~~හින මන්දාරම~~18 අවසාන කොටස…
තරිදු සදුනිව කාමරේට අරන් ගිහින් ඇදේ හාන්සි කරවලා අමරසිංහ අංකල්ටත් කතා කරලා ආයෙත් ආපහු සංකේත් ඉදපු තැනට ආවේ සංකේත් එයත් එක්ක ආවේ නැති නිසා..සංකේත් තාමත් එතනමයි..හැබැයි හිටගෙන නෙමෙයි..එතනම බිම ඉදගෙන කකුල් දෙක නවලා දණිස් දෙක උඩින් ඔලුව තියාගෙන අත් දෙකෙන්ම ඔලුව බදාගෙන තමයි සංකේත් හිටියේ..වෙන්නේ මොනවද කියලා හරියට තේරුමක් නැතත් තරිදු ගිහින් සංකේත්ට කතා කරා..
“සංකේත්..සංකේත් ..මොකද බන් මේ..හොද එකා වගේ ඔලුව උස්සපන්..කෝ..සංකෙත්….”
තරිඳු විනාඩි පහක් විතර සංකේත්ට කතා කරාම තමයි සංකේත් ඔලුව ඉස්සුවේ..ඒත් ඒ වෙලාවේ සංකේත්ගේ පෙනුමට තරිඳුව හීතල වෙලා ගියා..ඇස් දෙක ගිනි බෝල දෙකක් වගේ හොදට රතු වෙලා..ඒ තරම් සංකේත් අඩලා..තොල් දෙක වෙව්ලනවා.මූණත් රතු පාටයි..
“අනේ ඇයි යකෝ මේ..මොකද්ද උඹට මේ වෙලා තියෙන්නේ..දවස් දෙක තුනක් හොදට ඉදලා ආයේමත් පටන් ගත්තද…”
හිතේ තියන දුකයි කේන්තියයි එකට එකතු වෙලා තරිදු ටිකක් හයියෙන් සංකේත්ට කතා කරා..
“තොපි ඔක්කොම බොරු කාරයෝ..ඔක්කොම..උඹලා තමයි මගේ හිරූව මරාගත්තේ..තොපි තමයි මට මගේ හිරූව නැති කරේ…”
සංකේත් ටිකක් වෙලා තරිදු දිහා රවාගෙන බලාගෙන ඉදලා තරිදුට බැන බැන තරිදුව බිම පෙරළගෙන හොදටම ගැහුවා..ඒ ගහපු පාරවල්වලින් මිදෙන්න තරිදුට බැරි උනා..සංකේත් ඉන්න තත්වෙත් එක්ක සංකේත්ගේන් ගුටි කනවා ඇරෙන්න තරිදුට වෙන කරන්න දෙයක් තිබුනේ නෑ..
“සංකේත් පුතා ඔයා ඔය මොකද්ද ළමයෝ කරන්නේ..ඇයි මේ ඔයාගේ යාලුවට ගහන්නේ.කෝ මෙහාට වෙන්න..”
අමරසිංහ තමයි සංකේත්ගේන් තරිදුව බේරගත්තේ…සංකේත් අමරසිංහයි තරිදුයි දිහා මාරුවෙන් මාරුවට බලලා එතනින් නැගිටලා ගේ අස්සට දිව්වා…
“උඹ කොහෙද ඔය දුවන්නේ..ඔහොම ඉදපන්…”
තරිඳු අමාරුවෙන් අමාරුවෙන් නැගිටලා සක්කේත්ගේ පස්සෙන් යන්න හදනකොටම අමරසිංහ තරිඳුව නැවැත්තුවා..
“ඔයා යන්න එපා පුතා…”
“මොනවද අංකල් කියවන්නේ..අරු කොහේ යයිද දන්නේ නෑ..ඉන්න මං ගිහින් බලලා එන්නම්…”
“යන්න එපා පුතා මං කිව්වනේ..”
“පිස්සුද අංකල්..අරු මොකඛරි කරගත්තොත් එහෙම..”
“නැ නෑ එහෙම කිසි දෙයක් වෙන්නේ නෑ..මාව විශ්වාස කරන්නකෝ…”
“අංකල් මොනවද මේ කියන්නෙ කියලා මට නම් තේරෙන්නේ නෑ..”
“අපි යමු අර පැත්තට..මට පුතා එක්ක පොඩි කතාවක් තියනවා.”
“මොකද්ද අංකල්..ඉක්මනට කියන්න..මට යන්න ඕනි…”
“සංකේත් ගැන බය වෙන්න එපා දරුවෝ..ඔතනින් වාඩි වෙන්නකෝ ඉස්සෙල්ලා..”
“ම්ම්ම්..කියන්න අංකල්…”
“සංකේත් එනකල් ඔයා ඔතනට වෙලා ඉන්න..මං සුමනගෙන් උනේ මොකද්ද කියලා අහගත්තා..මං හිතන්නේ අද ගොඩක් දේවල් විසදෙයි…”
“අනේ අංකල් මොනවද මේ කියවන්නෙ..මට මේ ලෝකේ දෙයක් තේරෙන්නේ නෑ…”
“තේරුම් ගනියි හැම දෙයක්ම…”
“තාත්තී..තාත්තී..”
අමරසිංහ තරිඳු එක්ක කතා කර කර ඉන්නකොට එතනට ආපු ගැණු ළමෙක් අමරසිංහට තුරුල් වෙලා අඩන්න ගත්තා..තරිදු ඒ වෙලාවේ අහක බලාගෙන ඉදපු නිසා ඒ කෙල්ල කවුද කියලා තරිඳු දැක්කේ නෑ..
“ආ ලොකු දූ ඔයාලා ආවද..කෝ අම්මා…”
“අම්මා..අම්මා කාර් එකේ..අනේ මොකද උනේ තාත්තී…..අනේ තාත්තී..කෝ මගේ නංගී…එයාට කරදරයක් නෑ නේද…ඩොක්ටර්ට කෝල් කරාද….ඩොක්ටර් මොකද කිව්වෙ..අනේ කියන්නකෝ..කෝ දැන් එයා..මට බලන්න ඕනි…”
“හරි හරි ලොක්කි..මං ඩොක්ටර්ට කතා කරා..කලබල වෙන්න දෙයක් නෑ..මාස ගානක් බලාගෙන ඉදපු දේ අද සිද්ද වෙයි සමහරවිට..”
“ඇයි තාත්ති එහෙම කියන්නෙ ..”
“ම්ම්..ඊට කලින් අදුරගන්නකෝ මේ ඉන්න කෙනාව..මේ තමයි තරිදු..”
“අංකල්ට ළමයි දෙන්නෙක් ඉන්නවද එතකොට..අපිට එහෙම දෙයක් කිව්වේ නෑනේ..ම්ම්…”තරිදුගේ හිතට එක එක ප්‍රශ්න එද්දි තරිදු අමරසිංහගේ දුව දිහා බැලුවේ හිනාවකින් ඇයට සංග්‍රහ කරන ගමන්..ඒත් එතන ඉදපු කෙනා දැක්කාම තරිඳුගෙ හිනාව අතුරුදන් උනා..කතා කරගන්න වචනත් නැති තරම්…
“හි..හී.හ්..හි.රූ…… ඔ.යා…”
“හිරුනි..ඇත්තටම මේ එයාද..හිරුනි..ජීවතුන් අතර..මං මේ දකින්නේ හීනයක්ද..මොනවද මට මේ පේන්නේ.මට පිස්සුද..” අමරසිංහගේ දුවට පිහිටලා තිබුනේ හිරුනිගේ හැඩරුවමයි..
“හායි තරිදු…තාත්තී මේ කවුද..”
“හිරු..ඔයා මොනවද මේ කියවන්නේ..ඔයාට මාව අදුරන්න බැරිද..”
හිරුනි තරිදුව අදුරන්නේ නෑ වගේ කතා කරන එක තරිදුට ලොකු ප්‍රශ්නයක් උනා…”ඇයි මේ මාව අදුරන්නේ නැත්තේ..එතකොට මේ හිරූ නෙමෙයිද..මට නම් දැන් පිස්සු වගේ..”
“නෑ මං ඔයාව නම් මීට කලින් දැකලා නෑ..තාත්තී කවුද කියන්නකෝ මේ..”
“පුතේ මේ සංකේත්ගේ අයියගේ යාලුවා…”
“ආ එහෙමද..එතකොට කෝ සංකේත්…තාත්ති මට නංගිව බලන්න ඕනි….”
“හිරුනි..ඔයා කොහොමද මාව අදුරන්නේ නෑ කියන්නේ..සංකේත්ව දන්නවා නම් මාව මතක නැත්තේ…”
“මං සංකේත්ව දන්නවා තමයි..ඒ උනාට මං එයාව දැකලා නෑ..අනික මං හිරුනි නෙමෙයි…”
“මොන මගුලක්ද හලෝ කියවන්නේ..හිරුනි නොවෙන්නේ කොහොමද..ඔයා හිරුනි තමයි..මොකද මට අදුරන්න බැරිද සංකේත්ගේ වයිෆ්ව..තමුසෙට ලැජ්ජ නැද්ද හලෝ අර කොල්ලා කොයි තරම් දුක් විදිනවද තමුසේ හින්දා..තමුසේ..තමුසෙට ගානක්වත් නෑ..අනික අංකල් ඔයා..ඔයා නේ හැම දෙයක්ම දැනගෙන ඉදලා ඇයි මේ වගේ දෙයක් කරේ.ඔයා හිරුනිව හංගගෙනද හිටියේ…ඇයි එහෙම කලේ…”
හිරුනි කිසි දෙයක් මතක නෑ වගේ රගපානකොට තරිදුට තවත් කට පියාගෙන ඉන්න බැරි උනා..ඒ වෙලාවේ තරිඳු කිව්වේ මොනවද කියලා එයාවත් දන්නේ නැතුව ඇති..තරිඳු හිටියේ එ තරම් කේන්තියෙන් ….
“පුතේ ටිකක් කියන දේ අහලා ඉන්නකෝ..”
“මොනවද අංකල් තවත් අහන්න තියෙන්නේ..ඔයාලා එකතු වෙලා තමයි අර අහිංසකයට මේ වගේ දෙයක් කලේ..හිරුනි ඔයා කවදාවත් මේ වගේ වැඩක් කරයි කියලා නම් මං හිනෙකින්වත් හිතුවේ නෑ..”
“පුතේ මේ ඉන්නේ හිරුනි නෙවෙයි…”
“තවත් බොරු කියන්නේ ඇයි අංකල්…”
“තාත්තී මෙයාට මෙහෙම මේක තේරුම් කරන්න බෑ..මෙහේ එන්න…”
අමරසිංහගේ දුව තරිදුවත් එක්කගෙන සදුනිගේ කාමරේට ආවා.ඒත් කාමරේ ඇතුළට නම් යන්න බැරි උනා..මොකද ඒ වෙනකොටත් සංකේත් හිටියේ සදුනිගේ ඇද ළග..
“දැන් ඔයාම බලාගන්න මේ වෙන දේවල්…”
“අර මොකද කරන්නේ සංකේත්..ඉන්න මං ඌව එක්කගෙන එන්නම්..”
“යන්න එපා..”
“මොනවද කියවන්නේ අංකල්..”
“ඒක එයාගේ අයිතිය…”
“මොන බම්බු අයිතියක්ද…”
“මේ තරිදු තාත්ති කියන දේ අහලා ඔයා ඔතනට වෙලා ඉන්න…”
තරිදුට සංකේත් ළගට යන්න ඕනි උනත් අමරසිංහවත් එයාගේ දුවවත් ඒකට ඉඩ දුන්නේ නැ..අකමැත්තෙන් හරි කාමරේන් පිටට වෙලා ඉන්න තරිදුට සිද්ද උනා…සදුනිගේ අත් දෙකෙනුත් අල්ලගෙන සදුනිගේ මූණේ ගෑවෙන නොගෑවෙන තරමට සංකේත් එයාගේ මූණ පහත් කරලා සදුනි දිහා බලන් ඉන්න හැටි දැක්කම තරිඳට තරු පෙව්නා..මේ සේරම දේවල් දැකලත් අමරසිංහවත් එයාගේ දුවවත් කලබල වෙන්නේ නැත්තේ ඇයි කියලා තරිදුට හිතාගන්න බැරි උනා…සංකෙත් සදුනි දිහා ටිකක් වෙලා බලන් ඉදලා පිස්සුවෙන් වගේ සදුනිගේ මූණ හැමතැනම සිප ගත්තා…ඒ දිහා බලන් ඉදපු තරිඳුට අමරසිංහ දිහා බැලුනා ඉබේටම..එත් හිතපු විදිහට ඒ මූණේ කේන්තියක් තිබුනේ නෑ..ඒ දෙන්නම සංකේත් දිහා බලන් හිටියෙ ඇස් දෙකේ කදුළු පුරෝගෙන..
“මගේ කෙල්ල කොයි තරම් වාසනාවන්තද…”
අමරසිංහ එහෙම කියනවත් එක්කම තමයි සදුනිට සිහිය ආවේ..හෙමින් හෙමින් ඈස් දෙක ඇරලා වටපිට බලනකොට කෙල්ල ඉස්සෙල්ලම දැක්කේ එයා ළගට වෙලා ඉන්න සංකේත්ව..
“හිරු..ඔයාට සිහිය ආවද..කෝ මගේ දිහා බලන්න…හිරූ..ඔයාට මාව ඇහෙනවද…හිරූ.ඔයා කොහෙද ගියේ රත්තරං මාව දාලා…මං නැතුව හිටියේ කොහොමද ඔයා….”
“සංකේත්..මගෙ මහත්තයෝ..මේ ඔයා නේද…සංකේත්…ඔයා..මේ.මට මතකයි දැන්.මං කවුද කියලා.මට මතකයි..සංකේත් ..අනේ මට සමාවෙන මහත්තයෝ…”
“නෑ නැ මං ඔයාට සමාව දෙන්නෙ නෑ..සමාව ඉල්ලන්න එපා මගෙන් …කවදාවත් සමාවක් නෑ..ඔයා මේ තරම් කාලයක් මගෙන් ඈත් වෙලා හිටියා.මං කොහොමද ඔයා නැතුව ඉන්නේ ..ඔයා දන්නවා මට ඔයා නැතුව මොහොතක්වත් ඉන්න බෑ කියලා..ඒත් ඔයා…ඔයා මාව රැවැට්ටුවා..දන්නවද මං කොච්චර දුකින්ද හිටියේ කියලා..නෑ.ඔයා දන්නේ නෑ..ඔයාට තෙරේන්නේ නෑ..”
“සංකේත් මේ අහන්නකෝ….මං දන්නවා ඔයා කොයි තරම් විදෙව්වද කියලා මගේ හිතුවක්කාරකම නිසා..ඒත් මං එදා බේරුනා..මගේ මහත්තයගේ ආදරෙ නිසා තමයි මං තාමත් ජීවත් වෙන්නේ..දෙවියෝ උනත් කැමති නැතුව ඇති මාව මගේ මහත්තයගෙන් වෙන් කරන්න….”
“ආයේ කවදාවත් මේ වගේ වැරැද්දක් ඔයාගේ අතින් වෙන්න බෑ හිරූ…ආයෙත් මෙහෙම වැරැද්දක් කරොත් කවදාවත් මගෙන් සමාවක් නැ…තේරුනාද…”
“මගෙ අතින් ආයේත් එහෙම වැරැද්දක් වෙන්නේ නෑ සංකේත්..ආයේ ඔයාගෙන් ඈත් වෙන්නේ නෑ මං..හැමදාම ඔයාගේ ළගින්ම ඉන්නවා…”
හිරුනි සංකේත්ට තුරුල් වෙලා හොදටම ඇඩුවා..සංකේත් උනත් හිරුනිට අඩන්න එපා කියලා කිව්වේ නැ..මොකද හිරුනිටත් වඩා සංකේත් අඩන නිසා…මාස ගානක් හිරුනි නැතුව අඩ අඩ ඉදපු සංකේත් මේ අඩන්නේ සතුටට..හිරුනි නැතුව ජීවත් වෙන්නේ කොහොමද කියලා තේරුමක් නැතුව ඉදපු සංකේත්ට මේ වෙච්ච දේ හීනයක් වගේ..සදහටම අහිමි උනා කියපු හිරුනි ආයෙත් ඇස් ඉස්සරහා ඉන්නකොට සංකේත්ට ඒ දැනෙන සතුට කොහොම නම් විස්තර කරන්නද ..
“දැන් ඔයාට තේරේනවද තරිඳු අයියේ…මං නෙමෙයි හිරුනි..අර ඉන්නේ..ඒ තමයි හිරුනි…එතකොට මං එයාගේ අක්කා..මං සදුනි …සදුනි සෞභාග්‍යා ..”
“ඒත් මේ..ඒත් ඒ අපේ හිරුනි නෙවෙයිනේ …”
“අපි මෙතනින් යමුකෝ පුතා..මං ඔයාට විස්තරේ කියන්නම්…ආ කාන්ති..මේ මොකෝ…”
“අනේ කෝ පොඩ්ඩි..එයාට කොහොමද දැන්…”
“ම්ම්ම්..ඔයාම බලන්නකෝ එහෙනම්…අර…”
අමරසිංහ කාන්තිට කාමරේ සංකේත්ට තුරුල් වෙලා ඉන්න හිරුනිව පෙන්නුවා..
“අනේ අපේ මහත්තයා කෙල්ලට දැන් හොදයිද..එයාට ආයෙත් මතකේ ඇවිල්ලද…”
“ඔව් කාන්ති..දැන් අපේ කෙල්ලට හොදයි..දැන් අපි යමුකෝ මෙතනින්…”
කට්ටියම සාලෙට ඇවිට්ජ් සෝෆා එකේ වාඩි උනා..තරිදුට ඕනි උනේ ඉක්මනට මේ පටලැවිල්ල ලෙහාගන්න..මේ සේරටම උත්තර තියෙන්නෙ අමරසිංහ ළග…වෙලා තියෙන්නේ මොකද්ද කියලා දැනගන්නකල් තරිදුට ඉවසිල්ලක් නෑ…
“අංකල්..දැන් මට කියන්න මොකද මෙතන් වෙන්නේ කියලා..අර ඉන්නේ අපේ හිරුනි වෙන්නේ කොහොමද…අපි මැරුනයි කියලා හිතගෙන ඉදපු හිරුනි ජිවත් වෙන්නේ කොහොමද…එතකොට අංකල් කවුද..කොහොමද හිරුනි ඔයාලා ළගට ආවේ…”
“හරි පුතා..ඔයාගේ ඔය හැම ප්‍රශ්නෙක්ටම උත්තර මං දැන් කියන්න යන කතාවේ තියෙයි…හිරුනිගේ තාත්තා තමයි මම..හිරුනියි සදුනියි කියන්නේ නිවුන්නු..හිරුනි තමයි පොඩ්ඩි..මෙයාලගේ අම්මා කමලාව මං මැරි කරනකොට මං මේ වගේ සල්ලිකාරයෙක් නෙමෙයි..අම්මලගේ කැමැත්තට වෙච්ච කසාදයක් නිසා කමලා වැඩිය මට කැමැත්තක් තිබුනේ නෑ..ඒත් එහෙමයි කියලා මං එයාට කිසි අඩුපාඩුවක් කරෙත් නෑ..කමලා මට ආදරේ කරේ නැති උනාට මං එයාට ගොඩක් ආදරේ කරා..අපි කසාද බැදලා අවුරුදු දෙකකින් තමයි මේ පැටවු දෙන්නා අපේ පවුලට එකතු උනේ..මේ දෙන්නා නිසා මං හිටියේ ගොඩක් සතුටින්…ඒත් ඒ සතුට වැඩිකල් තිබුනේ නෑ..කමලා මගේ පොඩි කෙල්ලවත් අරගෙන මේ ගෙදරින් ගිහින් සල්ලිකාරයෙක්ගේව කසාද බැන්දා..මං කමලවයි දරුවවයි කොච්චර හෙව්වත් හොයාගන්න බැරි උනා. ..ඉතිං මට ඉතුරු උනේ ලොක්කි විතරයි..මගේ ජීවිතේ කඩා වැටිලා ඉන්නකොට මේ කාන්ති තමයි මාව ගොඩ ගත්තේ..එයා මාවයි දරුවවයි බාර ගත්තා..මගේ අසරණීට අම්මා කෙනෙක් උනා..කාන්ති නිසා තමයි මමයි ලොක්කියි අද මේ වගේ තැනක ඉන්නේ…”
“ඒත් අංකල් දැන් හිරුනි ඉන්නේ මෙහෙනේ..කොහොමද එහෙම උනේ..”
“එදා පොඩ්ඩිව ඇක්සිඩෙන්ට් උන දවසේ මමයි ලොක්කිය හම්බන්තොට මගේ යාලුවෙක්ගේ ගෙදරක ආවා..එතකොට තමයි අහම්බෙන් වගේ පොඩ්ඩිව දැක්කේ..හිරුනි ලොක්කි වගේම නිසා අදුරගන්න අමාරු උනේ නෑ…අපි පොඩ්ඩි එක්ක කතා කරා..පොඩ්ඩිට ඕනි උනා අපිව සංකේත්ට අදුන්වලා දෙන්න..ඒත් ඉතිං මට අත්‍යවශ්‍ය වැඩක් තිබුන නිස මං ලොක්කිව පොඩ්ඩි එක්ක යවලා මං මගේ යාලුවගේ ගෙදර ගියා..ඒ යනකොට තමයි මගදි කෝල් එකක් ආවේ කාර් එක ඇක්සිඩෙන්ට් උනා කියලා…”
“එතකොට අපිට හම්බුන ඩෙත් බොඩි එක කාගෙද..ඔයාලා දෙන්නම ඉන්නවා නම් කවුද ඒ කෙනා..”
“ඒ මගේ හොදම යාලුව අයියේ..එදා අපිත් එක්ක රුවිනිත් හම්බන්තොට ආවා..අපි පොඩිඩිගේ ගෙදර යනකොට මගදි කාර් එක ට්‍රක් එකක හැප්පිලා පල්ලමට පෙරලුනා..මාවයි නංගිවයි කාර් එකෙන් එළියට විසික් උනා..එත් රුවිනිට බේරෙන්න බැරි උනා….”
“අර හිරුනිගේ තාත්තා හිරුනිට දුන්නා කියපු මාලේ එතකොට ..”
“මං ළගත් ඒ මාලේ තිබුනා..කලින් දවසේ රුවනි හිටියේ අපේ ගෙදරනේ..ඉතිං උදේ හදිස්සියට අපි දෙන්නගේ මාල දෙක මාරු වෙලා .මං දාගෙන ගිහින් තිබුනේ එයාගේ චේන් එක…”
“මං හොස්පිට්ල් එකට ගිහින් ඩොක්ටර්ස්ලා එක්ක කතා කරහම එයාලා කිව්වේ පොඩ්ඩිගේ ජීවිතේ ගැන විශ්වාසයක් නෑ කියලා..එහෙදි ට්‍රීට්මන්ට් කරලා ඒ ගමන්ම පොඩ්ඩිව කොළඹ එව්වා…ගොඩක් අමාරුවෙන් තමයි පොඩ්ඩිගේ ජීවිතේ බේරගත්තේ..ඇක්සිඩෙන්ට් එකෙන් පොඩ්ඩිගේ මූණට ගොඩක් ඩැමේජ් වෙලා තිබුනා..ඉතිං එයාට ප්ලාස්ටික් සජරි එකක් කරන්න උනා..ඒකයි ඔයාලට එයාව අදුරගන්න බැරි උනේ…”
“ඒත් අංකල් මෙච්චර දෙයක් වෙලත් ඔයා ඇයි මේ දේවල් හැංගුවේ..ඔයාට තිබුනා සංකේත්ගේ ගෙදරට ඇවිත් මේ ගැන කියන්න…සංකේත්ට වෙලා තිබුන දේ ඔයා ඔයාගේ ඇස් දෙකටම දැක්කනේ….”
“මට සමාවෙන්න පුතා..මං දැනගෙන හිටියේ නෑ සංකේත් කියන්නේ විජේවර්ධන ඇමති තුමගේ පුතා කියලා..මට සංකේත්ව හොයාගන්න බැරි උනා..පොඩ්ඩිට සිහිය ආවේ සතියකට පස්සේ…ඒත් එයාට එයා කවුද කියලවත් මතක තිබුනේ නැ..ඉතිං මං තවත් අසරණ උනා..මොනවා උනත් හිරුනි කියන්නේ මහේ දරුවා..ඉතිං මං සදුනි විදිහට හිරුනිව මේ ගෙදරට එක්කගෙන ආවා..ලොක්කිව කාන්ති එක්ක england යැව්වා..එහෙම තමයි මේ දේවල් සිද්ද උනේ..”
“එතකොට අංකල් අපිව මේ ගෙදර නවත්තගත්තේ අපි කවුද කියලා දැනගෙනද…”
“මාසෙකට විතර පස්සේ මට සංකේත්ව හොයාගන්න පුලුවන් උනා..ඒත් ඒ වෙනකොට මොනවා කරන්නද කියලා මට හිතාගන්න බැරි උනා..පොඩ්ඩිට සාජරි එකකුත් කරලා එයාට මුකුත් මතකත් නෑ..ඉතිං මං කොහොමද පොඩ්ඩිව එහාට එක්කහෙන යන්නේ..ඒත් හිරුනිට ආයේ මතකය ගන්න නම් එයා ගොඩක් ආදරේ කරන කෙනෙක් එයා ළගින් ඉන්න ඕනි කියලා ඩොක්ටර්ස්ලා කිව්වා..පොඩ්ඩිව සංකේත් ළගට අරන් යන්න විදිහක් නැතුව ඉන්නකොට තමයි නාලක පුතා මට ඔයාලා ගැන කිව්වේ..ඉතිං නාලක පුතා හින්දා තමයි මේ විදිහට මේ ප්‍රශ්නේ විසදගන්න පුලුවන් උනේ…”
හැමදේම හොද විදිහට විසදුනා..සංකේත්ට වගේම හිරුනිටට්ග් දැන් හොදටම හොදයි..වෙනදා වගේම විජේවර්ධන පවුල ආයෙත් සතුටින් පිරුනා..හිරුනි නැතුව අදුරු වෙලා තිබුන හැම මූණකම සතුට පිරුනා හිරුනි ආයෙත් ආපු නිසා..මේ වෙනකොට නෙතූ අම්මා කෙනෙක් වෙලා හිටියේ..චූටි දූ පැටියෙක් නෙතුට හිටියා..ඒත් නෙතු ඒ දරුවට කැමති උනේ නෑ..නෙතූ දරුවාව කමලට දීලා ගෙදරින් ගිහින් තිබුනා එයාගේ ලෝකේ හොයාගෙන..ජයවර්ධනගේ බිස්නස් සේරම කඩන් වැටිලා තිබුනේ ඒ වෙනකොට..
——————————————
“බලන්න හිරූ අපේ දෝණි නම් ගොඩාක් නෝටි..”
“ආ ඒ මොකෝ මගේ පැටියට බනින්නේ…”
“මේ බලන්න මට ඔයාව තුරුල් කරගන්නවත් විදිහක් නෑනේ මෙයා නිසා…”
“එන්න එපා මගේ පැටියට බනින්න විතරක්..අනික ඔයා මොකටද මාව තුරුල් කරගන්නේ..”
“අනේ හිරූ…”
“මේ මේ එහාට වෙන්න.මට දැන් ඔයාව ඕනි නෑ..තව සතියකින් මේ පැටියා මගේ ළගට එනවනේ..එතකොට ඔයාව වැඩක් නෑ..නේද පුතේ..තාත්තිව එපා අපිට නේද..”
“මේ මේ මොනවද ඔය කියන්නේ..මේ ඉන්නේ දුවෙක්..පුතෙක් නෙමෙයි…”
“නෑ නෑ මේ ඉන්නේ පුතු පැටියෙක්..ඔයා වගේම..”
“නෑ දූ පැටියෙක්..”
“මං කිව්වනේ දැන්..මේ ඉන්නේ පුතෙක්…”
“හ්ම්හ්ම්ම් කවුරු උනත් මොකො..මගේ දරු පැටියනේ..චූටි පැටියා කාටද වැඩිපුර ආදරේ..අම්මිටද..නැත්නම් තාත්තිටද.”
“අයියෝ සංකේත් මොනවද ඔය කරන්නේ නැගිටින්නකො…”
“ඇයි මොකෝ..පොඩ්ඩක් ඉන්න..මං මේ මගේ දෝණි එක්ක පොඩි කතාවක්.”
“අනේ නැගිටින්න අප්පා…ගෙදර කට්ටිය දාක්කොත් ලැජ්ජාවේ බෑ..”
“ඒ මොකෝ ඒ. විකාර..ඔන්න මගේ දෝණිට තාත්තිගෙන් උම්මා ගොඩායි….”
“විකාර නෙමෙයි අනේ..මල්ලි එහෙම ආවොත්….”
“අම්මෝ නියමයි නියමයි..ෆිල්ම් එකක දර්ශනයක් වගේ..නේද අම්මේ…බලන්නකෝ අපේ අක්කයි අයියයි ඉන්න හැටි…”
මේ තමයි හිරුනිගේ ජීවිතේ සුන්දරම මතකයන්…ඒ දවස මතක් වෙනකොට තාමත් හිරුනි තනියම හිනා වෙනවා…
“අයියෝ අම්මා..හිනා වෙන්න නෙමෙයි අනේ කියන්නකෝ ඊට පස්සේ මොකද උනේ කියලා…”
“මොනවා වෙන්නද සුදු පුතේ..ඒ වෙනකොටත් ඔයාගේ බාප්පයි ආච්චි අම්මයි සීයයි අපි දෙන්න දිහා බලාගෙන හොදටම හිනා වෙනවා..ඔයාගේ තාත්තට නම් ගානක්වත් තිබුනේ නෑ..මට තමයි ලැජ්ජාව.ඉතිං සතියකට පස්සේ මං ඔයාවත් එක්කගෙන හොස්පිට්ල් එකේ ඉදන් ගෙදර එනකොට ඔය ෆොටෝ එක ඔතන එල්ලලා තිබුනා..මගේ ජීවිතේ ලස්සනම වටිනම ෆොටෝ එක තමයි මේක…”
හිරුනි එහෙම කිව්වේ බිත්තියේ එල්ලලා තිබුන ෆොටෝ එක දිහා බලාගෙන්..හිරුනිගෙයි සංකේත්ගේයි දරුවා කළිදු ඉපදෙන්න සතියකට කලින් ගත්ත ෆොටෝ එකක් ඒක..සංකේත් හිරුනිගේ ළග බිම දණ ගහගෙන අත් දෙකෙ හිරුනිගේ බඩ උඩින් තියාගෙන සංකේත් හිරුනිගේ බඩට කිස් එකක් දෙනකොට තමයි ඒ ෆොටෝ එක අරන් තිබුනේ..
“හැබැයි ඉතිං තාත්ති එදා කියපු දේ නම් වැරදුනා..මට හම්බුනේ තාත්තී වගේම ලස්සන කොලු පැටියෙක්නේ….”
“තාත්ති අම්මිට ගොඩක් ආදරෙයි නේද..”
“ඔව් මගේ පුතේ..ඔයාගේ තාත්ති දෙවි කෙනෙක්..එයා හින්දා තමයි මට මේ හැම දේම ලැබුනේ…මගේ පුතත් තව අවුරුදු දෙක තුනකින් මැරි කරයි..තාත්ති මාව බලාගත්තා වගේ ඔයා ඔයාගේ වයිෆ්ව බලාගන්න..ආදරේ කරන්න..එතකොට හැමදාම සතුටින් ඉන්න පුලුවන් වෙයි…ඔයාහේ තාත්තා කවදාවත් මට සැරින් කතා කරලා නැ..මට අත උස්සලා නෑ..ඒ තරම් එයා මට ආදරේ කරා….”
“මගෙන් බැනුම් අහන්න වෙන වැඩක් කවදාවත් ඔයාගේ අම්මා කරලත් නෑ පුතේ….”
“ආ තාත්තී ඔයා ආවද..”
“ඔයා කවදහරි මේ ගෙදරට එක්කගෙන එන්න ඕනි ඔයාගේ මේ අම්මා වගේ ගතිගුණ තියන ලේලියෙක්ව..තේරුනාද කොල්ලෝ…ඒත් ඉතිං මගේ හිරූ වගේ ආදරණීය බිරිඳක් නම් වෙන කොහෙවත් නෑ..”
සංකේත් හිරුනිගේ කරට උඩින් අත දාලා හිරුනිගේ දිහා බලාගෙන එහෙම කිව්වම හිරුනිගේ ඇස්වලට කදුළු පිරුනේ තාමත් සංකේත්ගේ ආදරේ ඉස්සරහා හිරුනි ඕනිවටත් වඩා සංවේදී වෙන නිසා..
“හෝව් හොව්ව්..පොඩ්ඩක් ඉන්න..පොඩ්ඩක් ඉන්න..මේක පුදුම අසාධාරණ කතාවක්නේ..අක්කා ගෙදර ඉද්දි මලයව කරකාර බන්දන්නේ කාගේ නීතියකට..”
“අපෝ අක්කේ තමුසෙත් ආවද..”
“ඔව් ඇයි අවුල්ද..”
“නෑ නෑ කිසිම අවුලක් නෑ…”
“මේ මොකෝ අද මහ සභා රැස්වීමක් පවත්වන්නේ.”
“ආ චමික අංකල්..ඔයා කොයි වෙලාවෙද ආවේ..බලන්න අංකල් මෙයාලා දෙන්නා මේ ඌරාව කසාද බන්දන්න හදනවා…”
“ඉතිං හොදයිනේ කෙල්ලේ…”
“එතකොට මං..තාම කොල්ලෙක්වත් හොයාගන්න බැරි උනා…මොනාද තාත්තේ..මට සහකාරයෙක් හොයලා දෙන්න අයිඩියා එකක් එහෙම නැද්ද ඔයාට…”
“මේකනේ ලොක්කි..මට තාමත් හිතාගන්න බෑ ඔයාගේ සහකාරයට තියෙන්න ඕනි සුදුසුකම් මොනවද කියලා..අහිංසක කොල්ලෝ අමාරුවේ දාන්නත් බෑනේ..”
“තාත්තී..ඔයා නම්ම්ම්ම්…”
“ලොකු මහත්තයා….”
පාරමීට කියන්න හදඖ දේ කියාගන්න බැරි උනේ ගෙදර වැඩට ඉන්න සුමනපාල ඇවිත් සංකේත්ට කතා කරපු නිසා…
“ඇයි සුමනපාල..”
“ලොකු මහත්තයා…මේ..මෙහෙණින් වහන්සේ නමක් ලොකු මහත්තයටයි ලොකු නෝනෙටයි කතා කරනවා..”
“මෙහෙණින් වහන්සේ නමක්..හරි අපි එන්නම් සුමනපාල යන්න…”
“හා මහත්තයා..”
“ලොක්කි අපි වෙන වෙලාවක අර අසරණයා ගැන කතා කරමු නේ..එන්නකො..කට්ටියම යමු පල්ලෙහාට..”
කට්ටියම සාලෙට ආවා..ඒ එනකොට සාලේ දඖ කෙනාව දැක්කම හැමෝගෙම මූණුවල තිබුන හිනාව නැති වෙලා ගියා…
“සංකේත්..නෙතූ….”
“හ්ම්ම්..දැන් එයා නෙතූ නෙමෙයි..මෙහෙනින් වහන්සේ නමක්..එන්න ගිහින් කතා කරමු…”
එක්කෙනෙක් ඇරෙන්න හැමෝම මෙහෙණින් වහන්සේ ළගට ගිහින් දණ ගහලා වැන්දා..
“දූ ඇයි ඔයා ඔතනට වෙලා ඉන්නේ..ගිහින් මෑණියන්ට වදින්න..”
“මට බෑ..”
“දූ ඇයි හිතුවක්කාර වෙන්නේ..ඒ ඔයාගේ අම්මා…”
“එයා නෙමෙයි ඔයායි මගේ අම්මා…එයා මගේ අම්මා නම් මාව දාලා යන්නේ නෑනේ..”
“ලොක්කි මේ අහන්න පුතේ..ඕනිම කෙනෙක් අතින් වැරදි වෙනවා..බලන්න..ඔයාගේ අම්මා දැන් අයිති ශාසනේට..එයා මේ තත්වෙන් ඉන්නේ කරපු වැරදි තේරුම් ගත්ත නිසානේ..ඕනිම කෙනෙක්ට එයාගේ වැරදි හදාගන්න අවස්ථාවක් තියෙන්න ඕනි…ඉතින් ඔයගේ අම්මටත් ඒ අවස්ථාව දෙන්න ඕනිනේ අපි..”
“ඒත් තාත්තී..”
“යන්න දෝණි…”
සංකේත් කියපු නිසා පාරමි ගිහින් මෙහෙණින් වහන්සේට දණගහලා වැන්දා…
“තෙරුවන් සරණයි දුවේ..”
නිමි.
(හින මන්දාරම කතාව මේ විදිහට ඉවර වෙනවා යාලුවනේ..අවසානයට නම් ඔයාලා කැමති වෙයිද දන්නේ නැ..ඒත් කතාව කියවපු හැමෝම ඔයාලගෙ අදහස් අද කියනවා නම් ගොඩක් වටිනවා..
Lassana kathavak🖤
චුට්ටක් dukath 😔 hithuna
ඒත් ඉතිරි ටික කියවද්දි හරී ගියා
Harima lassanayi 🤍💗
Harima lassana kathavak🥺💗✨️hamotama hamba venna one e vage adaree karana kenek❤️
සන්කේත් හිරුනි ගේ ආදරේ වගේ මේ ලෝකේ ආදර කතා හැම එකකටම ලස්සන ආදරණීය අවසානක් හිමි ඕන
…..🥰 ලස්සන කතාවක්….