18

~~සමනළ වසන්තය ~~
18 කොටස
‘ තව පොඩ්ඩෙන් හොම්බ බිම ඇනගන්නවා …’
මම ඔළුව උස්සලා බැලුවේ හොදටම දන්න කටහඩක් ඇහුන නිසා … තාමත් අතින් අල්ලාගෙන මගේ දිහා බලාගෙන හිටියේ වෙන කවුරුත් නෙවේ දිනිත …ඒ තප්පරේට මට දැනුනා මගේ හාර්ට් එකේ ගැස්ම ඕනෑවටත් වඩා වේගවත් වේලා කියලා … මුළු ඇග පුරාම පැතිරිලා ගිය මිහිරි වේදනාවත් එක්කම මම එයා දිහා බලාගෙන හිටියේ ඇහිපිල්ලමක්වත් ගහන්නේ නැතිවයි …
‘නංගි වැටුනේ නැහැ නේද …’ නිදුකයියා ගමන් බෑග් එක බස් එකේ රැක් එකට දාලා අපි හිටිය තැනට ඇවිදගෙන එනවා දැක්කම මම දිනිතගේ අතට හිරවෙලා තිබ්බ මගේ අත ඇදලා ගත්තා
‘නැහැ අයියා ….. මට අවුලක් උනේ නැහැ ’ මම එහෙම කියන ගමන් දිනිත හිටගෙන හිටිය තැනින් පොඩ්ඩක් ඉස්සරහට ඇවිදගෙන ගියේ මුහුණ රතුකරගෙනමයි .. මට දිනිත ඉස්සරා නිදුකයියාගේ මුහුණ බලන්න අපහසුවක් දැනුනේ ..
‘ගුඩ් මෝර්නින් මචං ..’
‘ගුඩ් මෝර්නින් දිනිත …’ නිදුකයියා දිනිත එක්ක කතාවට පැටලුනා …. කතාකරන ගමන් නිදුකයියා හොරෙන් හොරෙන් මගේ දිහා බලනවා … මම දැක්කේ නැහැ වගේ ශටර් එකෙන් එලිය බලාගෙන හිටියා …
‘හිරූ …. ’ ගොඩක් වෙලාවකට පස්සේ නිදුකයියා මගේ ලගට ඇවිත් පැත්තකින් හිටගත්තා ..
‘අයියේ ….. ’ මම එයා දිහා යාන්තම් බැලුවා …
‘ඇයි මාත් එක්ක තරහා වෙලා වගේ ඉන්නේ … ‘’
‘මම තරහා නෑ අයියා … ’
‘ඇයි එහෙනම් ඔයා තරහා වෙලා වගේ අහක බලාගෙන ඉන්නේ ..’ නිදුකයියා දුකෙන් වගේ එහෙම කියද්දී මම වෙනදා පුරුද්දට එයාගේ අතක් තද කරලා අල්ලා ගත්තා ….
‘ අයියා විකාර කියෝනවා …මගේ ඔළුව කැක්කුමයි වගේ …’
‘කෝ බලන්න උණ හැදෙන්න එනවාද දන්නේ නැහැ ..ඊයේ තෙමුනා නේ හොදට ..’ නිදුකයියා මගේ බෙල්ලට අත තියලා උණ බලද්දී මම එයාගේ උරහිසට උඩින් පිටිපස්ස බැලුවා .. අපිට වඩා අඩි දෙක තුනක් ඈතින් හිටගෙන දිනිත මගේ දිහා බලාගෙන හිටියා ..එයාගේ මුහුණ කළුපාට වෙලා ගිහින් …තවත් එයා දිහා බලාගෙන ඉන්න බැරිකමක් තමා මට දැනුනේ … වේලාවට බස් එක නුගේගොඩ ටවුන් එකෙන් නැවැත්තුවා ..
‘අයියා මම යනවා එහෙනම් .. ’ බස් එක නැවැත්තුව ගමන් මම බස් එකෙන් එළියට බැහැගත්තා ….. දිනිත ඇයි මගේ දිහා ඒ විදිහට බලාගෙන හිටියේ …. මගේ හිතේ ලොකු ප්‍රශ්නයක් ….
ඊයේ දවසම නැවතීල්ලක් නැතිව වැස්ස නිසා පාරේ සමහර තැන් හොදටම මඩ වෙලා ….මම පරිස්සමට අඩිය තියලා ඉස්කෝලේ පැත්තට ඇවිදගෙන ගියා ….
‘හිරූ ….. මම කතා කරනවා ඇහුනේ නැද්ද ….මම උබට කි සැරයක් කතා කළාද …’ පුජනී ඇවිත් ඉස්සර වෙනකන් මම හිටියේ එක එක විකාර දේවල් ගැන හිත හිතයි…
‘අනේ මට ඇහුනේ නැහැ බන් … ’
‘මට තේරිලා තියෙන්නේ මේ ලගදි ඉදලා උබගේ කන් ඇහෙන්නේ නැහැ කියලා ..’ පුජනි එහෙම කියලා විරිත්තුවා …
‘පුජනී මට උබගෙන් හෙප්ල් එකක් ඕනි …’
‘කියපන් ඕන හෙල්ප් එකක් කරන්නම් ..’
‘අපේ සදූ මේ ලගදි ඉදලා ටිකක් වෙනස් …. උබේ පැපරාසියාට කියලා පොඩ්ඩක් හොයලා බලපන් කෝ ..’ ගොඩක් දවස් හිතාගෙන හිටිය දෙයක් තමා මම පුජනිගෙන් ඉල්ලුවේ ..
‘ෂුවර් බන් ….ඕනෑම වේලාවක ඔයා වෙනුවෙන් ඕන දෙයක් කරන්නම් …’
අපි දෙන්නා කතාවෙන් කතාව ගේට් එක පාස් කරද්දී ඉස්කෝලේ පටන් ගන්න බෙල් එක ගහනවා ඇහුනා
************
දවල් වෙද්දී ඔළුවේ කැක්කුම ඩබල් වෙලා ඇගට දැනුන තෙහෙට්ටුව වැඩිවෙද්දී මම ඩෙස්ක් එකේ ඔළුව ගහගෙන හිටියා …
‘පුජනී හිරුෂිව සික් රූම් එකට ගෙනියන්න …’ ගීතිකා මිස් එහෙම කියද්දී පුජනී මාව අඩගහගෙන සික් රූම් එකට ගියා …
‘ඔයා පොඩ්ඩක් ඔළුව තියාගෙන ඉන්න ..’ පුජනීව මාව එතන නතර කරලා පංතියට ගියාම මම ටේබල් එකේ ඔළුව තියාගත්තා …
‘හිරූ අපි ගෙදර යමු …’ තවත් ටික වේලාවකින් සදූ ඇවිත් කතා කරනකන්ම මම හිටපු ඉරියව්ව වෙනස් කලේ නැහැ …
‘තාම ඉස්කෝලේ ඇරුණේ නැහැනේ … ‘’
‘ගීතිකා මිස් කිව්වා ඔයාව ගෙදර එක්කන් යන්න කියලා …’
සදූ මාවත් අඩගහගෙන ගෙදර එනවා දැකලා අම්මා බයවෙලා වගේ අපේ ඉස්සරහට දුවගෙන ආවා ..
‘මොකද සදූ හිරූට උනේ …’
‘මෙයා ඊයේ තෙමිලා උණ අරන් …’ මම සාලේ පුටු සෙටිය උඩ ඇලවෙද්දී අම්මා මගේ ලගට දුවලා ඇවිල්ලා නළලට අතක් තිබ්බා …
‘අනේ මේ කෙල්ලට හොදටම උණනේ ..’අම්මා ගොඩක් කලබල උනේ මගේ ඇග ගොඩක් රස්නෙට තිබ්බ නිසා වෙන්න ඕන …
‘යමු දැන්ම ගිහින් බෙහෙත් ටිකක් අරන් එමු …. මම ත්‍රිවිල් එකකට කතා කරන්නම් ’
අම්මා ෆෝන් එකෙන් කාටද කෝල් එකක් අරන් එන්න කියලා සාරියක් ඇදගෙන එනකන්ම මම සුදු ගවුම පිරින් පුටුව උඩ වැටිලා හිටියේ හිටගන්න තරම් ඇගට ෆිට් එකක් නැති නිසා ..
************
තවත් දවස් දෙකක් යනකන් මට ඉස්කෝලේ යන්න තියා බෙඩ් එකෙන් නැගිට ගන්නවත් ශක්තියක් තිබ්බේ නැහැ … මම වැටිලා හිටිය විදිහට එහෙම්ම ඉද්දි අම්මා මගේ හැම ආවතේවයක්ම කළා කිසිම දෝශාරෝනයක් නොකරම .. ඒ තමා අම්මලාගේ හැටි ….
දිනිතව බලන්න ඉස්කෝලේ යන්න ඕන උනත් උණ ගතිය අඩුවුණේ නැති නිසා අම්මාගෙන් ඉස්කෝලේ යන්න අවසර ලැබුනේ නැහැ .. ඉරිදා වෙද්දී නම් උණ අඩුවෙලා ගිහින් …. උදේ ඉදන් මම බලාගෙන හිටියේ සදුදා වෙන්නේ කොයි වේලාවේද කියලා … උණ ගතිය අඩුවෙලා තිබ්බ නිසා මම ගේ පුරා නටන්න ගත්තේ ලෙඩ වෙලා හිටිය දවස් දෙකටත් එක්කමයි ..
‘උණ පොඩ්ඩක් අඩුවුනා විතරයි ..මොකද හිරූ මේ උඩ පනින්න තියාගත්තේ …’ අම්මා බනින්න තියාගත්තාම මම මොකුත්ම කියන්නේ නැතිව ගෙදර ඉස්සරහට ඇවිදගෙන ගියා …. ඉරිදා ක්ලාස් නිසා සදුත් ගෙදර හිටියේ නැහැ .. කරන්න දෙයක් නැති නිසා මම බයිසිකලේ ලගට ගිහින් අතපත ගෑවා
එකම එක රවුමක් පදින්න හිතෙනවා පදිනවාද …නැද්ද …. එහෙම හිතන ගමන් මම ගේ දිහාව බැලුවා …අම්මා පේන්න නැහැ ..ඔන්න ඔහේ ඕන දෙයක් වෙච්චාවේ කියලා එක රවුමක් පදිනවා …මම බයිසිකලේ නැගලා මිදුල පුරා පැද්දා … අම්මා එන පාටක් නම් නැහැ … මම ඇරලා තිබ්බ ගේට් එක ලගට ගිහින් හෙමින් බයිසිකල් එක පාරට දැම්මා ….
මොන තරම් නිදහසක්ද දැනෙන්නේ ……මම හුළග කපාගෙන බයිසිකලේ ඉස්සරහට පැදගෙන ගියා …
මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *