23

❤️❤️දිවිය තිබෙන තුරු මගේ
ඔබයි ආදරේ❤️❤️

****23 වන දිගහැරුම****

දැහැම් දෙයියනේ කෙල්ලේ…….උඹ ඒ පාර මේ මොනවද කියන්නේ……

උඹ ඒ වගේ තීරණයක් ගන්න ඕනේ නම් මම උඹව වලක්වන්නේ නෑ දැහැම්…හැබැයි උඹට මම එක දෙයක් කියන්න ඕනේ….තමන් ආසා කරන දේ නොලැබුනා කියලා සසුන් ගත වෙන එකේ තේරුම මොකද්ද කියපන්….ජීවිතේ ගැන ඔයිට වඩා ගැඹුරින් හිතපන් දැහැම්……උඹට මේ සංසාර ගමනේ නිවනට යන අරමුණින් මහණ වෙන්න ඕනේ නම් හෙටම ගියත් මම විරුද්ධ වෙන්නේ නෑ…ඒත් උඹ මේ ප්‍රශ්නෙකින් පැනලා යන්න හදනවා කියලයි මම හිතන්නේ…..
නැවතත් සුසුමක් පා කල අනූපමා දැහැම් දෙස ගැඹුරු බල්මකින් බලා සිට කටහඩ අවදි කලා…..

මෙහෙම හිතපන්…භානූ අයියගේ තැන උඹ හිටියා නම් එහෙම මේ වෙලාවේ මොකද උඹ කරන්නේ…..උඹ භානුක අයියටත් වඩා කලබල වෙන්න ඉඩ තිබුනා…එයා දැක්කේ දන්නේ ඇස් දෙකට දැකපු දේ….කොයි කොල්ලද දැහැම් තමන් පණ වගේ ආදරේ කරන කෙල්ල තවත් කොල්ලෙක් එක්ක ඉන්නවා දකිනකොට කලබල වෙන්නේ නැත්තේ….එහෙම කෙනෙක් ඉන්නවා නම් එතන අවංක ආදරයක් නෑ….මම නම් හිතන විදිහට .ඊටත් ශශීල් එක්ක උඹ ඉන්නවා දකිනකොට ඒ කේන්තිය දෙගුණ වෙන්න ඇති….ආදරය කියන්නේ ඕකයි….භානුක අය්යා කියන්නෙත් මනුස්සයෙක් …රහත්වෙලා නෑ ….ඊර්ෂ්‍යාව කියන්නේ ආදරේ එක කොටසක්….හෙටින් පස්සේ ඕනම තීරණයක් ගනින්…අර ගමේ ඉන්න දෙමව්පියෝ සහෝදරයෝ ගැනත් හිතලා තීරනයක් ගනින්….අනිත් එක මිනිස්සු ඇයි දැහැම් නොලැබෙනකොට ජීවිතේ කලකිරිලා සසුන් ගත වෙන්න හිතන්නේ…..සිදුහත් කුමාරයාට හැම සතුටක් සම්පතක්ම තිබිලත් සසර කල කිරිලා බුද්ධත්වයට පත් වුනු කෙනෙක්….එහෙම හිතලා උඹ මේ තීරණේ ගන්නවා නම් මට උඹට විරුද්ධ වෙන්න බෑ……දැන් නිදාගනින්…. හෙට උදේ වෙනකල් හොදට හිතලා තීරණයක් ගනින්….
අනූපමා දැහැම්ගෙන් කිසිදු පිළිතුරක් අපේක්ෂා නොකරම ඇයට සිතන්නට බොහෝ දෑ ඉතිරි කර යහනේ අනෙක් පසට හැරී නිදන්නට ව්ය….

ඒ අතරේ දැහැම් බොහෝ වේලාවක් නිදිවර්ජිතව අනූපමා කිවූ කරුණු සියල්ල මෙනෙහි කරන්නට විය….

****************************************

භානුකද දැහැම්ට කෙතරම් නපුරු උවත් මුළු රාත්‍රිය පුරාවටම නිදිවර්ජිතව ගත කලේ ඔහුට දැහැම්ගෙන් තොර ජීවිතයක් ගැන සිතීමටවත් නොහැකි නිසයි….එහෙත් ඔහුට යලි යලිත් මැවී පෙනුනේ ශෙහාරාගේ දුරකතනයේ සටහන් වී තිබූ ශශීල්ගේ හා දැහැම්ගේ චායාරූප හා හවස තමාද ඔවුන් දෙදෙනා එලෙසින් සිටින අයුරු සිය දෑසින් ම දුටු ආකාරයයි….
ඔහුට දුක්මුසු සුසුමක් හෙලිනි….

දැහැම් ඇයි මට මෙහෙම කලේ මැණික….මගේ ආදරේ කොතනද ඔයාට අඩුවක් උනේ….මම කොහොමද දරා ගන්නේ….මෙච්චර අහිංසක ඔයා මේ වගේ කෙනෙක් කියලා මම කොහොමද විශ්වාස කරන්නේ….මගේ ජීව්තේ ඉස් ඉස්සෙල්ලාම මම ආදරේ කරපු කෙල්ල ඔයා දැහැම්….අද මගේ හිත හදන්න බැරි විදිහටම බිදිලා ගිහින්…
ඔහු කැරකෙන විදුලි පංකාව දෙස බලා කල්පනා කරන්නට වූයේ කණගාවෙනි…

***************************************

උදෑසනම අනූපමා අවදි වී දැහැම් දෙස බලන්නට විය…අළුයම තෙක් නිදිවර්ජිතව සිටි ඇය වෙතට ඒ වන විටත් නින්ද ළගා වී තිබුණා….අනූපමා ශබ්ද නොනැගෙන සේ ඇදෙන් බැස භානුක මුණගැසීමට සිතා උඩුමහලට නගින්නට විය…..

ඇය භානුකගේ කාමරය අසලට ගොස් කිහිප වරක්ම දොරට තට්ටු කල පසු භානුක පැමිණ දොර විවර කලා…

අනූපමා භානුකගේ මුහුණ දෙස බැළුවා…ඒ මුහුණේ වැහි වලාකුළු පිරී ඇත….අනූපමාට භානුකගේ වේදනාව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නොවිනි…ඒ තරම් හොදින් ඔහුගේ මුහුනේ ඒ සටහන් අපූරුවට ඇයට දකින්නට පිලිවන් විය…..

භානුක අයියේ මට කතා කරන්න දෙන්න….ඔයා ඔය ඉන්නේ ලොකූ වැරදි වැටහීමකින්……කලබල වෙලා ප්‍රශ්න විසදන්න බෑ…ඔය දෙන්නම ඇත්තමයි හරි මෝඩයෝ දෙන්නෙක්….අඩුම ගානේ ඔයාට මගෙන් හරි ඇත්ත මොකක්ද කියලා අහන්න තිබුනා….දැහැම් අතේ කිසිම වැරැද්දක් නෑ අයියේ….ඒකි කරන එකම වරද ඔයාට පණ වගේ ආදරේ කරන එක……ඔයා දැහැම්ව නැතිකර ගන්න හදන්නේ….ඔයා දන්නවද අන්න කෙල්ල මේ හැමදේම අතෑරලා මෙහෙණි කෙනෙක් වෙන්න යන්න ලෑස්ති…ඔයාට පුළුවන් එයාගේ හිත හදන්න….මට හිතෙනවා බැරි වෙන්නේ නෑ…. ඔය දෙන්නගේ ප්‍රශ්න අතරට එන්න පුලුවන් සීමාවක් මටත් තියෙනවා..මම යනවා….
අනූපමා භානුකටද එකදු වචනයක් පැවසීමට ඉඩ නොතබා ආපසු යාමට පිට වූවා….

අනූ නංගි…….මේවත් මම දැකලා විශ්වාස කලේ නෑ….ඒත් න්ංගියෝ දැහැම් ඊයෙත් ඒ කොල්ලා එක්ක එකට ඉන්නවා දැක්කම මම මොනවද කරන්න ඕනේ….මම මනුස්සයෙක්…දැහැම් කියන්නේ මම පණ වගේ ආදරේ කරන කෙල්ල….භානුකගේ දෑස් පුරාවට කදුළු පිරී තිබුනි….

කවුද අයියේ ඔයාට මේ ෆොටෝස් දුන්නේ……
අනූපමා ප්‍රශ්න කලේය…

ශෙහාරා…..
භානුක ඉවත බලා පැවසීය…

ඔයා ශෙහාරා කිව්ව දේවල් විශ්වාස කරන්න තරම් මෝඩ උනාද….අනිත් එක ශෙහාරා ඉන්නේ දැහැම් එක්ක තරහින්….ඉන්න මම ඔයාට ඇත්ත නැත්ත කියන්න….මොකද මේ හැමදේම දැහැම් ඔයාට කියන්න ලෑස්ති වෙලා ඉන්නකොට තමයි ඔයා පිස්සු නැටුවේ….
අනතුරුව අනූපමා දැහැමි හා ශශීල් අතර සිදුවූ සියල්ල භානුකට විස්තර කරන්නට විය…..

භානුක එවෙලේම අනූපමාගේ දෑත් අල්ලා ගත්තේය….මට වෙන කියන්න දෙයක් නෑ නංගි….මම මගේ කෙල්ලව සැක කලා….ඒ හිත ගොඩාක් රිද්දුවා….පව් මගේ අහිංසක කෙල්ල…අනූපමා නංගි ඔයාට ගොඩාක් පිං…සමහරවිට ඔයා මෙහෙම ඇවිත් මේ දේවල් නොකිව්ව නම් මට මොනවා වෙයිද කියලා මං වත් දන්නේ නෑ….
භානුක ස්තුති පූර්වකව පැවසුවා…..

මේ මට පිං දුන්නහැකි පස්සේ ඉක්මනට අර කෙල්ල ගාවට යන්න….අන්න ඊයේ එලිවෙනකල් ඇහැරලා ඉදලා දැන් නින්ද ගිහින් පව්….

භානුක අනූපමා ද කාමරයේ දමා දැහැම් වෙත ගියේ හ්ද උතුරා යන තරම් සතුටිනි….ඔහු ඇගේ කාමරයට ගොස් නිදා සිටිනා අහිංසකාවිය දෙස බලා සිටියේ මොහොතක් වේදනාවෙනි….එලෙසින්ම ඔහු ඇයට නොදැනෙන්නට තම දෝතට ගෙන නැවතත් හෙමින් හෙමින් උඩුමහලට නැග දැහැම්ව ඔහුගේ ඇද මතින් තබා ඒ සන්සුන් මුහුණ දෙස බලා සිටින්නට විය…..

අනූපමා කටකොනකින් සිනා සී කාමරයේ දොරත් අඩවල් කරගෙනම ආපසු යන්නට ගියා..

ඒත් එක්කම

##නැවත හමුවෙනතුරාවට##

ආදරෙයි හැමෝටම 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *