23

~~~යශෝධරා ~~~
23 කොටස
මට සිතුනේ තවත් මොහොතකින් මගේ ජීව්තයේ අවසානය බවයි …සියල්ල කෙරෙහිවූ ආශාව අතහැර මම මරණය බලාපොරොත්තුවෙන් දෑස් පියා ගත්තෙමි .. හිසමත රැදී තිබෙන පිස්තෝල කටෙන් මුදා හැරෙන උණ්ඩයකින් තවත් සුළු මොහොතකින් මගේ හිස කුඩුපට්ටම් වනු නොඅනුමානය … එතෙක් මා බලාපොරොත්තුවෙන් උන්නෙමි ….. මට අභීත සිහිවුනි …. මා ඉදිරියේ නිරායුධව සිටින අභීත බොහෝ අසරණවී ඇතිවා නිසැකය … මගේ ජීවිතය නැතිවී ගියත් අභිතට කිසිවක්ම සිදුනොවේවා එය මගේ පැතුම විය …
එක්වරම මහා හඩින් වෙඩි උණ්ඩයක් පිටවෙනවත් සමගම කිසිවෙකු මා ඇදගෙන බිමට පහත්විය …. මොහොතක් යනතුරු මට නිසි සිහියක් නොවිය …. මා උන්නේ අභිතගේ ශරීරය මතය … සියුම් ලැජ්ජාවකින් හිත පිරෙද්දී මම වහාම ඔහු කෙරෙන් ඉවත්වී ඉදිරිය බැලීමි …
‘කවුරුත්ම හෙලවෙන්න එපා … මුළු නිවාසේම පොලිසියෙන් වටකරලා තියෙන්නේ… කවුරු හරි මෙතැනින් පැනලා ගියොත් වෙඩි තියලා දාන්න ..’ ගොරෝසු දැඩි හඩක් සමග පොලිස් නිලධාරින් කීපදෙනෙක්ගේ අප උන් තැන වටකර තිබුණි …. කලබලයෙන් ඒ මේ අත දුවමින් පැනගන්න උත්සහා කරන මැරයන් තිදෙනා උන් තැන්වලම නැවතුනේ ගැලවීමක් නැති බව දුටු පසුවය ..
‘සාජන් ,සිල්වා .. මුන් ටික ඔක්කොටම මාංචු දාන්න …’ කොස්තාපල්වරුන් කීපදෙනෙක් ඔවුන්ට මාංචු දමද්දී පොලිස් නිලධාරියා අප උන් දෙසට පැමිණියේය ….
‘සොරි මිස්ටර් සේනාධ්ර අපි එන්න පොඩ්ඩක් පරක්කු උනා … මිදුම නිසා පාර පේන්නේ නැහැ …බොහොම අමාරුවෙන් මෙතෙන්ට වාහනේ ගෙනාවේ ..’ පොලිස් නිලධාරියා අභිතට කනගාටුව පල කළේය ..
‘ තව ටිකක් පරක්කු උනා නම් … මෙතන ජිවිතයක් නැති වෙනවා .. කොහොම හරි කට්ටිය වෙලාවට ආවා …. බොහොම ස්තුතියි ….’
ඔවුන් දෙදෙනා කතාබහ කරමින් උන් අවස්ථාවේ මා දුටුවේ මේට්‍රන් සෙමින් සෙමින් ළමා නිවාසය තුලට යන බවයි …
‘සර් මිස් පැනලා යන්න යනවා …’
‘ඉස්පෙක්ටර් …මේ ගෑනු දෙන්නත් අත්අඩංගුවට ගන්න …මෙච්චර කල් මේ සිද්දවුන දේවල් වලට මෙයාලා උදව් කරලා තියෙනවා ..’
අභීත දැඩි ස්වරයෙන් පැවසුවේ නෑකම් පවා අමතක කර දමාය …
‘ ඩබ්ලිව් පිසි මේයාලා අත්අඩංගුවට ගන්න …’ පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනෙක් සෝමා සහ මේට්‍රන් ඇදගෙන අල්ලාගෙන ඇදගෙන යන්න ගියේය … ඇන්ජලාගේ මුහුණේ ඒ අවස්ථාවේ මා දුටුවේ කිසිදිනක දැක නොමැති භයානක පෙනුමකි …ඇය මා දෙස බැලුවේ මේ සියල්ලට වගකිවයුත්තේ මා කියන්න මෙනි …..
‘මිස්ටර් සේනාධ්ර අපිට මේ ළමා නිවාසය පරික්ෂා කරන්න වෙනවා …අපිට පේන විදිහට මෙතැන භයානක අපරාධ ගොඩක් වෙලා තියෙනවා …. ඔයාට පුළුවන් නම් මේ පුංචි දරුවෝ ටික එයාලාගේ භාරකාරයෝට භාර දෙන්න …. මේ ප්‍රශ්නේ විසදුනු ගමන් අපි ආපහු මේ ළමා නිවාසේ පටන්ගමු … ‘’
මැදිවියේ මිනිසෙක්වූ පොලිස් නිලධාරියා බොහෝ අවංක මිනිසෙකි ….වරද දුටු විට ඔහු එයට දඩුවම් දෙන බවත් කිසිවෙකුගේ බලපෑමකට යට නොවෙන්නෙක් බවත් පසුව මට දැනගන්න ලැබුණි …
‘ඔව් එහෙම හොදයි … මේ ගැන පුළුල් පරීක්ෂණයක් කරන්න …. දඩුවම් කරන්න ඕන මිනිස්සුන්ට උපරිම දඩුවම් කරන්න … මම හෙට දවසේ මේ ළමයි එයාලාගේ භාරකාරයොන්ට භාරදෙන්නම් ….’
‘හොදයි …. අපි මිස් නෙත්මාව හොස්පිටල් ඇඩ්මිට් කරනවා …. මිස්ටර් සේනාධීර කැමති නම් කවුරැ හරි මිස් ලග නවත්තන්න පුළුවන් ….’
‘එහෙනම් සුමනා අම්මා නෙත්මා ලග නවතින්න …’
ඒ වෙලාවේ ළමා නිවාසේ දැරියන් අවදිවී උන් අතර ඔවුන් සුමනා අම්මාට ලංවී උන්නේ බියවී වගෙය .. ..සිදුවූ කිසිවක් ඔවුනට තේරුම් නොයන්න ඇත …
‘අපි මේ ළමයින්ගේ ආරක්ෂාවට පිසි කෙනෙක් තියලා යනවා …. එහෙනම් අපි ගිහින් එන්නම් ….. මිස්ටර් සේනාධිර කිසිම දෙයකට බයවෙන්න එපා ..’
ආරක්ෂාවට පොලිස් නිලධාරින් කීපදෙනෙක් රැදවූ ඉස්පෙක්ටර් සිරකරුවන් රැගෙන යන්න ගියේ … පොලිස් නිලධාරින්ට යම් යම් උපදෙස් දෙමිනි …
‘අභීත මාත් එක්ක තරහාද …’ කාන්තා පොලිස් නිධාරිනියන් සමග පිටවීමට සුදානම්ව උන් නෙත්මා අභිත දෙස බැලුවේ අසරණ බැලමකිනි ..
‘හැම දෙයක්ම උනේ වැරදි වැටහීම් නිසා ….මම නෙත්මා එක්ක තරහා නැහැ ..වෙන්න තිබ්බ දේවල් හැමදෙයක්ම වෙලා ඉවරයි නේ ..දැන් යන්න …මම හෙට ඔයා බලන්න එන්නම් ..’ අභිතගේ වදන් ඈ හමුවේ බොහෝ දයාබරය …. පෙර සෙනෙහස ඔහුට සිහිවෙන්න ඇත …අනේ ඔව් කෙතරම් ඇයට පෙම් කරන්න ඇතිද …..ඒ ප්‍රේමය යලිත් ඔවුන් අතර හිස ඔසවාවිද ….ඒ සිතුවිල්ල මගේ හදවත නතර කරන්නක් මෙන් දැනෙද්දී මා ඔහු දෙස බැලීමි ….. ඒ මුහුණේ උවේ ඇය කෙරේ ආදරයද නැතිනම් අනුකම්පාවද මට වටහා ගැනීමට පහසු උවේ නැත ….
‘මම ගිහින් එන්නම් අභි …’ ඕ ආදරණිය සිනාවකින් ඔහුට සංග්‍රහ කර වාහනයට නැගුනාය …. අභීත බලා උන්නේ ඈ දෙසමය ….. මා බලා උන්නේ ඔහු දෙසය ..ඈ රැගත් වාහනය නොපෙනී යනතුරු බලා උන් ඔහු මා දෙසට හැරෙද්දී මගේ බැල්ම දකින්න ඇත …. මම කලේ වහා ඉවත බැලීමය …
‘ඔය බබාලා දැන් ගිහින් නිදාගන්න ….. කලබල වෙන්න එපා …’ කොස්තාපල්වරිය දැරියන් නිදන ශාලාවට පිටකරද්දී මම දැරියන් සමගින් යෑමට හැරුනෙමි ……..
‘යශෝධරා …’ මම උන් තැනම නැවතුනේ ඔහු මගේ නම කියූ නිසාවෙනි … ගෙල හරවා ඔහු දෙස නොබලා එලෙසම උන් මම දෑස් වලට එබුනු කදුලක් පිසදාගත්තෙමි …
‘යශෝධරා ….’

‘සර් …’
‘මගේ දිහා බලන්න ..’ මම මුවට සිනාවක් නගාගෙන ඔහු දෙසට හැරුනෙමි …
‘යශෝධරා අද කරපු දේ මම ජීවිතේටම අමතක කරන්නේ නැහැ ..’
‘මම මොනවද කලේ සර් …’
‘ඔයා නිසානේ මෙච්චර දරුණු අපරාධකාරයෝ අල්ලා ගන්න හම්බවුනේ …’
‘ බොහොම ස්තුතියි සර් ….. මම කලේ මගේ යුතුකම ..’
‘යශෝධරා පුංචි රහස් පරික්ෂිකාවක් වගේ …’
‘ සර්ට එහෙම හිතෙනවාද ..’
‘මෙච්චර කල් මම නිකන්වත් හිතුවේ නැති දේවල් හිතලා …ඒ දේවල් පස්සේ ගිහින් කරදරවලට මුහුණ දීලා ඒවාගෙන් පැනලා ගිහින් ඒ අපරාධකාරයෝ අල්ලා ගන්න උදව් කරපු ඔයා කොච්චර දක්ෂද …’
‘බොහොම ස්තුතියි සර් …. ’
‘යශෝධරා , මම ආයේ ළමා නිවාසේ කරන්නේ නැහැ ..මේ ළමයිට සල්ලි වලින් උදව් කරනවා ..එයාලගේ ඉගෙනීම සම්පුර්ණ කරගන්න ….. මට බැරිවුනා මේ ළමයි ගැන හරියට බලන්නවත් …. ’
ඔහු එක්වරම පැවසුදේ මගේ සිතට ගෙනාවේ අසරණ කමකි . ….එසේ නම් මට බණ්ඩාරවෙල හැරදා සදහටම යන්න සිදුවෙයිද …. හුස්ම හිරවෙන්නක් මෙන් දැනුනත් මම මදකදු නොසෙල්වී ඔහු දෙස බලා උන්නෙමි …
‘මට ගොඩක් දුකයි …. යශෝධරා ගියාම මාව අමතක වෙයිද …’ මම කොහේ යන්නද සර් කියා ඇසීමට සිත්වුනිද මම මුවගට සිනාවක් නගා ගැනීමට උත්සහ කළා පමණකි ..
‘ ඔයාව මට අමතක වෙන්න නම් මට මාව අමතක වෙන්න වෙයි සර් …’ මම පැවසු කතාව තේරුම් ගැනීමට නොහැකිවා මෙනි ඔහු බලා උන්නේ ..
‘ යශෝධරා , මම ඇනාට කියන්නම් … යශෝධරාට යන්න තැනක් ලැහැස්ති කරලා දෙන්න කියලා ..’
මද වේලාවක් යනතුරු කල්පනාබරව උන් ඔහු එලෙස පැවසුවේ යමක් මතක්වුවා මෙනි ..
‘හොදයි සර් ..’
තව දුරටත් ඔහු අසල රැදී සිටියහොත් මට ඉකිගැසෙනු ඇත …ඔහු හමුවේ ..මගේ අසරණ බව පෙන්වීමට නොහැකිය . ….තවත් මට ඔහුගේ අනුකම්පාවෙන් පලක් නැත ….
‘යශෝධරා මගෙත් එක්ක තරහෙන් වගේ ඉන්නේ ඇයි …’
‘මම තරහා නැහැ සර් …’
‘එහෙනම් වෙනදා වගේ මගේ මුහුණ දිහා බලාගෙන කතා කරන්න බැරි ඇයි ……’
‘මට නිදිමතයි සර් … මම යන්නම් …සර් නිදාගන්න …’
තවත් ඔහු සමගින් දෙඩුවොත් මා කුමක් කියනු ඇතිදැයි මාද නොදනී …… මා කුඩා එකියෙකි …. කිසිවක් පැවසුවොත් ඔහු මා ගැන වරදවා සිතනු ඇත …ඉතින් මා ඔහුගේ ප්‍රති උත්තරයක් ලැබීමට පෙරම නිදන ශාලාවට යන්න හැරුනෙමි …
මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *