23
~~~සමනල වසන්තය ~~~
23 කොටස
මට දිනිතව හම්බ වෙන්න ඕන උනා …එයා හම්බවුනාම අහන්න ගොඩක් දේවල් මගේ හිතේ තිබ්බා ….. ගොඩක් දවස් කල්පනා කරලා කරලා අන්තිමේට මම තීරණය කලේ එයාව කොහොම හරි හම්බවෙලා දෙකෙන් එකක් විසදා ගන්නවා කියන එකයි …..
‘පුජා මාත් එක්ක ගමනක් එනවාද …’ එකපාරම පුජනිගෙන් මම එහෙම අහද්දී කෙල්ල ගැස්සිලා වගේ මගේ දිහා බැලුවාකොහේ යන්න කතාකරනවාද කියලා හිතාගන්න බැරිව වගේ ..
‘කොහේ යන්නද බන් ..’
‘ප්‍රශ්න අහන්න එපා …හැම දෙයක්ම මම උබට පස්සේ කියන්නම් .. මාත් එක්ක වරෙන් ප්ලීස් ’
‘එන්නම් … මොකුත්ම අහන්නේ නැහැ …උබ දන්නවානේ …. උබ කතා කරොත් මම මැරෙන්න හරි එනවා කියලා ..මට තේරුනා උබ මේ දවස් ටිකේ ලොකු අවුලක කියලා ..අවුල විසදෙනවා නම් උබ කියන ඕන තැනකට මම එනවා ..’
මගේ අත්දෙක උඩින් බරට අත්දෙක තියලා පුජනී එහෙම කිව්වා …… ඇත්තටම පුජනී කියන්නේ හොද යාලුවෙක් … ඒ වගේ හොද යාලුවෙක් ඉන්නවා කියන්නේ මගේ ලොකු වාසනාවක් …
‘ ඩිබෙටින් ටීම් එකේ ඉන්න අයට අද හවස ඉස්කෝලේ නවතින්න කිව්වා ..’ කේතකි එහෙම කියාගෙන පංතිය ඇතුලට එද්දී අපි කතාව නවත්තලා කේතකි දිහා බැලුවා ….
‘කව්ද කිව්වේ ….. ’
‘මිස් මාලා …. අපිට ඩිබේට් එකකට ඉන්විටේෂන් ඇවිත්ලු …’
‘මොකක්ද ඉස්කෝලේ …’
‘ආනන්දේ …’
දිනිතලාගේ ඉස්කෝලේ …. දිනිතව හම්බවෙන්න දෙවියෝ දුන්න චාන්ස් එකක් වගේ මේක …මොකද මාත් අපේ ස්කුල් ඩිබේට් ටීම් එකේ හිටියා …. ආනන්දෙට යනවා කියන්නේ දිනිතව දකින්න චාන්ස් එකක් එනවා කියන එකනේ .. මගේ ඔළුවේ එකපාර මල් වත්තක්ම පිපුනා වගේ මට දැනුනේ ….
‘අපි අර ගමන ටික දවසකට කල් දාමු …’ අද ප්‍රැක්ටිස් තියෙන නිසා කියට එලියට යන්න වෙයිද කියලා ෂුවර් නැති නිසා මම පුජනීට එහෙම කිව්වා …
‘ඕකේ උබ කියන ඕනෑ දවසක යමු .. ….. මම දැන් යනවා ’
පුජනිට ටටා බායි කියලා මම කේතකි දිහා බැලුවේ අපේ පන්තියෙන් ටීම් එකේ හිටියේ කේතකියි මායි විතරක් නිසා …. කේතකි මාත් එක්ක තාම තරහයි අර ගෙබි කේස් එකෙන් පස්සේ …. මම හිනාවෙන්න ට්‍රයි කලත් කේතකි මාත් එක්ක නෝ කතා නෝ සිනා ….
‘අපි යමු නේද …’ මම එහෙම අහද්දී ගස්සාගෙන වගේ නැගිට්ට කේතකි පිටිපස්ස බලන්නේවත් නැතිව පංතියෙන් එළියට බැස්සා ..
‘මේ සැරේ අපි කොහොම හරි මේ තරගේ දිනන්න ඕන .. මම හිතනවා ඔයාලා හැමෝම පුහුණුවීම් කරලා හොද ගේම් එකක් දෙයි කියලා ..’
ප්‍රැක්ටිස් පටන් ගන්න කලින් මිස් මාලා ලොකු දේශනයක් දුන්නා … මිස් කිව්ව දේවල් හිතට අරගෙන අපි ප්‍රැක්ටිස් කලේ තරගේ දිනන්න ලොකු බලාපොරොත්තුවක් අපේ හිත්වල තිබ්බ නිසා …
කොහොම හරි ප්‍රැක්ටිස් ඉවරවෙද්දි හවස පහට විතර ඇති පරක්කු වෙන නිසා මම ටක් ගාලා ගේට් එකෙන් එළියට ඇවිත් බස් හෝල්ට් එක පැත්තට ගියා …පහයි තිහට තියෙන ගියේ බස් එක අල්ල ගත්තේ නැත්තම් තව පැයක් විතර ඉන්න වෙනවා බස් එක එනකන් …
‘ඔය පැත්තෙන් යන්න එපා ළමයෝ ලොකු කලබලයක් තියෙනවා …’ වයසක ගැහැණු කෙනෙක් එහෙම කියද්දී තවත් මිනිස්සු වාගයක් කඩාගෙන බිදගෙන දුවනවා …. සිද්ද වෙන්නේ මොකක්ද කියලා තේරුනේ නැති නිසා මම ඉස්සරහට ඇවිදගෙන ගියා …. ටික දුරක් යද්දී ටවුන් එක හොදටම පාළුවට ගිහින් …. මුස්පේන්තු ගතියක් තිබ්බේ …මෙච්ච්චර කලබලකාරී ටවුන් එකකට එකපාරටම මේ මොක වේලාද ….
පාළුවෙලා තිබ්බ පාරේ හරි මැද කොල්ලෙක්ගේ අත පය වලින් අල්ලාගත්ත කට්ටියක් හොකී පොලුවලින් ගහනවා ඒ ලමයාය ….කව්ද උස මහත මනුස්සයෙක් පාරේ එහා මෙහා යනවා පිස්ටල් එකකුත් අතේ තියාගෙන …මොකක් නමුත් භයානක දෙයක් වෙන්න යන්නේ …. අර කොල්ලා ඉහින් කනින් ලේ පෙරාගෙන ඉද්දිත් තිරිසන් විදිහට ගහන්නේ මරන්නම හිතාගෙන වෙන්න ඕන …
‘ දන්නවාද මේ ලකී අයියාට ඉහලින් යන්න මේ ටවුන් එකේ කාටවත් බැහැ …. කවුරු හරි එකෙක් මට ඉහලින් යන්න පොඩ්ඩක් හරි ට්‍රයි කලොත් සිද්ද වෙන්නේ මොකක්ද කියලා දන්නවාද ඒ හැම එකාටම අපායට යන්න වෙනවා … මහා ලොකු පැපරාසියා … දැනගනින් උබේ ඔය පෑනට බැහැ මිනිහෝ මාව නැති කරන්න …. උබලා වගේ දාහක් ආවත් මාව හොල්ලන්න කාටවත් බැහැ …අද උබට වෙන දේ දැක්කාම කපුටෙක්වත් මගේ ඔළුවට උඩින් පියාබන්නේ නැති වෙයි ..’
මහා ගොරෝසු විදිහට කෑ ගහපු දැවැන්තයා ලේ පෙරාගෙන ඉන්න පිරිමි ළමයා ලගට ගිහින් නිකටට පිස්ටල් එක තියලා මුහුණ ඉස්සුවා ඒ ඇස් යාන්තම් ඇරලා බැලුව පිරිමි ළමයා කට කොනකින් යාන්තම් හිනාවුනා …. පිරිමි ළමයාගේ මුහුණේ තිබ්බේ ලොකු ශක්තියක් පරාජය නොවෙන පෙනුමක් …
‘උබේ චන්ඩිකම් වලට මුළු ලෝකෙම බයවෙයි ලකී ඒ උනාට ….. උබේ තර්ජන වලට මාව බයකරන්න බැහැ ….මතක තියාගනින් කවදාහරි උබේ ඔය තිරිසන් වැඩ එළිවෙයි …එදාට උබව බේරාගන්න කාටවත් බැරිවෙයි …. උබට මාව මරලා දාන්න පුළුවන් වෙයි …ඒ උනාට මම මැරුණාම මම වගේ දාහක් උන් ඉපදෙයි …’
අර පිරිමි ළමයාගේ වචනවල තිබ්බ ශක්තියක් ….. ටික වේලාවක් තරහෙන් පුපුර පුපුරා හිටිය අර දැවන්තයා තප්පරයක් යන්න කලින් පිරිමි ළමයාගේ ඔළුවට පිස්ටල් එක තිබ්බා …. ටික වේලාවකින් මහා හඩකින් පිස්ටල් එකේ උණ්ඩයක් පිරිමි ළමයාගේ ඔළුව පසාරු කරගෙන ගියා … කෑ ගැහෙන්න ආවත් මම කට අතකින් වහගත්තා …කව්රු හරි මාව දැක්කොත් සිද්ද වෙන්නේ මටත් වෙඩි කන්න වෙන එක …මම විනාඩියක්වත් පරක්කු උනේ නැහැ ආපස්සට හැරිලා දුවන්න ගත්තා …
‘ලකී අයියා ..අර කෙල්ල මර්ඩර් එක දැක්කා .. ’ කව්ද මිනිහෙක් මහා හයියෙන් කියනවා ඇහුනත් මම දුවන එක නතර කරේ නැහැ
‘ සිරා ඕකිව අල්ලා ගනින් …’ අර දැවැන්තයාගේ කට හඩ ඈතින් වගේ ඇහුනා ….
‘හිරූශි ඔයා කොහෙද දුවන්නේ මේ …’ මම කොහේ දිව්වාද …… කොහෙද ඉන්නේ කියලා මට සිහියක් තිබ්බේ නැහැ … පාරේ ආව බයික් එකක් මගේ ලග නවත්තලා කවුරු හරි කෙනෙක් මගේ නම කියලා කතා කරා….හුරු පුරුදු කටහඩක් උනත් මට කව්ද කියලා නැවතිලා බලන්න ඕන උනේ නැහැ ඉස්සරහටම දුවගෙන ගියා ….
‘හිරුෂි මම දිනිත …’ බයික් එකෙන් බැහැලා මගේ ඉස්සරහට ආවේ දිනිත කියලා තේරුම් ගන්න මට ටික වෙලාවක් ගියා …. දිනිත එකපාරම කොහොමද මෙහෙන් මතු උනේ ……. මම බර හුස්මක් ගන්න ගමන් එයා දිහා බැලුවා …. ඒ මුහුණේ තිබ්බේ ප්‍රශ්නාර්ථයක් ..මම එයාව හම්බවෙන්න කොච්චර පෙරුම් පිරුවද …කොච්චර දේවල් මට එයාට කියන්න ඕන උනාද …. අන්තිමේට එයාව හම්බවුනත් මේ වෙලවේ මට එයා එක්ක ඒ දේවල් කතා කරන්න තරම් හිතේ නිදහසක් නැහැ …
‘අර …අර මිනිහා මාව මරයි ….’ මම ඈත පාර දිහාවට ඇගිල්ල දික්කරලා කියද්දී මට දැනුනා මාව වෙව්ලනවා කියලා ….
‘කොයි …..කවුරුවත් පේන්න නැහැ නේ ….පිස්සු හැදිලාද ඔයාට ….’ පාර දිහා බලලා එයා එහෙම කිව්වේ ඇස් දෙක පුංචි කරලා මගේ දිහා බලන ගමන්මයි ….. එයාට හිතෙන්න ඇත්තෙම මම මේ කරන්නේ ජෝක් එකක් කියලා ….
‘එතන ලොකු මිනීමැරුමක් උනා …මම මේ ඇස් දෙකටම දැක්කා ..අර පිරිමි ළමයාගේ ඔළුවට වෙඩි තිබ්බා .. මගේ ඇස් දෙකෙන් දැක්කා ඒ ළමයා මැරිලා වැටෙනවා …’ මම පිස්සු හැදිලා වගේ කියවද්දී දිනිත මාව සන්සුන් කරන්න වගේ මගේ උරහිස් වල අත්දෙක තිබ්බා ….
‘ඔයා කලබල වෙලා බොරුවට බලන්න තව ටිකකින් කළුවර වැටෙනවා …එන්න මම ඔයාව ගෙදරට ගිහින් ඇරලන්නම් …’
ගල් ගැහිලා වගේ හිටිය මාව බලෙන්ම වගේ අල්ලාගත්ත දිනිත මාව එයාගේ බයික් එකේ ඉන්දවා ගත්තා .. දිනිත මේ වෙලාවේ නොහිටින්න මොනවා වෙයිද කියලා මට හිතාගන්නවත් බැහැ …එඩිතර හිරූ කවදාවත් නැතිව හොදටම බයවෙලා … බයටම ගැහෙනවත් එක්ක …
දිනිත වේගෙන් බයික් එක රයිඩ් කරා …..මගේ හිතේ විනාඩියෙන් විනාඩිය අර මර්ඩර් එක මැවිලා පේනවා …දිනිත නම් හිතන්න ඇත්තේ මම කිව්වේ බොරුවක් කියලා … හිතට දැනෙන බය නිසාම මම එයාගේ උරහිසේ නිකට තියාගෙන ඇස් දෙක තදට පියාගත්තා …
මතු සම්බන්ධයි