2වන දිගහැරුම
චිනූගෙයි සෝනුගෙයි විවාහය දෙපාර්ශවයෙන්ම ඉකමන් කළේ දෙන්නාගේම හැටි හොදටම දන්න නිසයි….
දෙන්නම් ළගින් ගියොත් ඇහැක් නැති වෙන තාලේ දෙන්නෙක්නේ…
කොහොම හරි වෙඩින් එක දවසත් ආවා..
දෙන්නම හිටියෙනම් හරියට පොස්සන් කොටුවෙන් පැනපු ගානට තමයි…..
චෙනායා ලස්සන මනමාලියෙක් විදියට සරසන්න රූපලාවන්‍ය ශිල්පිනියට පුලුවන් උනේ ඇය සුදුම සුදු කොහොමටත් ලස්සන කෙල්ලෙක් නිසා….
කෙල්ල කොච්චර දග උනත් අකමැති උනත් කෙල්ලට අදින්න උනේනම් ඔසරිය…ඒක තම තත්තාගේ කැමැත්ත….
බෝලයක් වගේ මූණක් තිබ්බ කෙල්ලට ඔසරිය හොදට මැච් උනා…උස තමයි ස්නේශ්ගෙ ගානට ගැලපෙන්න ගන්න අමාරු උනේ….
ඒකට අඩි 5ක 6ක හීල්ස් දන්නත් චිනූට සිද්ද උනා….කෙල්ල කවදත් අඩි උසනම් දැම්මේ නෑ…කොහේ ගියත් බාටා කෑලි දෙකක් දාන් තමයි ගියේ…
“අනේ දෙයියනේ වනේ වන හතුර්ව්කුටවත් මේ වගේ විපතක්නම් වෙන්න එපා…”
සැරසී අහවර වෙලා කෙල්ල තමාගේම වත බලමින් කීවේ රූපලාවන්යශිල්පිනියටයි….
චිනූගේ කටට ඇයටත් හිනා…..
මව් පියන් සමග කෙල්ල පිටත් උනේ මුහුදු වෙරලකටයි….එහි යද්දී කැමරා කරුවන් සමග සෝනුත් ඇවිල්ලා හිටියා…
කෙල්ල දකිද්දී සෝනු හිනා උනේ සමච්චලයට වගෙයි…
“මොකද උලමෝ….”
චිනූ ඔහුට ළං වී ඇහුවේ ඇස් හීන් කරලා රවලා බලන ගමන්.
“බලනවකෝ බටු ඇටයක් ගිය උස….අප්පද බොල….තමුසේ හරියට බොරු කකුල් කාරයෙක් වගෙයි..හහ්හා ……”
සොනූ එසේ පවසමින් චිනුට නෝඩියට හිනා උනා…
කෙල්ල ටික වෙලාවක් ඇස් ලොකු කරගෙන රවං ඉදලා හොර හිනාවක් දැම්මා….
“මොකෝ..හොර බැළලියෙක් වගෙ..”
එහෙම අහද්දිම කෙල්ල සාරිය ටිකාක් උස්සගෙන හොදට කකුල උස්සලා උල්ම උල් හීල් එකකි කොල්ලගේ කකුල පෑගුවා…සපත්තු දමා තිබුනත් සෝනුට වේදනාවනම් හොදට දැනුනා…කෙල්ලට මහ හයියෙන් හිනා…
“මල යක්ශනියෙන් තමුසෙනම්…“
කොල්ලා කීවේ දෙකට නැමීගෙන කකුල බලන ගමන්….
“අන්න හරි දිගංචියෝ…මං යස්සනී….දැන් ඉතින් මගෙන් පරිස්සම් වෙනවා….”
“ආ එහෙමද ආස බටු ඇටේ….බලමුකෝ…”
“මොනවා බලන්නද මගේ”
“බලන්නේ අද රෑටනේ….දැන්ම බෑනේ “
කොල්ලා එහෙම කියද්දීනම් කෙල්ලට වලක් කපන් වැලලෙන්න හිතුනා…
“ආ ආස ඇති දිගංචියට…මාත් එක්ක හනිමූන් යන්න….බලාගෙන ඉන්නවකෝ…”
කෙල්ල මේ ටික හිතුවා මිසක් කීවෙනම් නෑ…
කොහොමින් කොහොම හරි පොටෝත් ගැහුවා…
මේ වැඩේදිත් දෙන්නාගේ රන්ඩු නිසා කැමරාකරුවනුත් අපහසුතාවයට පත් උනා…
වැඩිය ළං වෙන්නා බෑ….
අල්ලන්න බෑ…….
අරම බෑ…..
මෙහෙම බෑ…..
ප්‍රශ්න කෝටියයි….කොහොම උනත් පොටෝ ටිකනම් ලස්සනට ගත්තා……ආදරණීය ඉරියව් වලට….
මතු සම්බන්ධයි
මොනවා කරයිද දන්නේ නෑ බටු ඇටේ හනිමූන් එකෙදී දිගංචියාට……
Good
Good
Good navel
❤