22. වන කොටස.
මියෙදෙන තුරා…
* ඒපා … ලී…ලම්මේ. මට යන්න බෑ..*
දැන් රෝහල වෙත රැගෙන ගියහොත් මගේ රෝගී තත්තවය සියල්ලන්ම දැන ගනීවී යැයි මකත් වී ම නිසා මම කියා සිටියා.
*ඒහෙම කියලා කොහොමද ලෝකු බේබී.*
ලීලම්මා මගේ පපුව පිරිමදිමින් කිව්වා. අැය සිටියේ බොහොම කළබල වෙලා. අම්මා කාමරය පැත්තටවත් අැවිත් නැති බව මට වටපිටාව බලද්දි පැහැදිළි වුනා.
*ලීලම්මේ මම ඩොක්ටර් කෙනෙකුට කොල් කරන්නම්. ගෙදරට ගෙන්න ගමු . ලොකු අක්කිගේ මුණත් ඉදිමිලානේ. ස්පිරිතාලේ ඒක්ක ගියොත් හැමදේ ගැනම ප්රශ්ණ කරයි.*
ඒහෙම කියපු පුංචී නංගි කාමරෙන්පිට වෙලා ගියා. ශාලින්ද මල්ලි අැද ළගට වෙලා හිටගෙන බලාගෙන හිටියා. ලීලම්මා මගේ මූණ අතගාමින් තව තවත් අැඩුවා. වෙලාව ගත වෙනවත් සමග පපුවේ වේදනාව ටිකෙන් ටින අඩු වෙලා යන බව මට දැනුනා. කියපු විදියටම වෙෙද්යවරයා නිවසට පැමිණියා. ඔහු ඒන විට කිසිදු අපහසුතාවයක් තිබුනේ නෑ. සියලු වේදනා තුරන් වී තිබුනා. මාව පරික්ෂා කර බලපු වෙෙද්යවරයා පුංචී නංගිලාගේ පැත්තට හැරුනා.
*මට කියන්න බලන්න මේ දරුවට සිහි නැති වෙන්න කලින් මෙහේ සිද්ද වුන දේ. මොකක් හරි වෙලා තියෙනවා. මුණත් ඉදිමිලා.*
ඔහු පවුලට සමීපතම වෙෙද්යවරයෙක් නිසා පවුලේ හුගත් දේ ගැන දැන වුන්නා. ඒක නිසාම පුංචී නංගී අැත්තම විස්තරය කියාගෙන ගියා.ඔහු කතාව සාවදානව අහන් හිටියා. අවසානේ ඔහුගේ නෙතට නැගුනේ සිනහවත් සමග මගේ පැත්තට හැරුනා. මම බයේ තැති අරන් හිටියේ මගේ රෝගී තත්වය පිළිබද මොනවා හෝ ඒළිවෙයිද කියලා.
*මේ දරුවා මොකද දැන් විවාහයට අකමැති. මල්ලී හැසිරුනු විදියත් මම අනුමත කරන්නේ නෑ. ඒත් තරුණ ගෑනු ළමෙක්නේ .අම්මලා අප්පච්චීතා කියන දේවලුත් පොඩ්ඩක් හිතන්න. දැන් අමාරුවක් නෑ නේද?*
*නෑ ඩොක්ටර්.*
*බය වෙන්න දෙයක් නෑ. කළබලයට බය වුන නිසා ක්ලාන්ත ගතියක් ඒන්න අැත්තේ. හැබැයි අායෙත් ක්ලාන්ත ගතියක් අැති වුනොත් හොස්පිටල් ඒකට ඒන්න. පපුව රිදෙන්නත් අැත්තේ මානසික අාතතිය නිසා වෙන්න ඔනේ.*
උපදෙස් රැසක් දුන්න වෙෙද්යවරයා පිට වෙලා ගියා. අනිත් හැමෝමත් කාමරෙන් පිට වෙලා ගියා. වෙෙද්යවරයා ලබා දුන් බෙහෙත් වලටද කොහෙද මට හොදටම නින්ද ගියා.
*ලොකු බේබී .. ලොකු බේබී..හ්හ්*
සිගිතිගේ කට හඩින් අවදි වුන මම අැද මත වාඩී වුනා. නින්දත් සමග සියලු අමාරුකම් තුරන් වී තිබුනා.
*අැයි සිගිතියෝ ඒන්න අැතුළට.*
*ලොකු බේබී අර බබාලා දෙන්නා අැවිල්ලා. ලොකු මහත්තයා කිව්වා පහළට ඒන්න කියන්න කියලා.හ්හ්*
*සුමේධ අයියත් ඉන්නවද? නැත්තම් ඩ්රයිව ඒක්කද අැවිත් තියෙන්නේ.*
*සුමේධ මහත්තයත් ඉන්නවා ලොක් බේබී. හ්හ්*.
*මට බෑ සිගිතියෝ අායි ගුයි කන්න. මට අමාරුයි හොදටම නිදි කියන්න.*
*අනේ අැයි ලොකු බේබී සුමේධ මහත්තයට අකමැති.හ්හ්. ඒ මහත්තයා හොදයි කියලා ලොකු බේබිමනේ කිව්වේ.හ්හ්*
*හොදයි තමයි . ඒත් මගේ හිතේ ඒයා ගැන කිසි හැගීමක් නෑ. දරැවෝ දෙන්නා වෙනුවෙන් හරි මම මේකට කැමති වෙන්න තිබුනා. ඒත්*
*ඒත් කිව්වේ ලොකු බේබී.හ්හ්*
* නෑ. නෑ මොකුත් නෑ.*
*ලොකු බේබී මොනවා හරි හන්ගනවද? හ්හ්*
*මොනවා හන්ගන්නද ඔයාලා තමා මාව රවට්ටන්නේ. මගෙන් ලොකු දෙයක් හංගන් ඉන්නේ ඔයාලා.*
මට අසනීපය ගැන කියවෙන්නයි ගියේ .ලීලම්මත් කාමරයට අැතුල් වෙනවා දැක්කම මම පියවි සිහියට අාවා.
*ලොකු බේබී අාන් ලොකු මහත්තයා කතා කරනවා*
*මට ඒන්න බෑ ලීලම්මේ මම තාම නිදි කියන්න.*
මම පොරවනය සකසා ගනිමින් අැදේ හාන්සි වුනා.
*මොකද ලොකු බේබී වෙලා තියෙන්නේ. අැයි ඔහොම හැසිරෙන්නේ.*
*මටත් අහන්න තියෙන්නේ ඒ ටිකම තමා ලීලම්මේ. ඔයා වෙනදට හැමදාම මගේ පැත්තේ. දැන් අැයී ලීලම්මක් අම්මලාගේ පැත්තේ.*
*ඒහෙම ඒකක් නෑ ලොකු බේබී. සූමේධ මහත්තයා හරිම හොදයිනේ. ඒ දරුවෝ දෙන්නටත් ලොකු බේබීව නැතුවම බෑ.*
*ඒත් කට්ටියගේ යටි අරමුණ සුමේධ අයියාගේ සල්ලී. *
*දරුවෝ දෙන්න වෙනුවෙන් වත් මේකට කැමති වෙන්න ලොකු බේබී. අායි මේ වගේ හොද මහත්තයෙක් ඔයාට හම්බෙන ඒකක් නෑ.*
ලීලම්මත් මමයි සුමේධ අයියාගෙයි විවාහා වෙනවට ගොඩක් කැමති බව මට වැටහුණා. සුමේධ අයියා ගැන අදහසක් නැතත් දරුවෝ දෙන්නා වෙනුවෙන් හරි මට කැමති වෙන්න තිබුනා. ඒත් කොහොම කැමති වෙන්නද? මම මැරෙන්න ඉන්න කෙනෙක් . ටම බෑ ර දරුවන්ට අායි දුකක් දෙන්න. කොහොමටත් මම මේ විවාහයට කැමති වෙන්නේ නෑ කියලා මම හිත තද කර ගත්තා.
*නැන්දී අම්මී.*
*අනේ චූටී දූ.*
*නැන්දී අම්මිට උෟවා වෙලාද? *
*ඔව් චූටී දූ නැන්දි අම්මි අසනීප වෙලා.*
කාමරයට අැවිත් මගේ ළගින් වාඩී වුන, දරුවෝ දෙන්නම තුරුළු කරගෙන සිඹිමින් මම කිව්වා. අනේ මේ දරුවෝ දෙන්නා මගෙම කරන් මෙයාලගේ ළගටම වෙලා ඉන්න තියෙනම්. මම හිත යටින් හඩා වැටුණා.
*අම්මී නැන්දී. ඔයා කවදාවත් අපේ ගෙදර ඒන්නේ නෑද?*
*අැයි මගේ චූටී දූ ඒහෙම අහන්නේ.*
*නංගී තාත්තා කිව්වා නේ නැන්දී ඒක්ක කියන්න ඒපා කියලා.*
*මොකද්ද ලොකු දූ කියන්න ඒපා කිව්වේ.*
*මොකුත් නෑ නැන්දී.*
දරුවෝ දෙන්නා මට මොකක් හරි හංගන බව මට දැනුනා. ලොකු දූගේ මූනේ තිබුනේ බිය වුණ ස්වරූපයක්.
*හැබැයි ඔන්න අම්මී නැන්දී කවදාවත්ම ඒන්නේ නෑ ඔයාලා බලන්න. දැන් මට අැත්තම නොකිව්වොත්.*
*ඒත් අපි තාත්තිට පොරොන්දූ වුනානේ නැන්දී.*
*මම තාත්තිට නොකියා ඉන්නම්කෝ දූලා මට කිව් බව.*
මම ලොකු දූව මගේ ළගට ළං කර ගනිමින් කිව්වා.
*තාත්තී කූවා. අම්මි නැන්දි අපේ ළගට ඒන්න කැමතී නෑ කීලා.*
*දූට කව්වද කීවේ මම දූලගේ ගෙදර නවතින්න ඒනවා කියලා.*
*ශාලින්ද මාමී*
*කවදද කිව්වේ.*
මම පුදුමයෙන්යුතුව ප්රශ්න කලේ. මේ මිනිස්සුන්ගේ මොළේ හොද නෑ. පොඩි දරුවෝ දෙන්නාගේ හිත් වලටත් මේවා දාලා කියලා.
*ගොඩාලියක් කල්.*
*ගොඩක් කල්*
* ඔව් . ඒත් අම්මි නැන්දී අාවේ නානේ තාම.*
*අැත්තද ලොකු දූ නංගී කියන කතාව. කවදද ශාලින්ද මාමා ඒ වගේ කතාවක් කිව්වේ.*
මම ලොකු දූගෙන් විමසුවේ මගේ හිතට සැකයක් අාපූ නිසයි.
*අපි නැන්දිව දකින්නත් කලින්.*
* ඔයාලා මාව දක්න්නත් කලින් . මම ඔයාලගේ ගෙදර ඒනවා කිව්වා.*
*ඔව් ඒදා පංසලේදී නංගී තාත්තියි හම්බුන දවසට කලින් දවසේ අැවිත් ශාලින්ද මාමී අපිට පංසල් ඒන්න කිව්වා. ඔයාලට ගේන අලුත් අම්මා බලන්න ඔනේ නම්.*
*මොනවා. මේ මොකද්ද මේ කතාව.*
*නැන්දි කැමතී නැද්ද අපේ අම්මා වෙන්න.*
ලොකු දූ මගේ අැස් දෙක දිහාම බලාගෙන ඒහෙම අහද්දී මගේ පපුව පිච්චිලා ගියා. මම අකමැති නෑ දූලගේ අම්මා වෙන්න. ඒත් මම දන්නවා මම මැරෙන්න ඉන්නේ. මම කොහොද තවත් ඔයාලගේ ජීවිතේට ළං වෙන්නේ. මම නිදඩවම දරුවෝ දෙන්නා බදාගෙන අැඩුවා.
ඒ කියන්නේ මුල ඉදලම මේක ශාලින්ද මල්ලියේ පෑලෑන් ඒකක්.හොදයි කියලා හිතුවට වැඩක් නෑ සේරම ඒකයිනේ බලං ගියොම. මම සුසුම් හෙළුවේ මම පුංචී නංගිලාගේ රගපෑමට අහු වෙලා කියලා දැනුනම. මම හොදටම දන්නවා මට අැති අාදරේට නෙමෙයි සල්ලි වලට තියෙන පෙරේත කමට තමා මාව සුමේධ අයියාට කැමති කරන්න හදන්නේ කියලා. පුදුම මිනිස්සු මට දැනුනේ හරිම පිළිකුලක්.
*ලොකු අක්කේ*
පුංචී නංගිගේ කට හඩ අැහෙනවත් ඒක්ක මම අැදේ හරි බරි ගැසිලා වාඩී වුනා.
* ඒන්න පුංචී නංගී අැතුළට.*
මම හිතෙහී වු පිළිකුල මැඩ ගනිමින් හොදින් කතා කළේ දරුවෝ දෙන්නා ගැන හිතලා. මම දැන් අැත්ත දන්න බව දැන ගත්තොත් දරුවෝ දෙන්නා මට අැත්ත කිව් බව හැමෝම දැන ගනිවී. පුංචී නංගිත් ඒක්ක සුමේධ අයියයි ශාලින්ද මල්ලීත් අැතුළට අාවා. මම සුමේධ අයියාගේ මූණ දකින්නත් අකමැති වුනා. මට දැන් තේරෙනවා අදහසක් නෑ කියලා මූලිච්චාවට කිව්වට ඒයත් මේ වැඩේට උඩින්ම කැමතී කියලා.
ඊ ළග කොටසින් හමු වෙමු..