“මතක් කරන්න එපා ඔය ගැනිව…”
“ඒ මොකද පුතා…”
“ඔය ගැනි හිරුනිට පුදුම වදයක් දුන්නේ..ඒ ගැන නම් කියලා වැඩක් නෑ..සංකේත් නොහිටියා නම් හිරුනිට ජීවිතේ අන්තිම කාලෙවත් සතුටක් ලැබෙන්නේ නෑ…”
“ඇත්තද…”

තරිදුගේ කතාවට අමරසිංහට හීල්ලුනා..ඊට පස්සේ අමරසිංහ කතා කරේ නෑ..හාන්සි පුටුවේ වාඩි වෙලා අහස දිහා බලාගෙන හිටියා ගොඩක් වෙලා.තරිඳු එතන ඉන්නවා කියන එකත් අමරසිංහට අමතක උනා..අමරසිංහගේ මූණේ ඉරියව් සැරින් සැරේට වෙනස් වෙන හැටි තරිඳු බලාගෙන හිටියේ..

“අංකල්..මොකක් හරි ප්‍රශ්නයක් ද….”
“ආ..මේ…නෑ..න්..නෑ පුතා..”

එහෙම කියලා කලබලෙන් වගේ අමරසිංහ එතනින් යන්න ගියා..තරිඳු උනත් ඒ ගැන වැඩිය හිතන්න ගියේ නෑ…

“සංකේත් අයියේ..ඔයා මොකද කරන්නේ…”

මිදුලේ අඹ ගහ යට තිබුන බංකුව උඩ වාඩි වෙලා ෆොටෝ එකක් දිහා බලාගෙන ඉදපු සංකේත් ළගට සදුනි ආවේ සංකේත්ට තේ එකකුත් හදාගෙන…සදුනිගේ කටහඩ ඇහුන ගමන් සංකේත් එයා බල බල ඉදපු එයාගෙ වෙඩින් ෆොටෝ එක පපුවට තුරුල් කරගත්තා..

“ඔය ෆොටෝ එක මොකද්ද සංකේත් අයියේ..මට පෙන්නන්න බැරිද…”

සංකේත් ඒ ෆොටෝ එක කාටවත් බලන්න දුන්නේ නැ..අඩු තරමේ සදුනිටවත්..

“හරි හරි ඕනි නෑ..ආ මේ තේ එක බොන්නකෝ..”

සදුනි සංකේත් ඉස්සරහර ඇවිත් එයා දිහා බලන ගමන් තේ එක සංකේත්ට දුන්නා..එතකොට තමයි සදුනි දැක්කේ සංකේත් අඩනවා කියලා…

“මේ මොකද..ඇයි අයියේ අඩන්නේ..අනේ මොකද උනේ.ඇයි ඔයාට දුක හිතුනේ..කෝ කෝ ඔය කදුළු පිහදාගන්න..හොද ළමයනේ..ම්ම්….”

සදුනි සංකේත්ගේ කදුළු පිහදාන්න හැදුවත් සංකේත් ඒකට ඉඩ දුන්නේ නෑ..එයාම එයාගේ කදුළු පිහදාගත්තා..

“අන්න හරි…කෝ දැන් හිනා වෙන්න…”

සදුනි කියපු විදිහටම සංකේත් සදුනි දිහා බලලා හිනා උනා..

“ඔයා දන්නවද අයියේ..අද මට විශේෂ දවසක්.ඒ හින්දා අද ගෙදර පාර්ට් එකකුත් තියනවා…”

සංකේත් සදුනි දිහා බලන් හිටියේ ඒකට හේතුව දැන ගන්න..

“ම්ම්..ඇයි කියලා දන්නවද…අද තමයි මගේ බර්ත්ඩේ එක..හිහී…”

සදුනි හිනාවෙවි ඒ ගැන සංකේත්ට කිව්වට ඒක ඇහුවම සංකේත්ගේ කදුළු ආයෙත් අලුත් උනා..සංකේත් සදුනි දිහා බලාගෙන හිටියේ බය වෙලා වගේ..

“අනේ ආයෙත් අඩනවද..මං අඩන්න තරම් දෙයක් කිව්වද අයියේ..ඊටත් ඇයි ඔයා ඔය විදිහටමං දිහා බලන් ඉන්නේ….”

සදුනිගේ කිසිම ප්‍රශ්නෙකට සංකේත්ගේන් උත්තරයක් ලැබුනේ නෑ..උත්තර දෙනවා වෙනුවට සංකේත් කරේ එතනින් නැගිටලා ආපු එක…

“සංකේත් අයියේ..ඔහොම ඉන්නකෝ…”

තමන්ට පිටුපාලා යන සංකේත් දිහා බලන් ඉදපු සදුනි දුවලා ගිහින් සංකේත්ගේ අතේ එල්ලුනා..සදුනිගේ ස්පර්ශය සංකේත්ට දැනුන පළවෙනි වතාව තමයි මේ.. .සදුනි සංකේත්ගේ අතේ එල්ලුනාට ඒ අත් දෙක එකට පැටලිලා තිබුනේ තත්පර කීපයක් විතරයි..එක පාරටම සදුනි එයාගේ අත අහකට ගත්තා.සංකේත් හිටියේ අඩියක්වත් ඉස්සරහට යාගන්න බැරුව ගල් ගැහිලා වගේ..තරිදු එතනට ආවේ ඒ වෙලාවෙමයි..ඇස් දෙකත් ලොකු කරගෙන පිළිමයක් වගේ වෙලා ඉන්න සංකේත්ව දැකපු තරිඳු අඩියට දෙකට සංකේත් ළගට ආවා…

“සංකේත් ඇයි බන් මේ උඹ බය වෙලා වගේ..මොකද උනේ..සංකේත්..යකෝ සදුනි නංගී..මේ මොකද වෙලා තියෙන්නේ..නංගි..නංගි..ඇස් අරින්නකෝ…සුමනා නැන්දේ…ඉක්මනට එන්නකෝ..සංකේත් වරෙන් යන්න….”

සංකේත්ට කතා කරගෙන තරිඳු එතනට ආවම තමයි දැක්කේ සංකේත්ගෙ එහා පැත්තේ බිම සිහි නැතුව වැටිලා ඉදපු සදුනිව දැක්කේ..තරිදු සදුනි ළගට ගිහින් කතා කරාට කෙල්ල ඇස් ඇරියේ නෑ..ඒ හින්දා තරිදු ඉක්මනට සදුනිව අත් දෙකෙන්ම උස්සගෙන සදුනිගේ කාමරේට දිව්වේ සුමනාට කතා කරන
ගමන්මයි..ඒත් සංකේත් අඩියක්වත් හෙල්ලුනේ නෑ..තාමත් ඉදපු තැනමයි..

මතු සම්බන්ධය

අවසාන කොටස අද රාත්‍රියේ බලාපොරොත්තු වන්න 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *