20

අචින්තයී අපේ ආදරේ

20

ඊයේ නිදාගන්න ඉතින් හම්බුනේ නෑ නේ..මන් පබා එක්ක කතා කරලා ඇවිත් එහෙම්ම සීතලේම නාගත්තා..නිදි මත වුනාට අදත් නිදියන්න ගියොත් ලෙක්චර්ස් මග ඇරෙනවා..
එහෙම්ම ලෑස්ති වෙලා කැම්පස් ආවා..ලෙක්ච එක බෝරීන්..මන් නිදි කිර කිරා ඔහේ අහන් උන්නා..මින්දු සැරින් සැරෙ මට ඇන ඇන ඇහරෝනවා..යන්තම් ඉවරයි ලෙක්චර්ස්..
මෝකො බන් වෙලා තියෙන්නෙ ආ..අද ආව වෙලේ ඉදන් කිරනවා..උඹ කිරලා කිරලා ඔන්න එතන කූබිත් වහලා..
අනේ යමන්..මන් කිරපු එකක් නෑ..ගමෙ ඉදන් ඇවිත් මහන්සියි මෝඩී..ආ මෙන්න තව පොඩ්ඩෙන් ඒකත් අමතක වෙනවා..
මන් බෑග් එක ඇරලා මින්දුගෙ පන්ගුව දුන්නා..මගදි අපිට සුපුන්ව හම්බුනා..ඒ දෙන්නට නිදහසෙ කතා කරන්න ඉඩ දීලා මන් බස් එකට නැග්ගා…
බස් එකේ ජනේලේ ලග ශීට් එකෙ ඉදගෙන ජනේලේ පොල්ලට ඔලුව තියා ගත්තේ..දැනුනු වෙහෙස නිසාමයි..මන් දන්නෙත් නෑ මගෙ ඇස් පියවුනා…
නින්දත් නොනින්දට් අතර උන්නු මන් ඇස් ඇරලා බැලුවා..කොහිද මන් මේ ඉන්නෙ…මේ අපේ පාර නෙමී නේ…මන් ජනේලේන් පාර බැලුවා…අයියො වරකාපොල ..මන් මේ කොහේ යන බස් එකකටද නැගලා තියෙන්නෙ..මොකද කරන්නෙ මන්…
මගින් බැහලා කොයි බස් එකේ යන්න ඕනීද කියලා වැටහීමකුත් නෑ..මොකෝ කරන්නෙ ඉතින් මන්…
හිතට දැනුනු බය කොහොමද වචන වලින් විස්තර කරන්නෙ..බස් එක ස්ටෑන්ඩ් එකට යනකම්ම මන් ගියා..එතනින් බැහලා කොලොඹ එන බස් එකකට නැග්ගා.
මමත් කර ගන්න දේවල්..මහා මෝඩියක් මන්..මන් මටම බැන බැනා ඉද්දි තමයි පෝන් එක වයිබ්‍රේට් වුනේ..
Matti kohida inne a..thunath pahu wela..ada leeta oya..
මෙයා මන් එන වෙලාවල් නෝට් කරන් ඉන්නෙ ඒ කියන්නෙ..දැන් මොකො කියන්නෙ මන් ඉන්න තැන කියනවද.නැද්ද..මේක කියලා හොද බැනුමක් නම් අහගන්න වෙනවා සිකුරුයි..
මන් නිකම් mmm කියලා මැසේජ් කලා..ඒ පාර මෙයා ආයෙම මැසේජ් කලා..
Modi kohida inne kiyanawa..kolla ekda a
Mmm
Mmm nemi kiyanawa mokakda hanganne aa …kiyanawa kohida inne..maranawa man..kiyanawa
දැන් මෙයාට මන් ඉන්න තැන කියනවද නැද්ද..මැට්ටා මාව ඇත්තටම හොයන් ඇවිත් මරයි කියලා හිතෙනවා..අනේ අයියෝ..
ම්ම් මොකො කරන්නෙ..

දැන් ඉතින් නොකියත් බෑ..මොකෝ කරන්නෙ..ජනේලෙන් මන් පාරෙ තියෙන බෝඩ් එකක් බැලුවා..මාවනැල්ල..හුම් දැන් කියමු..මොනා කරන්නද…නොකිවොත් බැනුම් තමයි ඉතින්…

Man mawanalle

Mokak

mawanalle..

Oya kohida a giye..sinhala tayipin penwada

හ්ම්ම් ඔව්

හරි..කියනවා මට කොහිද මාවනැල්ලෙ ගියෙ ආ

මට බස් එක වැරදුනා..ඊයේ නිදා ගත්තෙත් නෑ..එහෙම්ම නින්ද ගියා..ඇහරිලා බලද්දි වෙන බස් එකක නැගලා තියෙන්නෙ..පස්සෙ ..පස්සෙ මන් ස්ටෑන්ඩ් එකටම ගිහින් කොලබ බස් එකකට නැග්ගා

හ්ම්ම් අම්මො මැට්ටි ඔයා අහු උනොත් මරනවා මරනවා මැට්ටි..අහනවා..දන්නවද මන් කොයිද ඉන්නෙ කියලා

ම්ම් නෑ..කොහිද..ගල්ගමුවෙ..ඔයා තව ටිකකින් මෙහෙ පහු කරයි .මෝඩි සැරින් සැරෙ මට ඉන්න තැන කියනවා තේරුනාද ආ…

ම්ම් හරි ඒත් ප්‍ර්ශනයක් .කොහිද ගලිගමුව තියෙන්නෙ..

අපො මෝඩි ලන්කාවෙ නේද ඉන්නෙ ආ..අහනවා..මාවනැල්ලෙන් පස්සෙ හම්බෙනවා..ගල්ගමුව

මොකටද ඔයා ඔහෙගියෙ…

මෝඩී ..අපි මෙහෙ..ගල්ගමුවෙ..මන් ස්කූල් ගියෙ මෙහි..

ම්ම් ඉතිම්

ඉතිම් කියන්නෙ..මන් ආවා ස්කූල් එකට ගොනී..එක්සෑම් ලියනවා ආයෙ..

අහ්..(මන් ඊයෙ රෑ කියපු දේ මෙයා දැන්ම කිරියාත්මක කරලා…ඒත් ඇයි…මන් කියන දේවල් ඔයාට ඒ තරම් වටිනවද…

Matti late..ko ko..kiyanawa mata තල්ගස් මැදින් තියෙන ස්කූල් එකක් දැක්කද

අනෙ මන් හොයන්නෙ කොහොමද පහු වෙන්න ඇති..

මේ අහනවා මෝඩි සැරින් සැරෙ ඉන්න තැන කියනවා .ඔය බස් එක නිල් බෝඩ් එක තියෙන එකක්ද

මන් බස් එකෙ ඇතුල බැලුවා…අහ් ම්ම්…

ඔව් ඔව්

මෝඩී එහෙනම් ඕවා මෙතන නවත්තන්නෙ නෑ..අහනවා මෙතන හෝල්ට් එකගාව මන් ඉන්නවා…

අනෙ මම් බස් එක නවත්තන පැත්තෙ නෙමී..

අයියො මෝඩි මන් මෙතන හිනා වෙවී ඉන්නවා..ඔහොම ඉන්නවා

ඉතින් ඔයත් නගින්නකො මේකට..

ඕක නවත්තන්නෙ නැහෑ මැට්ටියෙ..ඉන්නවකෝ..බලනවා මන් ඉන්නවා ඒජී ඔෆිස් එක ඉස්සරහා

අනෙ මන්දා මේ මැටි පබා මොනා කියනවද කියලා..පලවෙනි වතාවට මෙහෙට ආවෙත්..කොහොමද ඒජී ඔෆිස් එකක් හොයන්නෙ..අයියො අයියො..

මන් දන්නෙ කොහොමද මැට්ටො..ඒජී නෙමී ඒබී ඔෆිස් එකක් වත් මන් දන්නෙ නෑ..

හයියො මෝඩි..මන් එතන ඉන්නවා බලනවා..

එතන ඉන්නවා කිවට කොතන ඉන්නවද මන් දන්නෙ කෝමද අයියෝ…

මන් චුට්ටක් කල්පනා කරලා ආයෙම මැසේජ් කලා..

ඔයා මොකක්ද ඇදන් ඉන්නෙ..

නිල් පාට ශර්ට් එකට කලු ඩෙනිම..

අහ්..මාත් ඇදන් ඉන්නෙ එහෙම..මෙයාට කොහොම හිතෙනවද මන්දා…

හරි..

මන් ජනේලෙන් ඔලුව දාගෙන පාර දිහා බලන් ගියා..මන් ඉතින් කොහේ කියලා මෙයාව හොයන්නද..ඒකෙත් හැටි..මට බස් එක වැරදුනු දාම මෙයත් මෙහෙ ආවනී…දෙවියොත් කරන්නෙ මහා පුදුම දේවල්..කොලොඹ ඉන්න නිසිත මෙහෙදි දකින්න ලැබෙයි කියලා කවුද හිතුවෙ…

පාර දිහා බලන් ඇවිල්ලා ඇස් වලට වැලිත් ගිහින්..අනේ මන්දා දකින දකින හැම කොල්ලම මට පේන්නෙ නිසිත වගේ මයි..ඇස් වල දෝශයක්ද..නැත්තම් හිතේ දෝශයක් ද..

බස් එක පුදුම වේගෙකින් යන්නෙ ජෙට් එකක් වගෙ..ජිරාෆ් වගෙ බෙල්ල දික් කරන් ඉදලා මගෙ බෙල්ලත් රිදෙනවා..

කෝ මෙයා ,,,,,,, පාර අයිනෙ ඉන්නවා කොල්ලෙක්..හරි තද නිල් පාට ඇදුම..කලු ඩෙනිම..බෑග් එකකුත් දාන්..අහ්..සුදු පබා…මේ ඉන්නෙ…

හිතට පුදුම සතුටක් දැනුනෙ..අදහගන්නත් බෑ..කොලොඹ පබා ගලිගමුවෙ..

උපතින්ම මට උරුම වෙලා තිබුන ආඩම්බරකම මෙතනත් ඉස්මතු වුනා..

පාර අයිනට වෙලා ලොකු මල් මල් හිනාවක් දාන් ඉන්න පබාට හිනාවක් දෙන්න මට අමතක වුනු හැටි..දෙයියනෙ…

ජෙට් එකක් වගෙ වේගෙන් යන බස් එකත් එක්ක ආයෙ හැරිලා බලන්නත් වෙලාවක් නැති වුනා..හීනයක් වගෙ..හැමදෙයක්ම…

මෝඩී මැට්ටි හරකි..ගෙම්බි.වස්සි..

මොකො මේ මෙයා සත්තු වත්තම මතක් කරන්නෙ..

මදැයි මමත් පැනි හල හලා කෙල පෙර පෙරා කොහිවත් නැති සුදු ආප්පයක් බලන්න හිනා වෙලා උන්නා..ලැජ්ජාවෙ බැස්..ගමෙ යාලුවොත් ඉන්නවා..ඉන්නවකො අහු උනාම මරනවා..මැට්ටි

අහ් ඒකයි මේ..

අපි දෙන්නා කොච්චර මැසෙජ් කර ගත්තද කියන්නෙ යක්කලට එනකම් මට දැනුනෙත් නැස්..නිකමට ඔලුව උස්සලා බැලුවා..

අනෙ දෙයියනෙ..බස් එකටම ඉන්නෙ මායි කන්ඩක්ටයි ඩයිවරුයි ඇන්ටි කෙනෙකුයි විතරයි….

මන් නිසිතට ඒ ගැන කීවා..මෙන්න බොලෙ මෙයා මටත් වඩා කලබල වෙලා..එයා මට මැසේජ් කරන්න කිය කියාම මැසෙජ් එවනවා..

මට ඇත්තටම හිතට බයයි..අද කාලෙ ගෑනු ලමෙක්ව තනියෙන් කොටු කරන්න මාන බලන ඈයො තමයි හැම තැනම ඉන්නෙ..එහෙම එකෙ මේ මිනිස්සු..මන් වගේම අර ඇන්ටිත් බයෙන්ද කොයිද

මට පබා එක්ක කතා කරන්නත් අමතක උනා බයට..

මෝඩි හරකි..ඉස්සරට යනවා..බස් එක මේන් රෝඩ් එකකට ආවම බහිනවා..පිස්සු කෙලින් නැතුව..ඕකුන් දෙන්නා ගැන කියන්න බෑනි..බබා පාර මාරු වෙනවා වගේ නම් කෑ ගහනවා..ඔය බස් එකෙ ඉස්සරහා ඇති එමජන්සි නම්බ ..ඒවා එවනවා මට..මැසේජ් කරනවා ගොනි..

මන් එක දිගට මැසේජ් කලා..හැම එකකම තිබ්බෙ මට පරිස්සම් වෙන්න කියලා..මගෙ තාත්තා වගෙ මාව ආරක්ශා කරන්න උත්සහ කරන මේ කොල්ලා මගෙ හිත පැහර ගෙන ගිහින් තියෙන එක පුදුමයක් නෙමී..ඇත්තටම…

මන් සැරින් සැරෙ ඉන්න තැන කීවා..එයා සැරින් සැරෙ මට මිස් කෝල් ගැහුවා .නින්ද යාවි කියලා ආයිමත්..ඇත්ත අද කාලෙ කෙල්ලෙක් කිය්නන්නෙ කොච්ච්‍ර පරිස්සම් කලත් මදි වෙන වස්තුවක්..

මාව මගෙ අප්පච්චි වගෙ ආරක්ශා කරන මේ උනුහුම ජීවීතේටම මට ලැබෙනවනම් දෙවියනි..

මන් බස් එක නවත්තපු එක තැනක බැහලා..අපෙ පැත්තට යන බස් එකක නැගලා ඒකත් එයාට කිව්වා..

හ්ම්ම් මැට්ටි ..ඔයා නම්..ඉක්මනට එනවා මෝඩී….මැට්ටි හරකී…මාත් දැන් තව ටිකකින් බහිනවා…

කොහොම හරි හතාමාර වෙද්දි මන් ඇනෙක්ස් එකට ආවා..ඒ ඇවිල්ලා පැය බාගයක් යද්දි දොරට ගහන සද්දයක් ඇහුනා..මන් උන්නෙ සාලෙ..

ගිහින් දොර ඇරියා..

දවල් දැක්ක ඒ නිල් ශර්ට් කාරයා මගෙ ඉස්සරහා..එයා හති දානවා..මාව දැකලා එහා පැත්තෙ බිත්තියට හේත්තු වුනා..පස්සෙ එයාගෙ පපුවට අතක් තියා ගත්තා..දුවන් ඇවිත් වගෙ..වෙහෙස පාටයි…

මැට්ටි දැනුයි ඇගට ලේ ටිකක් ඉනුවෙ..තමුසෙ තමුසෙ මගෙ ලේ පයින්ට් දාහක් විතර පිච්චුවා..මෝඩී…

එහෙම කියලා මගෙ නහයෙනුත් ඇදලා එයා එයාලගෙ ඇනෙක්ස් එකට ගියා…එ ගිහිනුත් දොර ලගදි

ඒ ගිහින් දොර ලගදිත් මට තර්ජනෙ කලා..

නහය ඇද්ද පාර ටිකක් රිදුනත් මට හිනා ගියා..මොනාද මේ සිද්ද වෙන්නෙ..ඇත්තටම උහුල ගන්න බෑ..ඇයි මන් ගැන එයා එච්චර හිතන්නෙ…ඇයි…

දෙවියො මට එක එක අවස්තා උදා කරලා ඒ ආදරෙ මා ලවා පරික්ශා කරනවද..

මන් ඇදට ගිහින් උදෙ ඉදන් උනු ඒවා එකින් එක මතක් කලා..

පුදුම ගොඩයි..මට බස් එක වැරදුනා..එයාත් එහෙ ගිහින්..කොලබ පබා ගලිගමුවෙ..එයත් නිල් ශර්ට් එකට කලු ඩෙනිම මාත් එහෙම..බස් එකේදි මට තනියක් නොදැනුනෙ එයා එක්ක කතා කරපු නිසා

මට දැනුනා මන් ලගින්ම එයත් ඉන්නවා කියලා..එච්චර ආරක්ශාවක්..අනෙ මාව ඇස් දෙකින් බලන්න හති දාගෙන දුවන් ආව හැටි..මාව දැකලා පපුවට අත තියන් සැනසුම් සුසුමක් හෙලුව හැටි..

ඇයි දෙවියනි මේ පිස්සු කොල්ලා..ඇයි..මට බෑ අයියො…

ඔයා ඔයා නම්..මගෙ සීගීරි සුකුමාලී….

—මතු සම්බන්දයි—

සොරි ගොඩක් වෙලා කට්ටියව තියන් උන්නට..

සැ.යු…
මෙහි එන ගම්..පාරවල්..මාර්ග වැරදි විය හැක..ඒ ගැන නොසලකා කතාව පමනක් කියවන්න…එහෙන් මෙහෙන් මතක පාරවල්,මාර්ග කොටා දක්වා ඇති බව කොලඹ -නුවර මාර්ගෙ දෙපස සිටිනා ජනි ජනීයා කරුණාවෙන් සලකන්න..ගම් ගැන නොසිතා කතාව රසවිදින්න…මන් ම.ග. වැඩ නොකරමි..අහුලාගත්බ්ගම් කීපයකි..පාර වැරදි විය හැක..සම්මානි ගිය මාර්ගයෙන් නුවර නොයන්න….. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *