21

##නිම්හිම් සේයා ##
21
මේදවස් වල නම් මගෙ මොලේ තියෙන්නෙ ඇලේ වගේ..මෙලෝ දෙයක් මතක හිටින්නෙ නැ න්නේ..හිත පුරාවටම දෙනෙත් අයිය..කන්න ගියත් ,නිදාගන්න ගියත්,නාන්න ගියත්,අරවා මේවා මොනා කරන්න ගියත් මතකෙට එන්නෙ එයාවමයි..අහන අහන හැම සින්දුවක්ම එයා මට කියනවා වගෙයි දැනෙන්නේ …ම්ම්ම්ම්ම්
චූටී මැනික ..
අහ් අම්මි..මන් දැන් මොනාද කර කර උන්නෙ ඒකත් මතක නෑ..
දූ ලබන සතියෙ ඉරිදා නිවාඩු තියාගන්න කිසි දෙයක් දාගන්න එපා..
අර මොකෝ..
මොකෝ කියන්නෙ පොඩි වැඩකට..හැමදාම ඔහොම ඉදලා හරියන්නෑනී..
එහෙනම් කොහොමද ඉන්න ඕනී..
අපි කියන විදියට ..
ඉතින් මන් ඔයාලා කියන විදියට නෙමිද මේ ඉන්නෙ..
ඉන්නවා ඉන්නවා..තවත් කොල්ලෙක් ගෙදර ඉන්නවා වගෙ ඉන්නවා..ගෙදර එන වෙලාවක් නෑ..බය්ක් එක අරන් අරහෙ මෙහෙඇවිදිනවා..කරන දෙයක් මතක නෑ..
ඉතින් මන් තාම ඔයාගේ චූචී කෙල්ලනේ..
හොද චූටී..
හා නැද්ද ..ඕන්නම් සුදු බෝලයෝ දෙන්නට වඩා අගල් පහක් උස ඇති..මේ තාම කිරි සූද කටේ මේ…
කියන්න නම් දේවල් තියෙනවා මගෙ දූ පැටික්කිට..මේ අහන්න තාත්ති මමයි තව කොච්චර කල් ඉදීවිද කියන්න බ්බෑ..අනික ඔයාටත් දැන් විසිහතරක්..අපිත් ආසයි ඔයාගෙ
අම්මා බය වෙන්න එපා ඔයාගේ චූටි මැනිකෙ ලගදිම ඒ හපන් කමත් කරයි.
අම්මගෙයි මගෙයි මැද්දට ඇවිත් අයියා කියපු හරුපේ මොකක්ද

මොකක්ද අයියා මේ කියන්නෙ ..අයියා කියන්නෙ මොකක්ද කියලා හිතාගන්න බැරිව මමයි අම්මයි දෙන්නම මූනීන් මූන බැලුවා..

මෙයා ඉන්නෙ උපාසක බැලලි වගෙ ඒ උනාට බලන්න ඕන්නී වැඩ..

ඇයි මන් මොනාද කරෙ..පූසෙක් වගෙ මාලූ හොරෙන් කෑවද..

අනේ චූටි මේ මගෙන් මුකුත් නාහ ඉන්නවා..අම්මා මට තාත්තටයි ඔයාටයි දෙන්නටම කතා කරන්න ඕනී..එයාටත් එන්න කියන්න ඔයාලගෙ සුරතලීගේ හපන්කම් කියන්න ..

මන් දැනුවත්ව වරදක් කරලා නෑ..ඒත් ඇයි මෙ..අයියා මේ තරම් සැරින් මට කවදාවත්ම කතා කරලා නෑ..අයියගෙ සද්දෙට තාත්තායි ,කේතුයි දෙන්නම ආවා..

මොකෝ පුතා මේ..ඇයි චූටී මැනිකට කෑ ගහන්නෙ..

කෑ නොගහා බෑ තාත්ති ..චූටී මැනිකෙ ලොකු වෙලා..අපි දන්නෙම නැතුව..අපි හිතන් ඉන්නෙ මෙයා තාම අර උන්නු පුන්චි හුරතල් දගකාරි කියලා..ඒත් මෙයා ලොකු වෙලා අපි කාටත් හොරෙන්

කියන දෙයක් තේරෙන සින්හලෙන් කියන්න පුතා..අපි දෙන්නම ලෙඩ්ඩු..බය කරවන්න එපා..

තාත්ති මේන් මෙයා කොල්ලෙක් එක්ක රවුම් ගහනවා..බයිසිකලේ ,ඌ පිටිපස්සෙ මෙයා ඉස්සරහා , ඒ මදිවට දෙනෝ දාහක් ඉන්න තැන මෙයා ඌව කිස් කරා..මට පොලෝ පලන් යන්න හිතුනා..මගෙ යාලූවෝ රස කර කර බලද්දි මමත් ඔෆිස් එකෙ වින්ඩෝ එකෙන් බැලුවෙ..

අහ්..ඊයේ මන් දෙනෙත් අයියට දුන්නු කිස් එක..ඒ වෙලේ ..ශිට් මට අමතක උනා අපි උන්නෙ අයියගෙ ඔෆිස් එක ඉස්සරහා කියලා ..හැමෝම ඉස්සරහා මන් දැන් වරදකාරියක් වෙලා..ම්මන් බෙඩ්ශීට් එකේ කොනක් පහුරු ගගා බිම බලන් උන්නා..

චූටි දූ මේ ඇත්තද..

තාත්ති මේ එයා තාත්ති ..

ඒ කියන්නෙ ඒක ඇත්තක්..

හ්ම්ම්..

අනේ හොදයි නේ පුතේ..එයාම කෙනෙක් හොයන්..කවුද පුතෙ කොහේ මොනා කරන ලමෙක්ද..

දැන් දෙනෙත් අයියා ගැන කියනවද ..දෙනෙත් අයියට විරුද්ධ වෙන්න තරම් කිසිම හේතූවක් නෑ..ඒත් එයා කීවෙ හැම දෙයක්ම විසදගන්නකම් කියන්න එපා කියලනේ..මොකො මන් දැන් කරන්නෙ …

මොකෝ කටේ පිට්ටුද..මන් කියන්නම් තාත්ති ..සල්ලිකාරයෙක් අපිට අල්ලන්න තියා හිතාගන්න බැරි,ලන්කාවෙම බෙස්ට් යන්ග් බිස්නස්මන්..මේ චූටී රැව්ටිලා උගෙ සල්ලි වලට..

එයා වන්චාකාරයෙක් නෙමී ..

වන්චාකාරයෙක් නෙමී මිනීමරුවෙක්..

මොකක්..

අම්මගෙයි තාත්තගෙයි ඇස් උඩ ගියා..අම්මා කොච්චර ශොක් උනාද කියනවනම් පපුවට අතකුත් තියාගත්ටා..

ම්මොනාද පුතා කියන්නෙ

ඔව් අම්මි මිනිමරුවෙක්..නිකන් මිනිමරුවෙක් නෙමි තමන්ගෙ තාත්තව මරපු එකෙක් දේපල තන්හාවට..මෙයා රතුවට ඉනවනී.දැකලා ආස හිතෙන්න ඇති..දේපළ වලට තමන්ගෙ තාත්ත මරන්න පුලුවන් එකාට මෙයාට මොනාද කරන්න බැරි..කාලා කාලා හප කරලා විසික් කරාවි..නැත්තම් මෙයත් එක්ක යාලූවෙයිද..

එයා නෙමී අයියෙ තාත්ත මැරුවෙ එයා නෙමී

අහ් මෙයා ඔක්කොම දන්නවා එහෙනම් ..එහෙම වෙලත් ඌගේ සල්ලි වලට රැවටුනානී..

අයියා

මොකො සැර..තාත්ති මන් කැමති නෑ ඔන්න දැන්ම කීවා..

ඇත්තද දූ අයියා කියන්නෙ ..

නා තාත්ති එයා තාත්ත මැරුවෙ නා..අනික එයා මහන්සියෙන් උපයාගත්තු සල්ලි මිසක් එයාගෙ තාත්තගෙ සල්ලි නෙමි, එයා හරි හොදයි තාත්ති ..මිනිමරුවෙක් නෙමී එයා වන්චාකාරයෙකුත් නෙමී..මන් මන් එයාට ආදරෙයි ..එයාගේ සල්ලි වලට නෙමී..

චූටී දූ පොඩ්ඩක් කට වහන්න..කවුද පුතා ඒ ලමයාගෙ නම..

දෙනෙත් ජයසුන්දර ..අර මීට අවුරුදු හතරකට කලින් සරත් ජයසුන්දර කියන කෝටීපති ව්‍යාපාරිකයා මැරුවෙ..පොලිසියෙන් හ්හෙව්වෙ අන්න ඌ..රට ගිහින් ඉදලා මේ ලගදි ඇවිත් තියෙන්නෙ ..අර හැම තිස්සෙම ටීවී එකේ යන මෙයාගේ ඇඩ් ඔක්කොම උගෙ කම්පැනි එකේ ඒවා…මෙයාව රවට්ටන් ..සල්ලි බලෙන්..මේ ලගදි උපන්දින දවසෙ මෙයා අතුරුදහන් වෙලා ඉදලා තියෙන්නෙත් ඌ ගාව..දැන්ම මේක නැවත්තුවෙ නැත්තම් බඩකුත් එක්ක මෙයා අපිට දෙයි..මොකෝ ඔය වගේ එකෙක් එක්ක අපි නඩු කියන්න කියලද..මරලා දාවි අපිවත් උගෙ තාත්ත වගේම …

එයා එහෙම නෑ..එයාට එහෙම ඕන්නම් එයා..

තව ටිකෙන් දෙනෙත් අයියා රූම් එකෙ හැන්ගිලා උන්නු ඒවත් කියවෙනවා ..දෙනෙත් අයියා එහෙම කෙනෙක්නම් ඒ දවස් හතේ මට එහෙම කරන්නෙ..

හ්ම්ම් මටත් මතකයි ඔය නම..චූටී දූ මේ අහන්න අපට එපා ඔය සල්ලිකාරයෝ..ඔයා පාරෙ ඉන්න හිගන්නෙක් එක්ක යාලූ වෙන්න අපි කැමති වෙන්නම්..අසම්ජ්ජාති වැඩ කරපු තමන්ගෙ තාත්තව මරා දාපූ මිනිමරුවෙක් නැතිව..නවත්තන්න චූටී දූ නවත්තනවා ..අපිට ඔයාව ඕනී..ඔයාව මේ ගෙදරින් එලියට දෙන්නෙ වැදගත් ගුනගරුක දරුවෙක්ට මිසක් තාත්ත මරපු මිනීමරුවෙක්ට නෙමී..ඒක මතක තියාගන්න

එක පාර හෙනගෙඩි හතක් අටක් ඔලුවට කඩන් වැටුනා වගේ..කේතු නැතිව අනිත් තුන්දෙනාම රකුසෝ වගේ මන් දිහා බලන් ඉන්නවා..අනේ ඉතින් දෙනෙත් අයියා මිනීමරුවෙක් නෙමී නේ..මන් ඒක දන්නවා එයා වන්චාකාරයෙකුත් නෙමී..මාව රැවට්ටුවෙත් නෑ..මාත් එක්ක දවස් හතක් එකම රූම් එකේ ඉදලත් මාව මලක් වගෙ රැක්ක කෙනා කොහොමද රැවටිලි කාරයෙක් වෙන්නෙ..

මන් හිතුවෙම නෑ..මෙච්චර උගත් අම්මා තාත්ත අයියා මේ විදියට පටු විදියට හිතයි කියලවත්..එයා එක්ක වචනයක් වත් කතාවත් නොකර කොහොමද කියන්නෙ එයා නරකයි කියලා ..

කඩා වැටෙන කදුලු වලට ඔහේ ගලාගෙන යන්න ඉඩ දීලා මන් හැමෝම දිහා ආයාචනාත්මකව බලන් උන්නා..කිසිම කෙනෙක් ලග මා වෙනුවෙන් අනුකම්පාවක් නෑ වගේ..අයියත් තාත්තත් දෙයක් කියන්නෙ ස්තීරවටම..

දෙනෙත් අයියා හැමදාමත් එපා කීවේ ඇයි කියන කාරනේ මට මේ දැන් වැටහුනා..මගේ අයියා දෙමව්පියෝ ගොඩක් අහින්සක ගුනගරුක අය බව එයා මට වැඩිය දැනන් උන්නා වගේ..

මට තහන්චි නොදාන බව නම් දන්නවා..ඒත් තවදුරටත් එයාලගෙ කැමත්ත නොලැබෙන බව නම් ඉස්තීරයි..මන් මේ දෙයින් කලබල වෙලා ඉක්මන් තීරන ගන්න එක තේරූමක් නෑ..ඔය කෑ ගෑවට පස්සෙ කැමති වෙන්නත් බැරි නෑ..

ඔක්කොටම කලින් දෙනෙත් අයියවයි තාත්තිවයි මුනගස්වන්න ඕනී..අයියා නෙමීනේ මගෙ තාත්ති ..අනික එයාට විතරද එයා කැමති කෙනා එක්ක ජීවත් වෙන්න පුලුවන් ..මන් කවදාහරි බදින්නෙ දෙනෙත් අයියා විතරමයි..

මේ සේයා දෙනෙත් ගේ විතරමයි ..

(මතුසම්බන්ධයි ) 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *