23 වන දිගහැරුම

“හලොව්…චිනු….”

කකුල් දෙකත් උඩ ගහන් ටැමිල් ෆිල්ම් එකක බල බල හිටපු චිනු නාද උනු තම දුරකතනය කනේ තබා ගත්තා…..

“හලොව්….චන්දු අයියා…..කෝමද ඉටිම්….?”

කෙල්ල කතා කළේ සතුටින් …මොකද කතා කලේ වෙන කවුරුත් නෙවෙයි තමා සමග කුඩාකාලයේ පටන් දුක සැප බෙදා ගත්ත අයියා….තම නැන්දණියගේ පුතා….

“හොදයි….හොදයි….ඉතින් ඉතින්….බෑ කිය කිය මැරි කලාට දැන් සතුටින් නේද?”

“හ්ම් …ඔව් අයියා….මේ දිගංචියා හිතුව තරම්ම නරක නෑ ඉටිම්…..හ්හා….”

කෙල්ල සිනාසෙන අයුරු චන්දු අසා උන්නේ වේදනාවෙන්…..චන්දු තම නෑණන්ඩියට හිතින් ආදරේ කළා….නමුත් මාමලා මව්පියන් නොමැතිව තමාව හදාවඩාගත් නිසාත්….තාමාත් චිනූත් දෙස බලන්නේ අයියාත් නංගීත් ලෙස නිසාත්….සමරක්කොඩිගේ ආසාව උනේ සෙනේශ්ට චිනුව විවාහා කිරීමට නිසාත් චන්දු ඒ ගැන උවමනා කළේ නෑ….

නමුත් සමරක්කොඩි මහතාගේ ව්‍යාපාරවලට තමා උදව් කළ නිසා චන්දු සිතුවේ ඒවයින් පොඩි කොටසක් හෝ තමාට දේවියැයි කියායි …..නමුත් විදේශගතවද්දී සියල්ලේම වගකීම් සෙනේශ්ට දුන් නිසා චන්දු උන්නේ සිත් තැවුලෙන්….මේ ගැන වටින් ගොඩින් දැනගත් රදීශ් බොරදියේ මාලූබාගන්නට හිතුවා….එනිසාම චන්දු හමුවී මිත්‍රශීලී ස්වරූපයෙන් චෙනායාව පැහැරගැනීම චන්දුව පොලබවා ගත්තා …

දැන් චන්දු මේ කරන්නෙ එහි මූලික පියවරයි…..දුරකතනයෙන් කතා කොට චිනූව මදක් එලියට ගෙන්වා ගැනීමයි .එකියට ආ පසු ඇගේ නිවස අසළ පාරේදීම කෙල්ලව පැහැරගැනීමට රදීශ්ගෙ කිහිපදෙනෙක් රැදී සිටී….

“හ්ම්ම්… චිනූ….අද ටිකක එලියට එන්නකෝ නංගී…කෝෆී ෂොප් එකට.. .පොඩි දෙයක් ඔයාට කියන්න ඕන…..”

“ම්…මොකද්ද අයියේ…..සෝනුත් ගෙදර නෑනේ….”

“හරි එන්න එකක් නැත්තම් මම කැබ් එකක් එවන්නම්…..හදිස්සියක් චූටි….’

“නෝ නෝ අයියා….ඩ්‍රයිවර් අන්කල් එක්ක එන්නම්…..”

“ඕකේ ඒයාට කියන ඒපා ….මාව මීට් වෙන්න ඒන්නේ කියලා….ගෙදර ගියාම සෝනුටම කියන්න….”

“ඕකේ…මම එන්නම්….බායි….”

“බායි චෙනූ….”

චන්දු දුරකතනය තිබ්බේ සතුටින්…..

චිනූ සූදානම් උනේ චන්දුව මුණ ගැසීමට යාමටයි….ඈට තමා හා කුඩා කල පටන් හැදුනු කෙනා ගැන සැකයක් තිබුනේ නෑ මදකුදු….

නමුත් සූදානම් වෙද්දී ඇගේ දුරකතනයට ඇමතුම ආවේ සෝනුගෙන් ….

“චිනූ කොහෙද ඉන්නේ?”

සෝනූගේ හඩේ තිබුනේ කලබලයක්……කෙල්ලට අමුත්තක් දැනුනා…..

“අයියේ….මොකද මේ?”

“චිනූ පඩත්තල වෙන්න එප….කියනවා තමුසේ කොහෙද ඉන්නේ කියලා…..”

සෝනූ කෑගැහුවේ කේන්තියෙන්…..

“අ…අයියේ….ම..මම ගෙදර…”

කෙල්ල කියාගත්තේ අමාරුවෙන්….මේ තරම් සෝනුට කේන්ති ගිහින් ඇයි කියලා කෙල්ලට හිතාගන්න බැරි උනා…..

“හරි ….මම තව පැයකින් එනවා….එතකම් ගෙදරින් හෙල්ලෙන්න බෑ තමුසේ තේරුණාද?මම ඇරෙන්න කවුරු ආවත් දොරවල් අරින්න එපා….මම ඇවිත් කෝල් එකක දෙන්නම්….ඕකේ …..”

“අයියේ….ඒත් චන්දු අයියා…..”

චිනූට කියාගන්න පුළුවන් උනේ එච්චරයි….

“මොන මගුලක්ද ඕයි….චන්දූ….ඌ ගැන මම බලාගන්නම්….අඩිය තියන්න එපා එලියට….ඌ තමුසෙව කිඩ්නැප් කරන්න හදන්නේ….තේරුම් ගන්නව ගොනෙක් නොවී…..එලියට බහින්න එපා..ඇවිත් විස්තරේ කියන්නම්….හරිද?”

කෙල්ලට හිතාගන්න බැරි උනා මේ කියන ඒවා…චන්දු අයියා තමාව කිඩ්නැප් කරනවා කීවම අදහාගන්නත් බෑ වගෙයි…..ඒත් සෙනේශ් නිකම්ම එහෙම දෙයක් කියන්නේ නෑ නේද කියලා කෙල්ලට හිතුන නිසාම කරේ එල්ල ගත්ත සයිඩ් බෑග් එක එහෙමම තියලා දුවලා ගිහින් දොරවල් ලොක් කරලා දැම්මා….

චිනූ නොයිවසිල්ලෙන් බලා හිටියේ සෙනේශ් ගෙදර එනකම්….

මේ අතරතුර සෙනෙශ් චන්දුට අමතා තම කාර්‍යාලයට ගෙන්වා ගත්තා….චන්දු සෙනේශ් හමුවීමට ආවේ චකිතයෙන්…මන්ද තමා දැන් කරන්නට යන කාර්‍යය නිසාම….කොහොමටත් චන්දු උන්නේ කොෆී ශොප් එකේදි චිනූ හමූවීමට නොවේ ඒ අසලට ඈ ආ විටම පැහැරගැනීමටයි….

එනිසා රදීශ්ගේ සහචරයන් එය කරන නිසාම චන්දු සෙනේශ් හමුවීමට ගියා….

“ඕ…..හායි චන්දු….කම් කම්…..”

තම කාරයාලයට පැමිණි චන්දුව සෙනේශ් සුහදව පිලිගත්තා….

“හායි හායි….සෝනූ….කොහොමද මචන්….”

“අවුලක් නෑ බන්….”

“ඉතින් සෝනු මොකද හදිසියේ මට එන්න කීවේ?”

“හදිස්සීයේ නෙවෙයි චන්දු මේක අර්ජන්ට් වැඩක් කලින් ඉදන්ම ප්ලෑන් කරපු…..”

එහෙම කියපු සෙනේශ් චන්දු අත තිබ්බේ කොලවගයක් දාපු ෆයිල් එකක්….චන්දු බැලුවේ පුදුමයෙන්…..

“මේ මොනවද සෝනු?

“ඔය අපේ ගාමන්ට් ෆැක්ට්‍රි වලින් විශාලම ගාමන්ට් ෆැක්ට්‍රි එක….සිටි ෆැශන්….ඔයාගේ තනි අයිතියට සමරක්කොඩි අන්කල් යද්දී පවරලා ගියෙ…..බලන්න ඩේට්ස් චෙක් කරලා…..”

“එ …..එ….ඒත්…..”

චන්දුට කතා කරගත නොහැකි උනා….

“ඇයි චන්දු ඒත් කියන්නේ….මේක ඔයාට ඒ දවස්වල නොදුන්නේ ඒකේ පොඩි පොඩි ඩවුට්ස් වගයක් තිබ්බා ඒ නිසයි….අන්කල් මට කීවේ ඒව හැමදේම ක්ලියර් කරලා චන්දුට මේක දීලා එයාව සප්‍රයිස් කරන්න කියලයි….”

සෝනු කියාගෙන යද්දී චන්දුට තමා ගැනම දැනුනේ ලැජ්ජාවක්….තමාට මෙපමණ දෙයක් කළ මාමාට ද්‍රෝහී වන්නට සිතීම ගැනම….

චන්දු ඉක්මනින්ම තම දුරකතනය ගෙන උත්සාහා කලේ රදීශ්ට ඇමතීමටය…..එය සෝනුට තේරුනා….

“හෝව් හෝව් චන්දු….ඔයා කරන්න හදන දේ මම දන්නවා….ඩෝනට් වොරි චන්දු මගේ බටු ඇටේ ආරක්ශිතයි….”

සෝනු එහෙම කියද්දී චන්දුට පුදුම හිතුනා මේව සෝනු දැනගත්තේ කෝමද කියලා…..

“පුදුම වෙන්න ඒපා….රදීශ් ළග ඉන්නේ මගෙත් යාලුවෝ…..මම මේක දැනගත්තා….මට උන් ලගම එක්ව්ක් කීවා….හැබැයි චන්දු අදම මම මේක දෙන්නේ නෑ තවත් ෆැක්ට්‍රි ඒකේ පොඩී වැඩ ටිකක තියෙනවා…ඒත් ඔයාගේ වැරදි වැටහීම මට ක්ලියර් කරන්න මේක හොදම විදිය කියලා හිතුනා …..සෝ මිස්ටර් චන්දු….ප්ලීස් චිනූට කරදර කරන එප….ඒකි දග කලාට හිතින් මාර අහිංසකයි….ඒකි මට ආදරෙයි..මම ඒකිට ආදරෙයි…..අපි අතරට එන්න එපා…..මේකනම් ඉල්ලීමක්….බට් දෙවනි පාරට මම ගාව ඉල්ලීම් දැනුම්දීම් නෑ….දන්නවානේ ඔයා මම ගැන….චණ්ඩියෙක් නෙවෙයි…..හැබැයි අහිංසකයෙකුත් නෙවෙයි……රදීශ් ගැන මම බලාගන්නම්……”

සෙනේශ් කියාගෙන ගියේ ඉවසීමෙන්……චන්දුත් දැනන් හිටියා සෙනේශ් ගැන…..ඔහුගේ කේන්තිය ගැන….

“සමාවෙයන් සෝනු මට….ආයෙත් එහෙම වෙන්නේ නෑ….මම මහ අමනයෙක් කන්න දීපු පතට ගරහන්න හදපු…..”

චන්දූ කීවේ ඇත්තටම පසුතැවිල්ලේන්….

“ඕකේ චන්දු…..මේවා කිසි දෙයක් මාමා දැනගන්න එකක් නෑ…..ඔයා බය වෙන්න එපා….ඇන්ඩ් ඕල් ද බෙස්ට්…..”

යාමට සූදානම් වූ චන්දුට අත්ට අත දෙමින් සෙනේශ් සුභ පැතුවා….එය පිලිගෙන චන්දු සමුගෙන ගියේ තමා ගැන ළජ්ජාවෙන් පසුතැවෙමින්…..

චන්දු ගිය පසු එහෙම්ම සෝනුත් නිවෙසට යන්නට පිටත් උනේ කේල්ල මොනා කරනවා ඇත්දැයි සිතමින්…

“දැන් ඇති පුපුර පුපුර මම බැන්නනේ……අද මගෙ මොන මොන පාර්ට්ස් අඩුවෙයිද මන්දා….”

සෙනේශ් සීනවෙමින්ම සිතුවේ කෙල්ල ගැන දන්න නිසාමයි…..

කොල්ලා ගෙදරට ගිහින් කෝල් එකක් ගත්තා කෙල්ලට….

“බටු අටේ ඕපන් ද ඩෝර්…..”

කෙල්ල දුරකතනය ක්‍රියා විරහිත කරලා ඇවිත් දොර ඇරලා ගස්සගෙනයි උඩට ගියේ….

“ඒයි….ඔච්චර වන්නන්න එපා….මේ බඩුබ්මුට්ටු පෙරලෙනවා හැප්පිලා….”

එහෙම කියාගෙනම කොල්ලා දෙරත් ලොක් කරන් උඩට නැග්ගේ ලීලම්මාගෙන් තේකක් ඉල්ලන ගමන්මයි
….

සෝනු යද්දී කෙල්ල පේන්න හිටියේ නෑ…බලද්දී ඈ බැල්කනියේ අත්වැටට බර දීල ඔරවගෙන පහල බලන් ඉන්නවා…..ටයි පටිය බුරුල් කරමින්ම කොල්ලා ටිකාක් කෙල්ලට ළං උනා…..

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *