22
~~~~සමනළ වසන්තය ~~~~~
22 කොටස
ආදරේ කියන්නේ බලෙන් හිතක ඇති කරවන්නවත් හිතකින් මකලා දන්නවත් බැරි හැගීමක් …. මම එපා කියුවත් සදූ එයාගේ ආදරේ හොයාගෙන යන බව මම දන්නවා ….. අනුපට ආදරේ කරන්න එපා කියුවොත් සදූ හැම දෙයක්ම අවුල් කරගයි …. එයා හරිම බොලදයි නේ …ජීවිතේ දිහා උපේක්ෂාවෙන් බලන්න සදූට පුළුවන් කමකුත් නැහැ . . ඉතින් මම සදුට මොකුත්ම කියන්න ගියේ නැහැ ….
‘හිරූ …’
‘ම්ම්ම් ..’
‘මට පොරොන්දුවක් වෙනවාද …’
‘කියන්න ..’
‘කවදා හරි මේ ප්‍රශ්න විසදෙනකන් ….අම්මාට මේ ගැන කිසිම දෙයක් කියන්න එපා …මම වෙලාව ආවාම හැමදෙයක්ම අම්මාට තේරුම් කරන්නම් ..’
‘මම කාටවත් කියන්නේ නැහැ …හැබැයි මටත් ඔයාගෙන් පොරොන්දුවක් ඕනේ ..’
‘මොකක්ද …ඔයා කියන ඕන දෙයක් මම කරනවා ..’
‘ඔයා ආයේ කවදාවත් ක්ලාස් කට් කරලා එයාව හම්බවෙන්න බෑ … එයත් එක්ක එහෙ මෙහේ රවුන් ගහන්නත් බැහැ …හැබැයි වැරදිලාවත් ඔයාලා වැරදි විදිහට හැසිරුනොත් නම් මම අම්මාට මේ හැම දෙයක්ම කියනවා … ‘’
‘ප්‍රොමිස් හිරු සත්තයි …ආයේ කවදාවත් ක්ලාස් කට් කරන්නේ නැහැ ..’ සදූ මගේ ඔළුවේ අතක් තියාලා දිවුරුවා….
‘හිරූ මෙන්න කෝල් එකක් …’ අම්මා සාලේ ඉදලා එහෙම කියද්දී මම කතාව පැත්තක තියලා කාමරෙන් එළියට දිව්වා …කව්ද මේ වේලාවේ මට කතා කරන්න ඉන්නේ ….
‘කව්ද අම්මා ..’ මම ෆෝන් එකට දුවන ගමන් අම්මාගෙන් ඇහුවත් එයා උත්තර නොදීම හිනාවුනා …
‘ඔයාම බලන්නකෝ කව්ද කියලා ..’
අම්මා උත්තරයක් දෙන්නේ නැතිකොට මම ගිහින් රිසීවර් එක අරන් කනේ තියාගත්තා ..
‘හෙලෝ …’
‘හෙලෝ මාව අමතකයි නේද ඔයාලාට .’ එහා පැත්තේ ලයින් එකේ හිටියේ නිදුකයියා .. එදා එයා අපේ ගෙදරින් ගියාට පස්සේ කෝල් එකක්වත් දුන්නේ නැහැ කියන එක මට මතක්වුනේ ඒ වේලාවේ …
‘අමතක නැහැ අයියා .. පොඩ්ඩක් වැඩ වැඩිවුනා ….’ මම එයාට දෙන්න උත්තරයක් හිතුවා
‘මම එහෙම හිතන්නම් එහෙනම් .. කමක් නැහැ හිරූ ….මට ඔයාලාව ගොඩක් මතක් වෙනවා .. ඒකයි කෝල් කලේ ..’
‘අයියා තරහාද මාත් එක්ක …’
‘තරහා නැහැ …. මම යාලුවෙක් ගේ ෆෝන් එකකින් ගත්තේ …තියන්නම් මම ….’ එයා මොනවා කිව්වත් කතා කරපු විදිහට නම් හිතේ කහටක් තියෙනවා …..
‘තෙරුවන් සරණයි අයියා ..’
‘තෙරුවන් සරණයි …. ‘’
ෆෝන් එක උඩ රිසීවර් එක තියලා මම කාමරේ දිහාවට යන්න හැරුනා …
*****
පහුවෙනිදා උදේ මම ඇහැරුනේ උදාසීන විදිහට … දිනිත මාව මග අරිනවා කියන එක මගේ හිතට තදින්ම දැනිලා තිබ්බ නිසා වෙනදා වේලාවට ස්කුල් බස් එකට යන්නවත් මට හිතුනේ නැහැ .. සදූ නම් වෙනදාටත් වඩා කලින් ලැහැස්තිවෙලා ඉස්කෝලේ යන්න ලැහැස්ති වෙලා …
‘හිරූ ස්කුල් යන්නේ නැද්ද …’ සදූ කවදාවත් නැතිව මගේ ලගට ඇවිත් ඇහුවේ මම තාමත් ඇදේ ගුලි ගැහිලා හිටිය නිසා වෙන්න ඇති ..
‘ම්හ්හ්හ් …. බෑත් වගේ …’ එහෙම කියන ගමන් මම ෂිට් එක අරන් ඔළුවේ ඉදලා කකුල් දෙක යනකන් පොරවා ගත්තා …
‘මේ පිස්සු නැතිව නැගිටිනවා …ගිය සතියෙත් දවස් කියක් ස්කුල් ගියේ නැද්ද …’ සදූ කොච්චර කියෙව්වත් මම බෙඩ් ෂිට් එක අයින් කරලා එයා දිහා බැලුවේ නැහැ ……
‘පඩියා නොවී ඔයා යනවකෝ .. මම හිතුනොත් එන්නම් …’ මම එහෙම කියලා ඇස් තද කරගත්තා ….
‘ඕන දෙයක් කරනවා ….මම යනවා එහෙනම් ..’ සදූගේ සපත්තු අඩි පොළවේ ගැටෙන හැටි ඇහෙද්දී මම ඇදේ අනිත් පැත්තට හැරිලා ඇස් පියාගත්තා ..
‘අරයා ඉස්කෝලේ යන්නේ නැද්ද අද .. ‘අම්මාගේ කටහඩ මට යාන්තමට වගේ ඇහුනා …
‘අනේ මන්දා අම්මා ඔන්න ෂිට් එකත් පොරවාගෙන ආපහු නිදාගත්තා … මට පරක්කු උනා මම යනවා අම්මා ‘සදූගේ අම්මාට එහෙම කියනවා කියනවා මට ඇහුනා
ටික වේලාවකට පස්සේ අම්මා මගේ කාමරේට එන හඩ ඇහෙද්දී මම හෙමින් ගොරවන්න ගත්තා
‘හිරූ ඇයි මේ තාම නිදි …ඇහැරෙන්න ඉස්කෝලේ යන්න තියෙනවා නේ ..’ අම්මා බලෙන්ම මගේ බෙඩ් ෂිට් එක අහකට ඇදලා දැම්මා ..
‘අද ඉස්කෝලේ යන්න බෑ අම්මා ….’ මම අත්දෙකම උස්සලා ඇස් දෙක පොඩි කළා …..
‘හරිම හොර කෙල්ලක් වේලා නේ දැන් ….. බොරුවට කෙදිරි ගාන්නේ නැතිව නැගිටලා ලැහැස්ති වෙන්න ‘ අම්මා මගේ අතකින් අල්ලලා මාව නැගිට්ටවද්දී මම මොකුත් කියන්නේ නැතිව ඇදෙන් නැගිට්ටලා මුහුණ කට හොදාගන්න ගියා ……
වොෂ් දාගෙන ඉවරවෙලා ස්කුල් යුනිෆෝම් එක ඇදගෙන පොත් බෑග් එක කරේ දාගත්ත මම ගෙදරින් එළියට බහිද්දී හතටත් ලගයි…. ඉක්මනින් ඉස්කෝලේ යන්න ඕන කියන සිතුවිල්ලක්වත් මගේ හිතට ආවේ නැහැ …. මම බස් හෝල්ට් එක ඇතුලේ හිටගෙන පාර දිහා බැලුවා.. බස් එකක් එනපාටක්වත් නැහැ … වෙනදා වගේ හදිස්සියක් තිබ්බේ නැති නිසා මම හෝල්ට් එක ඇතුලේ කොන්ක්‍රීට් බංකුවේ වාඩිවුනා
‘ගුඩ් මෝර්නින් හිරුෂි ….’ මගේ කන ලගින්ම අකුණක් ගහනවා වගේ ඇහුනේ දිනිතගේ කටහඩ .. මට ඒ වෙලාවේ හුස්ම ගන්න පවා අමතක වෙලා ගියා ….. තමන් අහන්න ආසම කටහඩ හිතුවෙවත් නැති වේලාවට ඇහෙද්දී දැනෙන ෆිලින් එක විදින්නම ඕන ඒක කියලා දෙන්න බැරි තරම් මිහිරි හැගීමක් .. සුපුරුදු විදිහට මගේ ඇග පුරාම මිහිරි හැගීමක් පැතිරිලා ගිහින් හිත පුරාම පාට පාට මල් පිපිලා වගේ සතුටක් දැනුනේ …
‘ ගුඩ් මෝර්නින් ….අයියා ඔයා කොහොද මේ …’ මම ඇස් කොනකින් එයා දිහා බැලුවා … පාට ඇදුමක් ඇදලා හිටිය දිනිතගේ අතේ පොත් දෙක තුනක් තිබ්බා …
‘මම යාලුවෙක් හම්බවෙන්න ආවා …. ’ එයා එහෙම කියන ගමන් පාර දිහා බැලුවා …. එයාට මගේ දිහා බලන්න අපහසුයි වගේ තමා එයා වෙන අතක් බලාගෙන හිටියේ …
‘මෙහෙ ඉන්න ඔයාගේ යාළුවා කව්ද ..’ දිනිතව කතාවට අල්ලා ගන්න ඕන කමට මම එහෙම ඇහුවා
‘ඔයා දන්නේ නැහැ …. එහා පැත්තේ ලේන් එකේ ස්කීම් එකේ ඉන්නේ …’
‘හ්ම්ම්ම්ම් …අයියා මට ටිකක් කතා කරන්න ඕන …’ මම දිනිත දිහා බලද්දී දිනිත අහක බලනවා … එයා මගේ ඇස් වලට බයයි වගේ … මගේ ඇස් මග අරින්නමයි ට්‍රයි කරන්නේ …
‘අපි මොනවා කතාකරන්නද හිරූ …’ දිනිත එහෙම කියුවේ ඕනෑවට එපාවට වගේ …එයාට මාත් එක්ක කතා කරන්න දෙයක් ඇත්තෙම නැද්ද …. මට විතරද එයාත් එක්ක කතා කරන්න ඕන කියලා හිතෙන්නේ
‘ඔයාට මාත් එක්ක කතා කරන්න දෙයක් ඇත්තෙම නැද්ද …’
‘කතා කරන්න ගොඩක් දේවල් තිබ්බා ….ඒත් මට දැන් හිතෙනවා ඒ දේවල් කතා කරලා තේරුමක් නැහැ …’ ප්‍රාණයක් නැති මිනිහෙක් වගේ එහෙම කියපු දිනිත ඉස්සරහට ආපු බස් එකකට අත දැම්මේ මම හොල්මන් වෙලා බලාගෙන ඉද්දිමයි ….
‘මම යනවා හිරුෂි පරිස්සමින් යන්න …’ මට කිසිම දෙයක් හිතාගන්න වේලාවක් තිබ්බේ නැහැ අර බස් එකේ නැගපු දිනිත යන්න ගියේ එකම සැරයක්ව ආපහු මගේ දිහා බලන්නේ නැතිවමයි …
****
ඉස්කෝලේ ගියාට පස්සේ මම හැම ප්‍රශ්නයක්ම අමතක කරලා හිනාවුනා …ප්‍රශ්න ගැන හිත හිතා මගේ ජිවිතේ ලස්සනම දවස් දුක් වේවි ඉන්න මට ඕන උනේ නැහැ … මම විශ්වාස කලේ දිනිත මට ආදරෙයි නම් මාව හොයාගෙන එයි කියලයි …… ආදරේ වෙනුවෙන් ජිවිතේ නාස්ති කරගන්න තරම් මම බොලද කෙල්ලක් නෙවේ ….මගේ හිතට ඕනෑම දේකට මුහුණ දෙන්න පුළුවන් ශක්තියක් මට තියෙනවා …
‘හිරූ ඊයේ මාව කෑවා …’ ක්ලාස් රූම් එකේදී දක්ශි මාව දැක්ක ගමන් එහෙම කියුවේ මුහුණ බේරී කරගෙනමයි …
‘මම හරක් මස් කන්නේ නැහැ බන් …’ හයියෙන් හිනාවෙන ගමන් මම එහෙම කිව්වේ ඇස් දෙක නටවන ගමන්මයි ….
‘ මොකක්ද උබ කිව්වේ මම හරකෙක්ද … ඈ ..’ දක්ෂිගේ මුහුණ අබ දැම්මොත් පුපුරන සයිස් එකට වෙනස් වෙලා ගිහින්
‘උබ හරකෙක් නෙවේ එළදෙනක් ….. ‘’ කෝකටත් කියලා පන්තියේ දොර ලගට ගිහින් දුවන්න බලාගෙනම තමා මම එහෙම කිව්වේ …
‘චියා …සදූ බලපන්කො උබේ අක්කා …’
‘ගණන් ගන්න එපා ..හිරූ ඔය විහිලු කරන්නේ .. වරෙන් කැන්ටින් එක පැත්තේ ගිහින් එමු …’ සදූ දක්ශිවත් ඇදගෙන පංතියෙන් එළියට ගියේ තව ටික වේලාවක් හිටියොත් අපි දෙන්නා කෙහෙ වලු පටලවා ගයි කියලා හිතලා වෙන්නැති…
මතු සම්බන්ධයි