24

##නිම්හිම් සේයා##
24

තාත්තගෙ කීමත් හරි..ඉතින් එදායින් පස්සෙ අපි මුන ගැහෙන එක සීමා කලා..කොටින්ම කීවොත් එයා..මන් නෙමි…

කොහොමද දෙවියනෙ මෙයාව නොබලා ඉන්නෙ..මාව මැරිලා යයි…

මොනා කරන්නද ..

මගෙ වැඩත් එක්ක එකම තැනක රැදීමක් නැහැ..අරහෙ මෙහෙ ඇවිදින එක සාමාන්‍ය දෙයක්..

මායි ඩබලයි තමයි කොහෙ ගියත් යැවෙන්නෙ…ඉතින් අද මන් මෙ පිස්සු ඩබලා නිසා ලොකු කට්ටක් කන්නෙ..කීයටද එන්න කිවෙ තාමත් නෑ..මෝඩයා..පෝන් එක ආන්සර් කරන්නෙත් නැහැ..මට බඩත්ගිනියි..බලන් ඉදලා බලන් ඉදලා බැරිම තැන මන් බයික් එකෙන් බැහැලා ඉස්සරහා තිබුනු කොෆි ශොප් එකට ගියා..

අයිස් කෝෆි එකයි..චොකලට් ඩෝනට් එකයි අරන් ට්‍රේ එකත් එක්ක අනිත් පැත්ත හැරුනා..

දඩාන්..ශිට් හපොයි..මොන මගුලක්ද මෙ..ඇස් පේන්නැති පොට්ටයා..

මොනාද හලො ඇස් පේන්නෙ නැද්ද ආ

අනෙ සොරි..අහ් හායි..මිස් සේයා නිම්නාදි..

මගෙ කෑම එක හලලා එනවා මෙතන මට හායි කියන්න ..මන් ඒ කොල්ලට රැව්වා..

මිස් සුවිටි..මාව අදුර ගත්තෙ නෑ..අයි ඇම් මිහිරාන්..

මිහිර නෙමි අමිහිරි උනත් මට මොකො මන් අදුරන්නැති අය එක්ක කතා කරන්නෙ නැහැ..

මෙ හලො මගෙ කැම එක හැලුවා නම් අරන් දෙනවා..මෙතන හායි හූයි ගාන්නෙ නැතුව..

අම්මො සැර මිරිස් කරලක් වගෙ..හරි හරි මාඩම් මෙතනින් ඉදගන්න මන් එකට දහයක් ගෙන්නම්..

එතනම තිබ්බ ටේබල් එකෙන් චෙයා එකක් ඇදලා මිහිරද මොකාද කියන එකා මට ඉදගන්න කීවා..කොෆි ශොප් එකෙ හැමෝම බලන් ඉන්න නිසාත් මට බඩගිනිත් නිසා මමත් ඉදගත්තා .

කිව්වත් වගෙ කෑම ජාති ගොඩක් එක්ක කොල්ලාත් ඇවිත් ඉදගත්තා ..

මෙන්න සුවිටි

මගෙ නම සුවිටි නෙමි

මන් දන්නවා සුවිට් හාර්ට්..

ඕන් නැති ඒවා ඕනි නැහ..

ඇයි සුවිටි ඔයා එදා බීච් එකෙදි මන් එක්ක කතා කලෙ මතක නැද්ද

මට මතක නැහැ..අනික දවසක් දැක්ක කොල්ලෙක්ව මතක තියාගන්න මට පිස්සුවකුත් නැහැ කොහෙත්ම..

අනෙ ටීවි ස්ටාර් කෙනෙක් ඔහොම නපුරු වෙනවද ආ..ඒත් බයි ද වෙ සුවිටි..තරහා ගියාමත් ඔයා සෝ සුවිට්..

මල කෝලම්..

කොහිද යන ඇබලයෙක්

ඒත් එක්කම මගෙ පෝන් එකත් රින් උනා..අහ් දෙනෙත් අයියා..මෙයත් මරු ටයිම් එකට කතා කලෙ..

මෝඩි ඉක්මනට එනවා ඔතනින්..

කොතනින්ද

ඔතන ඉන්න බල්ලා ලගින්..මේ දැන්ම..මන් බලන් උන්නෙ ඌ එක්ක නැලවෙන හැටි..දැන්ම එනවා එලියට

ඔයා..

කිව්වම අහලා එනවා..

මන් අයිස් කෝපි එක විතරක් අතට අරම් නැගිට්ටා..

සුවිටි යනවද

හ්ම්ම් බායි..

මන් ශොප් එකෙන් එලියට ආවා..දෙනෙත් අයියගෙ කා එක..එයා ශටර් එක පාත් කරන් ම

එයා ශටර් එක පාත් කරන් මට ඔරොවන් ඉන්නවා

මන් හිනා උනා..එයා රැව්වා ..මොකො මෙයාට ඩෝන් ගිහින්

නගිනවා කාර් එකට

දැන් ඒත් බයික් එක..

මන් මොකෙක් හරි එවන්නම්..නගිනවා

හුම්..නපුරා..

හුග දවසකින් දැකලත් මට දුස්ටකම්..

සද්දයක් නැතුව විනාඩි දහයක් යද්දි අපි ඔෆිස් එක ඉස්සරහා

එනවා..

එයා මාව ඇදගෙන ඔෆිස් එකට ගියා..මුකුත් ඇහිල්ලක් බැලිල්ලක් නැතුවම

මතු සම්බන්දයි…. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *