19. වන කොටස.
මියෙදෙන තුරා…..
*ඊයේ නේද ලොකු බේබීට ඔය පොන් ඒක ලැබුනේ. සුමේධ මහත්තයා දන්නේ කොහොමද.*
* ශාලින්ද මල්ලි ම තමා දීලා තියෙන්නේ.*
*හරි හරි. ලොකු බේබී ඉක්මනට මූන සොදගෙන මේ තේ ඒක බීලා ඉන්න නිමෙන්න කලින්.*
*අහන්නකෝ ලීලම්මේ. සුමේධ අයියගේ වයිප් සෙව්මිණී . ඒයාගෙත් උපන්දිනෙත් ඊයෙලු.*
*ඒහෙම වෙන්න ඒපැයි.*
*මොකක්. ලිලම්මා කොහොමද ඒක දන්නේ.*
*මේ.. මේ..ලොකු බේබි මොකද්ද අැහුවේ. මම වෙන කල්පනාවක් හිටියේ.*
මම පුදුමයෙන් ප්‍රශ්න කලා. සිහින ලොවින් පිවිසුනාක් මෙන් කළබලයට පත් වූ ලීලම්මා තමා අතින් ලොකු වරදක් වූවා ඒය නිවැරදි කර ගන්න වගේ නැවතත් මගෙන් විමසුවා.
*මම අැහුවේ සෙව්මිණීගේ උපන් දිනෙත් මගේ උපන් දිනේ දවසෙමයි. කියලා ලීලම්මා දන්නේ කොහොමද කියලා.*
* අනේ මම දන්නේ නැ ලොකු බේබී. වෙන කල්පනාවක හිටියේ මම. මටත් නිතරම අර පුංචී දරුවෝ දෙන්නව මතක් වෙනවා.*
* නෑ . නෑ ලිලම්මලා මට මොනවා හරි හංගනවා.*
*අනේ නෑ ලොකු බේබී.*
*නැත්තේ මොකද? අපි දෙන්නා ඒක වගේම වෙන්නයි. ඒකම උපන්දිනේ වෙන්නත් හේතුවක් තියෙන්න ඒපෑ.*
*ඒක උපන්දිනේ තියෙන අය ඉන්න පුළුවන්නේ ලොකු බේබී. අනික ඒ ළමයා බේබිට වඩා බාල අැති. වික්‍රමසිංහ මහත්තයලට දරුවෝ හිටියේ නෑ. රට රටවල් වල ගිහින් බේත් කරලා තමා ඔය දරුවා හදා ගන්න අැත්තේ. අනික ඒ දරුවා ඉපදෙද්දී. වික්‍රමසිංහ මහත්තයලා හිටියේ රට.
අනික ඒක වගේ හත් දෙනෙක් ඉන්නවලුනේ. ඒවා ගැන ඒ හැටි හිතන්න ඒපා.*
*දවසක මටත් දැන ගන්න ලැබෙයි.*
මට හැමෝම කියන කරුනු පිළිගන්න අමාරුයි. මම කේන්තියෙන් නානකාමරයට ගිහින් දොර වහ ගත්තා. උදේම නාලා අලුත් අැදුමක් අැද ගත් මම තෑගී ටික දිගහැරලා බලන්න හිතුවා. තෑගි ගැන මට කිසිම අාසාවක් නොතිබුනත්, හැමදාම මේ තෑගී මෙහෙම තියන්න බැරි නිසා මම අැද කොනකින් ඉද ගත්තා.
*ලොකු අක්කී. ඔයා අැහැරලා නේද ඉන්නේ*
*ඒන්න පුංචි නංගී අැතුළට*
මම දොර අභියස සිට මා දෙස බලා වුන් පුංචී නංගිට අැරයුම් කලා.
*මොකද ලොකු අක්කී කරන්නේ. අද හරිම කම්මැලී අනේ.*
*මම මේ තෑගී ටික ගලවලා බලන්න හැදුවේ. ඔයත් ඒන්නකෝ මේ ටික බලන්න.*
*නියමයි. බලමු . බලමු.*
තෑගී පාර්ශල් ඒකක් අතට ගනිමින් අැයත් අැද කොනක වාඩී වුනා. මම පුංචී නංගී ඒක්ක උදේ චූටි දූ කතා කරපු බව කිව්වේ හරිම සංතෝෂෙන් . මගෙන් නොයෙක් ප්‍රශ්න අසමින් සියලු විස්තරය අහගත් පුංචී නංගී තනියෙම හිනා වුනා.
*මොකද පුංචී නංගී හිනා වෙන්නේ.*
*නෑ. නෑ. මොකුත් නෑ.*
*පිස්සු හැදීගෙන ඒනවද*
*නෑ මම මේ .. කල්පනා කලේ ශාලින්ද අයියගේ තෑග්ග දැන් බොහොම වැදගත් වෙලා නේද කියලා.*
*අනේ මේ විකාර නොකියා ඉන්න පුංචි නංගී*
මම අැය අදහස් කල දේ තේරුම් ගත් නිසා අකමැත්ත ප්‍රකාශ කලා.
*ලොකු අක්කී මේක නේද සුමේධ අයියා ගෙනාව තෑග්ග. *
*මට මතක නෑ පුංචී නංගී.*
සැබවින්ම ඒක සුමේධ අයියා ගෙනාපු තෑග්ග බව මගේ මතකයේ තිබුනා. ඒ පාර්ශලය වෙනස්ම කොළයකින් අාවර්නය කරලා තිබුන නිසා. ඒ තෑග්ගේ දවටනයට යොදාන තිබුනේ පුංචි දරුවෙකුට තෑගී සරසන්න යොදා ගන්න කාටුන් වලස් පැටවුන් සිහිත කොළයක් නිසා. අනිවාර්යෙන් ඒ තෑග්ග පැක් කරන්න අැත්තේ ලොකු දූ. මටත් හොරා මගේ මුනේ සිනාවක් මැවුනා.
*මොකද ලොකු අක්කී තනියම හිනා වෙන්නේ*
මගේ මහුනෙහි ඉරියව් පිළිබද හොද අවදානයෙන් බලා වුන් පුංචී නංගී ප්‍රශ්න කරද්දී මට දැනුනේ පොඩි නොරිස්සුමක්. නිදහසේ හිනා වෙන්නවත් නෑනේ කියලා.
*මෙහෙ දෙන්න බලන්න ඔකේ මොනවද තියෙන්නේ කියලා.*
*අැයි අැයි විශේෂයක් නෑනේ මම බලන්නම්.*
*විශේෂයක් නෑ. ගලවන්නකෝ පුංචි නංගී කෝලම් නොකර.*
*හා. හා. ඔයාම බලන්න.*
පුංචී නංගී තෑග්ග මා දෙසට පෑවා .මම ගන්න හදද්දිම , පුංචී නංගී අාපහු අැදලා ගත්තා. අැය නැවතත් මා වෙත පෑවත් මම ඒ දෙස බැලුවේ වත් නෑ.
*මොකද ඔය හැටි කේන්ති යන්නේ.*
*මොකද පුංචි නංගී ඔයාට වෙලා තියෙන්නේ.මොනවද කරන විකාර වැඩ.*
අැත්තටම තෑග්ග මොකද්ද කියලා දැන ගන්න තිබුන උවමනාව නිසාදෝ මට පුංචි නංගී කරන ඒවට කේන්තී ගියා. මට කේනති ගියත් අැගේ මුහුන සතුටින් පිරිලා තිබුනේ, මගේ නොසන්සුන් කම දැකලා වෙන්න ඔනෝ. අැයම තෑග්ග කෙමෙන් ගලවන්න වුනා. සියලු ටේප් කැබලි ගලවා ඔයාම බලන්න මුලින් කියලා තෑග්ග මගේ උකුල උඩින් තිබ්බා. මම කොළ මෑත් කරලා තෑග්ග දෝතට ගත්තා.
* පුංචී නංගී මේ බලන්නකෝ හරිම ලස්සනයි. *
*මොකද්ද ලොකු අක්කී. කො බලන්න.*
අැය මා අතේ වු ත්‍යාගයට මුහුණ පොවමින් අැසුවා. ඒක මේස ඔරලෝසුවක්. ඔරලෝසුව කියන ඒක හරි නෑ රාමු කරපු චායාරෑපයක්. හාඩ් හැඩයක් ගත් ඒ ඔරලෝසුවෙහි කොනක කුඩා ඔරලෝස් කටු ටිකත් ඉලක්කම් ටිකත්. ඉතිරි පසුබිමෙහී චූටී දූගෙයි, ලොකු දූගෙයී සුරතල් සිනහව රැදි අලංකාර චායා රූපයක්. අැත්තටම ඔවුන් දෙදෙනාගේ සිනහව ජීව මානයි. මට දැනුනේ දරා ගන්න බැරි තරමේ සතුටක්.
*හරිම ලස්සනයි ලොකු අක්කේ. සූමේධ අයියා ඔයා වෙනුවෙන් මයි මේක හදවන්න අැත්තේ . ඔයා ඒ දරුවන්ට අාදරේ බව ඒයටත් තේරෙනවා අැති.*
පුංචී නංගිගේ වදන මා හදේ වූ අාදරය, ලෙන්ගතු කම තවත් දැඩී කලා. මම කුඩා ඔරලෝසුව අැද අසල වූ කුඩා මේසය මත තැබුවේ හරිම අාදරයෙන්.දැන් මට හැමදාම උදේ හවා දරුවෝ දෙන්නා දැක ගන්න පුළුන් , ඔයාට ගොඩක් පින් මගේ හිත තේරුම් අරන් මෙහෙම දෙයක් කලාට. මම හිතින් පිං දුන්නේ, ඔරලෝසුව දිහා ලෝභ කමින් බලාන ඉන්න ගමන්.
*ලොකු අක්කී පොන් ඒක රිං වෙනවා නේද?*
*අා.. ඔව්*
මම ඒතන වූ දුරකථනය අතට ගෙන තිරය මත දැස යොමු කලා. සුමේධ අයියගේ අංකය. මට පුංචී නංගී දිහා බැලුනේ ඉබේටමයි. අැය ඉගි කරලා අැහුවේ කව්ද කියලා.
*සුමේධ අයියා.*
*ඉතිං මොකද බය වෙලා වගේ අාන්සර් කරන්නකෝ.*
මම දුරකතනයට අැමතුමට සවන් දුන්නා.
*හෙලොව් නිල්මිණී නංගී.*
*හෙලෝව් සුමේධ අයියේ.*
*අනේ කරදර කරනවා නම් සමාවෙන්න. මේ දූගෙන් බේරිල්ලක් නෑ. නිල්මිනි නංගී.*
*මොන කරදරද අනේ.*
මම නංගී දිහා බමින් කියද්දී නංගී හිනාව තද කරගෙන මගේ දිහා බලන් ඉන්නවා.
*හරි. හරි ඔන් අපි යන්නවා. කට්ටියට ලැජ්ජා අැතිනේ අපි ඉද්දී කතා කරන්න.*
කියලා මගේ ලිහලා දාලා තුබුන කොන්ඩෙන් අැදපු පුංචි නංගී කාමරේ දොරත් වහගෙන පිට වෙලා ගියා.
*නිල්මිණි නංගී මොකද මේ වෙලාවේ කරන්නේ.*
*අනේ ඔයාට ගොඩාක් පිං අයියේ.*
*ඒ මොකටද නිල්මිණි නංගී.*
*මට දුන්න බර්ත්ඩේ ගිෆ්ට් ඒකට.*
*දූ දරුවන්ට අාදරේ බව දැනුන නිසා මම ඔයා වෙනුවෙන් මයි ඔක හැදෙව්වේ.*
*මට දැන් දවස ගනෙම දූලා දෙන්නා දකින්න පුළුවන්. දැන් දවස ගානෙම කතා කරන්නත් පුළුවන්.*
මගේ හැංගිලා තිබුන හැගීම් ඉබේම වචන වෙද්දී. ඒ හැගීම් නෙත් දෙකෙන් දෝරේ ගැලුවා. මගේ අත්මයට බැදුන ලොකු ලෙන්ගතු කමක් ඒ දරුවෝ දෙන්නා වෙනුවෙන් මට දැනුනේ, හරියට අාත්ම ගානක් මගේ දරුවෝ වෙන්න පතන් අාවා වගේ.
සුමේධ අයියයි, චූටී දූයී , ලොකු දූයී මට නිතර කතා කලා. අපි තව තවත් ළං වුනා.පුංචී නංගී ශාලින්ද මල්ලී නිතර මට විහිළු කලා. දරුවන් වෙනුවෙන් මගේ හිතේ තිබුණ අාදරය කැමැත්ත නිසාම, මම ඒවා නෑසුනා වගේ හිටියා. මට සුමේධ අයියා ගැන ඒයාගේ බිරිද වෙන්න ඔනේ , දරුවන්ගේ අම්මා වෙන්න ඔනේ කියලා හැගීමක් තිබුනේ නෑ. මම දන්න තරමින් සුමේධ අයියත් මම ගැන ඒහෙම හිතන්නේ නෑ. කවදාවත්ම මට ඒ්වගේ දෙයක් සුමේධ අයියා අගවලාවත් නෑ. මම මගේම සහෝදරයන්ටත් වඩා ළගින් සුමේධ අයියව අාශ්‍රය කලා. අැත්තටම ඔහු තමා දැන් මගේ හොදම මිතුරා.
සුමේධ අයියා නිතර දෙවෙලේ අදරුවෝ ඒක්ක අපේ ගෙදර අාවා ගියා. මමත් ශාලින්ද මල්ලී පුංචී නංගී ඒක්ක සුමේධ අයියලාගේ ගෙදර ගියා.
ඊ ළග කොටසින් හමු වෙමු… —