20
##නිම්හිම් සේයා ##
20
අත් වැටේ රූටලා පැන්න බිමට.. කෝ මේ දීපීකා පදුකෝන්..ම්ම්ම්
ගුඩ් මෝනින් දීපීකෝ..අහ් කෝතූ මැඩනුත් ඉන්නෙ..ගුඩ් මෝනීන්
මන් අම්මියගෙ උරහිසේ නිකට තියලා උම්මි එකක් දුන්නා..උදෙන්ම දෙන්නා යුද්දෙ පටන් අරන්..
තේ හදනවා තේ බෙදනවා කෝතූ
දැන් තුට්ටක් මහත්වෙලා කෝතූ
කෝතූ එපා දෙන්නකෝ විස්කෝතූ..
ඕන් ඉතින් මගෙ ආදරනීය නෑනා පොඩ්ඩ මට හැන්දක් උලුක් කරන් තර්ජනේ කලා..චුට්ටක් ඇවිස්සුවෙ නැත්තම් කිසි ගතියක් නෑ..මන් කේතූ ලග බිම දනගාන් ඉදිරියට නෙරලා ආව බන්ඩි ගෙඩියට උම්මා එකක් දුන්නා..
ඕන් පොඩ්ඩෝ ඔයාගෙ අම්මි ගානවලූ මට හැන්දෙන්..එලියට ආවම සටන් කලමු හොද්‍රෙ..නපුලු අම්මි ඔයාගේ..අපේ අයියගේ කෝතූ කෑල්ල..
මගෙ විහිලු වලට අම්මිටත් හිනා..කේතූ ආයෙත් ප්‍රෙග්නන්ට්..යුවතියකගෙන් ඉවත් වෙලා කේතූ දැන් සැබෑම පිරිපුන් ගෑනියක් බවට පත් වෙලා..දැක්කම ලෝබයි තියෙන පින්පාට..
අහ් මොකො තුන් දෙනා ගැන්න්සි බැහලා පාර්ලීමේන්තුව වත් පෙරලන්නද..
අයියා උදෙන්ම නාගෙන තුවාය පිටින්ම කුස්සියෙ තිබුනු මේසේ වාඩි උනා..මන් උන්නෙ ෆෑන්ට්‍ර්‍යී එක උඩ ඉදන් කකුල වන වනා..අම්මි මටයි අයියටයි කිරිතේ හදලා දුන්නා..
අහ් සුවදයි කේතූ..උදේට මොනාද
රොටි…
උහ්ප්ස් අහ්..
රොටි මතක් වෙලා කිරි එක ඉස්පොල්ල ගිහින් ඇස් වලින් කදුලුත් ආවා..
අයියා මට දෝත බදලා දුන්නා ..උහ්
අනේ ආව්..
ලොකු පුතා නන්ගිට රිදෙයි..
රිදෙන්න තමයි දුන්නි..මෙයා තාම පොඩි ලමයා වගෙ කිරිත් හිර වෙනවා..
අපි පොඩි තමයි හරී..
අප්පෝ ඔව් මන් දන්නවා මෙයාගේ පොඩී..
ඇයි මොනාද දන්නෙ..
මන් අල්ලගන්නමයි උන්නෙ පාන්දර දෙක තුන වෙනකම් මොනාද මැට්ටි ඩේටා ඔන් කරන් කරන්නෙ..
ඊට කලින් කියන්න ඔයා ම්මොනාද කරන්නෙ කියලා එච්චර වෙලා..දැක්කනි කේතූ මෙයා හොර වැඩක් කරනවා වගේ..
හනෙ මේ..මට පේන විදියට නම්ම් මෙයාගෙ හොරයක් තියෙනවා වග්ගේ..අම්මි දෝනියැන්දා ගැන ඇහ ගහන් ඉන්න..
නෑ ඇස් දෙකම ගහන් ඉන්න..මන් යනවා ලෑස්ති වෙන්න..
අයියා මගෙ හිත දන්නවා..එයාට උනත් හන්ගන්නෙ දෙනෙත් අයියා දැන්ම කියන්න එපා කීව නිසයි..නැත්තම් මන් මෙලහකටත් කියලා..කේතු එක්ක වත් නොකීවෙ අයියට්ට කියයි කියන බයෙන්..එයාලා දැනගත්තට න්නම් අවුලක් නෑ..එහෙම අඩුපාඩූ බැලුවොත් දෙනෙත් එක්ක පෑහ්හෙන්න මටයි සුදුසුකම් නැත්තේ..
අද මන් දෙනෙත් අයියා එක්ක පොඩි රවුමක් ගහන්නයි යන්නෙ..ඉතින් දෙනෙත් අයියට කිව්වා කා එකක නම් යන්න බෑ කියලා.ඉටිම් අපි යන්නෙ බයික් එකේ..කෝ එවුනාට මේ මැටි දෙනෙත්..
ශ් ශ්..
කවුද මොකාද ..චූටී චූටි ගල් කැට ..ම්ම්..
යන්.මැඩම් ..
දෙනෙත් අයියා ඇවිත් මගෙ බයික් එකට නැග්ගා..මන් ඉස්සරහා එයා පිටිපස්සෙ..සාමාන්‍යයෙන් වෙන්න ඕනී මෙකේ අනිත් පැත්තනෙ..
වීදුරුවෙ පැති කන්නාඩියෙන් මගෙ නිල්පාට ඇස් දෙක මන් බැලුවා..කෝ ඇස් වැහෙන්න සග දාන්නෙ..
දන්නවා දෙනෙත් අයියගෙ තියෙන ව්‍යාපාරික ප්‍ර්සිද්දියත් එක්ක සාමාන්‍ය විදියට යන්න බැරි බව..
මැට්ටි
හුලන් කපාගෙන දෙනෙත් අයියා මගෙ දැහන බිදෙන්න කෑ ගැහුවා..
මැට්ටි ..කෝ කට..
ම්ම්..අයියා එන්න ඔයා ඉස්සරහට ..අර පාරෙ ඉන්න අය බලනවා වැඩි..වෙන කපල්ස් බයික් එකේ යන්නෙ කෙල්ල කොල්ලව බදන්..අපි අනිත් පැත්ත..
අනෙ මෝඩී..අපි වෙනස් නෙ ඒ අයගෙන්..
ඒ කොහොමද වෙනස් වෙන්නි..දැන් ඔයා ඩීඑන්එස් නෙමී සේයට ආදරෙ කරන දෙනෙත් ..මන් දෙනෙත්ට ආදරෙ කරන සේයා.
දෙන්නත් එක්ක ඉස්සෙල්ලාම ගීයේ මොනාටද කියලා ඇහුවොත් ඔයාලා ඇත්තටම පුදුම වෙයි..අපි ගියෙ දෙනෙත් අයියගෙ චූටි බලු කුක්කෝ බලන්න …
අම්මෙ ඉටිම් ඇස් වහක් කට වහක් නා ..ඩීඑනෙස් වගේමයි..
මොකක් කීවෙ මැටි ආච්චම්ම
ඉතින් මෙයාල ඔයා වගේ..ආන් බලන්න එක්කෙනෙක් ගෙ ඇස් ඔයා වගෙ නිල් පාටයි..තව කෙනෙක්ගෙ මූන ඔය වගෙ කලුයි..එතකොට අරයා ඔයා වගේම ටුවෙල් පැක් බොඩිය..අන් අතන ඉන්න එක්කෙනා නම්ම් ඔයාගෙ නිවුන් සාහෝදරයා..අර අර..
මේකිට නම් තියෙන්නෙ කටක් නෙමී..
එහෙනම්
වක්කඩාක්..
අහ්..
අපි ඒ අසරණ සත්තු ධිහා බලන් උන්නා..
දෙනෙත් අයියා
ම්ම්ම්
මේ වැඩෙ නම් සුපර්..ඒත් ඔයාට මීට වඩා දේවල් කරන්න පුලුවන් බබා ඔයාගෙ සල්ලි වලින්..මේ බලු පැටවු වගේම අද ලන්කාවේ කොච්චර වීදී ලමයි ඉන්නවද..අසරණ ලමයි..පොතක් පතක් ගන්න බැරිව ගෙවල් ඇතුලට වෙලා සුසුම් හෙලන ලමයි..අපට බැරි වේවිද අයියා ඒ වගෙ අයට උදව් කරන්න ..
දෙනෙත් අයියා ටිකක් වෙලා කල්පනා කරමින් හිටියා..
ම්ම් හොදයි මගෙ සේයා කැමතිද එහෙම වැඩකට..
ඔව් ගොඩක් ආසයි අයියා ..මන් මට පුලුවන් වෙලාවට පුලුවන් විදියට ඒ වගෙ ලමයින්ට උදව් කරනවා අයියා ..අපි පටන් ගමුකො ඒ වගෙ පදනමකුත්..
හරි මගෙ සුද්දි කියන දේට මාත් කැමති ..අපි ශේනාත් එක්ක කතා කරන් එහෙම කරමු හරිද ම්ම්ම්ම්..
හරි .අපි දැන් යමුද අයියා ..
අපෝ ගිනිපෙල්ල ලිපෙ දාලා වගෙ එනවා දුවනවා ..ටිකක් ඉමුකො..යන් ස්ශොපින් පාරක්..ම්ම්ම්
මෙහෙම ..
නැතුව..
ඔයයි මමයි දෙන්නම ප්‍ර්සිද්දි චරිත එතකොට මෙහෙම ගිහින්..
අහ් ඕකද මැඩම් ප්‍ර්ශ්නේ..මේන් මන් සග දැම්මා
දැන් මැඩමුත් මේන් මෙහෙම ..
දෙනෙත් අයියා මගේ කොන්ඩෙ ගැටගහලා තිවුනු බුලව ලෙහුවා..කොන්ඩේ අවුල් කලා.ම්ම්..ඇත්ත උවමනාවෙන් බැලුවොත් මිසක් දැන් ඉතින් හොයන්න බෑ..
මේ පාර එයා ඉස්සරහා ..මන් පිටිපස්සෙ ..මන් චුට්ටක් ඈත් වෙලා දෙනෙත් අයියව අවුස්සන හිතන් ඉදගත්තා..දෙනෙත් අයියා ඕන කමින්ම බ්‍රේක් එකක් ගැහුවා..මේ වගෙ කපටියෙක් නම්..
අපි දෙන්නා ගියෙ ශොප් එකකට..ම්ම්ම් ..අලුත් ඇදුන් සුවද..දෙනෙත් අයියා කලේ බරපතල වැරැද්දක් ..කෙල්ලෙක් මේ ලෝකේ ආස කරන චූටී චූටි දේවල් වලින් ආසම දෙයක් තමයි ඇදුම්..ඉටින් අද සේයට තියෙන්නෙ මේ මැට්ටගෙ පොකට් එක හිස් කරන ජොබ් එක..
ඇදුම් අතරෙ එහා මෙහා යද්දි දෙනෙත් අයියවත් අමතක වෙනවා..ගොඩක් කොල්ලො තමන්ගෙ කෙල්ලට එක්කො ඉක්මනට ගන්න කියලා බලකරනවා..නැත්තම් ඕනී මගුලක් ගන්න කියලා පැත්තට වෙනවා(ඕන් මේක සන්වාදෙට විවෘතයි ..කොල්ලන්ට හිතෙන දේයී කෙල්ලන්ට හිතෙන දේයී කමෙන්ට් කරන්න ඕකේ..)
ඒත් මගේ ඩීඑන්එස් මගේ වටේ කැරකි කැරකී මටත් වඩා උනන්දුවෙන් ලස්සන ලස්සන ඇදුම් තෝරනවා..හැබයි ඉටිම් මට නම් දැන් ගෙදර යන්න හදිස්සියක් තියෙනවා ..අතට අහු උනු ඇදුම් දෙකක් අරන් මන් එන්න හදද්දී ඩීඑන්එස් එයා ආස කරන විදියෙ ටී ශර්ට් එකක් අරන් දුන්නා ..ඒ පාර මේන් ආයෙත් නැවතිලා ..දැන් කාද බෝලේ ශොපින් ආවේ..චූටී මල් මල් වැටුනු දම්පාට ස්කර්ට් එකක්..
නන්ගි
ම්ම්
මේක ගමුකෝ..
කොටයි නේ..
ඒත් ඔයාට ලස්සනට තියේවි මැට්ටියෝ..මන් දැකලම නෑ ඔයා ස්කර්ට් අදිනවා..
ඒක ඉතිම් ලොකුම ලොකු රහසක් ..ඇත්තටම කීවෝත් සේයා නොදනී ..ඕවා ඇදන් ඉදගන්න ..
මොකෝ මැට්ටි කල්පනාව ..
මුකුත් නෑ..ඕකත් ගමු යන්ද..
ම්ම්ම්
මොකෝ හදිස්සියි ..
අනා යන්න ඕනී..
හ්ම්ම් හ්ම්ම්..යන්..
කවුන්ට එකට කෑශ් ගෙවලා ආයෙමත් අපි එන්න ආවා..ආයෙත් මන් ඉස්සරහා ..එයාගේ මූන හරි නෑ..පොඩ්ඩක් බලලා බයික් එක පැත්තකින් නැවත්තුවා ..
ආදරෙයි අයියෙ ..ගොඩාක් ආදරෙයි ..වෙන දාක එමු..
මන් ඒ නිල් ඇස් හොරාගෙ නල්ලට මුදුවට දෙතොල් තිබ්බා..
දැන් හරි නේ..අපි යන්..මට හදිස්සියක් තියෙනවා ..
(මතු සම්බන්දයි )