20
දිවිය තිබෙන තුරු මගේ
ඔබයි ආදරේ
****20 වන දිගහැරුම****
භානුකගේ තුරුලේ බොහෝ වේලාවක් රැදී සිටි දැහැම් නැවතත් පහළට ගියේ අනූපමා සොයායි….
අම්මෝ….මොකෝ…මේ කෙල්ලගේ මූණ නිකන් ජම්බු ගෙඩියක් වගේ රතු වෙලා….භානූ අයියට හොදටම අහුවෙලා වගේ…දොස්තර උනත් කොල්ලෙක්නේ….අනිත් එක උපාසකයා වගේ හිටියට භානුක අයියත් ලේසි පාසු නෑ වගේ….
අනූපමා දැහැම් දෙස බලා යන්තම් කට කොනකට සින්හවක් නගා ගෙන පැවසුවා….
අනේ….අනූ….නිකන් හිටපන් බං…
ආ…ආ….ඇයි ඇයි දැන් උඹේ ප්‍රේමවන්තයාට මොනවා හරි කිව්වාම උඹට හරි අමාරුව වගේ නේ….හරි හරි නංගි ඔහොම යංකෝ….ඒක නෙවෙයි එයා හෙට ඉදන් හොස්පිටල් යනවා කිව්වද….?
අනේ…බං උඹ දැන් කියනකල්ම මට ඒක අහන්න මතක් උනේ නෑ නේ….
දැහැම්ට එය භානුකගෙන් විමසීමට නොහැකි වී තිබුණා….
ඔව් ඔව් උඹ දිහා දැක්කම මට හොදට හිතා ගන්න පුළුවන්….මොනවද බං ඔච්චර වෙලාවක් කාමරේට වෙලා කලේ…මට පේන්නේ කතා කරන්න වෙලාවක් තිබිලම නෑ වගේ…..
අනේ පලයන් යන්න…උඹ හිතපු තරම් දේවල් උනේ නෑ…
දැහැම් භානුකගේ සිප ගැනුම් හා ඔහුගේ ආදරණීය හැසිරීම් සිහි වී යලිත් කෝල බවින් රතු වන්නට විය….
අනේ මේ…උඹ මටනේ මේ කොලේ වහන්නේ….
හරි හරි යමන් ආන්ටිට පොඩ් සප් එකක් දෙන්න…අද සතුටටත් එක්ක ආන්ටි මොනවා හරි ස්පෙශල් හැදුවොත් මට වාසි….
අනූපමා දැහැම් සමහින් නැවතත් මුළුතැන්ගෙය දෙසට යන්නට විය….
**********************************
භානුකගේ හා දැහැමිගේ ආදරය දවසින් දවස ගලාගෙන ගියේ ඔවුනොවුන් තව තවත් ආදරයෙන් බැදෙමිනි…භානුක දැහැම් සහ අනූපමා උදෑසන සේවා ස්ථානයට සිය කාරයෙන් හැරලවා බොහෝ විට හවසටත් ඉඩ ලද සෑම අවස්ථාවකම නැවත රැගෙන ඒමත් පුරුද්දක් කර ගන්නට වුනා….
භානුක සිටියේ දැහැම්ගේ ආදරය හමුවේ බොහෝ සතුටිනි….
දිනක් අනූපමා නිවසේ නතර වූයේ ඇයට වරින් වර නැගුනු හිස කැක්කුම නිසා වේවේක ගැනීමට සිතාගෙනයි…
එදින භානුක සමගින් දැහැම් තනිවම රැකියාව සදහා යාමට පිටත් වුනා. යන අතර වාරයේ භානුක සමගින් බොහෝ දේ මුමුණා ගනිමින් දැහැම් පසු වූයේ බොහෝ සතුටින්…ඇය සේවය කරන බැංකුව අසල කාරය නතර කල භානුක දැහැමිගේ නලල මත දෙතොල් තබා ඇයට හාදුවක් පිරි නැමුවේ අප්‍රමාණ සෙනෙහසින්….
පරිස්සමෙන් යන්න අයියා…එවර දැහැමිගේ මුවින් ඇයටත් නොදැනීම වැරදි වචනය පිටවී ගොස් තිබුණි….
මේ…මම හිතන්නේ එක්කනෙක් මේක දැන් උවමනාවෙන්ම කරනවා වගේ….
භානුක කට කොණකින් සිනා සී පැවසුවා…
අනේ…ඔව්..ඔව්…මට මේ වෙන වැඩක් නෑ නේ…..
ආ…ඇත්තද…හරි හරි දරුවෝ…මම එහෙනම් යන්නම්…තවත් මෙතන මෙහෙම හිටියොත් අදත් මට වැඩට යන්න වෙන්නේ නෑ….භානුක දැහැම් කාරයෙන් බැස බැංකුව තුලට යනතෙක් බලා සිට ඇයට අත වනාගෙනම යන්නට ගියා….
එදි හවස් වරුවේ භානුක බොහෝ කාර්‍යබහුල වූ නිසා ඔහු දැහැමිට ඇමතුමක් ගෙන ඔහුට හවස ඇයව රැගෙන ඒමට නොහැකි වන බවත් පරිස්සමට නිවසට යන ලෙසත් කණගාවෙන් පැවසුවා….
හරි භානුක මම පරිස්සමට යන්නම්…ඔයා වැඩ ඉවර කරගෙන පරිස්සමින් එන්න…
දැහැම් භානුකගෙ ඇමතුමෙන් සමුගෙන හවස ඇගේ සේවය නිම වූවායින් පසු තනිවම බස් නැවතුම් පළ දක්වා ඇවිද යන්නට විය….
ඇය මද වේලාවක් බසයක් එනතුරු රැදී සිටින්නට වුනා….
දැහැම්…..
එක්වරම ඇසුණු කටහඩින් දැහැම් තිගැස්සී ගියා…..
ඇය කටහඩ ආ දෙසට හැරී බලන්නට විය….
මුහුණ පුරාවට අපිලිවෙලට රැව්ල වවාගෙන පොඩිව ගිය කමිසයකින් සැර සී ඇය දෙස දෑස් දල්වා බලා සිටියේ වෙන කවරෙක්වත් නොවේ….ශශීල්…..
දැහැම්ට ඔහු ඒ ලෙසින් දැක අදහා ගත නොහැකි විය….
දෙයියනේ ශශීල් ඔයා….ඇ….යි…මෙහෙම…..
දැහැම් ශශීල්ගේ වත දෙස බලාගෙන විමසුවා….
මම ඔයා හින්දා ගොඩක් විදවනවා බබා….මම ඔයාගැන ඇත්ත නොදැනයි එදා එහෙම හැසිරුනේ….ඇත්ත මම මහ නරකයෙක්….ඒත් දැහැම් මට ඔයාව අමතක කරන්න බැරි වුනා…මම ඔයා හොයාගෙන හැමදාම මෙතෙන්ට ඇවිත් බලාගෙන හිටියා… අද මට ඔයාව මෙහෙම දකිනකොට ඉවසිල්ලක් නැතුව ගියා…මට සමාවෙන්න දැහැම්….ප්ලීස් මට සමාව දෙන්න…මම ඔයාට ගොඩාක් ආදරෙයි…මට ඔයා ඇරෙන්න වෙන කෙනෙක් ගැන හිතන්න බෑ දැන්….මම දන්නවා ඔයත් මට ආදරෙයි කියලා…ප්ලීස් බබා මාව දාලා යන්න එපා මං පිස්සෙක් වෙයි….
ශශීල් අනවසරයෙන්ම දැහැම්ගේ දෑත් අල්ලාගෙන පවසන්නට වූයේ දෑස් අගින් කදුළු බේරෙන අතරේයි….
දැහැම් සිටියේ වික්ෂිප්තවයි….
මේ අතරේ මේ කතා බහ දෙස දැහැම්ගේත් ශ්ශීල්ගේත් හැසිරීම් දෙසට තවත් විමසුම් දෑසක් එල්ල වී තිබුණු අතර ලද අවසරයෙන්ම ජංගම දුරකථනය ගෙන ඔවුන් දෙදෙනාගේ චායාරූප කිහිපයක් කැමරාවට හසුකර ගන්නට විය…ඒ මුහුණේ ඇදී ගියේ ගුප්ත සිනහවක්….
##නැවත හමුවෙනතුරාවට##
ආදරෙයි හැමෝටම