19
අචින්තයී අපේ ආදරේ
19 කොටස
මන් බයටම ආයේ එලියට ගියේ නෑ ඇනෙක්ස් එකින්..මැට්ටා මට මොනා කරයිද කියලා දන්නෙ නැති නිසා…
මල්ශා ,නිරූ අක්කි,නවෝදා එක්ක කියෝ කියෝ ඉදලා අටාමාරටත් කලින් නිදා ගත්තා…රෑ මැද ඇහරුනා වොශ් රූම් යන්න…ආයෙම ඇදට ආවට නින්ද යන්නෙත් නෑ..එහෙට මෙහෙට ඇදේ පෙරලි පෙරලී ඉදලා බැරිම තැන ඇනෙක්ස් එකෙ බැල්කනී එකට ආවා…
මුලු පරිසරේම නිහඩයි.තැන තැන අතරින් පතර ලයිට් පේන්නෙ තවමත් නිදි නැති අය නිසා වෙන්න ඇති..කීයද වෙලාව…ම්ම් දෙකයි..පුදුම සීතලයි…මන් අත් දෙක බැද ගත්තේ සීතල වැඩි කමට……
චූටීයාත් මන් ලගට ආවෙ මන් අවදියෙන් කියලා දැනිලද කොයිද..කකුල පුරා ඇතිල්ලෙන පුරු පුරු චූටීයව මන් වඩා ගත්තා…
චූටී ඔයා දොයි නැද්ද ආ…මොකෝ කරන්නෙ මේ රෑ දඩයමේ ගියාද…
ඒත් එක්කම පෝන් එකට මැසේජ් එකක් ආවා..
Matti ahara genadha..
ආහ් මෙයා …මන් චූටීව තාප්පෙ උඩින් තියලා මැසේජ් කොටන්න ගත්තා…
Doi..me hinen maseg ewanne
Ah hinen awydala wenna athy balkani eke kathaa karanawaa ahune
Oya kohida
Mamath balkani eke
Ehemada
Na mehema…moko ninda yanne nadda
Naha
Ehenam wadak thiyenawaa …ikmanata indoor balkany ekata enawa…baduwak thiye pennanna..
Dan?
Ow enawaa …awe nattam man dan thamuse inna thAnata enawa
අයියො මේ මැට්ටගෙනුත් තියෙන්නෙ එසෙ මෙසෙ වදයක් නෙමි..මෙයා කියන්නෙ මොකක්ද මන් ඒක කරන්න එපැයි…බෑ කියන්නත් මගේ දිව නැමෙන්නෙ නැති හැටි..
මන් චූටීවත් වඩන් හිමින් අඩිය තියලා ඇනෙක්ස් එකින් එලියට ආවා…අම්මො එකියක් හරි ඇහරුනොත් අහන පර්ශ්න වලට උත්තර දෙන්න ගිහින්ම පන යයි…
කෝ මෙයා…බැල්කනී එක පුරා බැලුවත් මෙයා නෑ….
බුහ්හාහ්හාඅ…..
එක පාරම කලුවරෙ ඉදන් කෑ ගහගෙන පබා මගෙ ඇගට පැන්නා…අනෙ මේ මැට්ටා නම් මාව බය කරලමයි කොයි වෙලේ හරි මරන්නෙ…
ඔන්න මෝඩී සේම් ටූ සේම්…
අර මොකටද…
අර නම් හැදුවට…
අහ්..ප…..
මට ඒක ආයෙත් කියවුනා
ආයෙත් කීවා නේ මෝඩී…ආයේ කීවෝත් කපනවා මන්
කොහිද
කොයි හරි…කියන්නෙ නෑ…මෙහේ එනවා..ඉදගන්න
ඔ…තන අනෙ මට බෑ..බයයි..
එනවා මෝඩී..
ඔතන අනේ මට බෑ බයයි
බය වෙන්න එපා මෝඩී මෙහේ එන්වා…
පබා ඉදගෙන උන්නෙ බැල්කනි එකේ කෙටි බැම්ම උඩ..පාරට කකුල් දාලා..එහෙම ඉන්න බයයි මට…ඉදගෙන ඉන්න පුලුවන් ලොකු ඉඩක් තියෙන බව ඇත්ත ඒත් එතන ඉදගන්න අනේ
මෙහේ එනවා මෝඩී
බෑ
මාව විස්වාසද
හ්ම්ම් ඔව්
එහෙනම් එනවා..
පබාගෙ කීමට මන් එතනට ගියා…මාත් එතනින්ම ඉදගත්තා..බිමට කකුල් වැටෙන්න..අනෙ බිම බැලුවා..කකුල් දෙක මැන්ඩලින් ගහනවා ..අයියො..බයටම ඇස් පියන් පබාගෙ අතේ එල්ලුනා…
මෝඩී කෝ ඇස් අරිනවා
අනෙ බයයි නිසිත
අරිනවා මෝඩි බිම බලන්න එපා..මගෙ ඇගිල්ල තියෙන දිහා බලනවා
හිමින් ඇස් ඇරලා මන් පබාගෙ ඇගිල්ල තියෙන දිහා බැලුවා..
දෙවියනෙ කොච්චර ලස්සන දර්ශනයක්ද..හද..පුර පෝය දා හද..අපූරුවට අහස මත හිනැහෙන ලස්සන..
අනෙ ලස්සනයි පබා
ඒකනි..කොච්ච්ර ලස්සනද..මන් ආසම දර්ශනයක්..ගොඩක් හද පායපූ රෑට මන් මෙතනට වෙලා කල්පනා කරනවා..අමුතුම හැගීමක් දැනෙනවා…හිතට..කවි ලියන්න නියමයි නේද..
මේ වගෙ නපුරෙක් ලග මෙහෙම සුන්දර සිතුවිලි..පුදුමයි..මේ මන් පබාගෙ නුදුටු පැත්තක්..
ඔයාට කවි ලියන්න පුලුවන්ද නිසිත
කවි සින්දු කරන්න පුලුවම්.සින්දු කවි කරන්න පුලුවන්..ජීවීතේ ගැන එක එක දේවල් හිතෙනවා මෙතන ඉද්දි..අනාගතේ ගැන..අම්මා ගැන..තාත්තා ගැන ..නන්ගි මල්ලිටයි සලකන විදිය..ලොකේ වෙනස් කරන විදිය..ඔය වගේ දේවල්
හ්ම්ම්
මොකො හ්ම්ම්..අර බලනවා තමුසෙගෙ නෑදායෝ යනවා
කෝ කෝ
මෝඩියෙ දගලන්න එපා දෙන්නම සෙත්ත පෝච්චි වෙයි..
පබා කීවමයි මට ඉන්න තැන මතක් උනෙ..පබාව තවත් තද කරලා අල්ලගත්තෙ නොවැටි ඉන්නෙ..පබා ලගදි දැනෙන මේ උනුසුම් ආරක්ශාව…හුම් වැඩිය හිතන්න ඕනී නෑ..
මැට්ටි
ම්ම්
නිදිද
නෑ..
එහෙනම් සද්ද නැත්තෙ..
හද දිහා බලන් කල්ප්නා කලා
මොනාද
මෙහෙමයි මේ වෙලේ හද දිහා බලන් එක එක්කෙනා එක එක විදියට කල්පනා කරයි කියලා හිතුනා
ඒ කීවෙ…
ම්ම් ඉන්නකො කියන්නම්..
හරි
කතන්දරයක් අහන ලමෙක් වගෙ පබා මන් දිහා බලන් උන්නා..ඒ ඇස් දිහා බලන් ඉන්න බැරි නිසා මන් හද දිහා බලන් කතාව කියන්න ගත්තා… ,,,,,,,,,,, සද කොමලී නුඹ පායා ගුවන් ගැබේ
අවදි කලා මගේ ආදර හැගුම් හිතේ
හැමදාකම එන්න බැරිද ඔය විලසෙ
සද සාවියෙ මගෙ තනියට හිදිනු හදේ
ශා ලොක්කා ශා මාර ලස්සන කවියක් නේ..
හී ඒ පබෝ කවියෙක් අහස බලන් හිතන දේ..
අහ්..නියමයි මැට්ටි නියමයි..එක තත්පරෙන් හැදුවා කවිය..ඉතින් ඉතින් තව අය මොනා හිතාවිද
ඔයා ඇයි හද මාමෙ පෝය දාට විතරක් එන්නෙ..කවද්ද ඔයා කිරිපැනි ගෙනත් දෙන්නෙ මට..ඇයි ඔයා හදේ හාවෙක් තියන් ඉන්නෙ..එයාව එවන්නකො බිමට මට සෙල්ලම් කරන්න…ඔන්න එහෙම තමයි පොඩි ලමෙක් හිතන විදිය..
ම්ම් නියමයි තව
හරි ඔන්න ඔයා බීපූ කෙනෙක්..එහෙම උනාම හිතන්නෙ මෙන්න මෙහෙමයි
කොහොමද
අඩෝ ඇයි යකො මන් යන යන තැන පස්සෙන් එන්නෙ..ආ ඩෝ..උඹව අහු වුනොත් ආයෙ නෑ උඹ ලග ඉන්න හාවව බයිට් එකට අරන් උඹටම කෙලනවා ඩෝ…
හික්ස් මේකි නම්..තව
ඔන්න පබෝ දැන් ඔයා ඩොක්ට කෙනෙක්..එතකොට ඔයා හිතන්නෙ මෙන්න මේම..අනේ හාවෝ මන් මෙ ඔයාට කියන්නෙ..ඔයා ඉන්නෙ ගොඩක් අවදානම් තත්වෙක..හැමදාම කිරි පැනියි කාලා ඔයාට ශුගර්..එකම තැන ඉදලා ක්ලොස්ටරෝල්..මම් කියන්නෙ මීට වඩා ඔයාට ඔයාගෙ සව්ක්ය ගැන හිතන්න වෙයි..අනික බලන්න ඔයාගෙ වැඩේම පුතුවිය වටෙ කරකෙන එක..ඔයාට කරකැවිල්ල හැදිලා හාට් බීට් එක වාඩි වෙලා..හාට් ඇටක් එන්න පුලුවන්..
අනෙ මැට්ටි..ඔයා නම් නියමයි..තව තව
(කවුරු හරි කතාව ස්කීන් ශොට්ස් දාන්න..ප්ලීස්)
ඔන්න පබෝ ඔය පයිතගරස් නම් මෙන්න මේ විදියට හිතයි…
කොහොමද
අහ් අර වුත්තාකාර හැඩය මොකක්ද..මේකෙ අරය කොච්චරක් ඇද්ද..හදේ ඉන්න හාවට කොච්චර ප්වේගෙකින් දුවන්න පුලුවන් ඇද්ද..එහි තියෙන කිරි පැනි දාරිතාව ලීටර් කොච්චරක් වෙයිද…අන්ශක අනූවක් ලම්බකව මගෙ පයිතගරස් ප්ර්මේයත් දාලා..
අනෙ අනෙ මැට්ටියො ඇති..තවත් නම් ඉන්න බෑ..ඇතියො..
පබා බඩ අල්ලන් හිනා වෙනවා..ඒ මූනෙ තියෙන හිනව්ව දැකලා මමත් ගොඩක් වෙලා හිනා වුනා..
එක පාරම හිනාව නවත්තපු පබා මන් දිහා බලන් උන්නා..ඒ බැල්ම කොහොමද මන් දරාගන්නෙ..මොකක්දො ආගන්තුක සිතුවිල්ලක් නුහුරු බවක් හිතට ඇවිත් නෑවිත් ගියා…
මැට්ටි…මැට්ටි ඔයා නම්..
මන් ඇයි කියලා ඇස් වලින්ම ඇහුවා..කතා කරන්න බෑ හිත ටැපලිලා..වචන හිර වෙලා..
මැට්ටි මන් හිතුවෙ නෑ මැට්ටිට මේ තරම් ලොකු දක්ශතාවක් තියෙනවා කියලා
මොන දක්ශතාවයක්ද
පුදුම ගෙතිල්ලක් නෙ ගෙතුවෙ..ඇත්තමයි මෝඩී කැම්පස් යන එක නවත්තලා ලියන්න ගන්නවා..අර කවියත් මරු ආ..නියමයි..මන් හුග දවසකින් හිනා වුනේ..
මාත්
මැට්ටි
ම්ම්
දෙයක් අහන්නම්ද
හ්ම්ම් අහන්න
ඔයාට
ඔව් මට
ඔයාට බොඉයි ෆ්රෙන්ඩ් කෙනෙක් නැද්ද
බෝයි ෆ්රෙන්ඩ් ඒ කියන්නෙ පිරිමි යාලූවෝ..ම්ම් ඉන්නවා..ගොඩාක්..කැම්පස් එකෙ ගමෙ..මෙහෙ
-දන්නවා මෝඩයට ඕනී මට දැන් එහෙම කෙනෙක් ඉන්නවද දැනගන්න කියලා..ඇත්තටම ඔව් ඉන්නවා..එයා මෙ දැන් මගෙ ඉස්සරහා ඉන්නෙ..ඒත් ඉතින් ඒ මැට්ටා මට ආදරේද දන්නෙ නෑ
එහෙම නෙමී මෝඩී ස්පෙශල් කෙනෙක්
අහ්..ස්පෙශල් කෙනෙක්..ඊට කලින් මට කියන්න ඔයාට ඉන්නවද..ගර්ල් ෆ්රෙන්ඩ් කෙනෙක්..
ග්ර්ල් ෆෙන්ඩ් ගෑනූ යාලූවො..ඔව් ඉන්නවා ඉහෙ කෙස් ගානට..
හ්ම්ම්
මොකො
නෑ මුකුත් නෑ..
මැට්ටියෙ
ම්ම්
ඔයා යාලු වෙලා ඉදලම නැද්ද ඔන්න නෑයි කීවොත් කපනවා කොන්ඩෙ
ම්ම් හුම්ම්..
මන් දිග හුස්මක් ලයට පුරවාගත්තා
හ්ම්ම් උන්නා…
ඇත්තමද
ඔව්..
කියන්න බලන්න ඒ ලව් ස්ටෝරිය
හ්ම්ම්..මන් එලේවල් ක්ලාස් ගියෙ ගමේ හොදට ඉගෙන ගෙන ගම්මෙම ලමයින්ට ක්ලාස් කරපූ මයන්ත කියලා අයියා කෙනෙක් ලගට…එයා මට ගොඩක් ඉගෙන ගන්න උදව් කලා..අපි හුගක් දුප්පත් පබා..මගෙ අප්පච්චි පව් තනියෙන් අපි තුන් දෙනාගෙ වැඩ කරන්න ඕනොඉ එයා..පුන්චි කාලෙ ඉදන් මන් හුරු උනෙ නැති බැරි කම් උහුලන් ඉදලා ජීවත් වෙන්න..අප්පච්ච්ට කරදර කරා කියලා වැඩක් නෑනී..එයා තනියෙන් මොනා කරන්නද..ලොකු ගෑනු දරුවො දෙන්නෙක් දාලා දුරක යන්නත් බැස්…කුබුරෙ වැඩ නැති කාලෙට එයා යනවා බාස්ලට අත් උදව් දෙන්න..අනුන්ගෙ වතු වල වැඩ කරන්න..එහෙම කරලා ගෙදරඇවිත් අපි තුන් දෙනාගෙ අඩු පාඩුකම් හොයලා බලනවා..හ්ම්ම් ඔහොම ඉද්දි තමයි මයන්ත සර් මට නොමිලෙ ඉගැන්නුවෙ..ඊට අමතරව එයා එයාගෙ අනිත් ක්ලාස්වල වැඩ වලට මාව අඩගහගත්තා..මට මාසෙට ගානක් දුන්නා..දුප්පත් මට ඒක මහමෙරක්..ඔහොම ඉද්දි මටත් නොදැනිම මන් මයන්ත සර්ට ආදරෙ කරන්න පටන් අරන්..මයන්ත සරුත් එහෙමයි..අපි ආදරෙ කලා..කාටත් නොදැනිම..දවසක් කවුරුත් නැති වෙලාවක මයන්ත සර් මට ඒක කිව්වා..මට මට හිතා ගන්න බැරි වුනා..මොකද ඒ වෙද්දි මමත් සර්ට ආදරෙ කරන්න පටන් අරන්..හරිම් ඇහින්සක පිවිතුරු විදියට අපේ ආදරෙ ගලන් ගියා..අහලා තියෙනවනි ආදරෙයි කැස්සයි හන්ගන්න බෑ කියලා..අපෙ ආදරේට තටු ලැබිලා ගම පුරා පැතුරුනා..මයන්ත සර් අපෙ ගාමසේවක තුමාගෙ පුතා..ගමේම උන්නු පෝසත්ම අය..අපි ගමේම උන්නු දුප්පත් පවුල් වලින් එකක්..ඉතින් එක දවසක් මයන්ත සර්ගෙ අම්මයි අප්පච්චි අපෙ ගේ ඉස්සරහට ඇවිත් කෑ ගැහුවේ..එදායින් පස්සෙ මයන්ත සර්ට මාව දුප්පත් වුනා..හැබයි එයා මාව ක්ලාස් එකෙ වැඩ වලට ගන්න එක නතර කලෙ නෑ..කොහොමහරි ඒ අවුරුද්දෙ එයා ගමේ උන්නු තවත් පෝසත්ම පවුලක කෙල්ලෙක්ව බැන්දා..මන් පලවෙනි පාර විබාගෙ අනාගත්තා..ඒත් දෙවනි පාර මන්ම හිතට අරන් පාඩම් කලා දුක නැති වෙන්නම..තේරුම් ගත්තා දුප්පත් කම කියන්නෙ දුකක් විතරක් මයි කියලා..අපි මෙහෙම දුක් විදින්න ඕනි නෑ පබා දුක් විදින්න ඕනි නෑ..සේරම අපෙ අම්මා නිසා..අම්මා නිසා..මගෙ අප්පච්චි හැමදේම ඇතෑරලා අම්මා බැන්දෙ නැත්තම් අපිත් අද හොද ගෙදරක හැදෙන බෝනික්කියො ..සේරටම වැරදි අම්මා..අම්මා…එයා නිසා අපි ගම අතඇරලා ආව්ව්..ලැජ්ජාවට…හුම්ම්
හුම්
හුම්
මට දුකයි..ඒත් හැම වැරද්දකටම අම්මට බනින්න එපා
එයා තමයි වැරදි
හුම් හුම්
අන්න ඔයාගෙ නෑදෑයො යනවා..
කෝ
කෝ තමයි ඉතින් කියන්න ඔයාට උන්නෙ නැද්ද කෙල්ලෙක්..
ඒ පාර මැට්ටට ගිය මනමාල හිනාව
මන් කොතනින් කවුරු ගැන කියන්නද කියලා කල්පනා කලේ
ඒ කීවෙ
ඒ කිවෙ ඉන්ග්ලිශ් හෝඩීයෙ පලවෙනි අකුර..මට උන්නා කෙල්ලො තුන් දෙනෙක්..උන් මට ලෙව් කරද්දි මන් උන්ට පැලෙන්න ලෙව් කලා..පැලෙන්නම..පස්සෙ උන්ට වෙන කොල්ලො සෙට් උනා..මාත් අයින් උනා ගේමෙන්..දැන් ෆුල් මාවලස් හැපි ජීවීතෙ ඉන්න්ර්..නිදහස සමරමින්..
හ්ම්ම් හ්ම්ම්
හ්ම්ම් හ්ම්ම් න්
දෙයක් අහන්නම්ද
හ්ම්ම් අහන්න
ඔයා ඇයි ජොබ් එකක් කරන්නෙ නැත්තෙ..දැන් ඔයාට කීයද වයස පබෝ
හුම් .ජොබක් නෙමි..අම්මා කියනවා මට ආයෙ එක්සෑම් කරන්න කියලා..බයෝ කලෙ මන්න්..
ඉතින් කරමුකො
ඔයා හිතනවද මට පුලුවන් කියලා
හ්ම්ම් බැරි වෙන්න විදියක් නෑ..
මැට්ටි..හිතනවද මට එක්ස්සෑම් ගොඩ දාගන්න පුලුවන් වෙයි කියලා
ඔව් ඔව්
හම්ම් හරි
මොනාද හරි..මුකුත් නෑ…
ඔයානම් මැට්ටා
ඔයා නම් මැට්ටි
නෑ ඔයයි
ඔයයි
ඔයා ඔයා ඔයා
මැට්ටි මට ලෙව් නෙ අහ්
මොකක්
නෑ,මුකුත් නෑ
අහ් මෙයා මගෙ කටින් අහගන්න යන්නෙ..ඒවා කොහිද..මන් නම් කියයි
ඒ වෙලේමයි කොහෝදෝ ඉදලා කුකුලෙක් කුක්කූ කූක් කියනවා ඇහුනෙ..දෙයියනෙ හතරත් වෙලා..මල්ශා නැකිටීවී තව ටිකකින්..විසුමක් වෙන්නෙ නෑ…
මන් යනවා
කොහිද
උදේ වෙලා
හ්ම්ම්
මන් එතනින් නැගිට්ටා..ලෝබයි වගෙ ඒ උනුහුමෙන් මිදෙන්න…
මන් යන්නම් බබෝ..
පබා වෙනුවට මට කියවුනෙ බ්බො කියලා නේද..අයියො ඉතින් හොරාට කලින් කෙහෙල් කැන පැන්නා කියන්නෙ ඕකටනි…
—මතු සම්බන්දයි–