20වන දිගහැරුම

විසිර ගියපු සිතුවිලි එක්තැන් කරගනට කෙල්ලට සිද්ද උනා ලොකු වෙහෙසක් දරන්නට….නමුත් හිතුවක්කාරකම ඊටත් වඩා ඉහළින් තිබෙන නිසාම සුපුරුදු සැහැල්ලුව පෙන්නමින්ම ඉන්නයි චිනූ උත්සාහා කළේ…ඒත් පුංචි කාලේ ඉදා එකට හැදුන වැඩුන චිනුගේ ගති ගුණ ගැන සෝනු හොදටම දන්නවා….ඒ නිසාම චෙනයාගේ නොසන්සුන් බව සෙනේශ් හොදටම දැක්ක….

එත් සොනු තිරණය කරලා ඉවරයි කෙල්ලට ටිකක් රිද්දලාහරි මේ දේ කරනවා කියලා…..මොක්දද ඇට්ටරකම් වල ඇගේ සීමවන් නෑ කියලා දන්න නිසාම….තමන් ආදරණීය විදියට ඈ අසළට ගියොත් ත්මාව නැවත ප්‍රතික්ශේප කරන්න උනත් කෙල්ල පසුබට වෙන්නෙ නෑ කියලා සෝනු දන්නව…..

ඉතින් සෝනුට ආදරෙයි කියනකම්ම චිනූට පොඩි දුකක් විදින්නම වෙනවා…

අවන්හලේ කවුන්ටරයෙන් තමා ඇනවුම් කෙරූ කාමරවල යතුරු රැගත් සෙනේෂ් චිනූත් සෙව්මිනී ත් කැටුව කාමරයට ගියා….

“සෝ මිස් චෙනයා….මෙන්න ඔයාගේ රූම් එක….ඔයා කීවා වගේම නමට හස්බන් මම….මගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක හිටියට කමක් නෑනේ මේ රූම් එකේ….”😬😬

සෝනු හිනා වෙමින් රග දක්වමින් තමයි එහෙම චිනූට කීවෙ….චිනූට මාරම තරහයි මේවට…..😠😠😠😠

“ආ ඉති මට මොකෝ….”😏😏

චිනූ එහෙම කියාගෙනම තමන්ට වෙන් කරපු කාමරයේ යතුර අරගෙන දොර ඇරන් දඩාස් ගාලා දොරත් වහගෙනයි ගියේ….

මේ වැඩේට සෙව්මීටයි සෝනුටයි දෙන්නටම හිනා….

“සෙව්මිනී….ඔයාට වෙනම රූම් එකක් මම බුක් කළා….ඒත් ඔයා ඒකට යන්න ගොඩාක් රෑ වෙලා….ඔයාට පුළුවන් ඉක්මන්ට වොශ් එහෙම දාන් මගෙ රූම් එකට එන්න…චිනුත් ආවත් එන්නෙ දැන් වොශ් එහෙම දාගෙන….”

කොල්ලා කීවේ තම කලිසම් සාක්කුවේ දමා උන් අනෙක් යතුර ඈ අතට දෙමින්….සෝනුගේ රූම් එක අසලම ඒ කාමරයත් තුබුනු නිසා සෙව්මිනී ඉක්මනින් ඇද පැලදගෙන සෝනුගෙ රූම් එකට ආවා….

අනේ ඉතිම් චිනූ ඉරිසියාවේ පුපුරමින් කාමරයට වෙලා ඉදලා බැරිම තැන ගිහින් වොශ් දාගත්තා….
කෙල්ල වතුරමල යටට වෙලා හොදට නාගත්තේ හරියට රත්වෙච්ච හිත නිවාගන්න වගේ…

නාගෙන ආපු කෙල්ල අද වෙන්න වෙනදට වඩා වෙනස් විදියටයි ඇන්දෙ…..කෙටි ගවුම් සායවල් කලිසම් ඇදපු කෙල්ල අද දෙපතුලටම දිගු ගවුමක් ඇන්දා…..ඈට හිතුනා එහෙම අදින්න….

ලස්සන කහ පාට ඕෆ් ශෝල්ඩර් දෙපතුලටම දිගු ගවුමේ කලු පැහැ බෝඩර් එකක් ගිහින් තිබ්බ ලාවට….ඉන ලගට පමණ දිගු කොණ්ඩය එක් කර හිස් මුදුනට වන්නට ගෙඩියක් ගසා ගත්තා…..වෙනදට දගේ විතරක් පෙනුනු චිනූගේ මුහුනට සුන්දර ගැහැණු පෙනුමක් ලැබී තිබ්බා මේ ඇදුමෙන්….

ඇදගෙන ඉවර වෙලා කාමරේට වෙලා ඉන්න ඕන උනත් කෙල්ලට හිත රිදෙන ප්‍රමාණය වැඩි නිසාම කාමරය වහලා දාලා ටිකක් එලියට ආවා….ඉතාම අලංකාර හෝටලයක් උනා එය….

ස්වභාවක සෞන්දර්යය රැක ගනිමින් එය ඉස්මතු වන ලෙසටයි නිර්මාණය කරලා තිබ්බේ…..කොන්ක්‍රීට් වනාන්තරවල මේ සුන්දරත්වය කොයින්දැයි කෙල්ලට හිතුනා….කෙල්ල මිදුලට බහිද්දී දැක්ක දෙයින් හිත පෑරුනත් සියුම් සතුටකුත් දැනුනා….

උද්‍යානගේ සවිකර තිබූ ලී බංකුවක් මත සෙව්මිනී ත් සෙනේශුත් කතාකරමින් උන්නා….ඒත් කාමරයට වෙලැ නොයිද මෙහෙම ඉන්න එක හොදයි කියලත් චිනූට හිතුනා …

“ඒත් මම පොඩි එකෙක් වගේ බොරුවට හිත රවට්ටගන්නවා…..ඒ දෙන්න දැන් මෙහෙම හිටියට රෑට එකටනේ ඉන්නේ…… 😟😟😟

කෙල්ල හිතුවේ දුකෙන්…..

චිනූව දැකපු සෝනු කෙල්ල්ට අතින් කතා කළා….චිනූ ලැගට එද්දී කොල්ලට ඇස් අහකට ගන්න බැරි උනා….

කහ කිරිල්ලියෙක් වගේ ඈ ළගින් පේන ඒ ශාන්ත ගැහැනු සුන්දරත්වය ඔහු මීට පෙර දැක තිබුණේ නෑ ඇගෙන….

“අටු ඇටේ….මෙහෙමත් ලස්සනයි…..”

“එන්න එන්න චිනූ ….ඔයා අද මාරම ලස්සනයි….”

සෙව්මිනී කිවෙ සිනාවකින් සැරසිලා….තිදෙනාම බොහෝවෙලාවක් කතා බහ කරමින් සිටියා….

රාත්‍රී ආහාර ගෙන ගොඩාක් රෑ බෝ වෙලා කට්ටිය වෙන්වෙලා ගියත් චිනූගේ මූණෙ තිබ්බේ අදුරු වලාකුලු විතරමයි….මේක දැකපු සෙව්මිනීට යි සෙනේශ්ගේ යි දෙන්නාටම හිතින් හිනා…..

චිනූ බලන් හිටියේ සෙව්මිනී සෝනුයි එකම කාමරයට යනවා….කෙල්ල හිමින් හිමින් තමන්ගේ කාමරයට ගියේ ඇත්තටම එච්චර සිහියකින් නෙවෙයි වගෙයි…..

කම්මරටය ගිය චිනූ අත් දෙකෙන්ම මූණ වහගෙන වහපු දොරට හේත්තුවෙලා එහෙම්ම රූටගෙන ගිහින් බිමින් වාඩි උනා…. 😢😢😢😢

අත්වලට මුහුණ බර කරගෙන කෙල්ල ඇතිවෙන්න ඇඩුවා….කදුළු මෙච්චර ඇස්වල තිබුණද කියලාත් කෙල්ලට හිතුනා….ඒත් කවදාවත් අඩපු නැති……කොල්ලෙක් නිසා අඩනවා කියලා තුන් හිතකින්වත් හිතපු නැති…..පුංචි කාලේ ඉදන් මෑතක්වෙනකම්ම ඇස් දෙකට පේන්න බැරුව හිටපු මේ සෙනේශ්ට තමන් මේ තරමට ආදරේ කරයි කියලා චිනූ හිතුවේ නෑ….

“මෝඩයා…..ගොනා මාව ලංකරගෙන …..මාව කිස් කරලා….එක එක විකාර කියවලා මාව පිස්සු වට්ටලා දන් සෙව්මිනී ව ලං කරගෙන මං ඉස්සරහම…..”

“අනේ ඒත් මමමනේ ඒක කළේ…..අයියට බැනලා වැඩක් නෑ….මමයි වැරදී….ඒත් එයා මට ආදරේ නැතුව ඇති….අනේ මගෙ අයියේ ඔයාට චුට්ටක්වත් දැනෙන්නේ නැද්ද මං ඉන්නේ දුකින් කියලා……අනේ මට මෙහෙම දුක් වෙන්න බෑ…..මට මේක දරාගන්න බෑ අයියේ…….

අ..න්නේ……අම්..මෙ…..තාත්ත්…ති…ඔයාලාගේ…දුව….අඩ..නව….මට…අයියාව….ඕ…න….අන්.නේ….අම්ම්..මා…….”

කෙල්ල ඉකිගගහ ඇඩුවා…..මොන තරම් වෙලාවක් ඇඩුවද කියලා කෙල්ලට හිතාගන්න බැරී උනා…පැය දෙක තුනක් කෙල්ල එහෙමම අඩන්න ඇති…..අඩලා අඩලා හෙම්බත්වෙලා හිටපු කෙල්ල ඔරලෝසුව දිහා බැලුවා….වෙලාව පාන්දර එකයි…..

තාමත් දොර ළගම වාඩිවෙලා හිටපු චිනූ නැගිටගත්ත…..එක විදියටම පැය ගානක් ඉදලා කකුල් හිරිවැටිලා වගෙයි තිබ්බේ…..

ඉවසීමේ සීමාවනම් සෝනුගෙත් ගිහිනුයි තිබ්බේ…..කෙල්ල අඩනවා ඇති කියලා සෝනු හොදටම දන්නවා…..චන්ඩි කෙල්ලෙක් උනාට හිත හරි ලාමකයි කියලා සෝනු මේ වෙනකොටත් දැනගෙනයි හිටියේ….ඒත් තව ටිකක වෙලා බලනවා කියලා සෝනු හිතුවා…

චිනුඉ ඉවසුවා පුලුවන් තරම් ඉවසුවා…..ඒත් කෙල්ලට හිතුනා තව පරක්කු උනොත් තමන්ට ජීවිතේම අඩන්න වෙනවා කියලා…..ඒ නිසාම කෙල්ල තීරණයක් ගත්තා….

බාත්රූම් එකට ගිය කෙල්ල අඩලා අඩලා ඉදිමිලා තිබ්බ මූන ටිකක් සෝදගත්තා….එහෙම්ම එලියට ආව කෙල්ල කාමරේ දොර වහලා ආවේ සෝනුලා ඉන්න කාමරේ ලගට…ඇවිත් හයියෙන් දොරට ගැහුවා හිතේ ආවේගෙටත් එක්ක….සෝනුගේ ඇගට ලේ ටිකක් ඉනුවේ එතකොටයි…..

කොල්ලා මද සිනාවකින් හිතන් හිටපු විදියටම කාමරේ වාතාවරණේ වෙනස් කළා……ඉකමන්ට ගිහින් බාතෲම් එකේ ශෙනායා ශවර් එකත් ඇරලා ගිහින් දොර ඇරියා….

මූණ ජම්බුවක් වගේ රතු කරගත්ත කෙල්ල දොර ළග හිටියා…ඇරුණු දොරෙන් අවසරයක් නැතුවම කෙල්ල ඇතුල් උනා….

“චිනූ මොකද මේ මැනර්ස් දන්නේ නැද්ද?”

බොරුවට කේන්ති අරන් සෝනු එහෙම ඇහුවා….ඒත් චිනූට ඒවට සිහියක් නෑ…….කෙල්ලගේ ඇස් ගියේ ඇද දිහාට…..අවුල් වෙලා ගිය ඇද අයිනක තිබ්බ සෙව්මිනීගේ ඇදුම….ඒ විතරක් නෙවෙයි කවුරු හරි නාන සද්දයක් එන බාත්රූම් චිනූගෙ ඔළුව විකාර කළා…

චිනූ ඇස් වලින් කදුලු වැක්කෙරෙද්දී සෝනු ලගට ගියා……ගිහින් කොල්ලාගේ ඇස් දිහා බලාගෙනම කේන්තියෙන් වියරුවෙන් වගේ ඔහු ඇදන් හිටපු සුදි ශර්ට් එකේ කොලර් දෙක තම දෑතින්ම අල්ල ගත්තා…..

ඇගේ දෙතොල් ගැහෙන්න උනා දුකට කේන්තියට…..වේගවත්වුන කෙල්ලගෙ හද ගැස්ම පිටට ඇහෙන තරමටම වහේයි…..වෙවුලන අතැගිලි තුඩුවල රස්නය කොල්ලට දැනුනා ගෙලට….

ටික වෙලාවක් කදුළු අතරින් කෙල්ල සෝනුගේ ඇස් දිහාම බලන් හිටියා…..හිත ලෝබකමකින්…ඉර්ශ්‍යාවකින්…දුකකින්……ආදරෙන්….රිදුම් දෙන්න උනා.. …..කියාගන්න කතාකරගන්නවත් කෙල්ලට අමාරුයි කියලා හිතුනා…..

ඒත් කෙල්ල කතා කළා…..

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

…..🌸🌸 මතු සම්බන්ධයි 🌸🌸……. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *