18

❤️❤️දිවිය තිබෙන තුරු මගේ
ඔබයි ආදරේ❤️❤️

****18 වන දිගහැරුම****

අනූ……මට තවත් නම් ඉවසන්න බෑ….ඇත්ත කියපන්….භානුක අයියා කොහෙද ගියේ…….

අනූපමා කිසිදු උත්තරයක් නොදුන් අතර දැහැම් එවර රම්‍යා මහත්මිය අසලට ගොස් ඇගේ දෑතින් අල්ලා ගත්තාය….

ආන්ටි….අනේ මාව බය නොකර ඔයාවත් මට කියනවද එයා කෝ කියලා…….ආන්ටි කතා කරන්න කෝ දෙයියනේ භානූ අයියා……
එවර දැහැම් මහ හඩින් හඩන්නට වුවා….

දැහැම් දුව…..පුතා හදිස්සියෙම ඇමරිකා යන්න තීරණේ කරලා…මට එයාව නතර කරන්න බැරි උනා ළමයෝ….පුතා පහුගිය කාලේම ලොකු හිත් වේදනාවකින් හිටියේ….එයා මේ තීරණේ ගන්න ඇත්තෙත් ඒකයි…මං ඔයාට කිව්වේ දුව භානුක ටිකක් වෙනස් ගති ගුණ තියෙන කෙනෙක් කියලා…එයා තීරනයක් ගත්තොත් ඒක වෙනස් කරන්නේ නෑ….මට අන්තිමට යනකොටත් කිව්වේ දැහැම්ව කොහෙවත් යවන්න එපා කියලා….
රම්‍යා භානුකව සිහි කරමින් හඩන්නට වුනා…..

බෑ……එයාට එහෙම කරන්න බෑ……..මාව දාලා භානුකට යන්න බෑ…..මං කොහොමද දරා ගන්නේ දෙයියනේ………භානුකට මං ගොඩාක් ආදරෙයි ආන්ටි…..අනේ මගේ හුස්ම හිරවෙන්න එනවා….මාව එක්කන් යන්න…..අනේ ඇයි මට මේ ගැන කවුරුවත් කලින් නොකිව්වේ…….
අනූ උඹට හරි තිබුනා මට කියන්න…..
එවර දැහැම් හඩන අතරේම අනූපමාට චෝදනා කරන්නට විය…..

කිව්වා කියලා වැඩක් තියෙයිද…..උඹේ ඔය මුරණ්ඩු ගල් හිත වෙනස් උනේ නෑ නේ….උඹ හින්දා තමයි භානු අයියා ගියේ…..ඒ කොල්ලා උඹ ගැන කොච්චර බලාපොරොත්තු තියාගෙන හිටියද ….අනිත් එක ඒ වගේ ඉවසීමක් ඒවගේ ගතිගුණ තියෙන කොල්ලෙක් ලබන්න තරම් උඹ වාසනා කරලා නෑ….දැන් ඒ කොල්ලගේ හිත කඩලා ඉවර වෙලා අඩපන් බොරුවට….
අනූපමා ගස්සගෙන ඉවත බලා ගත්තා…..

සිහිනෙකින් මෙන් සිටි දැහැම් එවර වේගයෙන් දිව යන්නට වුනේ නිවසින් එළියටය…..

ඒයි…..දැහැම් ඔහොම නැවතියන්……කොහෙද දුවන්නේ…..
අනූපමා ඈ පිටුපසින් දිව ගියේ මේ වෙලේ දැහැම් කුමක් කරන්නට සැරසී දැයි සිතා ගත නොහැකිවයි….

අනූ අනේ වාහනයක් නවත්ත ගනින්….මං යනවා භානු අයියා හොයාගෙන…ගිහින් එයාගෙ කකුල් දෙක ළග වැටිලා හරි සමාව ගන්නවා….මට භානු අයියා ඕන අනූ…මං ජීවත් වෙන අන්තිම දවස අද වෙයි එහෙම නැති උනොත්….අනේ මට එයාව නවත්තලා දියන්….
දැහැම් එවර අනූපමා අල්ලාගෙන වැරෙන් සොලවා කෑගසන්නට විය…මේ වෙනකොටත් දැහැම් සිටියේ සිහි විකලෙන් මෙනි…..

අනූපමාට දැහැම් පිළිබද අනුකම්පාවක් දැනෙන්නට විය….ඇය හදිසි සිතුවිල්ලකින් ජංගම දුරකථනය ගෙන භානුකට ඇමතුමක් ගන්නට විය….එහෙත් ඇගේ බලාපොරොත්තු නිෂ්ඵල කරමින් ඔහුගේ දුරකථනය විසන්ධි වී තිබුණා…..

ඇය එවර දැහැම් සමගින් හනිකට ත්‍රීරෝද රථයක් නවතාගෙන එයට නැගුනේ කටුණායක ගුවන්තොටුපළ වෙත යාමට සිතාගෙනයි….භානුකගේ ගුවන් යානය පිට වීමට තව පැය තුනක පමණ කාළයක් ඉතිරි වී ඇත…භානුක මේ වෙනකොටත් ගුවන්තොටුපළට ළගා වී ඇත…..දැහැම් හඩමින්ම දෙවියන් යදින්නට වූවා…මගෙ දෙයියනේ භානුක ගිහින් තියෙන්න නම් එපා…මං එයාට මේ තරම් ආදරේ කරනවා කියලා මමවත් දැනන් හිටියේ නෑ….අනේ ප්ලීස් භානුක ඔයත් මට නැති කරගන්න බෑ…..
දැහැම් සිටියේ අනූපමාට වාරු වෙලයි….

අනූපමා රියදුරාට ඉක්මන් කරන ලෙස පවසා දැහැමිගේ හිස පිරිමදින්නට විය….

උඹ අඩන්නේ නැතුව හිටපන්කෝ කෙල්ලේ….අපි භානු අයියාව කොහොම හරි නවත්ත ගමු…උඹ ඒ තරම් පව් කරලා නෑ…බයවෙන්න එපා…භානුක අයියා උනත් මේ තීරණේ ගන්න ඇත්තේ උඹට පණ වගේ ආදරේ හින්දා….උඹ ඈත් වෙනකොට එයාට ඒක දරාගන්න බැරිවයි ඔය යන්න ගියේ..උඹ ටිකක් හරි භානු අයියට ආදරෙයි කියලා කොල්ලා දැන ගත්ත නම් කීයටවත් උඹව දාලා යයි කියලා හිතනවද උඹ….ඒ මනුස්සයා පුදුම විදිහට උඹට ආදරේ කලේ දැහැම්….මට දුක උඹ ඒක තේරුම් ගත්තෙ නැති හින්දයි…
අනූපමා සංවේගයෙන් පැවසුවා….

ඔවුන් දෙදෙනා පැය කීපයකින් කටුණායක ගුවන් පරිශ්‍රයට ළං වුනා…දැහැම්ගේ හද ගැස්ම පිටතට ඇසෙන තරම් වේගවත් හඩින් ගැහෙන්නට වූවා….ඇය කලේ අසරණ දෑසින් දෙවියන් යැදීම පමණයි….

අනූපමා දැහැම් ඉන්නා තත්වය අවබෝධ කරගෙන මෙන් ඇයව වාරු කර ගෙනම දිව යන්නට වුනා….

****************************************

භානුකට ගුවන්තොටුපළට පැමිණි වෙලේ සිටම දැහැමිගේ මතකය නැවතත් හිත පාරන්න ගත්තා….

ඒත් මම මේ ගත්තු තීරණේ හරි….මං කොහොමද දැහැම් දිහා බලාගෙන විදවන්නේ.. එයා මට කවදාවත් ආදරේ කරන්නේ නෑ කියලා දැන දැනම මට ඉවසන්න බෑ….දැහැම්ට ඇරෙන්න වෙන කාටවත්ම මේ හිතට ළං වෙන්න බෑ…ඔව් මට විදවන්න බෑ…මං බලාගෙන හිටියා සෑහෙන කාලයක්…ඒත් එයාගෙ හිත වෙනස් වුනේ නෑ…දැහැම් මට හිමි නැතුව ඇති….කමක් නෑ….මේ ගමනින් මගේ හිත හදාගන්න හිමින් මම උත්සාහ කරනවා….
භානුක සුසුමක් හැර ඔහේ බලා සිටින්නට වූයේ ඔහුගේ යානයට තවමත් වෙලා තිබෙන නිසා….

දැහැම්ගේ දෑස් දිව ගියේ සියළූම ගුවන් මගීන් වෙතයි…ඒ අතරින් ඇය භානුකගේ රුව සොයා ගැනීමට වෙහෙසුනා…මිනිසුන් දැහැම් දෙස බලන්නට වූයේ ඇගේ පෙනුම නිසා විය යුතුය…නිවසට හැද සිටි කෙට් ගවුමත් විසිරුනු කෙස් වැටියත් හඩා ඉදිමී ගොස්‍ තිබුනු මුහුණත් නිසා ඇය දෙස සැවොම බලා සිටින්නට විය….

දැහැම්ගේ දෑසේ කදුළු අළුත් වූයේ භානුක ඔවුන් සෙවූ කිසිම ස්‍තානයක නොසිටි නිසයි….අවසානයේ දැහැම් කොරිඩෝවේ කෙලවර දෙස නිකමට ගෙල හරවා බැලුවේ පරාජිත දෑසින්….

එහෙත් ඒ මොහොතේම ඇගේ බලාපොරොත්තු සපථ කරමින් භානුක සිය ගමන් බෑගයද අතින් ගෙන ඉදිය බලාගත්වනම සිටිනා අයුරු දැකි දැහැම් අනූපමාගේ අතද අතහැර පිස්සුවෙන් මෙන් එදෙසට දිව යන්නට විය….

ඇය මොහොතක් වත් නොසිට භානුකගේ ගෙලේ එල්ලී ඉකිබිදින්නට වූයේ දුක සතුට එකට කැලතුණු සිතින්….

භානුක පුදුමයෙන් මොහොතක් එලෙසින්ම සිටින්නට වූයේ තවමත් ඔහුට මෙය අදහා ගත නොහැකි හෙයිනි….

අයියා….හිතේ තියෙන තරහා යනකල්ම මේ පව්කාරිට ගහන්න…ඒත් මාව දාලා යන්න නම් හිතන්න එපා….ඇය භානුකගේ දෑත් ගෙන කම්මුල් මතින් තබා හඩන්නට විය….

එවර භානුක දිගු සුසුමක් පා කර හැරියා……

මේ කම්මුල් වලට ගහන්න හිතුවේ නෑ මැණික….කම්මුල් අතගාන්න වගේම හිත පුරාම ඉඹින්න මං ගොඩාක් පෙරුම් පිරුවා….මට ඒ වාසනාව නෑ කියලා දැනුනම මේ හැම දේම එපා උනා….කෝ දැන් ඉතින් මෙහෙ බලන්න…ඔය මුරණ්ඩු හිත පැත්තකින් තියලා දැන්වත් මට ආදරෙයිද කියන්න මැණික….
එවර භානුක ඇගේ මුහුණ දෝතටම ගෙන ඒ දෑස් පතුලේ කිමිදී විමසන්නට විය….

ආදරෙයි දෙයියනේ….ඒ ආදරේ මට දරන්නවත් බැරි තරම්….මාව දාලා යන්න හිතුවේ කොහොමද අය්යේ….පොඩ්ඩක්වත් හිතුනේ නැද්ද මං ඔයා නැතුව හුස්ම ගන්නෙවත් කොහොමද කියලා….
කදුළු උතුරද්දී දැහැම් භානුකගේ දෑස් දෙස බලා විමසුවා….

මං කොහොමද දන්නේ කෙල්ලේ…ඔයා මාව දවසින් දවස ප්‍රතික්ෂේප කරද්දී මාව පිස්සෙක් උනේ නැති ටික විතරයි….දැන් ඉතින් ඔය හුස්ම වැටෙන දුරකින් මං ඉන්නවා ජීවිතේටම…ආයේ මැරුණත් දාලා යන්න හිතන්නේ නෑ….ඔහු ඇගේ නලලත දෙතොල් තවරා නැවතත් ඔහුගේ තුරලේ හොවා ගත්තා….
දැහැම්ගේ හැඩුම නැවතී දැන් ඇගෙන් සියුම් ඉකියක් පිට වූවා….
භානුක ඇයව තුරුලේ හොවාගෙනම හිස පිරිමදින්නට වූයේ ආදරය උතුරන හැගුමෙනි….

මේ…..දැන් මදැයි ඔතන ලව් කරා… ආන්න…මිනිස්සු හැරි හැරී බලනවා….යමුද ගිහින් බැරියැ දෙන්නට වැඩ පටන් ගන්න…භනු අයියේ ගෙදර ගිය ගමන් පහු වුන ඇරියසුත් එක්ක අල්ලන්න…මං මේකි ඔයාගේ කාමරේටම ගෙනල්ලා දෙන්නම්කෝ….දැන් අපි ඉක්මනට ගෙදර යමු…නැන්දා දැන් හොදටම බය වෙලා ඇති….මං හිතන්නේ දැන් ආයේ ඔයාට ඇමරිකා යන්න අදහසක් නැතුව ඇතිනේ….
අනූපමා සමච්චලයෙන් පැවසුවා….

දැන් මට ඇමරිකා තියා කොහෙවත් යන්න හිතෙයිද නංගි මෙයා මෙහෙම පපුවටම ළං වෙලා ඉද්දී…දැන් මට හිතෙන්නේ වෙන දෙයක්….
ඔහු ඇසක් වසා අනූපමාට ඉගි කලා…..

බලපල්ලකෝ මේකි….කිව්වෙ නම් කොහොමද….මේකි මැරෙන්න ගියේ නැති ටික විතරයි භානු අයියා….මේ හැමදේම මේ ගොනීගේ මෝඩකම් හින්දා….මේකි මෙච්චර කල් තම්න්ගෙම හිත අදුර ගන්න බැරිවෙලයි හිටියේ….
මොනවා උනත් මට කියන්න බැරි තරම් සතුටුයි….

බබා…කෝ මෙහෙ බලන්නකෝ…දැන් මෙහෙම හිටියා ඇති නේද…ඉක්මනට ගෙදර යමුද…පරක්කු වෙන තරමට අවාසිය අපි දෙන්නටමයි…භානුක දැහැම්ගේ මුහුණ ඔසවා ඇයට ඉගි කලා…

දැහැම් කෝල බව්න් රතු වන්නට විය….

##නැවත හමුවෙනතුරාවට## 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *