දිවිය තිබෙන තුරු මගේඔබයි ආදරේ 02

****දෙවැනි දිගහැරුම****

දැහැමි සහ අනූපමා කාමරය වෙත ගොස් ඇදුම් පැලදුම් සියල්ල අල්මාරියේ අසුරා තබා ඔවුන්ට අවශ්‍ය පරිදි කාමරය සකසා ගත්තා…ඉන්පසු දෙදෙනාම දිය නෑමෙන් අනතුරුව ගෙමිදුලෙහි තබා තිබූ ගල් බංකුව මතට ගොස් වාඩි වී රම්‍යා මහත්මිය පිළිගැන්වූ තේ පැන් පානය කරන්නට විය…

නැන්දා මෙහෙ සර්වන්ට් කෙනෙක් ඉන්නවා නේද උදව්වට….අනුපමා විමසුවාය ..

ඔව් දරුවෝ ඉන්නවා අනුලා කියලා ගෑනු කෙනෙක්..ඒත් ඉතිං අපේ පුතා කැමති නෑ වැඩිය එයා උයන පිහන කෑම කන්න..ගොඩක් වෙලාවට කෑම හදන්නේ මං..

දැන් ඉතින් අපි දෙන්නත් ඉන්නවනේ..අපේ මේ දැහැමිටත් රසට උයන්න පුළුවන්…අපිත් පුළුවන් වෙලාවට උදව් කරන්නම් නැන්දේ…

ආනේ ඕනේ නෑ දරුවෝ..ඔය දෙන්නා හෙට ඉදන් වැඩට යන්න ලෑස්ති වෙන්නකෝ.මේ කොලඹ උදේ හවස යන්න එන්න ගිහාම ඇගට තෙහෙට්ටුයි..මං ඉතින් නිකන් ගෙදරට වෙලා ඉන්න කෙනානේ..ඔය දරුවො දෙන්නා ඔයාලගේ වැඩකර ගන්නකෝ…
ඒක නෙවෙයි දැහැම් දුව හරි නිෂ්ෂබ්දයි නේද..?රම්‍යා මහත්මිය ඇය දෙස බලා විමසුවා..

දැහැම් ඇය දෙස බලා මද සිනාවක් පා අනූපමා දෙස බැලුවා…

එයා එහෙම තමා නැන්දා…ගෙදරදි කියලත් වෙනසක් නෑ…අනූපමා රම්‍යාට මුසාවක් පැවසුවා..
කොහොමද කියන්නේ මේකිගේ ජීවිතේ ලස්සනම කාලයක් තිබ්බා කියලා..කොයිතරම් දගලලා කරලා සතුටින් හිටපු කෙල්ලක්ද අද මෙහෙම ඉන්නේ…අශේන් අයියා යන්න ගියේ මේකිගේ හිනාවයි කතාවයි හැම දේම නැති කරලා..පව්..අනූපමා තනිවම දැහැම් දෙස බලා සිතුවේ ඇය කෙරෙහි උපන් අනුකම්පාවෙන්…

දුව එහෙනම් ඔයාලා කතා කර කර ඉන්නකෝ..මං පොඩ්ඩක් ඇතුලට ගිහින් එන්නම්..රම්‍යා මහත්මිය නිවස තුලට ගියා…

ඒත් එක්කම ඉදිරි ගේට්ටු පලුවක් විවර කරගෙන පාසල් යුවතියක් පැමිණියා..මේ අනූපමා කියූ රම්‍යා ආන්ටිගේ දියණොය වේ යැයි දැහැම් සිතුවා..

ඇය කට පුරා සිනා සී අප අසලට පැමිණියා…

මේ ඉන්නේ අනූපමා අක්කි නේද..?මට ඔයාගේ මූණ යාන්තමට මතක තිබුණා…

ඔව් නංගි..අර දවසක් ඔයා නැන්දා එක්ක එහෙ පිංකම් ගෙදරක ආවනේ..මට මතකයි..ඒත් අයියනම් පොඩි කාලේ දැක්කට පස්සෙ කාලෙකින් දැක්කෙ නෑ..එයා නම් අදුර ගන්න බැරිවෙයි…

අයියා වැඩිය කොහෙවත් යන්නෙ නෑ අක්කේ..හොස්පිටල් යනවා ගෙදර එනවා…එයා එහෙම තමයි…මේ අක්කි ඔයාගෙ යාලුවාද…මට දැන් ඔයාලා දෙන්නා ඉන්න හින්දා පාළුවක් නෑ…

ඔව් මේ දැහැම්..අනූපමා ඇයට හදුන්වා දුන්නා…

හරි අක්කි මං ඉක්මනට එන්නම් වොශ් එකක් දාගෙනම..ප්‍රසන්න යුවතියක් වූ ශෙනාරා ගෙතුලට ගියා…

*****************************
භානුක දිසාසේකර යනු කොළඹ ජාතික රෝහලේ සේවය කරන කාරුණික වෛද්‍ය වරයෙක්ය…උසට සරිලන මහතකින් හෙබි ඔහු කෙරෙන් දිස් වූයේ මනා කඩවසම් බවක්..රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරියන්ගේ සහ හෙදියන්ගේ බැල්ම නිතරම ඔහු වටා කැරකුනා..එහෙත් භානුකගේ සිතේ සිටින සිහින කුමරිය මෙතෙක්ම ඔහුට හමුවූයේ නෑ…
භානුක සුපුරුදු පරිදි සිය හයිබ්‍රිඩ් රථයට නැගී නිවස බලා පැමිණියා…
ඔහු යතුරත් ඇගිල්ලකින් කරකවන ගමන් නිවස වෙතට ඇතුල් වුනේ සැහැල්ලුවෙන්…

අනුපමා සහ දැහැම් සිටියේ කාමරය තුලයි…

අම්මා……භානුක සද්දෙන් රම්‍යාට ඇමතුවා..

මොකද දරුවෝ මේ කෑගහන්නේ…මට ඔයා එනවා ඇහිලා එන්න තමයි හැදුවෙ එලියට…

ඉතිං ආවෙ නෑ නේ…ඒක නෙවෙයි අද නම් හොදටම බඩගිනි..මං ඉක්මනින් පහලට එන්නම්..කෑම ඇරලා තියන්න හොදේ…

ආ ඒකයි මේ පුතණ්ඩියාට ගෙට ගොඩ වෙනකොටම අම්මා මතක් වෙලා තියෙන්නේ…ඒක නෙවෙයි දරුවෝ මං අර ඔයාට කිවුවේ අපේ අර නුවර ඉන්න වික්‍රම මල්ලිගේ දුවයි තව ලමයෙකුයි එනවා කියලා..ඒ ළමයි ඇවිල්ලා ඉන්නේ…ඔයාට මතකද අනුපමා දුව…?

ම්…පොඩි කාලෙ දැක්කට පස්සෙ මතකයක් නෑ අම්මා…මේ වෙනකොට පොඩියට ඉන්න විදිහක් නෑ නේ..ඔහු දගකාර අන්දමට සිනා සී පැවසුවා…

හරි හරි මං කෑම ලෑස්ති කරලා තියන්නම්..ඔයා ගිහින් වොශ් එකක් දාගෙන එන්නකෝ…

දැහැමිලාටත් කෑම මේසයේ අසුන් ගන්නට වුනා…ඇය අනුපමා සමගින් කෑම කාමරය වෙත යනකොටත් භානුක සිට්යේ මේසයට වාඩි වෙලායි…

ආ එන්න අක්කිලා…ශෙනාරා ඔවුන් දැකි ගමන්ම කතා කලා…

ඒත් එක්කම භානුක ඔලුව උස්සලා බැලුවා..ඔහු මුලින්ම දුටුවේ අනූපමාවයි…ඉන් පසු අනෙක් යුවතිය වෙත දෑස් ගෙන ගියා.
” අදහන්න ඔහුට දැහැමි දැකි ගමන් අත තිබූ බත් හැන්ද අතෑරී ගොස් ඔහුගේ හද පුරා අමුතුම මිහිරක් පැතිර ගියා..භානුක ඇගෙන් දෑස් ඉවතට ගත්තෙම නැහැ..මෙච්චර ලස්සන කෙල්ලක්…

අයියා…මොකද හලෝ…ශෙනාරාගේ හඩින් ඔහු කලබල වුනා…

ආ..ආ..සොරි…අත ලිස්සුවා…

අයියා මේ ඉන්නේ අනූපමා අක්කි…මේ එයාගේ යාලුවා දැහැමි අක්කි..

ඔහු අනුපමා සමග ඉතා කුළුපගව කතා කලා..දැහැමිත් මද සිනා පා කරබා ගත්තා…

“දැහැමි” ඒ නමත් කොච්චර ලස්සනද…භානුක තනිවම සිතුවා…

උදෑසනම දැහැම් සහ අනුපමා රැකියාවට යාමට සූදානම් වුනා…බැංකු නිළධාරිනියන් වශයෙන් අද දින සිට ඔවුන් දෙදෙනා සේවයට සැරසුනා..රම්‍යා මහත්මිය භානුකට ඔවුන් දෙදෙනාට කොලඹ පාරවල් නුහුරු නිසා රැකියා ස්ථානයට ගොස් හැරලන මෙන් පැවසුවා…

අනූපමා සහ දැහැමි භානුකගේ රථයට ගොඩ වුනේ ඉන් පසුවයි…
ඉදිරි කණ්නාඩිය ඔහු දැහැමිව හොදින් පෙනෙන සේ සකසා ගත්තා…භානුක කෙරෙහි දැහැමිට නම් කිසිදු විශේෂයක් නොවුනා..ඇය සිටි මානසික තත්වයට ඇයට එලෙසින් සිතන්නටද නොහැකි වුනා…

ඔවුන්ව සේවා ස්ථානයට රැගෙන විත් භානුක නැවතත් වරක් දැහැමි දෙස බලා පිටව ගියා…

සේවා ස්ථානය දෙදෙනාගේම සිත් ගත්තා…දැහැම් තවමත් නිහඩ කල්පනාවේ පසු වූ අතර ඇය රැකියාව ඉතා හොදින් කරගෙන ගියා…අනූපමා නිතරම ඇයට දොස් කියන්නට වූයේ දැහැම් තවමත් පරණ මතකයෙන් මිදී නැති බව ඇයට මේ වෙනකොටත් තේරුම් ගිය නිසයි…

භානුක හැකි සෑම විටම ඔවුන්ට ගමන් පහසුව ලබා දෙන්න කටයුතු කලා..
දින ගනනාවක් ගතව ගොස් තිබුනා…

දිනක් දැහැම් සහ අනූපමා හවස් වරුවේ සේවය නිම වී බස් රථයක් එනතුරු රැදී සිටියා…

දැහැම් නිකමට මෙන් පාරේ එහා ඉමට දෑස් රැගෙන ගියා…ඇගේ හිස මත අකුණු දහසක් පුපුරා ගියා…”අශේන්”…ඇය තමාටම මුමුනා ගනිමින් ඒ දෙසට වේගයෙන් දිව යන්නට වූයේ අසල සිටි අනූපමාද අමතක කර දමායි…
අශේන් ..ඇය එදෙසට දිව යන විටත් එම තරුනයා රථයට ගොඩවී පිටව ගොස් තිබුනා…දැහැම් හඩමින්ම පිස්සියක සේ රථය පසු පසින් දිව යන්නට වුනා…
අශේන්…අනේ නවතින්න මගෙ අශේන් ..යන්න එපා…අශේන්….

##නැවත හමුවෙනතුරාවට##

ආදරෙයි හැමෝටම 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *