18වන දිගහැරුම

“මොකද්ද? ලීලම්මේ කීවේ….”

“ඇයි ඇයි අනේ අර සෙව්මිනී එනවා කීවෙ ටික දවසකට මෙහෙ ඉන්න…අර ඔයාගේ යළුවා….”

ඉක්මන්ට මැද්දට පැනපු සෝනු කියලා දැම්මේ චිනූ කට අරින්න කලින්…කෙල්ලට කේන්තියි…..තමාටවත් නොකියා කිසිම දැනුවත් කිරීමක් නොකර ලීලාට කියපු එක ගැන….

කාලා බීලා ඉවර වෙලා දෙන්නත් එක්කම උඩු මහළට ආවා…චිනූනම් ආවේ මෙයාගේ බෙල්ලෙ අල්ලගන්න බලාගෙන……සෝනුටත් හොදටම තේරුනා චිනූ තරහින් කියලා….

“හපෝ මේ යක්ශනී මාව කන්න වගෙයි ඉන්නේ….”

දෙන්නත් එක්ක කාමරේට් ගිය ගමන් චිනූ දොර එහෙම වහලා අත් දෙක ඉනට ගත්තා….අරන් බෙල්ලත් ටිකක් නවාගෙන කොල්ලා දිහා බලන් හිටියේ යටි තොලත් ටිකක් හපාගෙන…..

ඒ රෝසම් රෝස පාට තොල් දකිද්දී සෝනුට සෙව්මිනීව අමතක වෙනවා…..😂😂කොල්ලටම හිනා හිතින් තමාගේ නොසණ්ඩාල හිත ගැන…..

“මොකෝ බටු ඇටේ නිකම් වට්ටි අම්ම පාට් එකෙන් බලන්නේ….”

කොල්ලා අහන්නේ හිනා වෙවී…..කෙල්ලට තව තරහයි….

“හහ්….එතකොට මම වට්ටි අම්ම….අර තමුසෙගේ සෙව්මිනී දේවදූතීකාවද?”

ඒ ඉරියවුවෙන්ම ඉදන් කෙල්ල අහන්නේ ඔරව ඔරව කට හද හද….😠😠😠😠

“ආ කවුද සෙව් හොදයි කීවේ…මමද නෑ….මමද එයාව මට තෝර ගත්තෙ නෑ….ඔයා තමයි තෝරලා දුන්නේ…මමද එයාව මගෙ කාමරේට ගන්න හැදුවේ නෑ…..ඒක කරන්න හැදුවෙත් ඔයාම තමා….මොකද දැන් මේ…..”

“ආ එහෙමයි කියලා අම්මලා නැති අතරේ කෙල්ලෙක් ගේනවද ගෙදරට….අනික මාව ඩිවෝස් කරලත් නෑ…….හහ් මිනිස්සු මොනවා නොකියයිද?”

චිනූ හඩ බර කර කර කියද්දී සෝනුට හිනාව නවත්තබන්න බැ කෙල්ලගේ මූණ දැකලා…..

“අනේඅගෙ බටු ඇටේ….උඹ හිතුවද බම් මටත් ඔයාට වගේ ලූස් කියලා කෙල්ලන්ව ගෙදරට ගෙන්න ගන්න….”

කෙල්ලට පුදුමයි….

“එටහ්කොට ලීලම්ම කීවේ…”

“මම නිකමට කීවේ දවාලක හරි සෙව් ආවොත් එහෙම කියන්න පුළුවන්නේ….ඒකයි….”

ඒ කියද්දිත් කෙල්ලගේ මූන අදුරු උනා………සෝනුට ඒකත් මීටර් උනා…..

“මොකෝ ඒ පාර වහින්න වගේ….”

කෙල්ල වටපිට බලනවා….

“හයියූ මේ මෝඩ අලේ…..”

කොල්ලට කෙල්ල වටපිට බලද්දී එහෙමයි හිතුනේ…..

“වලාකුළු හොයනවද එන්න පෙන්නන්න….”

සෝනු කෙල්ලවත් අරගෙන ගියේ කණ්නාඩිය ඉස්සරහට….ගිහින් චිනූගේ පිටුපසින් හිටගෙන මදක් පගත් වී කෙල්ලගෙ හිස මතින් තම නිකට තියාගත්තා.
…කෙල්ල ඉතින් චුට්ටිනෙ සෝනු හයේ හතර උනාට…

සෝනුගේ ඇගේ රස්නය කෙල්ලට දැනුනේ එදා සිද්දුවීම සිහි කරමින්…..ඒය මතක් වෙද්දීත් කෙල්ලට දැනුනේ අමුතුම හැගීමක්….

“අන්න වලාකුළු….”

කොල්ලා කීවේ තම එක් අතකින් කෙල්ලගේ කම්මුලක් පිරිමදිමින්…..ඔහුගේ සියුම් ස්පර්ශය කෙල්ලව හිරි වැට්ටුවා….ඒ බෝල ඇස් දෙක පියවුනේ ඈටත් නොදැනීම…..

කොල්ලා බලන් හිටියා ඒ පියවුනු ඇස් පියන් දෙස…..සුසුම සුදු රවුම් මුහුණ….රෝස පාට දෙතොල්….ඔහුගේ යොවුන් පිරිමි සිත නොසන්සුන් කළා….කෙල්ල තාමත් ඔහුගේ පිරි මැදීම විදිනවා…

“ඔයාට මාව ෆීල් වෙනවා නංගී….ඒත පිළිගන්න ලෑස්ති නෑ…ඔහොම ඉන්න ඔයාගේ කටින්ම මම ආදරෙයි කියවගන්නම්….එතකම් ඔයාව ඈතින්ම තියන්නම්….ටිකක් ලං කරන් ඈත් කරන්න්ම්….ඔයා හිතුවක්කාරයි…..එහෙම නැත්ත්ම් හැමදාම සෙව්මිනියෙක් ගෙනෙයි අපි අතරට…..ඔයා වගේ චුට්ටි හුරතල් බටු ඇටයක් ඉද්දී මට මොකටද සෙව්මිනීලා…..මගෙ ගොන් වැස්සී….තේරෙන්නේ නෑ මම ආදරෙයි කියලා…..ළං උනත් ඔයාට මාව දැනෙනවා….”

අගේ ඉදිරියේ නොසන්සුන් සිතුවිලී සෝනු අමාරුවෙන් එකතැන් කරගත්තා…..

“ඒයි චිනූ….දොයිද?”

සෝනුගේ හඩට කෙල්ල ගැස්සුනා….මෙච්චර වෙලා ඇස් පියන් හිටපු එක මතක් වෙලා කෙල්ලට දැනුනේ ලැජ්ජාවක්….එහම්ම හැරුන කෙල්ල දුවලා ගිහින් ඇද බදාගත්තා…..

සෝනු මද සිනාවක් තියන් කෙල්ල දිහා බලාගෙන ඇදට ආවේ උදෙන්ම ඔෆිස් යන්න ඕන නිසා නිදාගන්න් හිතාගෙනයි….

ව්‍යාපාර දෙකේම වගකී. දරන්නට වීම නිසා කොල්ලා උන්නේ වැඩ ගොඩක…..ඒ අතරෙව් චිනූ වෙනුවෙනුත් කාලය හොයන්න උනා සොනූ ට…

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

………..🌸🌸මතු සම්බන්ධයි 🌸🌸……….. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *