19

~ ~ ** සිහිනයකි ඔබේ ආදරේ ** ~ ~
19 කොටස
අපිට අපි බෙහෙවින් පෙම් කළෙමු … ඒ අසිමාන්විතවය ….. උදෑසන අවදි වූ මොහොතේ සිට නින්දට යනතුරුම මා සිතුවේ ඔහු ගැනය … මා මෙන්ම ඔහුද මට එතරම්ම පෙම් කරන්න ඇත ..ඉඩක් ලද විගස ඔහු එන්නේ මා සොයාගෙනය .. වැඩ නිමව මා එනතුරු දෑස් අයා බලා ඉන්නා සිහින අයියා මගේ අතකින් අල්ලාගෙන පරිස්සමට ගෙනැවිත් මා නිවසට ඇරලන්නේ .. පියෙකු දියණිය ආරක්ෂා කරන්නා මෙනි … පවුලේ අය සිහි නොවුනා නොවේ …එහෙත් සිහින අයියාගේ ආදරය ඒ සියලු හිඩැස් පිරවීමට සමත් වුවේය ….
‘මොකද අද ඔරලෝසුව දිහා බලාගෙන භාවනා කරනවාද …’
මගේ ඇස් නතර වී තිබුනේ ඔරලෝසුවේ කටු අතරය … මට සිතුනේ අද වෙලාව නැවතී ඇති ලෙසකි … සිහින අයියා ගේ සුදු මුහුණ දැක ඔහු හා හුරතල් වීමටය මට උවමනා වුවේ .. ..
‘අද වෙලාව යන්නේ නැද්ද කොහෙද ඉෂාරා …බලපන්කො තාම වෙලාව හතර හමාරයි … මට හිතෙන්නේ ඔරලෝසුවේ බැට්රි බැහැලා …’
කුණු කුණු ගාමින් කියවන මා දෙස ඉෂාරා බලන්නේ මුවට මදහසක් නගාගෙනය ..
‘ අද ෂුවර් එකටම ඔයාගේ අනංගයා එනවා ඇති … ඒක තමා වෙලාව නතර වෙලා වගේ පේන්නේ.. ‘
ඉෂාරා විහිළු කරද්දී මා කලේ බිමට සිනාසිමය …
‘ඔයා ගොඩක් වෙලාද අයියා ඇවිල්ලා ..’
මා එනතුරු මග බලා ඉන්නා සිහින අයියා වෙත ගොස්…. පුරුද්දට මෙන් මා ඔහුගේ අතේ එල්ලෙමි .. සිහින අයියා මා දෙස බලන්නේ ආදරය පිරුණු බැල්මෙනි ….
‘ නැහැ මැණික දැන් ආවේ …. ’
‘අයියට මහන්සිද .. මුහුණත් කළු වෙලා ’ මා වෙහෙස නිසා අදුරු වුන ඒ මුහුණට එබුනෙමි ..
‘පොඩ්ඩක් අවුවේ හිටියා ඒ නිසා වෙන්න ඇති …’ බසයට ගොඩවී මා අසලින් අසුන්ගත් සිහින අයියා මගේ අතක ඔහුගේ දකුණට ගෙන ගෙන ඔහුගේ අතක පටලවා ගත්තේය ..
‘මම ඔයාට බඩුවක් ගෙනාවා … පොඩ්ඩක් ඇස් දෙක පියාගන්නකෝ ..’
‘මොනවාද ගෙනාවේ …’
‘ඇස් පියාගන්නකෝ …’ මා ඔහු දෙස දෑස් අයා බලා ඉද්දි ඔහු කල ඉල්ලීමට එකගව දෑස් වසා ගත්තෙමි

‘දැන් ඇස් අරින්න …’
විවර කල නෙත් අභියස තිබුනේ මා විසින් උකස් කල කරාබු ජෝඩුවයි …. ඇස් වලට කදුළු ඉනුවේ උල්පතකට වතුර උතුරන්නාක් මෙනි … සිහින අයියා මට ආදරේ බව දැන උන්නත් මේ තරම් මට පෙම් කරන බව මා නොදැන උන්නෙමි ..
‘අයියා ….. ඔයා අතේ සල්ලි නැතිව තියෙද්දීත් ඇයි ඔයා මගේ කරාබු දෙක බේරාගත්තේ …’
මා විමසුවේ කදුළු දෑස් අතරින් ඔහු දෙස බලමිනි ..
‘කට වහගන්නවා පණ්ඩිත නොවී … මට සල්ලි වාගයක් හම්බ වුනා …. ඒ සල්ලි වලින් තමා මේ කරාබු දෙක බේරාගත්තේ … ඔයා කරාබු දෙකක්වත් නැතිව හිගන්නි වගේ ඉද්දි මම කොහොමද ඒ සල්ලි වලින් වෙන දේවල් කරන්නේ …’
‘ ඔයාට පින් අයියා …’
‘අනේ පිස්සි කට වහගෙන පොඩ්ඩක් මගේ ලගට එනවා …මමම මේ කරාබු දෙක දාන්නම් …’
සිහින ඔහුගේ අතින්ම කරාබු යුවල පලදා මගේ මුහුණේ හැඩ බැලුවේය…
‘ආයේ එහෙම මේ කරාබු ගලවලා අහුවෙන්න එපා ..’
ඔහු මා දෙස බලන්නේ තරවටු කරමිනි …
‘ආයේ එහෙම කරන්නේ නැහැ අයියා කවදාවත් ..’
මා ඔහුට පොරොන්දු දුන්නෙමි ..

********
දින ගෙවෙද්දී මා ඔහුට බැදුනේ ගසට පොත්තක් ලෙසය ..සිහින අයියාගෙන් තොර ලොවක් ගැන සිතීමට පවා මා දැන උන්නේ නැත …. රාජකාරී වල හිරවී උන්නත් විවේකයක් ලද සැනින් මා කලේ දුරකතනය ගෙන සිහින අයියා හා දොඩමළු වීමය ..
ඉඩ ලද නිමේෂයෙන් සිහින අයියා මා දැකීමට දිව එයි ….මුදල් අත තිබුනොත් මා වෙනුවෙන් කෑමට යමක් ගෙන ඒමට ඔහු අමතක කරන්නේ නැත … ඔහු දැන උන්නේය ….මිරිස් සැරට කඩල මුරුක්කු කෑමට මා බෙහෙවින් ප්‍රිය කල බව ….. එවැනි යමක් ගෙන එන ඔහු එය මා කනතුරු බලා ඉදින්නේ බොහෝ ආශාවෙනි …..
‘නිකිණි ….මොකක්ද ඔය ඇදගෙන ඉන්න ඇදුම ..’
මා හමුවීමට විත් මගේ ඇදුම දෙස බලමින් සිහින අයියා මුහුණ අදුරු කරගයි …
‘මොකක්ද අයියා .. ඇදුමේ වැරැද්ද …’ මගේ ඇදුම දෙස බලමින් මා විමසමි …මට නම් එහි කිසිම අඩුවක් පේන්න නැත …
‘ඔය බ්ලව්ස් එකේ කර කැපිලා වැඩි …ඔයා බස් එකේ වාඩිවුනාම හිටගෙන යන අයට බල බලා යන්න පුළුවන් නේ ‘’
සිහින අයියා පවසන්නේ සැරෙනි .. ඔහු සැර කරද්දී මට දුක හිතෙන්නේ ඉබේමය .
‘ඔය ඉතින් මොනවත් කියන්න බෑනේ මුහුණ කළු කරගන්නවා …. මම කිව්වේ ඔයාගේ හොදට නේ ….අනික මම කැමති නැහැ වෙන පිරිමි ඔයා දිහා නරක විදිහට බලනවාට ..’
ඔහු හඩ බාල කරමින් පවසන්නේ මට දුක සිති ඇතැයි සිතමින් විය යුතුය …
‘ආදරේට නේ කියන්නේ …ඔයා තේරුම් ගන්න ඕන ….මේ කොළඹ මිනිස්සු හරි අමුතුයි ….ඔයා පුංචි කෙල්ලක්….ඔයාට තාම තේරුම් ගන්න බැහැ ඒ දේවල් ….’
ඔහු නවාතැනට යනතුරුම කලේ මට උපදෙස් දීමයි …. ඔහුට උවමනා මා රැකගැනීමටය… ඉතින් මා ඔහු කැමති ලෙසට ඉන්නට ඔහුට පොරොන්දු දුන්නෙමි ..
‘මම ඔයාට ආදරෙයි මැණික …මට හැමදාම ඔයා ගේ අහිංසක කම දකින්න ඕන …මම ගොඩක් ආදරේ කරන්නේ ඔයාගේ අහිංසක කමට ..’

ඔහු ආපසු යන්න සුදානම් වී මගේ හිස පිරිමදිම්න් පවසයි …..
‘මම දන්නවා අයියා ….. මම ඔයා ආශා විදිහටම ඉන්නම් …’

සිහින අයියා මගෙන් සමුගන්නේ තවත් මොහොතක් පෙම්බස් දෙඩීමෙන් අනතුරුවය ….. කොයිතරම් වෙහෙස වී උන්නත් සිහින අයියා ඒ මුහුණේ සිනාවක් වෙයි … මගෙන් සමුගෙන නොපෙනී යන්නට මත්තෙන් යලිත් හැරී මා දෙස බලන ඔහු අත ඔසවා ආචාර කරයි … මා කාමරයට පියමනින්නේ ඔහු නොපෙනී ගොස්ද බොහෝ වෙලාවක් ගිය පසුවය ….

මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *