21
දිවිය තිබෙන තුරු මගේ
ඔබයි ආදරේ
****21 වන දිගහැරුම****
දැහැම් එක් වරම ශශීල්ගේ අත දමා ගසා ඉක්මණින් ගොස් ත්‍රී රෝද රථයකට නැගී නිවස බලා යන්නට වුනා…
ඇයට දැන් ශශීල් පිළිබද අනුකම්පාවක් හෝ නොමැත…ඔහු එදා තව පොඩ්ඩෙන් තමාගේ මුළු ජීවිතේම විනාශ කර දමන්න සැරසුනු පුද්ගලයා බව දැහැම්ගේ මතකයෙන් ඉවත් කිරීමට නොහැකි විය….
දැහැම් නිවසට යන විට අනූපමා සුවය ලබා සිටියා…මද වේලාවක් ඇය සමගින්ද ආගිය තොරතුරු පවසා දැහැම් ශශීල් තමා හමුවීමට ආ පුවත ඇය හට පවසා සිටියේ ම්න් පෙර ඇය අනූපමාට බොහෝ දෑ සැග වූ නිසා තමා අමාරුවේ වැටෙන්නට ගිය හැටි සිහිවීමෙනි…දැහැම්ට දැන් ශශීල් හෝ තවත් අයෙකු අවශ්‍ය නැත…ඇයට පණමෙන් ආදරය කරන කෙනෙක් ලැබී ඇත…දැහැම් ඔහු නිසා බොහෝ සතුටිනි…..
මම භානුක ආවම කියනවා මම අනූ…එයාට නොකියා හිටියොත් හොද නෑ…අනිත් එක දිගින් දිගටම ශශීල් මෙහෙම එන්න ගත්තොත් මට බයයි අනූ….
උඹ බය නැතුව හිටපන්කෝ දැහැම් ..භානූ අයියා ඉන්නවනේ…උඹ අයියා ආවම කෝකටත් විස්තරේ කියපන්…
අවසානයේ අනූපමාද දැහැමිට පැවසුවා….
**********************************
දැහැම් දොරකඩට වී දෑස් දල්වා බලා සිටින්නට වූයේ භානුක එනතෙක්ය…ඔහුගේ දුරකථනය ද විසන්ධි කොට තිබූ නිසා දැහැමිට ඔහු සමගින් කතා කරන්නට අවස්ථාවක් නොලැබුනා….භානුක නිවසට ඒමට බොහෝ ප්‍රමාද වන්නේ කුමක් නිසාදැයි කියා දැහැම් නොයිවසිල්ලෙන් පසුවන්නට වුනා…
භානුකගේ රථය ගේට්ටුවෙන් ඇතුල් වෙද්දීම දැහැමිගේ මුහුණ පුරාවට ලස්සන හිනාවක් ඇදිලා ගියා…එහෙත් කාරයේ දොර හැර ගත් භානුක නිහඩවම එයින් බැස දැහැම්ව ගණනකට නොගෙන පසුකරගෙන ගියා….
සිදුවූ දේ අදහා ගත නොහැකි වුවත් දැහැම් වෙනසක් නොපෙන්වා භානුකගේ පසු පසින්ම නිවස තුලට ගියා….
භානුක…..ඇයි අද මහන්සිද….
එවර දැහැම් භානුකට සමීප වී විමසුවා….
හ්ම්ම්…..මම යනවා උඩට…
භානුක කෙටි පිළිතුරක් දී දැහැම්ව මග හැර උඩුමහලට ගියා….
භානුක පිටු පා යන දෙස බලා සිටි දැහැම් හැඩුම් වාවා ගන්නට උත්සාහ කලා….
ඇයි භානුක ඔයා මට මෙහෙම කරන්නේ….මේ ඔයාමද…..හිටපු ගමන් ඇයි ඔයා වෙනස් වෙලා…උදේ ඔයා කොච්චර ආදරෙන්ද හිටියේ… මට ඔහොම කරන්න එපා දෙයියනේ …අනේ මට පිස්සු හැදෙයි….ඔයා දන්නවා භානුක හොදටම….
දැහැම් දිගු සුසුමක් පිට කර කාමරයට ගියා….
මොකෝ මේ….මූණ කොරහක් කරගෙන….භානූ අයියා ආවා නේද….මට සද්දෙ ඇහුනා.. .
අනූපමා විමසුවා
ආවා අනූ…අනේ බං භානුක මට වැඩිය කතා කරෙත් නෑ…කෙලින්ම උඩට ගියා….මට දුක හිතුනා අනූ….ඇයි එහෙම කලේ එයා….
ඒ මනුස්සයා හොස්පිටල් එකේ ඉදලා මහන්සි ඇති බං…අපි වගේ නෙවෙයිනේ…ගණන් ගන්න එපා බං…අනිත් එක භානු අයියා උඹව මගාරීද තියෙන ආදරේ හැටියට…උඹට ඉතිං පොඩ්ඩක් ඇත්නම් ඇතිනේ…
දැහැම් අනූපමා කිවූ දෙයින් සිත සනසා ගන්නට උත්සාහ කලා….
භානුක රාත්‍රී කෑමද ප්‍රතික්ෂේප කොට නින්දට ගොස් තිබූ බව දැහැම් දැන ගත්තේ රම්‍යා මහත්මියගෙනි….
අනූපමා කෙසේ පැවසුවත් භානුකගේ වෙනස දැහැම්‍ට හොදින්ම දැනෙන්නට විය….
දැහැම් නින්දට ගියද ඇයට සිහි වූයේ භානුකගේ වෙනස් වීමයි….වෙනදා ඔහු කුමන වැඩ රාජකාරී තිබුනත් දැහැම්ව ඔහුගේ තුරුලට ගන්නේ අන් සියළු දේ මොහොතකට ඉවතට දමමින්…නිවසට ආවිටත් ඔහු බොහෝ වේලාවට දැහැම් සමගින් එලිමහනේ බොහෝ වේලාවක් කතා බහ කරන්නට පුරුද්දක් කරගෙන තිබුනා…ඇය සමග ගත කරන කාලයේදී ඔහුගේ විඩාව නිවෙන බව ඔහු නිතර පවසන දෙයක් ව්ය…එහෙත් භානුකගේ මේ හැසිරීම දැහැම්ට පුදුම සහගත විය….
***********************************
භානුක දැහැම් මග හැර උදෑසනම රෝහලට යාමට පිටත් වුනා….දැහැම් ඇමතුම් සියල්ල ඔහු උවමනාවෙන්ම මගහැර සිටියා….
අනූපමාගේ පෙරැත්තය නිසා රැකියාවට යාමට සිත සාදා ගත්තද දැහැම් පසුවූයේ බොහෝ වේදනාවෙනි….
අනූපමා වෙන්ත් මිතුරියක සමගින් සේවා ස්ථානයෙන් සවස තුනට පමණ පිටව ගියේ ඇයට මිතුරියට අවශ්‍ය ඇදුම් වගයක් මිලදී ගැනීමට සිතායි…දැහැම්ට අඩගැසුවද ඇය සිටි තත්වය නිසා දැහැම් ගමන ප්‍රතික්ෂේප කලාය….අනූපමා බස් නැවතුම්පොළ අසලට වෙලාවට එන පොරොන්දුවෙන් දැහැමිව තනිකොට ගියා….
***********************************
එදිනද ශශීල් බස් නැවතුම්පොළ වෙත පැමිණ සිටියේ දැහැම්ව මුණ ගැසීමට සිතායි….ශශීල්ගේ පැමිණීම අපේක්ෂා නොකල දැහැම් අනූපමා එන තෙක් බස් නැවතුම්පොළේ රැදී සිටීමට සිතා එදෙසට ඇවිද එන්නට වූවා….
ඇය ඉදිරියේ ශශීල් සිටිනවා දැකි දැහැමිට කෝපයක් නැගුනා….
ශශීල්….මොකක්ද මේ කරන විකාරේ ආ….මට මගේ පාඩුවේ ඉන්න දෙන්න….ඇයි මේ අදත් ආවේ….කරුනාකරලා යන්න මෙතනින් ශශීල්…..මට ඔයාට ආදරේ කරන්න බෑ… මට කෙනෙක් ඉන්නවා….
දැහැම් ශශීල් දෙස බලා කියා සිටියා….
මට ඔයාව අමතක කරන්න බෑ දැහැම්….ඔයා ඔය කියන්නේ බොරු…ඔයත් මට ආදරෙයි….ප්ලීස් කෙල්ලේ මට එක අවස්ථාවක් දෙන්න…අපි ඉක්මනින් මැරි කරමු….
ශශීල් දැහැම්ගේ මග අහුරා ඇයට බැගෑපත් වන්නට විය…..
දෛවය මේ තරම් දැහැම්ගේ ජීවිතේට බලපෑම් කරනවද……ඇයවත් නොසිතූ ලෙසින් ඔවුන් අසළ නතර කලේ භානුකගේ කාරයයි….
භානුකගේ දෑසේ පරාජිත බැල්මක් විය…ඒ දෑස් මැලවී ගොස් තිබුනා….
දැහැම් විමතියෙන් ශශීල් දෙසත් භානුක දෙසත් මාරුවෙන් මාරුවට බලා ශශීල්ව ඉවතට තල්ලු කර දමා භානුකගේ කාරය අසලට දිව යන්නට වුනා…එහෙත් දැහැම් ප්‍රමාද වැඩිය…
භානුක කාරය නොනවත්වාම දැහැම්ව මග දමා වේගයෙන් යන්නට ගියා….
##නැවත හමුවෙනතුරාවට##
මොකද කියන්නේ ළමායි…..දැහැමි ශ්ශීල්ට දෙමුද…..
ආදරෙයි හැමෝටම