23

💔

💚දෑසේ 💜

💙වේදනා 💛

💘 Epsoide.. 23 ❤️

💙💙💙💙💙💙💙💙💙💙💙💙

ඒත් එක්කම අමීන් ඇස් ඇරියේ දාඩිය පෙරාගෙන..කොල්ලා බයටම ගිඩි ගිඩි ගාලා ගැහෙනවා..

ටේබල් එක ගාවම තිබ්බ වතුර වීදුරුවක් අරගෙන බීගෙන බීගෙන ගියේ දාඩිය පෙරාගෙන..

දැක්කේ හීනයක් කියලා දැනෙද්දි අමීන් එහා පැත්තේ උන්න ආදි දිහා බැලුවාම කොල්ලා දකින්නේ කුරුලු පැටියෙක් වගේ කෙල්ල ඇදේ කෙලවරටම වෙලා නිදාගෙන ඉන්න හැටි..

මොකක්ද හේතුවක් නිසා අමීන්ට දැනෙනවා ආදි කියන්නේ පාරුල් කියලා. එදා පාරුල් මැරුනත් කෙල්ලගේ මූනවත් දැක්කේ නැති නිසා අවුරුදු ගානක් ගියත් තාමත් අමීන් පිලිගන්න ලෑස්ති නෑ..

කොල්ලා ඇදෙන් බැහලා බැල්කනි එකට ගිහින් වැටට බර උනේ අතේන් හිස කෙස් හදාගන්න ගමන්. පේන තෙක් මානෙක නින්දක් නෑ කියලා අමීන් දන්නවා .

නැතත් ඒ හිත පාරපු හැගීම ආයම ඇස් පියාගත්තත් මැවෙනවා කියලා දන්න නිසාම අමීන් ඉන්නේ ඇස් පියාගෙන .හිතම එක එක තාලෙට තමන් එක්ක සෙල්ලම් කරනවදෝ කියලා දැනෙද්දි කොල්ලා බලන් ඉන්නේ හිස් හැගීමෙන්.

එතනම තිබ්බ පුටුවට බරවෙලා අහස දිහා බැලුවේ අතින් නලල මිරිකන ගමන්.

ශිට් මට මොනාද මේ වෙලා තියෙන්නේ. අනික ඇයි මට මෙහෙම දැනෙන්නේ 😖

පාරුල් ආදි දෙන්නම එකම රූපෙන් ඇවිත් මගේ හදවත මෙහෙම රිද්දන්නේ ඇයි දෙයියනේ..ඇරත් ආදි කියන්නේ පාරුල්ම උනාට අදින පලදින විදිය වෙනස්.

ඒත් ඒ හදවත් ගාවින් මට දැනුන නුහුරු හැගීම මගේ හිතම පාරලා දානවා. ආයම ආ ආදරේ කරන්න කියනවා.

මන් දන්නේ නෑ පාරු..ඔයා මන් ගාව ඉන්නවද නැද්ද කියලාවත්..හැමදේම අමතක කරලා මන් හිනා වෙන්න හැදුවේ..ඒත් හිනාව අපිට දුරයි වගේ 😔

ඔහේ කල්පනා කරපු අමීන්ගේ ඇස් වලට නින්ද ආවේ කීයටද කියලා අමීන් දන්නේ නෑ. උදේම වැටෙන ඉර එලිය එක්ක අමීන් ඇස් ඇරියේ නිදි මරගාතේ..

අමීන් ඇතුලට ගිහින් බැලුවේ ආදි කෝ කියලා උනත් කෙල්ල නිදාගෙන ඉන්න ඇද හිස් වෙලා තියනවා දැක්කාම අමීන් බලන්නේ කෙල්ල කෝ කියලා.

ආදිගේ එක ඇදුමක් වත් පේන්න නැති වෙද්දි හිත පාරපු ඒ බය ආයම අමීන්ට දැනෙනවා..

ආදිත් ගිහින්ද මගෙන් ඈතට 😧

නැහැ ඔයාට යන්න බෑ ආදි..ඔයාට යන්න බෑ 😩

අමීන් එහෙම්මම ටී ශර්ට් එක දාගෙන පහලට දුවගෙන ගියේ ආදි නොගිහින් ඉන්න කියලා වදින ගමන්..

ඒ වෙද්දිත් ආදි එන්ට්‍රන්ස් එකේ ඉන්නවා දැක්කාම අමීන් ආදි ගාවට දුවගෙන යද්දිමයි ශාමින්දි එන්නේ..

ආදිහ් 😒

ආහ් 😐

විකාර කරන්න එපා එනවා යන්න..කොහෙද යන්න හදන්නේ 😠

මගේ අත අතාරින්න අමීන්..මට එන්න බැහැ 😒

ආදීහ් 😠
මගේ තරහා අවුස්සන එපා ආදි එක පාරක් කීවාම එනවා යන්න

මට බැහැ අමීන් මට යන්න ඕන 😠

මොන රෙද්දක්ද තමුසේ කියවන්නේ..මන් මීට වඩා හොදින් කියන්න දන්නේ නෑ එනවා යන්න 😡

අමීන් රවාගෙනම ආදිගේ අතින් ඇදගෙන යන්න යද්දිමයි ශාමි ඉස්සරහින් හිටගත්තේ..

එයාට යන්න ඕන නම් යන්න දෙන්න අමී අයියා 😒

ඒක මගේ පර්සනල් දෙයක් ශාමී.ප්ලීස් ඔයා මැදිහත් වෙන්න එපා 😊

අමීන් හිනාවක් මවාගෙන කීවාම කෙල්ල තරහටම අත් මිට මොලවා ගන්නවා ආදි වගේම අමීනුත් දකිනවා.

අනේ අමීන් අතාරින්නකෝ මට රිදෙනවා 😔

තමුසේ මගෙන් ඈතට යද්දි මට ඊට වඩා රිදෙනවා ආදි..මගේ පපුව ඊට වඩා රිදෙනවා .තමුසෙට දැනෙන්නේ නැද්ද 😤

අමීන් අයියා 😐

ඔයා මේ ගර්ල්ට ආදරේ කරනවාද අර කෙල්ලට තරම්ම 😧

ඇයි මට බැරිද ශාමින්දී ආදරේ කරන්න..එක පාරක් කීවාම යන්න ප්ලීස්..මට ආදි එක්ක තනියම ඉන්න ඕන 😒

අමීන් තරහින් වගේම හිමින් කීවාම ශාමින්දී බලන්නේ ආදිව පුච්චන්න වගේ..ඊටත් පස්සේ ශාමින්දී ගස්සාගෙන ගියාම අමීන් හැරෙන්නේ කොල්ලගේ පැත්තට..

කෙල්ල අමීන්ගේ අත අල්ලන් හපන්න ගත්තේ කෙල්ලව අතාරාවි කියලා හිතලා උනත් එන්න එන්නම අමීන්ගේ ග්‍රහනය තද වෙනවා .

ආවුස් අප්පා මට රිදෙනවා යකඩද කන්නේහ් 😡

රිදෙන්න තමා ඇල්ලුවේ..මට ඔයා යද්දි ඊට වඩා රිදෙනවා..ඔයාට ඔය රිදෙනවාට වඩා 😔

ඈහ් මට හිතාගන්න බෑ ඔයා මොනාද කියන්නේ කියලා 😩

මටත් හිතා ගන්න බෑ ආදි..ඒත් මගේ මෙතන ගොඩාක් රිදෙනවා..ප්ලීස් යන්න එපා 😔

කොල්ලා පපුවට අතක් තියාගෙන කීවාම ආදි කොල්ලා දිහා බලන් ඉන්නේ ඇස් ලොකු කරන්..
මේ දවස් දෙක තුනට අමීන් කෙල්ලට මේ තරම් සමීප වෙලා.

ආදිට තේරුම් ගන්න බැරිවුනත් අමීන්ට ඕන කෙල්ල එක්ක කතාකරන්න..හදවතේ තියන හැගීම් කොල්ලට තවත් දරාගන්න බෑ..

ප්ලීස් ආදි..එකම එක පාරක් මට ඉඩදෙන්න කතා කරන්න එක පාරක් 😔

එදා පාරුල් එක පාරක් මන් කියන දේ ඇහුවා නම් අද මන් මේ තරම් පසු තැවෙන්නේ නෑ..මට පාරුල්ව නැති වෙන්නෙත් නෑ 😭

ආදි කටත් ඇදකරන් බලන් ඉන්නේ මොනාද මේ අමීන් කියවන්නේ කියලා .හැමදේම පැටලිලා වගේ දැනෙද්දි කෙල්ල කැබ් සර්විස් එකට කෝල් කරේ එන්න එපා කියලා..

ආහ් මේක ගන්නවා .උස්සන් ඉදලම බරයි 😒

මට බැහැ..ඕන නම් ඕක අරන් උඩට එනවා..😏
අමීන් කටත් ඇදකරලා කෙල්ලගේ අතින් ෆෝන් එක උදුරන් අරන් ගියාම ආදි ඉන්නේ කට ඇදකරන්..

මොන පොල් බූරුවෙක්ද මන්දා මන්..😖

අර ගොනා පව් කියලා නතර වෙලා දැන් විදවපන්කෝ රෙද්ද..ශිට් නතර වුනානේ මන් 😡

ආදි එයාටම රවාගෙන ලිෆ්ට් එකට යන්න ගියත් කෙල්ල එනවා පෙනි පෙනීම අමීන් ලිෆ්ට් එකේ ඩෝ එක ක්ලෝස් කරාම ආදි ඉන්නේ තරහින් පුපුර පුපුර..

කෙල්ල ආයම බට්න් එක එබුවාම අමීන් ඉන්න ලිෆ්ට් එක ආයම පහලට එනවා .
කෙල්ල දත් ටිකම එලියට දාලා ලිෆ්ට් එකට ගියාම අමීන් ඉන්නේ තොලත් හපාගෙන හිනාව තද කරගෙන..

ආදි උඩට යනකන්ම කලේ අමීන්ට හිතින් බැනපු එක..ඊටත් වඩා කෙල්ල නොගිහින් ආයම හැරිලා ආව එක කෙල්ලට දුකයි..

අපරාදේ යන්න තිබ්බේ මගුල..ශිට් මන් නම් මහා මෝඩියක් අප්පා 😔

රූම් එක ඇතුලට ගියපු ගමන් අමීන් කෝල් කරලා ඉදිආප්ප ඕඩර් කරාම ආදිට මාරම හැපි..කෙල්ල බෑග් එකත් තියලා සතුටින් හිනා උනේ බඩ පැලෙන්න ඉදිආප්ප කන්න..

ගෙවිලා යන හැම මොහොතකම දෙන්නා අතට නිහඩතාවයක් පැතිරෙද්දි අමීන් වත් ආදිවත් කතා කරන්න ඉස්සර වෙන්නේ නෑ.

දෙන්නාගේ හැගීම් ඒ ඇස් වලින් එලියට ආවේ නැතත් දෙන්නාම ඉන්නේ වේදනාවෙන්.දෙන්නා අතර නිහඩ තාවය බිදලා දොරට තට්ටු කරන සද්දේ ඇහුනාම අමීන් නැගිටලා යනවා..

ඒ වෙද්දිත් හොටෙල් එකෙන් කෑම ටික ගෙනල්ලා..අමීන් ට්‍රොලිය ඇතුලට අරබ් දොර වැහුවාම ආදි ඔලුව උස්සන්නේ..

එන්න කන්න 😊

අමීන් කියනවත් එක්කම කෙල්ල දත් ටිකම එලියට දාලා අමීන්ව තල්ලු කරලා ඉදිආප්ප බෙදා ගන්නේ අමීන් ඔක්කොම් කයි වගේ..

මොකද අනේ 😒

මන් ඔය ඔක්කොම එකපාර කන්නේ නෑ..ඒ නිසා හිමීට කන්න ආදි 😂

අනේහ් මේහ් මන් කන්නේ මට ඕන නිසා හරිද.අනික ඔයා නොකෑවට මන් කනවනේ 😁😋

අපෝ මහා පෙරේතියක් තමුසේ ආදි..ඔහොම කෑවොත් බැරල් එකක් වෙලා තමා ඇවිදාගන්න වෙන්නේ..පාත්තයෙක් වගේ 😏

ආහ් ඔයා වගේද..මන් එහෙම ඇවිදින්නේ නෑ ඔයා ඇවිද්දට 😬

කනවා කනවා බූරි කට නම් තියනවා කටර් එකක් වගේ..😠

ආදි ඇති තරම් බෙදාගෙන කද්දි අමීන් කරන්නේ ඇහි පිල්ලමක් වත් නොගහා ඒ දිහා බලන් ඉන්න එක..

කාලෙකට කලින් පාරුල් මේ වගේම ගමනකදි රන්ඩු වුනේ ඉදි ආප්ප පොඩ්ඩක් ගත්තා කියලා .ආදි තරම්ම පාරුල්ත් ඉදිආප්ප වලට ආසයි කියලා දැනෙද්දි ඒ හදවතට දැනුනේ සැනසීමක්..

ආදි බඩ පැලෙනකන් කාලා ඇදේ පෙරලුනාම අමීන් පහලට යන්නේ එලියෙන් දොර ලොක් කරලා..

කොල්ලට බයයි ඒ තප්පරෙත් ආදි කොල්ලගෙන් ඈත් වෙයි කියලා..එකම රුවට පෙම් බදින්නේ එකම හිතින් උනත් ඇත්තටම දෙන්නා එක්කෙන්ක් වගේ අමීන්ට දැනෙන්නේ නෑ .

කෙල්ල කාලා ඇදේ පෙරලුනත් හරි කෙල්ලට ඉස්මුරුත්තාව නිසාම නින්ද යනවා..

ආදි ඇහැරෙද්දි දවල් දෙකත් පහු වෙලා..කෙල්ල ඇහැරලා වොශ් එකක් දාන් අමීන් එදා එද්දි ගෙනාව මලු තුන ඇද්දේ නිකමට..

එක බෑග් එකක් පුරාවටම අමීන්ගේ ඇදුම්.අනිකෙත් අමීන්ගේ ..ඒත් අනිත් එකේ තියන ඇදුම් දැක්කාම කෙල්ලගේ ඇස් කටේ..

දෙයියනේ මේ තරම් ලස්සන ෆ්‍රොක්ස් ගොඩාක් 😳😍

කෙල්ල ගවුම් ගොඩේ පෙරලිලා එතන් තිබ්බ බ්ලැක් කලර් ගවුම ඇදගත්තේ ආසාවෙන්.ඇත්තටම කෙල්ල ඒ ඇදුමට මාරම ලස්සනයි..

ඇති තරම් කැරකි කැරකි හැඩ බලලා කෙල්ල ඇදේ ඉදගෙනත් කෙල්ල දිහාම බලන් ඉන්නවා .එලියෙන් දොර අරින සද්දේ ආවාම කෙල්ල බොරුවට ඇස් පියාගන්නේ නිදි වගේ ඉන්න..

ඒත් දොර ඇරගෙන ආවත් කවුරුත් ඇතුලට එන සද්දයක් වත් කවුරුත් ආවා කියලා වත් කෙල්ලට සද්දයක් වත් ඇහෙන්නේ නෑ.

ආදි ටික වෙලාවක් නිහඩවම ඉදලා බැරිම තැන එක ඇහැක් ලාවට ඇරලා බැලුවේ කවුද ඉන්නේ කියලා..

ඒත් එතන ඉන්න කෙනා ඉන්න විදිය දැක්කාම කෙල්ලගේ ඇස් ලොකු වෙන්නෙත් කෙල්ල අත් දෙකෙන්ම කට වහගෙන කෑ ගහන්නෙත් ආව කෙනා කෙල්ල ගාවට එන්න අඩියක් ඉස්සරහට තියන්නෙත් එකටම..

ඔයාහ්…😱

නෑහ් වෙන්න බෑ 😳

මෙහෙම අනේ දෙයියනේ එපා 😫….

මොකද මේ..මොනාද මේ..ප්ලීස් 😭

අනේ එන්න එපා මන් ගාවට..අනේ එපාහ් 😭

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

කතාව ගැන අදහස් කියන්න..මන් හරි ආසාවෙන් දිගම දිග කමෙන්ට් කියවන්නේ 😊😊

Like Comments. වලට තෑන්ස්..😊😊

Leave a Reply

Your email address will not be published. Required fields are marked *