21

💔

💚දෑසේ 💜

💙වේදනා 💛

💘 Epsoide.. 21 ❤️

💙💙💙💙💙💙💙💙💙💙💙💙

ඒත් එක්කම ආදි ඉස්සරහා ශීට් එකේ ඉන්න ජීවාට කීවේ යන් කියලා..
කෙල්ල ඉන්නේ තනිවෙන්න ඕන කියන හැගීමෙන්..

මොනා උනත් ආදිට අමීන් එහෙම ඉද්දී රිදෙනවා..නොපෙන්නුවත් කෙල්ලට අමීන් වෙන කෙනෙක් එක්ක දකින්න බෑ..

ජීවා කාර් එකෙන් බැහැලා අමීන් ගාවට ගිහින් අමීන්ට කියලා යන්න හැදුවත් අමීන් අර කෙල්ල එක්කම කාර් එක ගාවට එනවා..

තියා ඔයාලා යන්න..මගේ හොදම යාලුවෙක් මේ..ශාමින්දී 😊

ආහ් ඔයාගේ මැරේජ් එක කරන්න ඉන්නේ මෙයා එක්කද අමී අයියා..ඕකේ නෝ ප්‍රොබ්ලම්..😒

අපි යන්ද ජීවා අයියේ ලේට් වෙනවානේ..ඔයාලත් එන්ජෝයි කරන්න..පරන කතා ගොඩාක් ඇතිනේ නේහ් 😏

තියා වචන දමලා ගහනවා වගේ මූනටම කියලා දාද්දි ජිවාගේ වගේම අමීන්ගේ නලලට දාඩිය දැම්මේ..

මොනා උනත් තියා දැක්කා දෙන්නම බය වෙලා කියලා.කෙල්ලට හීනී හිනාවක් ආවේ ඊයේ රූ අවී කියපු කතාවක් මතක් වෙද්දි..

කෙල්ල ශටර් එක වහලා යන් කීවාම ජීවා කාර් එක ගන්නේත් බයෙන්..තියා වගේම ජීවාත් නිහඩයි.තියා ඔලුව දාලා බැලුවේ ආදි මොකද කරන්නේ කියලා..

ඇස් දෙක පියාගෙනම ශීට් එකට හිස තද කරන් ඉන්න කෙල්ලව දැක්කාම තියාට දුකයි.ඊටත් වඩා කෙල්ලට පුදුම කෙල්ල මේ තරම් දිගට ඇදන් ඉන්නවා දැක්කාම..

තියා ජීවාට කීවේ කෙලින්ම ආදි ඉන්න හොටෙල් එකට යන් කියලා..කෙල්ලට දැනුන තද හිසේ කැක්කුමක් එක්ක ආදි ඉන්නේ ඇස් තදින් පියාගෙන..

හොටෙල් එකට ආව ගමන්ම කෙල්ල තියා දිහාවත් නොබලා ඇතුලට ගියේ ඇත්තටම කෙල්ල හිටියේ දුකින් නිසා..තියා කෙල්ල යනවා බලන් ඉන්නේ දුකින්..

කියාගන්න බැරි දේවල් හිතේ තියාගෙන තියා වගේම අවිනාශ් ඉන්නෙත් දුකින්.හිටි හැටියේම් අවිනාශ් රට යන එක කොල්ලා වැඩිය ආදිට කෝල් නොගන්න එක තියාටත් අවුල්..

මොන දේ වුනත් තියා දුකින් ඉන්නේ මේ හැමදෙයක්ම නිසා ආදි ඉන්නේ වේදනාවෙන් කියලා දන්න හන්දා..ඒත් තියා ඉන්නේ බැදීමකට හිර වෙලා..කෙල්ලට සම්පූර්නයෙන්ම ආදි ගාව ඉන්න බෑ..

කෙල්ලට තනියම ඉන්න දීලා ජීවාට යන් කියලා තියා කීවෙ ඒකයි..
අයියේ කවුද ශාමින්දි 😒

ශාමින්දී කියන්නේ අමීන්ගේ පරනම යාලුවෙක් 😕

ඔය අමීන් අයියා ආදරේ කරපු පාරුල් මැරුන හේතුව ශාමින්දිද 😒

ජීවාගේ තොල් පවා වෙව්ලන්න ගත්තේ කියාගන්න වචන් එන්නේ නැතුව .ජීවන්ගේ උගුර හිර වෙලා වගේ..කාර් එක පැත්තකට කරලා ජීවන් නැවැත්තුවේ මුලු හිසම රිදෙන්න ගද්දි..

ඇයි අයියේ..මොකද වුනේ..😧

නැහැ හෙඩේක් එකක්..ශාමින්දී කියන්නේ නරක හීනයක් මට නම්.ඒත් අපිට අතීතෙට ගිහින් ඒ දේවල් වෙනස් කරන්න බෑ බබා..😔

ඒ වචන අස්සේ තියෙන්නේ පසුතැවීමක් වේදනාවක් කලකිරීමක් කියලා තියාට දැනුනාම කෙල්ල කලේ නිහඩ උන එක..

කමක් නෑ දවසක ඔයාට දැනුනොත් ඒ වේදනාව බර වැඩි කියලා මට් කියන්න..මන් හැමදේම අහගෙනම ඉන්නම් 🙃

තියා බෙල්ල් ඇල කරලා කියලා ජීවන්ගේ උරහිස සිපගත්තේ ආදරෙන්..ඒ ඇත්ත ජීවන්ට කියාගන්න ඕන කලත් ජීවන්ට ඒ අතීතෙට යන්න බෑ..

එන දේකට මුහුන දෙනවා කියන හැගීමෙන් ජිවන් මොහොතකට ඒ අතීතේ අමතකම කරලා දැම්මා .නොකීවාට බැදුන ඒ අතීතේ එක්ක ජීවන්ට තියෙන්නෙත් ආදරනීය බැදීමක්..

ඒ ඇස් සදහටම ජීවන්ගෙන් යද්දි කෙල්ල කියපු පාරේ ජීවන් වගේම අමීනුත් දුරක් ගිහින්.

මලගෙදරට ඉන්න බැරි උන එක පවා තාමත් ජීවන්ගේ හිතට වේදනායි..අද තියා පවා තමන් ගාව ඉන්නේ ඒ පාරුල් නිසා කියලා ජීවා දන්නවා .

ඒ එදා රූ කොල්ලට තිබ්බා පාරුල්ව නවත්තා ගන්න..පාරුල් අවසාන තප්පරේ පවා ජීවන්ට කතා කරලා අඩපු හැටී ජීවන්ගේ ඇස් ඇතුලේ මැවෙනවා..

කොල්ලා ඒ වෙද්දිත් හිටියේ කොලබින් පිට.ජීවා හිටියේ ඩොකියුමන්ට් එක්ක පැටලිලා ලොකු වැඩක..

ඒත් දිගින් දිගටම එන පාරුල්ගේ කෝල් දැක්කාම ජීවන් ෆෝන් එක ආන්සර් කරනවා..

කියන්න පාරු මන් ටිකක් විතර බිසි බබා 😊

අනේහ් ජීවාහ් 😭
මාව කොහාට හරි අරන් යන්න ජීවා..මට මේ දේ දරාගන්න බෑ 😭

දෙයියනේ පාරු ඔයා කොහෙද ඉන්නේ කියන්න ලමයෝ 😧

නෑ ජීවා..මන් යන්නේ මගේ සැනසීම හොයාගෙන..මන් යනවා ජීවා..මන් යනවා 😭

මොකක්ද වුනේ කියන්න පාරු..අඩුම මොනාද මේ වුනේ කියන්න 😠

ජීවා මන් මැරෙයි ජීවා මගේ පපුව හුස්ම ගන්න බෑ වගේ හිරවෙලා ජීවා 😰

මොනාද මේ පාරු..ප්ලීස් කෝ අඩන එක නවත්තන්න..කියන දේ අහන්න 😠

අනේ ජීවා මට මැරිලා යන්න ඕන ජීවා..මට මේ හැමදේම දරාගන්න බෑ ජීවා..මගේ අමී එයා 😭

අමී මොකද කියන්න පාරු ඇයි අමී 😐

එයා ශාමින්දී එක්ක..අරම අරම ජීවා..අනේහ් මට බෑ ජීවා..ඇයි එයා මට එහෙම කලේ ජීවා..😭

මන් එයාට මටත් වඩා ආදරේ කලා ජීවා..එයා ඒක දන්නවා..ඔයත් දන්නවා..😭

හරි හරි මැනික කෝ දැන් කියන දේ අහන්න.ජීවා ඉන්නේ දුර ඇවිත්..ජීවා දැන්ම මෙහෙන් එනවා..😣

ඇවිත් මන් පාරුට කතා කරන්නම්.කෝ හොද ලමයා වගේ ගෙදර යන්නකෝ..දැන් හොද ලමයා වගේ ගෙදර යමු..කෝ යනවා නේද 😐

ඒ වෙද්දිත් කෙල්ල ෆෝන් එක කට් කරලා කියලා දැක්කාම ජීවන් අමීන්ට කෝල් ගන්නවා..ඒත් අමීන් ඒ වෙද්දිත් ඉන්නේ පිස්සෙක් වගේ පාරුල්ව හොයන ගමන්..

ජීවන් ඒ අතීතෙන් එලියට ආවේ තියා ජීවනේ උරහිස හැපුවාම..
මෝඩයා 😡

ආවුහ් 😖

කොයි තරම් වෙලා කතා කරාද..හැමදේටම හ්ම් හ්ම් ගාගෙන එයා මොනාදෝ හිතනවා 😡

අනේ සොරි බබා..අපි යන්..මන් මේ වෙන කල්පනාවක හිටියේ 😣

අම්මෝ මන් හිතන්නේ ග්‍රීසියත් පහු කරලා ගිහින් වගේ..යන් යන් නැත්තම් යන්න වෙන්නේ නැහැ 😂

ජීවන් කාර් එක පාරට දාලා තියා කීව තැනටම යන්න ගියේ අතිතේට මොහොතකට තිත තියලා..
අතීතේ එක්ක ලොකූ දුරක් යන්න ජීවන්ට ඕන උනත් ජීවන් තියා වෙනුවෙන් මොහොතකට නතර වෙලා අතීතේට කොමාවක් තිබ්බේ වේදනාවෙන්..

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

ආදි රූම් එකට් ආව ගමන් ඇද බදාගත්තේ දුකින්..කෙල්ලට ඕන අමීන්ව හිතෙන් සම්පූර්නෙන්ම අයින් කරලා දාන්න..

කෙල්ල වොශ් එකක් දාගෙන සුපුරුදු විදියටම කොට ශොටක් ඇදගෙන ටී එක දාගෙන පහල බාර් එක ගාවට ගියේ දුකින් .

කෙල්ල ඇති තරම් බියර් බීවත් කෙල්ලට දැනෙන දුක එක්ක නවතින්න බෑ..තව තව උගුරට දාගන්න හිතෙන්නේ ඒකෙන් කෙල්ලට අමීන්ව අමතකම වෙන නිසා.

ආදි ඉන්නේ කට කැපෙන්න බීලා..කෙල්ල බියර් බෝතලේ කටේ තියාගෙනම බීවේ ඊටත් වඩා සතුටෙන්..බියර් මොන තප්පරයක් ගානේ ඒ සැර එක්ක කෙල්ලට අමීන්ව අමතකයි..

ඇගට දැනෙන සීතලත් අඩුවෙලා වගේ දැනෙද්දි කෙල්ල බියර් බෝතලේ අරන් රූම් එකට යන්න යන්නේ..

කෙල්ල බෝතලේ අරගෙන අමාරුවෙන් කාමරේට ගිහින් එහෙම්මම ඇදේ පෙරලුනත් කෙල්ලට නින්දක් නෑ..

රූම් එකේ තියන ජනෙල් දෙක ඇරලා කෙල්ල ඇගෙන් බාගයක්ම එලියට දාන්නේ එන සීතල හුලග ඇගට සනීප නිසා..

කෙල්ල ඉන්නේ වැටෙන නොවැටෙන සීමාවේ..එහෙම ඉදගෙන කෙල්ල ඔලුව දාලා බලද්දි කෙල්ල් දැක්කේ අමීන් ශාමින්දි එක්ක ඇතුලට එනවා..

නොකීවාට කෙල්ලට ශාමින්දී දකිද්දි අමුත්තක් දැනෙනවා..මොකක්දෝ කියාගන්න බැරි හැගීමක් ආදිගේ හිතම තලලා දානවා..

නොකියා උනත් කෙල්ල මේ වේදනා විදින්නේ අමීන් ගැන තියන ආදරයක් නිසා කියලා ආදිට තේරුම් ගන්න බෑ..කෙල්ල ඒ පස්සේ තේරුම් ගන්න යන්නෙත් නෑ..

එහෙම්මම මූන අකුලාගෙන කෙල්ල ජනේලේ ඇරලා දාලා ඇදට පෙරලුනේ තවත් බියර් එකක් කඩලා බොන ගමන්..

කෙල්ල බියර් කෑන් දෙකක් විතර හිස් කරලා නැගිට්ටත් මුලු අහසම කැරකෙනවා වගේ..උදේ ඉදන් කිසිම දෙයක් කාලත් නෑ..

කෙල්ලගේ බඩම දගලාගෙන එද්දි ආදි වොශ් රූම් එකට දුවගෙන යනවා..බඩත් කලතාගෙන කෙල්ලට වොමිට් වෙද්දි කෙල්ල සින්ක් එක අල්ලා ගන්නේ තද කරලා..

දෙතුන් පාරක් වමනේ යද්දි ආදිගේ ඇගම පන නෑ වගේ..ආදි ආයම එන්න ගියත් කෙල්ලගේ නහයෙන් කටෙන් ලේ දාගෙන වමනේ යන්න ගත්තාම කෙල්ල එතනම වාරු වෙන්න හැදුවත් කෙල්ලට පන නෑ..

ආයම කැස්ස එක්ක වමනේ යන්න ගත්තාම කෙල්ල හදන්නේ නැගිටලා වොශ් රූම් එකෙන් එලියට එන්න..ඒත් එතනින් එහාට ආදිට යන්න බැරි වෙද්දි කෙල්ල ඇදගෙන වැටෙන්නේ..

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

කතාව ගැන අදහස් කියන්න..මන් හරි ආසාවෙන් දිගම දිග කමෙන්ට් කියවන්නේ 😊😊

Like Comments. වලට තෑන්ස්..😊😊

Leave a Reply

Your email address will not be published. Required fields are marked *