23

##නිම්හිම් සේයා##
23

හිත පුරාම පිරිලා තියෙන මේ නුහුරු හැගීම වචන වලට කොහොම පෙරලන්නද..අද ..අද එයා අපේ ගෙදර එනවා..දෙනෙත් අයියව පලවෙනි පාරට දකිනවා වගේ හැගීමක් දැනෙනවා..

මගෙ පෙරැත්තට එන්න කීවත් උදේ ඉදන් කුස්සිය පැත්තෙන් එන සද්ද,රස නහර පිනා යන ඒ සුවද හිතට ගේන්නෙ නැවුම් බලාපොරොත්තුවක්..කට්ටිය අලුත් බෑනව පිලිගන්න ලෑස්තිය..

ගේ විතරක් නෙමී අද පරිසරෙත් අලුතින් පීදීලා වගේ..පුන්චි පොහොට්ටු පිපුනු රෝස ගස්,මුලු වත්තම සුවද කරමින් හමා එන දෑසමන් මල් සුවද..වෙන එකක් තියා අද ටොම්සිත් ෆුල් හැපී වගේ..

ලේන්නූ එකතු වෙලා ටින් ටින් ගාන්නෙ අලුතින් එන කුමාරයා පිලිගන්න වගේ..දෙමලිච්චෝ රෑනගෙ කිචි බිචි ගෝරනාඩුව දෙනෙත් අයියා ගැන කියෝන වටේ ඉන්න ඕපදූප කියන ආන්ටිලා වගේ..

මගෙ සිතුවිලි බිද දාමින් මිදුලට හැරෙව්ව කා එක හිතේ ගැස්ම වැඩි කරන්න සමත් උනා..කන් පෙති පුරා කම්මුල් වලට ආරූද උනු හීන් කෝලබවක් තොල් පෙති මත්තට ඇවිත් මූනට ගෙනාව ලැජ්ජාශීලී හිනාව..තනියෙන් හිනාවෙන මන්..උඩු දත් වලින් යටි තොල් හපාගන්න මන් අද ඇත්තටම උමතු වෙලා..

තව ටිකකින් ඒ නිල ඇස් බලන්න මන් ගියාම ඒ නිල් ඇස් වල සටහන් වෙන අපූරූ හිනාව කොහොම වේවිද…

අනෙ අනේ මේ මනමාලි තාමත් ලෑස්ති නෑ..

දොර රෙද්ද ඈත් කරමින් රූම් එකට ආව කේතූ ගෝරනාඩූ කරද්දි හිතට දැනුනු විලිය..

ආව් ආව් කෙල්ලගෙ ලැජ්ජාව..

අනෙ යන්න කේතූ..

හී මන් දැනන් උන්නෙ නෑනේ මාගේ ලස්සන දගකාර යාලූවට ලැජ්ජ වෙන්නත් දන්නවා කියලා ..

මන් මුකුත් නොකියා හිනා උනේ මේ වෙලේ කේතූගේ කට අවුස්සා ගත්තොත් මොන කියාවිද කියලා දන්න හින්දයී..

කෝ කෝ ලෑස්තී වෙමූ..ආන් අරයා ජිරාෆ් වගේ බෙල්ල දික්කර කර බලන්වා..

කේතූ..

ම්ම්ම්

කොහොමද එයා..ලස්සනයි ද..

තේරීම නම් සුපිරි..ටැමිල් නලුවෙක් වගේ..

තාත්ති මොනා කියාවිද කේතූ

ම්ම්ම් බලමූ නේ..පෙනුමෙන් නම් වැදගත් ,අහින්සක පාටයී..

ම්ම්ම්

කේතූගේ උදව්වෙන් ඇදගත්තු රෝස පාට සාරිය,ඒකටම ගැලපෙන රෝස වලලූ..ම්ම්ම්..

වාව්..අනේ සුවිට් උම්මා ලස්සනයි කෙල්ලෙ බලපන් හැඩ..කොල්ලා අදම උස්සන් යාවිද මන්දා
තව පොඩ්ඩෙන් මන් බිම..වෙනදට නම් උඩ ඉදන් පිමි දෙක තුනක් පනිනවානෙ අද ඒකත් බෑ..කේතු උන්නු නිසා යාන්තම් කකුල් පටලවන් ඇවිදගත්තා..

අන්තිම පඩියට කකුල තියලා ඔලුව උස්සලා යාන්තම් බැලුවා..වාව් දෙනෙත් අයියගෙ ලස්සන ..

අත්දිග නිල් ශර්ට් එකට කලු පාට කලිසම..ඇත්තටම ඕනම කොල්ලෙක් මේ විදියට් ඇන්දම ඒ කොල්ලට ගෙනත් දෙන අපූරූ වැදගත් බව,චාම් ලස්සන අද ඒ නිල් ඇස් ලග තියෙනවා ..

ඔක්කොම දෙනෙත් ..ඒ විතරක් නෙමී ඒ නිල් දෙනෙත් ඒ සේරම මන් දිහා බලන් ඉන්නවා..ලස්සන දුවක් ඉන්න ඕනීම තාත්ති කෙනෙක් ගෙ ඇස් වල ඇදෙන ආඩම්බර හිනාව අද මගෙ තාත්තිගෙ මූන පුරා..

ඒ නිල් ඇස් මට උන්හිටි තැන් අමතක කරනවා..

මොහොතක් ගතවෙන්නැති..තත්පරයක් ,විනාඩියක් ,හයියො නෑ අවුරුදු එකසිය විස්සක්..ඔක්කොම්ල්ල ගොලු වෙලා නී අයියෝ..එකෙක් කට අරින්නෙ නෑ..

කාලාන්තරයකට පස්සෙ ආච්චමත් සාලේ එයාගේ වීල් චෙයාර් එකේ ඉදන් ඉන්නවා..ඇයි යකුනේ මුන් එකෙකුවත් කට අරින්නෙ නැත්තෙ..අද දවසම මන් මෙ මගුල ඇදන් ඉන්නද එතකොට ..

මන් දෙනෙත් අයියාගේ කකුල පෑගූවා..ඇයි වදෙ අද අනිමිස ලෝචන පූජාවක් තියන්නද ආවෙ..කතා කරගන්නෙ නැද්ද අයියෝ..

මන් කකුල පාගපු එක දැක්ක ශේන් අයියට බකස් ගාලා හිනා ගියා..හම්මො යන්තම් ඇති සයිලන්ස් එක නැති උනා..

මේ පුතා දෙනෙත් ..

ම් ඔව් තාත්ත ..

දෙනෙත් අයියා දැන්මම කට පුරා තාත්ත කියන්න අරන්..කමෝන් …

මන් ඇහිබැම උඩට කරලා මූනෙන් එල කියලා කීවා..

හ්ම්ම් ..

ඉතින් ආගිය තැන් අලගිය තැන් අරවද,මේවද වැල්වටාරම් කියෝලා කියෝලා අන්තිමේදී සබ්ජෙක්ට් එකට එන්ටර් උනා..

දැන් පපුව ලබ්ඩබ්..ලබ් ඩබ්..වට් වට් නෙක්ස්ට් නෙක්ස්ට්
මෙහෙමයි පුතා අපි කාරනාවට බහිමු..හැබයි මට පුතා එක්ක තනියෙන් කතා කරන්න ඕනී..

ආ මට හොරෙන් රහස් සාකච්චා ඒවා කොයිද මාත් එක්ක..

තාත්ති දෙනෙත් අයියා එක්කන් මිදුලෙ බෙන්ච් එකට ගියා..දැන් ඉතින් කන් දෙකට ඇහෙන්නෙ නෑ නේ..මේ වෙලාවෙ මැජික් බලයක් වත් තිබුනනම්
පැයක් විතර කතා කරලා දෙන්න ගේ ඇතුලට ආවා..තාත්තිගෙ මූන වෙනසක් නෑ..ඒ නිල් ඇසුත් වෙනසක් නෑ..හ්ම් හ්ම්ම්..

මේ වෙද්දි මන් මගෙ සුපුරුදු ඩෙනිමටයි ටී ශර්ට් එකටයි බැහලා උන්නෙ..බෑ අනේ සාරි මගුල්..ඔන්න වෙඩින් එක දාටත් අදින්නෙ ඩෙනිමක් තමයි ..

කාලගුනේ,දේශගුනේ දේශපාලන විත්ති ඕවා කිය කිය ලන්ච් එක ගත්තා..මන් නම් අන අනා උන්නා මිසක් එක කටක් කෑවේ නෑ. ඒකටත් එක්ක්ක දෙනෙත් අයියා ගිලිනවා ගිලිනවා ඉවරයක් නෑ..ඉස්මුරුත්තා හැදෙනකම්ම කාලා ඒ මදිව්ට ඩෙසටුත්..අහ්..

දැන් කියයි දැන් කියයි කියලා බලන් උන්නත් නෑ මුකුත්ම..තාත්ති අයියයි උන්නෙ නැත්තම් දෙනවා ටොකු..මුකුත් කියන්නෙ නැතුව උන්නු හැටී..

චූටී මැනික

තාත්ති ..

මේ අහගන්න දෙන්නම..

හොදයි තාත්ති ..

දෙනෙත් පුතා ඇත්තෙන්ම හොද දරුවෙක්..කියන්න කිසිම වරදක් නෑ. ඒත් තාමත් සැකකාරයෙක් ..ඉතින් මට බෑ මගෙ එකම මෑනික එහෙම මිනිමරුවෙක් කියලා හන්වඩු ගැහුනු කෙනෙක්ට දීලා අත හෝදගන්න ..දෙනෙත් වැදගත් ඇති,ලස්සන ඇති සල්ලි යහමින් අති..ඒත් පුතා අපි හොදට නම්බුකාර විදියට ජීවත් වෙන අය..මහා ලොකු සල්ලියක් අපිට නෑ..ඒත් නම්බුව කියන දේ ඉහටත් උඩින්..සේයාගෙ හිතුවක්කාරකමට අද ඔය ලමයව ගෙන්නුවත් මන් මේ තීරනේ කියන්නම ඕනී..

මන් කල් දෙන්නම් අවුරුද්දක් ..මේ නඩුව ආයෙ ඇපිල් කරලා පුතා මේකෙන් නිදහස් වෙන්න..පුතා කියනවනි මේ දේ කලෙ නෑ කියලා ..දැනට මන් ඒක විස්වාස කරන්නම්..ඔයාට මන් අවුරුද්දක් කල් දෙනවා..නිදහස් වෙලා ඔප්පු කරන්න ඔයා වැරදිකාරයෙක් නෙමි කියලා..අපෙ දූ මේ ගෙදරින් නම්බු පිට අරන් යන්න..

එතකොට දැන් කැමතිද අකමැතිද…

තව එකක්..

ඒ පාර මොකක්ද

ඔයාලා හම්බෙන්න බෑ..මොකද මොන හේතුවකින් හරි මේක ඔප්පු කරන්න බැරි උනොත් මගෙ දරුව කොල්ලෙක් එක්ක එහෙ මෙහෙ ඇවිද්දා කියලා රට්ටුන්ගෙන් කයි කත්න්දර අහන්න බෑ..මන් දුවව හිර කරන් ඉන්නෙ නෑ..එයාගෙ නිදහස තියෙනවා ..පෝන් එකෙන් කතා කරන්න පුලුවන්..හැබයි හම්බෙන්න බෑ ..දැනට මගෙ මේකට අකමැත්තකුත් නෑ..විශේෂ කැමත්තකුත් නෑ..මේ දරුවා හදුන ගන්න ලැබීම සතුටක්..

තාත්ත කියෝගෙන කියෝගෙන ගියා..අනේ ඉතින් හම්බෙන්නෙ නැතුව..කොහොමද දෙයියෝ එයාව නොබලා ඉන්නෙ..අනික අවුරුද්දක් ..කොහොමද අපි ඔප්පු කරන්නෙ ..අනෙ …

හිනාවෙන්නද අඩන්නද ..කියලා තේරෙන්නෙ නෑ…

(මතුසම්බන්ධයි ..)
පොඩ්ඩයි ලීවේ ..සොරි… 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *