24

අචින්තයී අපේ ආදරේ
24
මැට්ටගෙ කෑම වලට වඩා මගෙ හිතයි පිරිලා තියෙන්නෙ..මට කන්න බැ..බොන්න බෑ..මට මොනාද වෙලා..
උයන්න දන්න හස්බන්ඩෙක් හම්බෙන එකත් වාසනාවක්..ම්ම්ම්ම්..
මුලු හිත පුරාම පබාගෙ ආදරෙ පුරෝගෙන උදේ වෙනවා.හවස් වෙනවා..රෑ වෙනවා..ජීවිතෙ ගලා ගලා යනවා…
හැමදාම රන්ඩු වෙනවා..ආයෙම යාලු වෙනවා..ආදරෙ වැඩි වෙනවා…
මැට්ටාගෙ වැඩෙ පුන්චි දෙයක් අල්ලන් මන් එක්ක රන්ඩු කර ගන්න..හැම තිස්සෙම මන් යනවා කිය කිය මාව බය කරනවා..සමහර වෙලාවට මගෙ අතෙ ඇති වැරැද්දකුත් නැ..ඒත් මට්ටා රන්ඩු..චුට්ටක් පරක්කු උනොත් ඉවරයි ඉතින් මන්..
යන තැන නොකියා ගියොත් ඔන්න ඉවරයි..ඒත් මැටි පබා හිටපු ගමන් අතුරුදහන් වෙනවා..මට කියන්නෙත් නෑ ..ඇහුවම තමයිඔන්න කියන්නෙ..වෙලාවක අල්ලන් කොන්ඩෙන් ඇදලා ඇති වෙනකම් කොනිත්තලා හපන්න හිතෙනවා ඇගිලි දහයම..ඒත් මේ මැට්ටා එක්ක තරහා වෙලා මට ඉන්න බැරි හැටි…
කාලය ගෙවී ගියෙ අපිටත් නොදැනිම..දැන් මන් මෙහෙට ඇවිත් මාස නවයක් වෙන්න ඇවිත්..ස්කීම් එකේ හැමෝටම අපේ ආදරෙ රහසක් නෙමී දැන්..මල්ශා නම් නිතරම කීවෙ ඔය රස්තයාදූ කාරයව අතාරින්න කියලා මයි..ඒත් එයා කොහොම කොයි විදියට උන්නත් මගෙ හිතෙ එයා ගැන තියෙන ආදරෙ අබ ඇටයක් තරම් වත් අඩු වුනෙ නෑ..අඩු වෙන්නෙත් නෑ…
මට වගේම එයාටත් තව මාසෙකින් එක්සෑම්..හැමදාම පාඩම් කරන්න කීවට මේ මැට්ටා කරන පාඩමක් නම් පේන්න නෑ..ඒත් කුකින් වැඩෙ මයි බාර අරන් හිටපු ගමන් කුස්සියෙ රින්ගන් ඉන්නවා..
පෑනත් කටේ ගහන් මන් කල්පනා කර කර උන්නෙ එයා ගැන..ඒත් ඒ කල්පනාව මිදුනෙ මින්දු ආව නිසා..
මොකො බන්
මුකුත් නෑ..මන් මෙ අද ලෙක්චර්ස් ගැන කල්පනා කලා..
ඒක කරන එකෙක් කරයි බම්..ඒක නෙමි බඩුවක් කියන්න ආවෙ
මොකක්ද
ඇත්තටම මේක ඉන්විටේශන් එකක්
ඉන්විටේශන්?
ම් ඔව්..හෙට අපෙ සුපුන්ගෙ බර්ත් ඩේ එක..පොඩියට සෙලිබ්‍රේට් කරන්න ඉන්නෙ floating market ගිහින්..
ආහ් නියමයි නෙ..
ඔව් ඒක තවත් නියම වෙයි උබත් ආවොත්
මන් ඒ මොකො
කෙනෙක්ගෙ ඉල්ලීමක් බම්..
ඒ කවුද
හෙටම බලපන්..එහෙනම් ඔන්න හරි එන්න ඕනී..
ම්ම්..බලමු
බලමු නෙමි එන්නම ඕනී..නැත්තම් අපෙ frendship එකත් ක්ලෝස් ඕකෙ…
අම්මො හා හා….
දැන් ඉතින් මේක කියලා අවසර ගන්නත් ඕනී මගෙ පිස්සු මැට්ටගෙන්..
යනකොටම මෙයා ඉන්නවා ග්‍ර්වුන්ඩ් එකේ..මැට්ටා…
මන් ලගට ඇවිත් හිටගෙන දැන් විනාඩි පහලොවකටත් වැඩී..මෙයා බයික් එකට මොනාදෝ කරනවා…
මන් එතන තිබ්බ තනකොල ගහක් ගලවන් මට පිටු පාලා බිම ඇන තියන් ඉදන් ඉන්න මැට්ටගෙ බෙල්ලෙ ගෑවා…
මැට්ටට කිති වගෙ..හික්ස්..මාර ගහට මන් මුවා වුනු නිසා එයා වටපිට බලලා ආයෙම බයික් එක දිහාට හැරුනා…
මන් ආයෙම එහෙම කලා..මේ පාර නම් එයා නැගිට්ටා..වට පිට බලලා තරහින් පුපුරන්වා..සුදු මැට්ටට තරහා ගියාම මරු ඉතිම්..කන් පෙති රතු වෙලා ..හීක්ස්..
ඊලග පාර එහෙම කරන්න හදද්දිම තමයි මැට්ටා මගෙ අතින් අල්ල ගත්තෙ..
මෝඩී
මෝඩයා
දැන්ද එන්නෙ ආ
නෑ ඊයෙ ආවෙ..
ආ එහෙමද..ඊයෙම එහෙට වෙලා ඉන්නෙප්අයි..
ඉන්න තමයි උන්නෙ ඒත් එක මැට්ටෙක් ඉන්න දෙන්නෙ නෑනි..
ඒ කවුද
අර බෝලේ වගෙ ඉන්නෙ..මූන පුරා රැවුල වවන්..මේන් මෙච්චර හීනි ඇස් තියෙන්නෙ..ඕන වෙලේක මට ඔලුවෙන් හිටන් ඉන්න පොටෝ එවන්නෙ අන්න එයා..
මැට්ටි මන් මරනවා මොකක්ද කීවෙ ආ
ඉතින් ඇත්තනි..හැමදාම ඔලුවෙන් හිටන් පොටෝ නෙ..
මෝඩි..
මෝඩයා
කියනවා ඇනෙක්ස් එකට යන්න්‍ර් නැතුව ඇයි මෙතනට ආවෙ
ඔව් මට වැරදිලා ආව්ව්..මන් යනවා..
මැට්ටි මැට්ටි ඔහොම ඉන්නවා..අම්මො නපුරු මූන..
මන් නපුරුයි තමයි..නපුරුයි..
අම්මො සුදු මැට්ටි..හෝව් හෝව් තරහා ගන්න එපා කවුද මගෙ බබාලා පස් දෙනා බලාගන්නෙ එතකොට ආ
ඕන කෙනෙක්ට කියලා බලා ගන්නවා මට මොකො
මැට්ටියෝ..ඔහොම ඉන්නවා ඇයි ආවෙ කියනවා
හුම්..හෙට මන් එද්දි පරක්කු වෙයි..යාලුවෙක්ගෙ බ්‍ර්ත් ඩේ පාටි එකක්..ඒකට යනවා
හුම්
හුම් කියන්නෙ
ලොකු දෙයක් කනක් ඇහිලා උන්නෑකී
මොකක්
නැතුව පැය විසි හටරම කච කචස් ගගා මගෙ වටෙ කැරකෙන්නෙ..හෙට උන්නෑකි සැනසිල්ලෙ
අහ් එහෙමද හුම්..මන් යනවා
පබා හිනා වෙවී මට කෑ ගහුවත් මන් පුපුර ආවෙ..මේ මැට්ටා නම්..දෙනවා මන් අහු වුනාම…
ඊලග දවසෙ මන් කලු ඩෙනිම් එකට කලු පාට අත් දිග ලේස් ටී බ්ලවුස් එක ඇදලා පුන්චියට මේකප් එකක් දා ගත්තෙ සුපුන්ගෙ පාටියටත් යන්න හිතන්..ලෑස්ති වෙලා පබාට කෝල් එකක් දුන්නා..
ගුඩ් මෝනින්
ගුඩ් මෝනින්..මොකීද අප්පා උදෙ පාන්දර මට නිඩන්න දෙන්නෙ නැති නපුරි
හා එහෙමද හරි හරි නිදනවකො
හෝව් හෝව් මේ මැට්ටි..
මන් යනවා
ම්ම් හරි බබා පරිස්සමෙන් යන්න..මන් පොඩි වැඩක්
මොකක් උදෙන්ම
ම් ඔව් මේ බයික් එක
ඇයි බයික් එක මොකද
පොඩ්ඩක් සීරීලා අම්මො දුකෙ බෑ
මොකක්
ඔව් අනෙ මගෙ පන මෙ
අහ් ඒ කියන්නෙ බයික් එකද ඔයාගෙ පන
නැතුව
හුම් හුම්..
මගෙ පන මගෙ ජීවිතෙ මගෙ වස්‍තු මගෙ බයික් එක..
ආහ්..එහෙමද..එහෙනම් ඔය බයික් එක බෙල්ලෙ බැදන් නිදාගන්බවා..මන් යනවා..
මන් එහෙම්ම පෝන් එක තිබ්බා..මෙයාට ඕන වෙලෙක බයික් බයික් බයික්..හුම්..
—==
ලෙක්චට්ස් ඉවර වෙලා කෙලින්ම ගියෙ floating maraket එකට..
නියමයි..කොලබ කලබලෙ එක්ක මේ වගෙ තැනක්..හරිම ලස්සනයි..
අපි එතනට සුපුන් ගෙ නම ගහපු කේක් එකක් ගෙනාවා..මන් ,මින්දු , සුපුන්ගෙ යාලූවො..රන්දික,එයාගෙ කට්ටිය ඔක්කොම විසි දෙනෙක්..කෙල්ලො පහයි උන්නෙ..
කේක් කපලා කෝක් බීලා ඔක්කොමල්ලට fried rice ඕඩර් කලා..මගෙ කෑම ප්ලේට් එකත් අරන් පැත්තකින් ඉදගත්තා..අද ඉතින් මින්දු මන් ලගට එනවා බොරු..කොල්ලනි ඉතිම් එයාගෙ..
පෝන් එකත් අරන් වට පිට බල බල මන් කෑම කන්න ගත්තා..
excuse me..
–මේ කවුද ආවෙ කියලා හවසට කියන්නම්..–
මතු සම්බන්දයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *