18. වන කොටස.

මියෙදෙන තුරා….

වෙන කාවෙනුවෙන් වත් නොදැනුන සමීප බවක් ඒ දරුවෝ දෙන්නා ළගදී මට දැනුන නිසා. ලැජ්ජාබර සිනහවකින් මුව සරසා ගත් අැය මා කැවූ බත් කට පිළි ගත්තා.මේ සියල්ල දෙස බලමින් ශාලින්ද මල්ලිත් ,පුංචී නංගීත් සිනහා වූ හේතුව මට වටහා ගන්න බැරි වුනා. සුමේධ අයියා දරුවන් දෙදෙනාම මට ළං වී සිටින අයුරු දැක මූණ අදුරු කර ගත්තා.

*අැයී සුමේධ අයියේ දුකෙන් වගේ.*

මට විමසන්නට අවශ්‍ය වූ දෙය ශාලින්ද මල්ලී විමසා සිටියා.

*මට සෙව්මීණීව මතක් වුනා මල්ලී ඒයා හිටියා නම් අද අපේ ගෙදරත් පාටියක්.*

*ඒ අැයි අයියේ.*

*සෙව්මිණීගේ උපන් දිනෙත් අද .*

*මාර සිද්දියක්නේ. දෙන්නා ඒක වගේ ඒකම දවසේ උපන් දිනේ.*

*ඒකනේ වැඩේ කියන්නේ. මම හිතන්නේ නිල්මිණී නංගිට වඩා වැඩිමාල්.*

*තාත්ති දයියා. අනේ ජෝ දෙන්නකෝ.*

ෂයීනි දූ සැර දෙයක් කැවිලා කෑ ගහන්න වුන නිසා මම වතුර පොවන්න ගත්තා. ඒක නිසා උපන් දිනය ඒකම දිනයක වීම ගැන කතාව යට ගියත් මගේ හිතේ තැන්පත් වුනා. මගේ හිත කිව්වේම සෙව්මිණී මමයි කියන්නේ නිවුන් සහොදරියෝ වෙන්න අැති කියලා. කුමක් හරි දෙයක් ගෙදර අයත් මට හංගන බව දැනුන නිසා, මගේ නිවුන් සහෝදරි වුන සෙව්මිණීව වික්‍රමසිංහ පවුලට හදා ගන්න දුන්නා වත්ද? මම අහගෙන ඒදා අම්මලා කතා වුනා. *වික්‍රමසිංහලට දරුවෝ හිටියේ නෑ.ඒත් රට ගිහින් අවුරුදු පහකින් විතර ඒද්දී තමා ඔය ළමයාවත් අරන් අාවේ. මම හිතන්නේ අපේ ලොකු දූට වඩා අවුරුද්දක් විතර බාල අැති ඔය නැති වුනයි කියන දරුවා. පවු. අකාලෙම මැරිලා ගිහින්. සෑහෙන කාලයක් දරුවෝ නැතුව නොගිය දේවාලයක්, පංසලක් නෑ. ඒ දරුවත් ඉක්මනට නැති වෙලා. වික්‍රමසිංහලා කොහොම ඉවසනවද මන්දා.* ඒ කතාවේ හැටියට නම් සෙව්මිණි මට නංගි වෙන්නේ . ඒ කියන්නේ ඒයා පිටරටදි ඉපදිලා තියෙන්නේ. අනේ මන්දා මට මේ අවුල තේරුම් ගන්න බෑ. අහන්න කෙනෙකුත් නෑ. අනික දරුවෙක් හදා ගන්න දුන්නා නම් තරහාකාරයෝ වෙන්න විදියකුත් නෑ. ලීලම්මා කිව් විදියට දෙගොල්ලෝ තරහයි. ඒත් සුමේධ අයියා ඒක්ක අම්මාලා හොදට කතා කරනවනේ. මම හරියට පබගාලක පැටලිලා වගේ මට දැනුනේ.

*ලොකු බේබී දරුවා අඩනවනේ. කෝ දෙන්න මම නළවලා දෙන්න*

ඒවෙලෙහි ඒතනට අා ලීලම්මා ෂයිනී දූට දෑත් පාමින් කිව්වා. අැය දරුවන්ට බොහෝ සෙයින් අාදරය කරන නිසාදෝ, අඩමින් සිටි ෂයිනී දූ අැඩුම නවත්වා ලීලම්මා දෙස බැලුවා.

*ඒන්න චූටී පැටියෝ අයිස් ක්‍රීම් කන්න යන්න.*

*මම චූටී දූ. චූටී පැටියා නෙමෙයි.*

*අනේ ඉතිං මම දන්නේ නෑනේ. ඒන්න චූටී බේබී .*

පුංචී නංගී දෙස හොරැහින් බලමින් ලීලම්මා බේබී යනුවෙන් කිව්වේ දොස් නගාවි යැයි සිතා විය හැකී.

*අනේ අාච්චී. මගේ නම චූටී දූ.. *

*අනේ ලීලම්මේ චූටි දු කියනකම් ඒයාව යාලු කර ගන්න බෑ.*

මේ සිදු වීම දෙස බලා වුන් පුංචී නංගී කිව්වේ හිනා වෙමින්.

*ඒන්නකෝ චූටී දු මෙහෙට බලන්න.*

*තාත්තී චූටී දූ අයිස් කීම් කන්නද.*

*හා චූටී දූ. ලොකු දූ ඔයත් නංගි ඒක්ක ගිහින් අරන් ඒන්න.*

කියන පරක්කුවට චූටී දූ ලීලම්මගේ අතට ගියා. ලීලාම්මා ලොකු දූවත් අඩගහගෙන අතුරුපස ගන්න තැනට ඒක්කන් ගියා. මධ්‍යම රාත්‍රිය තෙක් පැවති සාදය නිමා වෙලා සියල්ලන් සිට වී ගියා. ෂයිනී දූ මගේ උකුලේම නිදන් ද ගිහින් වුන් නිසා ඒක්කගෙන යන්න අපහසු වුනේ නෑ. සාදය පුරාම ෂයිනී දු මගේ උකුලෙන් බැස්සේ ම නෑ. මම යන තැනක අැයවත් රැගෙන යන්න වුනා. අැහැරලා හිටියා නම් යන්න බෑ කියාලා අඩනබව විශ්වාසයි.

සියල්ලන් නික්ම ගිය පසු විඩාව නිසාම අස් කිරීමේ කටයුතු හෙටට ඉතුරු කරලා හැමෝම නිදා ගන්න සූදානම් වුනා. මගේ කාම්බරය කොනක වුනේ මට ලැබුන උපන් දින ත්‍යාග. සිගිති විසින් සියලු තෑගී මගේ කාමරයට ගෙනත් දාලා තිබුනා. නානකාමරයට වැදී විඩාව නිවා ගැනීමට අැග පත සොදා ගත් මම රැ අැදුමක් අැගලා ගත්තා. නිදා ගන්නට සිතා අැදට අාවත් නිදිමතක් අහලකටවත් අාවේ නැහැ.

මේ දවස් ටික මගේ ජීවිතේ ලස්සනම දවස් ටික කියලා මට හිතුනා. මම දෑස් පියා ගත්තේ සිහින මවන්න. ඒක පාරටම මට පරණ පපුවේ වේදනාව දැනෙන්න ගත්තා. මම සතුටු වෙනවට දෙවියෝ කැමති නෑ. කොච්චර සතුටින් හිටියත් දැන් මාරයා ඒන්න කාලය ළගයි කියන්න වගේ දින කීපයක් නොදැනෙමින් තිබූ පපුවේ වේදනාව ඒක පාරටම අැති වුනා. මුහුන කොට්ටයක හොවා ගත් මම වේදනාව සමග පොර බැදුවා. ටික මොහොතකින් ගතේ වේදනාව තුරන්වී ගියේ විශාල හිත් වේදනාවක් ඉතුරු කරලා. මරණ දන්ඩනය නියම වුන පුද්ගලයාගෙනුත් අන්තිම කැමැත්ත විමසනවලුනේ. අන්න ඒ වගේ මගේ අන්තිම කාලය නිසා හැමෝගෙම අාදරය කරුනාව මට ලැබෙනවා අැති. ඒත් ඒකෙනුත් වෙන්නේ මට තවත් ජීවත් වෙන්න අාස හිතෙන ඒක.
අපි දුකින් ඉන්න කොට මැරුනා නම් හොදයි කියලා හිතුවට, මරණය අභියසට අාව කෙනෙක් තමා දන්නේ ඒතකොට ජීවත් වෙන්න මොන තරම් අාසාවක් අැති වෙනවද කියලා. මරණාසන්න කෙනෙක් කවදාවත් කියන්නේ නෑ අනේ මාව මරල දාහන් කියලා. අනේ මාව තව දවසක් හරි ජීවත් කරන්න කියලා තමා ඉල්ලන්නේ.

මට දැන් ජිවත් වෙන්න අාසයි. ඒත් මරණයට ඒන්න ඒපා කියන්න මට අයිතියක් නෑ. මම ගෙනාපු අායුෂ ඉවර අැති. මාරින්තින රෝගියක් ළග ඒයා ඒක්ක දුක් වෙන්න අඩන්න, සනසන්න, බලාපොරොත්තු අැති කරන්න විශාල පිරිසක් ඉන්නවා. මට ඉන්නේ මගේ හෙවනැල්ල විතරයි. මම කැමති නෑ මම පිච්චෙන විදියට අනිත් අයගේ අාත්මයනුත් පිච්චෙනවට.
මම මේ දේ ඒයාලට කිව්වෝත් මේ මුළු අවුරුද්දම ඒයාලත් හිතින් විදවාවි මගේ මළගමින් පස්සෙත් විදවාවී. දැන් සතුටින් හිටපු දෙන්. මම මැරුන දාක දුක් වුනාවේ. දැන්ම ඉදන් දුක් දෙන්න ඔනේ නැහැ. ඒකෙන් මටත් සැනසීමක් ලැබෙන්නැහැ. මගේ හිත මේ තරම්ම හයියද? උපන්දිනේ සමරන ගමන් මැරෙන දිනේ ගැන කල්පනා කරන්න තරම්. මම තනියම කල්පනා කලා.

මම උදේ අැහැරුනේ මිහිරි සංගීත රාවයක් සවනෙහි වැකීමෙන්. මම හිතුවේ මට අැහෙන හැටි කියලා. මම අයෙත් පොරවනයේ උණුසුමට ගුලී වුනා. ඉවරයක් නැතිව අැසෙන නිසා මම දෙනත් හැර බැලුවා. සැබැවින්ම අැසෙනවා. කාමරේ රේඩියෝවක් වත් නැතුව කොහෙන්ද අැහෙන්නේ. අැද අසල වු කුඩා මේසය උඩ ශාලින්ද මල්ලී දුන් දුරකථනය නද දුන්නා. මම අතට අරන් තිරය දෙස බැලුවේ මගේ නම්බර් ඒක කාටවත්ම දුන්නේ නෑනේ කියලා. පුංචි නංගිගේ විහිළුවක් කියලා මම දුරකතනය සවනත තබා ගත්තා.

*හෙලෝව්*

පිරිමි කට හඩක්. ශාලින්ද මල්ලී වද්ද?. කතා කරන්න බයක් දැනුනත් කීප වරක් ඒහෙන් කතා කරද්දි මම කතා කලා.

*හෙලෝ්ව්. කවුද මේ*

*මම සුමේධ අයියා නිල්මිණි නංගී*

*ගුඩ් මොර්නිං සුමේධ අයියේ. ඔයාට කොහෙන්ද නම්බර් ඒක.*

*සුමේධ මල්ලි තමා දුන්නේ දවසක්. චූටී දූ කතා කරන්න ඔනේ කියලා කරදර කරන නිසා.*

ඒ කියන්නේ ශාලින්ද මල්ලී මට පෑලෑන් කරලයි පොන් ඒක අරන් දීලා තියෙන්නේ. කට්ටියගේ හිතේ තියෙනවද දන්නේ නෑ මම අැත්තටම ෂයිනී දූගේ අම්මා කරන්න.

*හා සුමේධ අයියේ කෝ චූටී දූ.*

*අැහැරුන වෙලේ ඉදන් අඩනවා. ඒයාව ඒක්ක අාවා කියලා. ඔයාට කතා කරන්න නොදුන්නොත් මොන්ටි සෝරි යන්නෙත් නැහැලු.*

*අනේ පව්.*

*චූටී දූ ඒන්න . මේන් නිල්මිණී නැන්දී කතා කරනවා.*

*අම්මී නැන්දී.*

ඒ වචනය මගේ හද පතුළටම කිදා බැස්සේ ෂයිනී දූ තවමත් අඩනවා.

*අැයි පැටියෝ අඩන්නේ.*

* චූටී දූ අම්මී නැන්දිත් ඒක්ක තාලයි.*

*අැයි මගේ චූටී දූ.*

*මට දොයිය ගියාම ගෙදල ඒක්ක ඒන්න දුන්නනේ.*

*පව්නේ චූටි දූ තාත්තිටයි අක්කිටයි දොයිය යන්නේ නෑලූ දූ නැතුව.*

*අම්මි නැන්දී ඒනාද අද චූටී දූ බලන්න.*

*බලමුකෝ පැටියෝ . දැන් හොද පැටියා වගේ මොන්ටි සොරි යන්න ලෑස්ති වෙන්න.*

*මම තාලයි. අම්මී නැන්දී චූටී දූට අාදල‍ේ නා.*

*අාදරෙයි පැටියෝ. ගොඩක් අාදරෙයි. නැන්දිත් කොයි වෙලේද දූ බලන්න ඒන්නේ කියලා ඉන්නේ. ඉක්මනටම ඒන්නම්.*

*බා බා අදම ඒන්න ඔනේ. චූටී දූ තාලයි.*

*දූ මොන්ටි සොරී ගිහින් අැවිත් අායිත් පොන් ඒකෙන් කතා කරමු හාද?*

*හ්ම්.*

*හොද බබා වගේ දැන් තාත්ති කියන දේ අහලා ලෑස්ති වෙන්නකෝ.*

*හෙලෝ නිල්මිණි නංගී. අද මට හදිස්සී වැඩ වගේකටත් යන්න තියෙනවා. මම පස්සේ ගන්නම්. බොහොම ස්තූතියි මෙයාව නලවලා දුන්නට. චූටී දූ දැන් හරියට මුරණ්ඩු වෙලා.*

*ඔක මොකද්ද අනේ. හොදයි පරිස්සමින් වැඩ ටික කර ගන්න බුදු සරණයි.*

*බුදු සරණයි නිල්මිණී නංගී. බායී.*

*බායී*

මගේ හිතට උදෙන්ම ලැබුනේ සැනසිල්ලක්. සුපුරුදු පරිදි ජනෙල් කවුළුව විවර කර ගත් මා උදා හිරු රැස් විද ගත්තා. මීදුමත් සමග ජනෙල් කවුළුවෙන් අැතුල් වුනේ සීත පවන් රැල්ලක්. සීතලට බොහෝ ප්‍රිය කරන මම ඒ සුළගට මා වත දැවටෙන්නට ඉඩ දුන්නා.

*ලොකු බේබී තාම ඔතනද? මම සැරයක් ඒනකොට පොන් ඒකෙන් බර කතාවක් නිසා තේ හදන්න ගියා.*

*චූටී දූ කතා කලා ලීලම්මේ.*

ඊ ළග කොටසින් හමු වෙමු……. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *