20. වන කොටස.
මියෙදෙන තුරා…
සුමේධ අයියා හරිම ඉක්මණට නිවසේ සියලු දෙනාගේ සිත් දිනා ගත්තා. සැබැවින්ම ඔහු දරුවන් හට අාදරය කරන අාදරණිය පියෙක්. ඔහු දරුවන්ගේ සියලු සුළු කරුනක් වුව හොද අවබෝධකින් යුතුව සොයා බලා කටයුතු කලා. ඔහුගේ මුළු දිවියම වුනේ දරුවෝ දෙන්නා. ඔහු තවමත් මිය ගිය බිරිදට අාදරය කළා .අෑ වෙනුවෙන් ජීවත් වුනා. අැයත් මොන තරම් ගුණ ගරුක බිරිදක් දැයි ඔහුගේ ශෝකනීය වදන් කියා දුන්නා.
දරුවන් දෙදෙනාට මා නැතුව බැරුව ගියා. සෑමදිනකම වගේ අපේ ගෙදර අාවා. ඔවුන් සෙල්ලම් උයනට ගියත් පංසල් ගියත් මට ඔවුන් සමගයන්නට වුනේ, චූටී දූගේ අැවිටිල්ල නිසාමයි. සුමේධ අයියාගේ හමුවීමෙන් පසු මගේ ජීවිතේ හුගක් වෙනස් වුනා. ගෙදරින් පනවා තිබූ නීතී රීතී සියල්ල ඉවත් වී තිබුනා. සුමේධ අයියත් දරුවනුත් සමග යන ගමන් සදහා ගෙදරින් කිසිම බලපෑමක් අැති වුනේ නෑ. ඒසේ වන්නේ ගෙදරි මා සුමේධ අයියාට විවාහ කරදීමට සිතන නිසා දැයි වරෙක මා හට සිතුනා. නමුදු අපි අතර කිසි දෙනෙක ඒබදු සංවාදයක් අැති වුයේ නෑ. මියෙදෙන්නට සිටින මා ඒවන්නක් සිතන්නට පවා අකමැති වුනා.
කෙමෙන් මාස තුනක් ගෙවී ගියා. මගේ අායූ කාලයෙනුත් මාස තුනක් අවසන් වී තිබුනා. තවත් මාස නමයකට අාන්න කාලයයි මම ජිවත් වන්නේ. සමහර විට ඊටත් වඩා අඩු වෙන්න ඉඩ තියෙනවා. මරණය ඒන තුරා මග බලන මා හට නිතරම පපුවේ වේදනාව මතු වී ඒය සිහි ගන්වා දුන්නා.
දැන් මට සිහින හා බලාපොරොත්තු තිබුනා. නමුත් ධෙෙවය ඒයට හරසි වී තිබුනා. නිමෙන්න ළං වුනහම පහන් දැල්ලේ වුනත් අාලෝකය වැඩි වෙනවලුනේ.
සුමේධ අයියා දැන් අප නිවසේම කෙනෙකු වි හමාරයි. ඔහුගේ පැමිනීම නිවැසියන්ගේ දිනයේ බලාපොරොත්තුවක් වෙලා තිබුනා. සැමදා පාසල නිම වූ දරුවන් දෙදෙනා අප නිවසට පැමිනියා. හවස් වන විට සුමේධ අයියා දරුවන් රැගෙන යාමට පැමිණියා. ඒම ප්‍රදේශයේ ධනවත්ම පවුලක ඒකම දරුවෙක් වූ සුමේධ අයියලට කිසිම දෙයකින් අඩුවක් තිබුනේ නැහැ. දරුවන් බලා ගැනිමට අවශ්‍ය තරම් මෙහේකාරීයන් සිටියා. නමුත් දරුවන්ගේ සතුට ගැන නිතරම සිතු ඔහු. මවගේ අඩුව දැනෙනවාට අකමැති වුනා. හැකි සෑම විටම ඔවුන් සමගම රැදුනු ඔහු දරුවන්ට අවශ්‍ය සියලු දේ ඔහු අතින් හෝ ඔහුගේ මව අතින් සිදු විමට ඉඩ සැලැස්සුවා.
දිනක් මධ්‍යම රාත්‍රියෙහි මගේ ජංගම දුරකථකතනය නාද දෙන්න වුනා. අඩ නින්දෙන්ම අැමතුමට සවන් දුන් මම අනිත් පසින් කියනදේ අසා සිටියා.
*හෙලෝව් නිල්මිනී නංගී.*
*අැයි සුමේධ අයියේ මේ රෑ . චූට දූ ඒහෙම හොදින් නේද අසනිපයක් ඒහෙම නෑ නේද?.*
නිදිමත අතුරුදහන් වී හිත තුල කලබරකාරී ස්වරූයක් අැති වුනා. අැද මත වාඩී වු මම සුමේධ අයියාගෙන් තෑගී ලෙස ලැබුන ඔරලෝසුවේ සහන් ඒලිය දැල්වුවා.චායා රූපයෙහි වුන් මා පණ මෙන් අාදරය කරන දරුවෝ දෙදෙනා සුපුරුදු සිනහාවෙන් මාගේ දිහා බලන් හිටියා.
*කළවෙන්න දෙයක් නෑ. ඒයාලා හොදින්. හොදටම නිදි.*
*ඒහෙනම් අැයි සුමේධ අයියේ මේ රෑ.*
*මට පොඩි පටලැවිල්ලක නිල්මිණි නංගී ඉන්නේ. ඒක නිසා නින්ද යන්නෙත් නෑ.*
*මොකද්ද සුමේධ අයියේ අවුල. මගෙත් ඒක්ක කියන්න අපි හොද යාලුවොනේ. ඔයාගේ හිතට සහනයක් දැනේවී.*
*ඔයා ඒක්ක කියන්න බැරී ඒක තමා මට තියෙන ඒකම අවුල.*
*අනේ කියන්න බැරි දෙයක් නම් සොරි අයියේ. අැයි කතා කළේ කියන්නකෝ.*
*කියන්න නම් පුළුවන් නිල්මීණි නංගී. මට බය ඔයා මං ගැන වැරදියට හිතයිද කියලා.*
ඔහු මොකක් නමුත් මගේ ජීවිතයටත් අදාල දෙයක් පිළිබද කියන්නට යන බව මට ඉවෙන් මෙන් වැටහුනා.
*අනේ ඒහෙම නෑ සුමේධ අයියේ කියන්නකෝ බලන්න.*
*මම නංගිගෙන් දෙයක් අහන්නද?*
*අහන්න සුමේධ අයියේ.*
*ඔයා මේ තරම් කාලයක් මැරි කලේ නැත්තේ අැයි.*
*මොකද ඒක පාරටම ඒහෙම දෙයක් අැහුවේ සුමේධ අයියෝ.*
*අනේ අනවශ්‍ය දෙයක් අැහුවා නම් සොරි.*
*අනේ නෑ. අපි දෙන්නගේ යාලුකමේ හැටියට ඔක මොකද්ද?.*
මම මෙතරම් කල් මා බලන්නට අා මලමාලයන් ගැන ඔහු හා කියන්න වුනා. මම කියන සමහරක් දේවල් වලට ඔහු සිනා වුනා. ඒක නිසා ඒ කතාව කියද්දි මට දුකට වඩා දැනුනේ සතුටක්.
*හරි හරි. දැන් වත් ඉතින් මැරේජ් ඒකක් ගැන හිතුවන්ම් හොද නැද්ද?*
*දැන්නම් මම මැරි කරන ඒක ගැන හිතන්නෙම නෑ. අැත්තටම මට දැන් මැරි කරන්න ඔනේ නෑ.*
*නිල්මිණී නංගී මැරිකරකන් ශාලින්ද මල්ලී ඒයාලගේ වෙඩින් ඒක ගන්නේ නෑ කිව්වේ.*
*මටත් කිව්වා . ඒත් කල් යද්දී ඔවා මගැරිලා යයි.*
*නිල්මිණි නංගී.*
*හ්ම්*
* ඔයාට අම්මලා මොනවා හරි කිව්වද?*
*මොනවා ගැනද සුමේධ අයියේ.*
*මට විවාහා යෝජනාවක් අැවිත් තියෙනවා. ඒකයි මම මේ රැයක් දවලාක් නැතුව කල්පනා කරන්නේ.*
*අනේ ඒක හොදයිනේ. දරු දෙන්නට අම්මෙක් ඔනෙමයි නේ අයියේ. ඒයාලා ගෑනු ළමයි නිසා හැම දේම සුමේධ අයියට තනියම කරන්න බෑ. අැයි අයියා ඒයාට අකමැතිද?*
මගේ හිතට මොකද්දෝ ලොකු දුකක් කාන්දු වුනා. අැත්තටම මට දුක හිතුනේ අැයි. සුමේධ අයියා මගේ හිතේ ඉන්නවද? නෑ නෑ දරුවෝ දෙන්නා මගෙන් අෑත් වෙන නිසා. අලුත් අම්මෙක් ලැබුනම දූලා දෙන්නට ටික දවසක් යද්දී මාව අමතක වෙලා යාවී. හිතට අා ලොකු වේදනාවත් සමගම පපුවේ වේදනාවක්ද දැනෙන්න ගත්තා.
*මගේ හිතේ ඒයා ගැන ඒහෙම හැගීමක් නෑ නිල්මිණී නංගී. මම දරුවෝ දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක්. මගේ සෙව්මීණී මායි මොන තරම් අාදරෙන් හිටියද කියලා දන්නේ අපි විතරයි . මම හිතන්නේ නෑ ඒයාගේ තැන වෙන කාටවත් ගන්න පුළුවන් කියලා.*
*ජීවිතේ හැටි ඔහොම තමයි සුමේධ අයියේ. හොදට හොයලා බලලා දරුවෝ දෙන්නා වෙනුවෙන් තීරනයක් ගන්න. හැමදාම තනියම ඉන්නත් බෑනේ.*
* මගේ ජීවිතෙන් කවදාවත්ම මගේ සෙව්මිණී යන්නේ නෑ. සෙව්මීණී අපේ ලෝකෙන් ගිය දවසෙමයි මම ඒයාට පොරොන්දු වුනේ අායි මම වෙන කෙනෙක් අපේ ජීවිතයට ගේන්නේ නෑ කියලා.*
*ඒත් සුමේධ අයියේ.*
*නෑ නංගී මට අායි මැරි කරන්න බෑ. ඒත් මේ යෝජනාවට මට අකමැති වෙන්නත් බෑ ඒක පාරට.*
*අැයි අකමැති වෙන්න බැරි .අයියා දන්න කෙනෙක්ද?*
*ඔව් නිල්මිණි නංගී මගේ දරුවෝ දෙන්නට පණ වගේ අාදරේ කරන කෙනෙක්.*
අැත්තටම මම නොදන්න තවත් කෙනෙක් ඉන්නවද? මගේ හිතේ අැති වුනේ සැකයක්. මෙතරම් කාලයකට වෙනත් යාලුවෙක් ගැනවත් සුමේධ අයියා කියලත් නෑ. දරුවෝ දෙන්නා කියලත් නෑ.
* කාගෙන්ද සුමේධ අයියේ යොජනාව අාවේ.*
*මම හොදට දන්න කෙනෙක්ගේ පවුලේ අයගෙන්.*
*මට කියන්න බැරී කෙනෙක්ද?*
සූමේධ අයියා අගේ කරමින් ඒ ගැන කියද්දී මගේ හිතට දැනුනේ කේන්තියක්.
*කියන්න නම් බැරි කමක් නෑ. ඒත් නංගී මගෙත් ඒක්ක කතා කරන ඒකත් නවත්තලා දාමාවී.*
*අැත්තටම කියන්නකෝ සුමේධ අයියේ.*
*ඔයාලගේ ගෙදරින් තමා මට ප්‍රපෝසල් ඒක අාවේ. ඔයා ගැන. අනේ මොකුත්ම හිතන්න ඒපා. මගේ හිතේ ඒ ගැන මොකුත්ම නෑ.*
*මොනවා මං ගැන.*
*ඔව් නිල්මිණි නංගී.*
*පිස්සුද අපේ ගෙදර අයට. මම හීනෙකින් වත් නොහිතපු දෙයක්.*
*ඒ ගැන හිතන්න ඒපා. මට ඔයාගේ හැගීම දැන ගන්නයි ඔනේ වුනේ.*
*මගේ හිතේ ඒහෙම බලාපොරොත්තුවක් නෑ සුමේධ අයියේ. මම කාව වත් මැරි කරන්න කැමති නෑ.*
මේ සිදු වීමෙන් පසු අපි තරමක් දුරස් වුනා. දරුවන්ට වෙනදා මෙන්ම අාදරයෙන් සැලකුවත් , මම සුමේධ අයියා සමග පැවති අැසුර අඩු කරනු ලැබුවා. සැබැවින්ම මට ඔහු සමග කිසිදු අමනාපයක් නොතිබුනත්, මට මුහුණ දෙන්න අපහසුතාවක් දැනුනා.
සති දෙකක් පමණ මම මගහරිමින් කාලය ගෙව්වා. සියලු සිදු වීම් අමතක කොට සිත සැහැල්ලු කරගන්නට සිතා මම දින කීපයකට කලින් පුස්තකාලයෙන් ගෙනා පොතක් කියවීමට සිතාගෙන ජනෙල් කවුලුව අසල වූ අසුනෙහි අසුන් ගත්තා.
*ලොකු බේබී.. ලොකු බේබී.. හ්හ්*
ඒවෙලහිම වගේ සිගිතිගේ කටහඩ අැසුනේ දොර අභියසින්.
*අැයි සිගිතියෝ.*
*ලොකු මහත්තයා ඒන්න කිව්වා*
*මට මේ වෙලාවේ. අැයි දන්නේ නෑ නේද සිගිතියෝ.*
*මම නම් දන්නේ නැහැ ලොකු බේබී. මම යනවා. මට වැඩ ගොඩයි.*
සුමේධ අයියා මේ ගෙදරට ඒන්න ගත් දා සිට ලීලම්මයි සිගිතියි මගෙන් ටික ටික දුරස් වුනා. ඒ ගැළපීමක් නැති සිදුවීම් නිසා, ඒ සිදු විම් තේරුම් ගන්න ප්‍රශ්න කරන නිසයි. ඔවුන් ඒ සිදුවීම් ගැන මම නොදන්න මොනවා හෝ දැනගෙන හිටියා. නමුත් ඔවුන් මගෙන් සැමදේම සැගවුවා.
අප්පච්චිගේ පණිවිඩය නිසා මම පහළ මහලට ගියා. අම්මයි, අප්පච්චී , ලොකු මල්ලී, පුංචී නංගී, ශාලින්ද මල්ලී,සේනාදී නංගී හැමෝම සෙටිය වටා ඒක් වෙලා හිටියා.
*අැයි අප්පච්චී කට්ටියම ඒකතු වෙලා ඉන්නේ .*
ඊ ළග කොටසින් හමුවෙමු…….