19වන දිගහැරුම

සෝනුගේ කාරයාලයේ වැඩ කටයුතුත් එක්ක දින කිහිපයක් වෙනසකින් තොරවම ගත වෙලා ගියා.. ඒ දිනවල චෙනායා අම්මලා තාත්තලා එක්ක කතා කරමින් ටැමිල් ෆිල්ම්ස් බලමින් ලීලාත් එක්ක පිස්සු කතා කියමින් ගත කළා…

“හෙට අර නරියට නිවාඩුනේ…..හ්ම්…හෙට ඉදීනෙ ගෙදර….ඇතිවෙලා ගෙදරට වෙලා ඉදලා අෆ්ෆා…..මේ දිගංචියෙක් බැදගෙන මට මගෙ ෆ්‍රෙන්ඩ් කෙනෙක් එක්කවත් කොහේවත් යන්න බැරි උනා…..ශික් අනා.. “

කෙල්ල ඔහේ ටීවී එක දිහා බලන් තනියම කියෙවුවා….

“නංගෝ….”

ආපු කටහඩින් කෙල්ල බැලුවේ ගැස්සිලා…..සෙව්මිනී…..කෙල්ලගෙ කටත් ටිකක් ඇරුණා සෙව්මිනී ව දැකලා… තනියෙන් නෙවෙයි ඔෆිස් ඉවර වෙලා සෙනේශුත් එක්කමයි ඇවිත් තියෙන්නේ….සිහි එලවගෙන කෙල්ල කතා කළා…..

“ඕ….අක්කි…කොහොමද…මේ පැත්තේ…

“හ්ම්….සොනූ තමා එමු කීවේ නිකම් රෑ වෙලා ගිහින් දාන්නම් කියලා….”

“හ්ම්….”

එහෙම කියපු චිනූ ආයිත් සෝෆාව උඩට කකුල් දෙකම අරගෙන ෆිල්ම් එක බලන්න ගත්තා….සෙව්මිනී ව ඒ තරම්ම කෙයා කරේ නැහෑ…..
මේක සෙව්මිනී ට වගේම සෝනුටත් දැනුනා….පෙර දිනවල තමාවත් සෙව්මිනී වත් යාලුකරන්නට දාපු සෙල්ලම් දැන් මුකුත්ම නෑ කියලා කොල්ලට හිතිලා කට කොනකට හිනාවක් ආව……😏😏😏

“හරි සෙව්….එයා ෆිල්ම්ස් බලනවානේ….අපි යමු මගෙ බෙඩ් රූම් එක බලන්න…..ඔයා දැකලත් නෑනේ……”

සෝනු සෙව්මිනීට ඇහැක් ගහමින්ම කීවා….සෙව්මිනිත් හිනාවීගෙනම නැගිට්ටා…කලින් දවසේ සෙව්මිනීට සෙනේශ් ඇත්තම කීව….කියන්නත් කලින්ම සෙව්මිනී නම් දැනගෙන හිටියේ මේ දෙන්න රණ්ඩු උනාට දෙන්නට දෙන්නා ආදරෙයි කියලා….ඒ නිසාම සෙව්මිනීත් මේ දෙන්නට උදවු කරන්න හිතාගෙනයි හිටියේ…..

අනේ ඉටිම් මේ අසරණ චෙනායා මේ මුකුත් නොදැන දිගංචියා ට ආදරෙයි කියලා තේරුම් ගන්න බැරුව ඉරිසියාව හිතේ පුරවන් වද විදිනවා…..😂😂

සෙව්මිනී නැගිටිනකොටනම් චිනූගේ ෆිල්ම් බැලිල්ල කැලේ ගියා…

“හෝව් හෝව් සෙව් අක්කී…ඉන්නකෝ…මේ ෆිල් එක මාරයී…මරම ඉන්ටරෙස්ටින්….රාම් චරන් ඉන්නේ
…යේවඩු….බලන්න බලන්න ආසයි….මම දැන් මේ බලන්නෙ 20වෙනි පාරට අනා….එන්නකෝ ඔයාත් බලන්න…..”

චිනූ ඉක්මන්ට නැගිටලා සෙව්මිනීගේ අතින් ඇද්දා…..ඒත් සෝනුත් සෙව්මිනී ගේ අතින් ඇදන් එක්කන් යන්නයි හදන්නේ උඩට….

“හා හා ඔය බටු ඇටේ වගේ බාල මානසික නෑ සෙව්මිනී…නැද්ද යමු උඩට බලල එමු අපි ගිහින්….”

සෝනුගේ කතාවෙන් චිනූගෙ හිත රිදුනා…එහෙම්ම සෙව්මිනීගෙ අත අතෑරලා දැම්මා….ඒ ඇසිල්ලේ සෙව්මිනීත් සෙනේශුත් ඉහල මාලයට ගිහින් ඇතිවෙන්න හිනා උනා….

“පව් සර් චිනු මිස්….එයා දැන් කියාගන්න බැරුව ඉන්නේ…පව්…”

“ඔව් සෙව්මිනී…..ඒත් ඔය කෙල්ල හරිම ඇට්ටරයි…අපි මෙතනින් ඕය රගපෑම නැවැත්තුවොත් මේකි මට ආදරෙයි කියන්නේ නෑ…මම නොදන්න චිනූ…..චුටී කාලේ ඉදන්ම විස බෝම්බයක් ඕක….”

“හ්ම් එයා හරිම හුරතල්නේ…..”

“අයියූ ඒ හුරතලේ තමා මාව පිස්සු වැට්ටුවෙව්….මගෙ බටු ඇටේ…..”

සෙව්මිනි සෙනේශ්ගේ හිතේ චෙනායාට තියෙන ආදරේ දිහා බලන් හිටියේ හිතේ කහටක් නැතුව….

ස්ව්මිනී සෝනුයි දෙන්න ටිකක් හොරෙන් පහළ බැලුවා….එතකොටයි දැක්කෙ චෙනායා ඉන්න විදිය….

සෝෆාවෙ තිබ්බ කොට්ට එහෙ මෙහෙ විසික් කරලා….එහාට මෙහේට කලබලෙන් යනවා…නියපොතු හපනවා එක විකාරයයි……

“ඇයි මම මෙහෙම අවුල් යන්නේ…..මමමනේ කීවෙ දිගංචියාට එයාව හොදයි කියලා…අනී ඒත් බෑ.
..මට බෑ….ඉරිසියයිනේ මට….මොකද මේ….චිනූ කවද්ද ඉරිසියා කළේ….එත් සෝනු….අයියේ….මම හිතන්නේ මට ඔයාව ඕන…..ඒත් කෝමද මම ඒ උගුඩුවට ඒක කියන්නේ….ඒයා එක වචනේ කෙනෙක්නේ…..අනී දෙයියනේ. මට ඒ දිගංචියාව දෙන්නකෝ….”

කෙල්ල අත් දෙක එකට බැදගෙන ඇස් වල කදුළු පුරවගෙනයි හිතුවේ….මේ හැගීම ඇත්තටම කෙල්ලට බර වැඩී…හුරතලේයි දග වැඩයි , අමාරුවක් නැතිවම හම්බවෙන ආදරෙයි ඇරෙන්න කෙල්ල වෙන දෙයක් විදලා තිබුණේ නෑ….ඒත් දිගංචියාව ඕනේ කියලා චිනූට තේරුනා….

නොයිවසිල්ලෙන් හිටපු කෙල්ල උඩට යන්න රූපවාහිනිය නිවා දැම්මා….මේක දැකපු සෝනුයි සෙව්මිනි ඉක්මන්ට කාමරේට ගිහින් ඇද උඩින් වාඩිවෙලා අත් අල්ලා ගත්තා …

චිනූ කාමරේය එද්දී දැක්කේ ඒ දසුන…..කෙල්ල එහෙම්ම බාත් රූම් එකට යන්නයි හැරුනේ…

“ඒයි බටු ඇටේ මොකෝ මේ ඇස් වල කදුළු ද?”

“නෑ මේ ඇහැට මොකෙද්ද ගියා….”

එහෙම්ම කියාගෙන චිනූ බාත්රූම් එකට ගිහින් ඇදන් හිටිය ඇදුම් පිටින්ම ශව්ර් එක යටට වෙලා ඇතිවෙන්න ඇඩුවා….

කවදාවත් නැති තරම් කිසි කෙනෙක් නිසා නොඅඩපු තරම් කෙල්ල ඇඩුවා….සෝනු හොදටම දන්නවා කෙල්ල අඩනවා කියලා ඒත් හිත ගල් කරන් හිටියේ චීනුට දෙයක් දැනෙන්න තේරුම්කරන්න මීට වඩා හොද ක්‍රමයක් නෑ කියලා දන්න නිසයි…..

එහෙම ටික වෙලාවක් ඉදපු සෙව්මිනී පිටවෙලා ගියා…චිනුහ් එතකනුත් ඇතුලට ආවේ නෑ…..සෝනුට හිතුනා කෙල්ල තෙමිලා තෙමිලා අසනීපවෙදෝ කියලා…..

“චිනූ එනවා එලියට හලෝ…..දියවෙනවද?”

කිසිම ශබ්දයක් ආවේ නෑ….

“දැන් නවොත් මම ඩෝ එක කඩලා එනවා….”

එහෙම කියද්දීනම් වතුර සද්දේ නැවතුනා…..ටික වෙලාවකින් කෙටි ටවාල් එකකින් සැරසුන කෙල්ල ආවේ සීතලේ වෙවුල වෙවුල…..

හා පැටියෙක් වගේ ගුලි වෙලා ආව කෙල්ල දකිද්දී කොල්ලාට දැනුනේ දුකක්….සෝනු ඉක්මන්ට ගිහින් කෙල්ලව වැළද ගත්තා…..ඔහුගේ උනුසුමට ලෝබ හිතුනත් කෙල්ල ඉක්මන්ට සෝනුව තල්ලු කලා….

“යනවා යන්න ගිහින් සෙව්මිනී ව බදාගන්නව…..ජරා සතා…..”

කෙල්ල වෙලමින් උනත් කීවේ කේන්තියෙන්….සෝනුට තරහක් දැනුනේ නෑ…..

“ඉවසන්න වස්තු…..ඔයා මට ආදරෙයි කියන්න…..එහෙනම් මේ මුකුත් නෑනේ…”

සොනු හිතුවා මිස කීවේ නෑ…

“හා හා….දැන් ඇදුම් ඇදන් එනවා පහළට කන්න….”

එහෙම කියන් සෝනු ගියා….ආයිත් චිනූගෙ ඇස්වල කදුළු පිරුනා… ඒත් හිත හයිය කරන් කෙල්ල ඇදුම් ඇදගත්තා….

“ආදරේ කරන්න වටින්නේ නෑ…නපුරු මිනිහෙක් ….කුහකයෙක්….බූරුවෙක්…..”.

.හිතින් බැන බැනම කෙල්ල ඇදුමක් දාන් පහළට ඇවිත් නිහඩවම කෑම ටිකාක් කාලා නිදාගන්න ආවා…..සෝනු එද්දී කෙල්ල හිටියේ නිදාගෙන…..

නිහඩවම ඈ දෙස ටිකක් බලන් ඉදලා ලයිට් ඕෆ් කරලා නිදාගන්න ආවේ හෙට සෙනසුරාදා කොහේහරි යන්න හිතාගෙනයි….

හෙට කොහොමහරි චිනූට කියලා ආදරේ කියවගන්නවා කියලා හිතුවා සෝනු….

.”නැත්තම් මම හරි කියනවා බටු ඇටේ…..”

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

පහුවෙනිදා චිනූවත් ලෑස්තිකරන් උදෙන්ම කොල්ලා මහරගම නාවින්නෙන් සෙව්මිනීවත් අරන් පිටත් උනේ නුවර පැත්තට වන්නට ගැමි ගතියකින් නිමවා තිබූ හෝටලයකට….ටිකක් දිගු ගමනක්…..

චිනූ බලන් හිටියේ සෝනු කරන දේවල් දිහා….එනගමනුත් සෙව්මිනව ඉස්සරහා දාගෙන කයිය ගගහා ආවෙ…..තමාව ගනන් ගන්නේත් නැතුව……..

චිනු දුක තරහා මිශ්‍ර හැගීම් සමුදායක අතරමං වෙලයි උන්නේ…..

ඒ අස්සේ සෝනු බුක් කරලා තිබ්බේ රූම් දෙකයි….ඒ නිසා චිනූ අසරණ උනා…..එදා ලෙශර් වර්ල්ඩ් එකේදි වගෙ අදනම් තමාව සෝනු කාමරයේ තියාගන්නේ නෑ කියලා චිනූ හොදටම දන්නවා….

ඒ නිසා හිටියේ නොසන්සුන්ව…….

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *