22 වන දිගහැරුම

කෙල්ලව ඇදෙන් හාන්සි කරපු සෝනු එහෙම්ම කෙල්ලගෙ අනෙක් පසින් අතකට හිස බරකරන් කෙල්ලගේ පැත්තට හැරුනා…
චිනූගෙ ඇස් දිහාම බලන් ඉන්න සෝනුගෙ ඇස්වල කාන්තියට කෙල්ලට ලැජ්ජා හිතුනා…මූණ රතුකරන් බිම බලාගත්තත් සෝනු නිකටින් අල්ලලා මදක් එසෙවුවා ඇගේ හිස….

“ඒයි බටු ඇටේ …..බලනවා මම දිහා….මන් මේ ලගදිනේ දන්නේ මේ විස බෝම්බෙට රතුවෙන්න පුළුවන් කියලා….ඒත් එහෙමත් ලස්සනයි ඔයා….”

සෝනු කීවේ චිනූගේ දෑසම තම දෑසින් අල්ලාගනිමින්….

“අනේ යනවා මෝඩ දිගංචියා…..මාව රව්ට්ටලා මෙතන….හ්ම්…”

කෙල්ල කීවේ මූන ටිකක් ඔරවගෙන කොල්ලගේ පපුවට පහරක් ගසමින්….සොනු ඒ රතු වෙච්ච මූණ දිහා බලන් හිටියේ ආදරෙන්….ගොඩාක් ආදරෙන්..

“පිස්සු හටන…නැත්තම් ඔයා මට ආදරේ කියන්නේ නෑනේ….ඒකනේ එහෙම කළේ….”

“මෝඩයා ආදරේනම් ඔයා කියන්න එපැයි….දිගංචියා….ගොන් හරකා….”

“යකො මේකිට සූ එකත් මදිනේ මට කතාකරන්න….කොයිවෙලේත් සතෙක්ගෙ නමක් කියාගත්ත ගමන් ඉන්නේ….අනික මම නොදන්නවයෑ උඹගෙ තරම….බැරිවෙලාවත් මම ආදරේ කීවනම් උබ ගනන් උස්සයි….ඒ වගේද මේක ආ….කොහෙමද මගෙ ටිකිරි මොලේ…..”

සෝනු හිනාවෙමින් කියද්දි කේල්ල කළේ ඔහුගේ පපුවට පහර දුන්නු එක….

“මළ යක්ශනියේ …ඇති බන් ඔය ගැහුවා…..”

ඈ නවත්තන පාටක් නැති නිසාම කොල්ල කළේ එක්වරම කෙල්ලගෙ ඇගට තමාගේ බර දීල ඒ දෙතොල් තදින් සිපගත්ත එකයි…..කේල්ල බේරෙන්න දැගැලුවත් එකෙන් උනේ ඇය ඇදන් උන්න ටවල් එක ලිහිල් වෙන එක විතරයි….ඒ නිසාම කෙල්ල නිහඩ උනා….

කොල්ලා ටික වෙලාවක් සිපගෙනම කෙල්ලව අතෑරියේ හිනා වෙවී….මේ දගකාරකම් වලට කෙල්ලගේ සිත ලෝබ උනා…ඒ නිසාම ආදරෙන් සෝනු දිහා බලන් හිටියා….

“මගෙ බටු ඇටේ …..ඔහොම බලන්න ඒප.මට හපලා හපලා හපලා දාන්න හිතෙනවා…කොමද බන් මාව මෙහම වෙනස් කළේ….ම්…..හිතාගන්න බෑ බටු ඇටේ මම ගාව මෙහෙම ඉන්නවා කියලා…..”

“අනේ දිගංචියෝ මමයි ඒම අහන්න ඕනා….මොකද්ද ඔයා මට මේ කළේ…..?”

“මේ….චිනූ….මාත් පිරිමියෙක් ඈ….එච්චර කන්ට්‍රෝල් නෑ හරිද?ඔහොම හිටියොත්නම් වෙන ඒවට මම වගකියන්නේ නෑ….”

සෝනු මනමාල හිනාවක් දාල දෑසින් චිනූගේ මුළු වතම පෙන්වමින් කීවා…..කෙල්ලට දැනුනේ අපමණ ලැජ්ජාවක් තමා උන් විදිය ගැන….දගලපු නිසාම සෝනුත් එක්ක ලැමෙන් බොහෝ ප්‍රමාණයක් නිරාවරණය වෙලා තිබුණා….ලැජ්ජාව නිසාම කෙල්ල ටවල් එක හදන් කොල්ලාගෙ පපුවේ මූණ හංගගත්තා….

“මගේ පිස්සූ කෝලම….අදට විතරයි….ඉක්මන්ට ඔය ලැජ්ජාව නැති කරලා මට පැට්ටෙක් ඕනා…හරිද?”

ඈව වැලදගෙනම කොල්ල කීවේ ඇගේ හිස් මුදුන සිප ගනිමින්….

“ම්..ම්ම්….යන්න. පැට්ටෝ ගිහින් ඇදුමක් දාන් එන්න….”

චිනූ සෝනුගෙන් මිදිලා ගිහින් රෑ ඇදුමකින් සැරසිලා ඇවිත් සෝනූගේ උනුහුමට ගුලිවෙලා කියව කියව ඉදලාම නිදාගත්තේ හා පැටියෙක් වගේ…..

පහුවෙනිදා සූදානම් උනු තිදෙනාම හෝටලයෙන් පිටත් උනේ දළදා මාලීගාවට යන්න හිතාගෙන…සෝනුට ඕන උනා කෙල්ලත් එක්ක මාලිගාවට යන්න….කොහොමත් නුවර ගිහින් මාලිගාවට නොයා යන්නේ නෑනේ කවුරුත්ම…

සෝනුටත් පුදුමයි තමන් ගැන….පෝයකටවත් පන්සලකට යන්නේ නැති තමන් ඇද මේ වගේ උනු එක ගැන….ඒත් නපුරෙක් වගේ ඉන්නවාට වඩා මෙහෙම් හොදයි කියලාත් හිතුනා ….

මලිගාවත් වැද පුදාගෙන පේරාදෙනිය ගාර්ඩ්න් එකටත් ගිහින් කට්ටියම පිටත් උනේ නැවත එන්න……

එනගමන් සෙව්මීව නාවින්නෙන් බස්සන්නත් ආවා සෙනේශුත් චෙනායාත් …

“එහෙනම් සර් මිස් මම යන්නම් මගෙ චැප්ටර් එක ඉවරයිනෙ…..සතුටින් ඉන්න හැමදාම”

යන්න ලෑස්තිවෙලා සෙව්මිනී වාහානේට එබිලා කීවේ සිනාවෙමින්……

“මේ මේ අක්කී….මෙයා සර් උනාට මම මිස් නෙවෙයි වෙනදාවගේම නංගි ඈ…..පරිස්සමින් යන්න අක්කි…බායි….”

“බායි…..සර් මම යනවා එහෙනම්….”

“ඕකේ සෙව්මිනි….තැන්ක්ස් අගේන් ආ…..”

“ඕ…ඉට්ස් ඕකේ සර්….බායි…..”

සෙව්මිනීගෙන් සමුගෙන සෙනේශුත් සෝනුත් දෙන්නා නිවසට ආවේ සතුටින්…..වාහානෙන් බහැපු ගමන් කෙල්ල දුවගෙන කාමරේට ගිහින් ඇදේ පෙරලිලා වුන දේවල් කල්පනා කළ එකයි කලේ…..

කෙල්ලට පුදුමයි….හිතාගන්න බෑ තමත් මේ දිගංචියා හිතට ආවේ කෝමද කියලා…..

“ඒයි බටු ඇටේ…..එනවා නාන්න යන්න……”

සෝනූ කාමරේට ඇවිත් කතාකලේ හිනාවෙවී….”

“ආ මේ ඕවට එන්න එපා හරිද???”

චිනූ කීවේ බොරුවට ඔරවන ගමන්….

“ආහා ඉදපන්කෝ තව දවසක් දෙකක් ඔහොම…..”

සෝනු එහෙම කියන ගමන් ගමන් මහන්සිය නිසාම හොදට නාගත්ත….

දෙන්නත් එක්කම නකියාගෙන රෑ කෑමත් අරන් නිදාගත්තේ වෙනදා වගේම පුංචි පුංචි රණ්ඩු ඒක්කමයි….ආදරේ කළා කියලා ඒවගේනම් ලොකූ අඩුවක් උනේ නෑ….

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

දින කීපයක් සාමාන්‍ය පරිදි ගෙවී ගියා……

“හෙලෝ…..ඔව් කියපන්…..හරි හරි උඹගේ වැඩේ වෙයි…..මහෙ වැඩෙත් වෙයි……නෑනෑ….මට ඒකිව එපා…..මට ඕන එදා සෙනේශයා මගෙ කනට ගහපු එකේ පලීය ගන්න විතරයි….”

ඒ රදීශ්….කවුරුන් හෝ සමග දුරකතන සංවාදයක්…..

“හරි මචං….ආරංචි විදියට උන් දැන් ක්ලෝස් වගේලු…..තව කල් ඇරියොත් චෙනායගෙන් උබට වැඩක් නැති වෙනවා….දැනටම එහෙමද දන්නේ නෑ….හරි ප්ලෑන් එකේ හැටියට වැඩේ වෙයි…..උබට කෙල්ල ලැබෙයි….මට සෙනේශයගේ වේදනාව හම්බවෙයි…..”

“හ්හා…..ඕකේ බායි…..”

රදීශ් දුරකතනය ක්‍රියා විරහිත කළෙ වියරුවෙන් සිනාසෙමින්….

“හහ් උඹ මට ගැහුවා නේද සෙනේශ් ඔය කෙල්ල නිසා….දැන් උබ රට වටේ යනවනේ ඒකි එක්ක….ඉදපන් උබේ සැනසීම මම ගන්නම් සදහටම….”

රදීශ් තමාටම කියාගත්තා….

පෙරදා සාදයේදි උනු සිදුවීමේ තරහා රදීශ් තාමත් සිත තුල තබන් උන්නේ එයට පොටක් පෑදෙන තුරු…..දැන් එයට වෙලාව බව ඔහු සිතුවා…..සෙනේශ්ට වේදනාව දැනෙන්න නම් ඈට ආදරය කල යුතුයිනේ…..දැන් එයට නියම වෙලාව කියලා රදීශ් තිරණය කළා….

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

“ළමායි මොකද හිතන්නේ……😂😂😂😂….ඔන්න හතුරෙක් ඇවිත්…..කාද මේ හතුරා…..හිතන්න බලන්න
…..අනික කවර් එක ටිකක් මාරු කලා….නංගියෙක් ලස්සන කවර් එකක් හදලා දුන්නා….රිද්මා නතාශි තැන්ක් යූ නංගා කවර් එකට ….ලස්සනයි…..😙😙😙😙😍😍” 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *